Showing posts with label කතෘ තුමන්ගේ දැන්වීම්. Show all posts
Showing posts with label කතෘ තුමන්ගේ දැන්වීම්. Show all posts

2014-04-14

..:: සිප්සල නරඹන ඔබට ආවඩා ආයුබෝ වේවා........! ::..

වසරක සෞභාග්‍යමත් කාළපරාසය ලෙස අපේ මුතුන් මිත්තන් බක් මාසය සැලකුව.අදටත් එම සිරිත් විරිත් එලෙසම රැක ගනිමින් පවත්වාගෙන යන්නට ලක්වාසී අපේම නෑදෑයන් යුහුසුලු වෙති.නැති නෑදෑකම් ඇතිකරගන්නට ඇති නෑදෑකම් වැඩි කරගන්නට පෙළඹෙති.ඉතින් උදාවූ සිංහල සහ හිංදු අලුත් අවුරුද්ද සැබැවින්ම සෞභාග්‍යමත්,සැම බලාපොරොත්තු ඉශ්ඨසිද්දවන නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා සිප්සල නරඹන අපේ යහළුවො ඔක්කොටම ........ 
ආවඩා ආයුබොහෝ වේවා......

2014-01-04

..:: සිප්සල නරඹන ඔබට ඉතා වටිනා android App එකක් ::..


සිප්සල නරඹන ඔබට ඉතා වටිනා දෙයක් දෙන්න යන්නෙ 2014 අලුත් අවුරුද්ද ආරම්හය සනිටුහන් කරමින්ම.සිප්සල බ්ලොගය මෙතෙක් දුර ඔයාල අතරට ආවෙ වැඩිපුරම පරිගණක හරහාය.නමුත් තාක්ශනය හඹා යන්නෙකු වශයෙන් සිප්සල,android වැලඳ ගත්ත. දැන් android දුරකථන තුලිනුත් android app එකක් බාවිතා කරමින් සිප්සලට වඩාත් ලංවෙන්න ඔයාලට පුලුවන් වේවි.පහල බටනය ක්ලික් කර එය දැන්ම ඔබගේ ස්මාර්ට් දුරකථනයට දාගන්න.





2014-01-01

..:: ලාහිරු සමඟින් හිරු මෝදුවනවා මෙන් උදා වූ නව වර්ශය ..:: සිප්සල ::.. නරඹන ඔබට ::..

සැම දිනකම ලාහිරු සමඟින් හිරු මෝදුවනවා මෙන් , උදා වූ නව වර්ශය ..:: සිප්සල ::.. නරඹන ඔබට වගේම ලෝක වාසී සියල්ලන්ටම සතුට ,සාමය සපිරුන පිංවත් නව වසරක් වේවා.....!

2013-12-25

..:: සාමයේ ද්වාරය විවර වූ මොහොතක 2013 අසිරිමත් නත්තල ::..


සාමයේ ද්වාරය විවර වූ මොහොතක 2013 අසිරිමත් නත්තල සමරන ලංකාවාසීන් සැබැවින්ම වාසනා වන්තය.තවත් චිරාත් කලක් සැම සිත් සාමයෙන්, සතුටින් රැවුපිලි රැවු දෙවාලන්නට මේ  අසිරිමත් නත්තලේ අධිටන් කරමු.
..:: සිප්සල ::.. නරඹන ලංකාවාසී,ලෝකවාසී සියළුම කිතුනු සහෝදරයින් හට TL LANKA මෙසේ සුභ පතන්නෙමි....

2013-11-07

..:: සිප්සල නරඹන රත්නපුර පාඨක ඔබහට විශේෂ ආරාධනයයි ::..

රූපය අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්න
ලෝකයම නවීකරණය සොයා ගමන් කරන මොහොතක  තරමක් දුරට ලෝක වාසීන් තම ධාර්මික සිතිවිලි වලින් කෙමෙන් කෙමෙන් දුරස්වන්නට නිරායාසෙන්ම පෙලඹෙති.එය රටකට පමනක් නොව ලෝක සත්වයාගෙම පිරිහීමට බලපවත්නා දෙයකි.ඉතින් යම හෙයකින් අඳුර දුරලා ආලෝකයෙන් තව කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කිරීමට යම් අයෙකුට හැකිනම් එය පුද්ගලයෙක් මිහිපිට කරගන්නා විශාල පුණ්‍යයකර්මයක් ලෙස සැලකෙනව.සිප්සල ලියන මට මේ පිං කමට මඟපෑදුවේ මුතුනායක බ්ලොග නැරඹීමෙනි.කතෘ අවසරය ඇතිව මෙය සිප්සල පාඨක ඔබ දැනුවත් කිරීම පිනිස මෙහි ඵල කරමි.
2013.11.11 වන දින රත්නපුර නවනගර  ආනන්දමෙත් සංඝරාජ විහාරස්ථානයේ දී පවත්වනු ලබන ධර්ම දේශනයට සහභාගී වනමෙන් සිප්සල ආරාධනා කරමි.

 මුතුනායක බ්ලොගයේ කතෘතුමන් හට ස්තූතිය පුද කරමි.

2013-05-24

..:: අසිරිමත් සම්බුද්දත්ව තෙමඟුල බැතිබරව සමරන මේ වෙසඟේ ::..

අසිරිමත් සම්බුද්දත්ව තෙමඟුල බැතිබරව සමරන මේ වෙසඟේ ..::සිප්සල::.. / TL LANKA
බැතිබර පැතුම තවත් චිරාත් කාළයක් සම්බුදු දහම මෙලොව විරාජමාන වේවා..........!


2012-08-07

..:: සිප්සල බලන ඔයාලට මම අරන් එනවා.Mobile Java Game අලුත්ම බ්ලොග් අඩවිය ::..

ඔන්න සුපිරි අවස්ථාවක් සිප්සල බලන ඔයාලට මම අරන් එනවා.Mobile Java Game අලුත්ම බ්ලොග් අඩවිය.තමන්ගේ දුරකථනයට ගේම් ලබාදීමට මා අදහස් කලා.මේව හැබැයි ජාව ගේම්.Jad / Jar Format වලින් මෙය ලබාදෙන්නේ. 800*480 / 360*640 / 352*416 / 320*240 240*320 / 208*208 / 176*220 / 176*208  /132*176 / 128*160 / 128*128 යන ස්ක්‍රීන් සයිස් වලින් ලබාදීමට කරයුතු කරමි.

2012-04-13

..:: සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරී ඉතිරී දෝරෙ ගලායන වසරක් වේවා...! ::..

මෙය මත ක්ලික් කර විශාල රූපය ලබාගන්න
2012 සූර්යය මංගල්‍යය සමරන සිංහල සහ හින්දු හිතවතුන් සැමට සහ       ..:: සිප්සල ::.. වෙත පැමිනෙන සියලුම හිතවතුන්හට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරී ඉතිරී දෝරෙ ගලායන වසරක් වේවා.........!

2012-01-01

..:: 2012 සෞභාගයෙන් සපිරුන සුභ නව වසරක් වේවා......! ::..

..:: සිප්සල ::.. සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනාට සහ ලෝකවාසී සියල්ලන්ටම ලැබුවාවූ 2012 නව වර්ශය අන්තර්ජාල වියමනේ රැඳී සිටින ඔබ සියලු දෙනාගේම පැතුම් ඉටුවන අර්තවත්, සෞභාගයෙන් සපිරුන සුභ නව වසරක් වේවා......!සැමටම ආවඩා අයුබොහෝ වේවා...........!

TL LANKA WEB

2011-08-27

..:: 2011 ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නට නියමිත දින වකවානු ::..

සපරගමු මහ සමන් දේවාලයේ 2011 මහා ඇසල පෙරහර මංගල්‍යය මහා බැතිබරව පැවැත්වීමට මෙවරත් සමන් දේවාලයේ බස්නායක නිලමේ වන සුනිල් ශාන්ත වීරසේකර මැතිතුමා කරයුතු සම්පාදනය කර ඇත.
2011 ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නට නියමිත දින වකවානු

2011 අගෝස්තු මස 27 දින
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම් දේශනය

2011 අගෝස්තු මස 28 දින
දවල් මහා සංඝගත දක්ෂිණාව

2011 අගෝස්තු මස 29 දින
කප් සිටුවීම


2011 අගෝස්තු මස 29 දින සිට සැප්තැම්බර් 01 දක්වා
කුඹල් පෙරහැර

2011 සැප්තැම්බර් මස 07 දින සිට සැප්තැම්බර් 11 දක්වා
මහා පෙරහැර

2011 සැප්තැම්බර් මස 12 දින
දිය කැපීමේ දහවල් පෙරහැර ගෙවදීමෙන් පෙරහැර මංගල්‍යය අවසන් කෙරේ.

භාරහාර ඔප්පු කිරීම සහ පඬුරු දැමීම සඳහා වෙන්කර ඇති කාළය රාත්‍රී 8.30 ට අවසන් වනබව කරුණාවෙන් සලකන්න.



මෙම විස්තර උපුටා ගත්තේ මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ තුමන් පෙරහැර මංගල්‍යය දින ප්‍රදර්ශනය සඳහා සැකසූ දැන්වීම් පත්ත්‍රිකාවක් ඇසුරෙනි.

2011-07-06

..:: රත්නපුරයෙන් විශේස බ්ලොග් අඩවියක් බිහිවේ ::..

රත්නපුර අය ඉන්නවානම් මෙම ළිපිය ඔවුනට විශේසයි.

අද ළිපියෙන් ඔයාලට විශේස බ්ලොගයක් හඳුන්වා දෙන්න මම සූදානම්.අනාගතයට නෙත් විවර කරන්නට සැරැසෙන කුඩා දරුවෙකු මෙන් ශ්‍රි ලංකාවේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට මොවුන් උත්සුක වේ.මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු සිසුවෝය.VTA බටුහේන නමින් ඔවුන් ඉදිරිපත් කරන මේ බ්ලොගය තුලින් ඔවුන්ගේ නව ණිර්මාන , දක්ශතා , ක්‍රියාකාරකම්  වගේම තවත් බොහෝ දෑ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙයි.නිරන්තරයෙන් යාවත්කාළීන කිරීමට බලාපොරොත්තුවෙන මෙම බ්ලොග් අඩවිය ඔබගේ නොමඳ සහය බලාපොරොත්තු වෙයි.එම නිසා Follower කර සහය දක්වන්න.එම අඩවියට පහල ලෝගෝ එක ක්ලික් කර පිවිසෙන්න.

2011-04-15

..:: 2011 කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.....! ::..

2011 වසර තුල සිංහල සහ දමිළ ජනතාව සුවිශේෂී උත්සවයක් ලෙස සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සලකන්න පුලුවන්.එකම වෙලාවකට මුලු රටක්ම යම් වැඩකට  අත ගැසීම තුලත් යම් විශ්ව බලයක් ඇතිවෙනවා යන්න පොදු ජනතාවගේ මතයයි.

සියලු දෙනාම එකා මෙන් සාමකාමීව කටයුතු කිරීමද රටක් වශයෙන් ගත්තොත් ඉතාම සුභ ලකුණක් ලෙස මම දකිනවා.ඉතින් ..:: සිප්සල ::.. බලන ඔයාලට කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.........!සැමටම ආවඩා ආයුබෝ වේවා...!!!

2011-03-27

..:: සිප්සල මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය අප්‍රේල් මාසෙටත් ::..

..:: සිප්සල ::..  මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය මෙවරත් එනම් අප්‍රේල් මාසෙටත් නිර්මාණය කර ඇත.මෙවර කැලැන්ඩර් දෙකක් නිර්මාණයකර ඇත.ඔබගේ පරිගනකයටත් මෙය ලබාගෙන ලස්සන ද කියල බලන්නකෝ.
 
 

2011-03-05

..:: විශාල ප්‍රමානයේ පින්තූර ලේසියෙන් ගන්න මෙන්න අඩවිය ::..

යාලුවනේ, ඔයාලට තවත් පහසුකමක් අරගෙන ආවා.ලස්සන ලස්සන පින්තූර වලින් සමන්විත අඩවියක් මෙම දිනවල සම්පාදනය කරමින් පවතිනවා.මේ අඩවියෙන්  විශාල ප්‍රමාණයේ පින්තූර ඔයාලට ලබාදෙන්නේ සම්පූර්ණව නොමිලේය. ඔයාලට නොමිලේම මෙම අඩවිය තුල ලියාපදිංචි වීමට පුලුවන .එසේ සිදුකල හොත් පමනි පින්තූර ඔබට ලබාගනීමට පුලුවන් වනුයේ.ඔබගේ නිවැරදි විස්තර අඩවියේ ලියාපදිංචි පිටුවට ගොස් පුරවා එවන්න.දින දෙකක් ඇතුලත ඔබගේ ඇතුල් වීමේ විස්තර ඔබගේ විද්යුත් ලිපිනයට මම ලබාදෙමි.යම් ගැටලුවක් මේ සම්බන්දව ඔබට ඇත්නම් tllankaweb@gmail.com ලිපිනයට ඔබගේ ගැටලුව යොමු කරන්න.

අඩවියට පහල අයිකනයෙන් යන්න.  


ලියාපදිංචිය සඳහා මෙතනින් යන්න  
 

2011-02-13

..:: සිප්සල දැන් ජංගම දුරකථන තුලිනුත් ::..


සිප් සල මෙතෙක් ආ ගමනේ නව සන්දිස්ථානයකට අද දිනයේ පාතබයි.අප මෙතෙක් කලක් බ්ලොග්ස්පොට් තුලින් සිප්සල ඔබවෙතට ගෙන ආවා.අද දිනයේ සිට ඔබට තවත් මාධයකින් සිප්සල කියවීමට පුලුවන් වන අයුරින් අප පහසුකම් සලසා තිබෙනවා.ඒජංගම දුරකථන තුලිනි.සිප්සල දැන් පහසුවෙන් නැරඹීමට ඔබට හැකියාව ඇත.පහල තිබෙන ලින්ක් එක තුලින් ඔබගේ දුරකථනය භාවිතාකර පිවිසෙන්න.

2011-01-26

..:: අවුරුද්ද පුරාවටම මසක් පාසා අලංකාර දිනදර්ශන නොමිලේමයි ::..

මේ නව වසරේ ආරම්භයත් සමඟම ඔබ සැමට සිප්සල , නිල්නෙත  අඩවි සමගාමීව සිදු කරන අලංකාර දිනදර්ශන,එනම් තමන්ගේ පරිගනක තිරයට උචිත අයුරින් නිර්මාණය කළ අලංකාර දිනදර්ශන ඔයාලට මාසෙන් මාසෙට ලබාදීමට අප කටයුතු කරමු.මෙය ලබාගැනීම සඳහා පහල තිබෙන බැනරයමත ක්ලික් කරන්න.ඔබගේ පහසුව තකා ඉදිරි මාසවල දිනදර්ශන ලබාගැනීමට, සිප්සල අඩවියේ වම්පස උඩින්ම බටනයක් දිස්ව ඇත .එය තුලින් ලබාගන්න. ඔබගේ අදහස දාලම යන්න.

2011-01-06

..:: නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීම ::..

සයිබර් නිකේතනයේ ලැගුම් ගන්නට , නිල් නෙත්සර මුලු ලොවටම විදහා පෑමට නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීමට සූදානම්ව ඇත.2011/01/06 ක් වූ අද දින ඔබ සැමට නිල්නෙත අඩවිය තුලට එබිකම් කිරීමට හැකිවන අයුරින් සාදා නිම කොට ඇත.හුදෙක්ම ඒ ඔබ සඳහා වන්නේය.

නිල්නෙත නම් වූ මෙම අඩවිය අනෙක් අඩවි තුලින් වෙනස් ආරකට යොමු කිරීමට මම බලාපොරොත්තු වෙමි.ඒ සඳහා නිරන්තරයෙන්ම පාඨක සහුර්ධයින්ගේ අදහස් , යෝජනා , චෝදනා බලාපොරොත්තුවෙන් සිටිමි.
අද සිට නිල් නෙත ඔබගේ නෙත් මානයට එන්නේ දැනුම සම්භාරයක් අරන්.
තවත් විශේෂ කරුණක් මතක් කිරීමට තිබේ.එනම් නිල් නෙත ක්‍රියාත්මක වනුයේ පමනක් පිටු යුනිකෝඩ් භාවිතයෙනි.එම නිසා යුනිකෝඩ් ඔබගේ පරිගනකය තුල තිබීම සුදුසුය.

ඒ වගේම නිල් නෙත අඩවියේ සාමාජික බඳවා ගැනීම් අඩවිය ආරම්භයේදී අක්‍රිය කොට ඇත.ඒගැන ඔබගෙන් සමාව ඉල්ලා සිටිමි.දින දෙක තුනක් ඇතුලත එම පහසුකමද ලබා දීමට මම කටයුතු කරමි.

මෙතෙක් කලක් නිල්නෙත නම් වූ සයිබර් නේත්‍රාව විවිධ අත්හදා බැලීම් තුලින් කෙමෙන් කෙමෙන් සාර්ථකත්වයට පත් වුනු අඩවියකි. ඒ අත්හදා බැලීම් සාර්ථක කර ගැනීමට මට බෙහෙවින් උපකාර කළ කිහිප දෙනෙක් සිටිනවා.

මොබයි එල්කේ ඉඳුනිල් අයියා ( දැනටනම් එම අඩවිය ක්‍රියාත්මක නැත. )
ඉශාර අයියා

සහ නිරන්තරයෙන් මට සහය වුනු අනෙක් සියලුම දෙනා මේ වෙලාවේදී මම ගෞරවයෙන් මතක් කර සිටිමි.ඔවුන් සියලු දෙනාටම බෙහෙවින් ස්තූතියි වන්ත වෙමි.

පැමින නරඹන්න නිල් නෙත අඩවිය. ඒ සඳහා ඉහල බැනරය ක්ලික් කරන්න.

2011-01-01

..:: නැවුම් වූ වසරකට පා තබන මොහොතේ ::..


නැවුම් වූ වසරකට පා තබන මොහොතේ සැම සිත් සතුටින් , සාමයෙන් ,සෞභාග්‍යයෙන් පරිපූර්ණ වූ වර්ශයක් වුදාවේවා.....!
නව වසරේදීඔබ සැමට ආවඩා ආයුබෝ වේවා...!
..::TL LANKA WEB::..