2021-09-05

..:: සරල සිංහලෙන් Arduino PDF ::..

 

ලෝකය තාක්ෂණය අතින් දිනෙන් දින අති විශාල පිමි පනිමින් වැඩ පහසු කරගන්න විශාල මෙහෙවරක් කරනව වගේම මිනිසා ලෙඩුන් බවට පත් කරයි.එය කෙසේ වෙතත් අද සිප්සලෙන් ඔයාලට Arduino පිලිබඳ සරල සිංහලෙන් කියාදෙන පී.ඩී.ෆ් එකක් ලබාදෙනවා.ඉතින් ප්‍රෝගෑම් කරන්න හිතාඉන්න ඔයාටයි මේ.



2021-09-03

**සිංහල ඉලෙක්ට්‍රොනික් පොත්-1**

 


දිගු නිහැඬ්යාවකින් පසු ආයෙත් සිප්සලට ලියන්න හිතුනා.අදනම් ඉලෙක්ට්‍රොනික් කරන යාලුවන්ට ගොඩක් වටින සිප්නැන පී.ඩී.ෆ් පොතක් ලබා දීමට කටයුතු කරනවා.ඉලෙක්ට්‍රොනික් වලදී ගොඩක් වටිනව කියුවේ, මෙහි තියන සෑම පරිපථයක්ම ප්‍රායෝගිකව අත්හදා බලා ඇති සහ සෑම කරුනක්ම නිරවද්යතාවෙන් ඉහල කරුනු නිසාය.පහත අයිකනය ක්ලික් කර එය ලබාගන්න. 



2016-11-26

..:: VCL player එකෙන් සිංහල උපසිරස බලමු::..

සිප්සල බ්ලොග් එකේ ළිපිනය වෙනස් කරන්න වුනා වයිරස් එකක් නිසා.මෙතැන් පටන් http://sipsalablog.blogspot.com ලෙස ඉදිරියට යමි.

ඔයාලට ලොකු ගැටළුවක් ඇති චිත්‍රපටයක් නැරබීමෙදි [ඉංග්‍රීසි] ,සිංහල උපසිරස නිසියාකාරව වැඩකරන්නෙ නැති උනාම.මෙයට විසඳුම KM Palyer තමයි.නමුත් සමහරු VCL player එකත් පාවිච්චි කරනවනේ.ඉතින් VCL player එකේ සිංහල උපසිරස නිසියාකාරව වැඩ කරන්නෙ නැහැ.එය නිසි අයුරින් සකසා ගන්නෙ කොහොමද බලමු.

පළමුවෙන්ම  Iskoola Pota කියන unicode font එක download කරලා computer එකට install කර ගන්න ඕන

*එම ෆොන්ට් එක C:\Windows\Fonts ෆෝල්ඩර් එකට ගොස් Past කරගන්න.
*VCL player එකේ Preferences වලට ගිහින් (Tools->Preferences)
Show settings කියන එකේ All කියන එක තෝරන්න.
*ඉන් පසු configuration list එකේ යටම තියන Subtiltes/OSD කියන එක උඩ click කරන්න.
*ඉන් පසු දකුණු පැත්තෙන් එන settings වල තියන Text Rendering Module කියන එක freetype2 font render ලෙසට වෙනස් කරන්න.
*දැන් නැවත වම් පස තියන Show settings කියන තැන simple ලෙස වෙනස් කරන්න.
*ඉන් පසු Subtiltes/OSD කියන එක තෝරන්න.
*පසුව Default encoding කියන එක UTF-8 ලෙසටත්,
Font එක Iskoola Pota ලෙසටත් වෙනස් කර save කරන.
*VLC Player එක close කර නැවත open කර ගන්න.

දැන් වැඩේ හරි.

2016-06-25

..:: ශ්‍රී දළදා මාලිගාවේ හීලෑ ඇත් පන්තිය ::..

මිනිස් මහත් ජාතියටම සම්පතක් වුනු අලි ඇතුන් සීග්‍රයෙන් වඳවී යන කාලපරාසයක් තුල හස්ථි සම්පත රැක ගැනීම අප කාගේත් යුතු කමකි.

ආසියාව තුල අලි සම්පත වඩාත් සුරැකීමට යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් තිබේ.නමුත් ඒවා මන්දගාමීව පවතියි.

එය කෙසේ වෙතත් අද යාළුවන්ට මේ ළිපියෙන් ඉදිරිපත් කරනේ ලංකාවේ සිටින හීලෑ අලි ඇත්තුන්ගෙන් ශ්‍රී දළදා මාලිගාවේ හීලෑ ඇත් පන්තිය ගැන කෙටි සටහනක්.













2016-06-10

..:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::..

යාළුවනේ ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව ඔයාලට දැනුමට යමකුත් අරගෙනම,ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් දන්නවද ඔබ ?

ලොව මුලින්ම නිපද වුන පා පැදිය


ලොව පලමු සිනමා රංගය


ලොව සිදුවූ පලමු රිය අනතුර


ලොව පලමුවෙන්ම නිපද වූ ශීතකරණය


ලොව මුල්ම ලෝක රූ රැජින


ලොව මුල්ම නිල පාපන්දුව


ලොව මුල්ම පරිගනකය


ලොව මුල්ම ජංගම දුරකථනය


ලොව මුල්ම ෆොටෝ එක


ලොව මුල්ම රේඩියෝව


ලොව පලමු දුරකථනය


ලොව මුල්ම වීඩියෝ ගේම් එක


ලොව මුල්ම වුර්තීමය බොඩි බිල්ඩර්


ලොව මුල්ම එක්ස්-රේ කිරන මැශින් එක


2015-10-29

..:: ඔබේ ජීවිතයට ලං කර ගත යුතුම යමක් ::..

ඉතින් යාළුවනේ කාලෙකට පස්සෙ ඔයාලට වෙදගත් යමක් අරන් ආවා.ඔයාලට  හිටිගමන් වැලඳෙන යම් යම් රෝග සඳහා අත් බෙහෙත් කිහිපයක් ඉදිරිපත් කරන්නම්.මේ අත් බෙහෙත් ආයුර්වේද වෙදදුරු ඩබ්.ඒ.ඩී.හැන්‍රි නම් මහතා රචනා කල පුරාණ වෙද අත්පොත නම් කෘතියේ සඳහන් ලිපියකින් උපුටා ගත්තකි.

දෙබරෙකු දශ්ට කල විට :-
ඉදුනු රබ්බඩපුවක් ලෙලි ඉස්ස්ම හෝ ඉදුනු තල් ඉස්ස්ම ගාන්න.

ඕනෑම විෂකට:-
කරපිංච යුෂ පානය කරන්න.

බලල් විෂට:-
මුරුංගා දළු,කීකිරිඳිය කොළ,විටට කන හුනු ටිකක් සමඟ අඹරා ගාන්න.කුප්පමේනියා මුල් පැනියෙන් ගලගා තුවාලයේ තියන්න.

හිස් හොරි වලට:-
කුඹුක් කොළ කොටා ,පෙරා නානු ගා පැය භාගයකින් පසු ස්නානය කරන්න.

වමනයට:-


පැසුනු අමු කෙසෙල් ගෙඩි මිරිකා බීමට ගන්න.


අතීසාරයට:-
අළු කෙසෙල් මුව උණු අළු පල්ලේ තම්බා,යුෂ මී පැනි සමඟ බොන්න.

බඩගිනි ඇති වීමට:-
අමු කෙසෙල් වියලා,ගිතෙලෙන් බැද ඉංගුරු,ගම්මිරිස්,තිප්පිලි කුඩු,සමඟ බොන්න.අනු පානයට කිරි බන්න.

2015-08-16

..:: බලන්න ඔයාගෙ ඈම්ප් එකට මේ පරිපථය ගැලපෙනවද කියල VU Meter-1 ::..

ඉතින් යාළුවනේ ඔන්න ආයෙත් ආවා ඔයාලට යමක් අරගෙන.ඔයාල දන්නවා ඇති ඈම්ප් වල ඕඩියෝ සිස්ටම් වල එහෙම එනර්ලයිසර් එකක් තියෙනවා LED වලින් වගේම LCD වලිනුත්.මේවට කියන්නේ VU Meter කියල.ඉතින් මේවා විවිද හැඩයන්ගෙන් සහ විවිද ක්‍රම වලින් අලන්කාර පරිපථ නිර්මාණය කර තියේ.ඉතා අලන්කාර පරිපථයක් අද ඔයාලට ලබාදෙන්නම්. LM3916 කියල IC එක උපයෝගී කරගෙන නිර්මාණය වුනු මෙය  ඉතාම පහසුවෙන් සාදාගත හැක.


මෙයට ඩුවල් සප්ලයි ලබාදිය යුතුය




මෙහි සම්පූර්ණ පරිපථයන් සහ උපකරණ විස්තර පහත ෆයිලය ඩවුන්ලෝඩ් කර ලබාගන්න.




http://adf.ly/1Mnk7f

2015-08-02

..:: ඉතාම සාර්තක 1KM ට්‍රාන්ස්මීටර් පරිපථය ::..

ඔන්න යාලුවනේ ෆේස් බුක් එකේ යාලුවෙක් අහල තිබුන කිලෝ මීටර් 1 සිට 4 දක්වා තරංග විසිරුවා හරින්න පුලුවන් සාර්ථක ට්‍රාන්ස්මීටරයක් නැද්ද කියලා.BFY50 වලට ගොඩක් අය අහුවෙලා  අසාර්තක කරගෙන තියෙන්නේ.නමුත් ලංකාවට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ගෙනාව BFY50 ට්‍රාන්ස්සිස්ටර් නම් ගොඩක් හොඳට වැඩ කරල තියේ.දැන්නම් පිටකොටුවෙදි නම්බර් ප්‍රින්ට් කරනවලු.කමක් නෑ ඒක අතහරිමුකෝ.අද ඔයාලට ලබාදෙන්නේ ඉතාම සරල පරිපථයක්.දෙයක් කියන්න ඕන.මේ පරපථය ට්‍රාන්ස්මීටර් වල ප්‍රාතමික අවදියේ පරිපථයක්.නමුත් මේක මම අත්හදා බලපු ඉතා හොඳ පරිපථයක්.ටිමර් එකක් සහ කොයිල් එකකින් සුසර කිරීමට පුලුවන්.මෙහි අවාසියක් වන්නේ සැපයුම් වෝල්ටේජ් අඩු වෙන්න අඩුවෙන්න සංඛ්‍යාතය එකම තැනක පිහිටුවන්න බැහැ.මුලින්ම පරිපථය සාදා එය ට MIC කියන තැනට ඔබගේ ප්ලේයර් එකෙන් ඕඩියෝ සිග්නල් එකක් ලබාදෙන්න. (ප්ලේයරයේ වොලියිම් එක ගොඩක් අඩු කරන්න )එසේ කර  ඔබගේ රේඩියෝවෙන් එෆ් එම් වලට දමා චැනල් එකක් නොමැති තැනක නතර කර ට්‍රාන්ස්මීටරයේ ටිමරයෙන් සහ කොයිල් එකෙන් සුසර කරගන්න.මීලඟ ළිපියෙන් 1KM දුරට මෙම ට්‍රාන්ස්මීටරය උපයෝගී කරන් සිදු කරන්නේ කෙසේද කියල කියන්නම්.පහතින් පැහැදිලි පරිපථය ලබාගන්න
http://adf.ly/1LrqS5

2015-06-28

ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන්-සිප්නැණ





යාලුවනේ අද ඔයාලට ලබා දෙන්නේ ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන් ප්‍රායෝගිකව පහදිලි කර තිබෙන සිප්නැණ නම් මාසික සඟාරාවයි.මෙම සඟරා හයක් ඔයාලගේ දැනුම මට්ටම ඔප්නැන්වීමට නොමිලේම ලබාදෙමි.මේවා ටිකක් පරන නමුත් ප්‍රයෝගිකයි.
http://adf.ly/1Jv93V

  1. Sipnena
  2. Sipnena 
  3. Sipnena
  4. Sipnena
  5. Sipnena
  6. Sipnena

2015-06-07

..:: රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිංහලෙන්ම 18+ ::..

ඉතින් යාලුවනේ එත්තටම ගොඩක් කාලෙකට පස්සෙ  ඔයාල මුණගෙහෙන්න සිප්සල පැත්තෙ එන්න උනේ.අධික කාර්‍ය බහුලත්වය නිසා නිතර ළිපි ඉදිරිපත් කිරීමට අපහසුයි.නමුත් හැකි සෑම අවස්ථාවකම ඔයාලට හරවත් දැනුම ගෙන එනවා.
අද ඔයාල හමුවට ගෙන එන්නේ සැම කෙනෙකුටම වැදගත්වන පොතක්.විශේෂඥ වෛද්‍ය මහෙශ් ජයසූරිය මහත්ම රචනා කල        රතිය විදු ඇසින් නම් කෘතිය ඔයාලට පීඩීඑෆ් ආකාරයෙන් ලබාදී දනුම පුලුල් කිරීමටය.
රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පුලුල්ව විග්‍රහ කර තිබෙනවා සිංහලෙන්ම. පිටු 169 විහිදෙන මෙම පොත වයස අවුරුදු 18 ට වැඩි පිරිස් පරිශීලනය කරන්න.මෙය හුදෙක් දැනුම නංවාලීමට ගත් ප්‍ර‍යත්නයක් මිස අසබ්‍ය දෑ වපුරාලීමට ගත් උත්සහයක් නොවනබව කරුණාවෙන් සලකන්න
**ඉතා වැදගත්:-මෙම පොතේ සැබෑ රූප අන්තර්ගත නිසා 18 වැඩි පිරිස් මෙය පරිශීලනය කරන්න.**
Download
http://adf.ly/1IONoK