2013-11-30

..:: කාන්තාවන්ට වැදගත් ළිපි - ස්වයං පියයුරු පරීක්ෂාව පියවරෙන් පියවර ::..

කාන්තාවක් මසකට වරක්වත් තමා විසින්ම තම පියයුරු පරීක්ෂා කර ගැනීමක් සිදු කළ යුතු අතර එහිදී පියයුරුවල කිසිදු වෙනස්වීමක් සිදුවී ඇත්ද හා පියයුරු පිළිකාවක ලක්ෂණ පහලවී ඇත්ද යන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මෙලෙස පරීක්ෂා කර ගැනීම ‘ස්වයං පියයුරු පරීක්ෂාව’’ නම් වේ.



පියයුරු පිළිකා වලක්වා ලිය නොහැක. නමුත් එය මූලික අවස්ථාවේදීම හඳුනාගත් විට සාර්ථකව ප‍්‍රතිකාර කළ හැක. ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීම මගින් පියයුරුවල ඇතිවන වෙනස්කම් හඳුනා ගත් විට පිළිකාවක් යැයි සැක කල හැකි තත්ත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනා ගත හැක. එලෙසම හය මසකට හෝ වසරකට වරක්වත් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම හා කාන්තාවන්ගේ වයස අනූව අවශ්‍ය පරිදි මැමෙ‍්‍රා්ග‍්‍රෑම් පරීක්ෂණ සිදු කර ගැනීමද වැදගත්ය.


ඇමරිකානු පිළිකා සංගමය ට අනූව වයස 20 ක් හෝ ඊට වැඩි කාන්තාවක් මසකට වතාවක්වත් ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගැනීම සුදුසු වේ. එ ්සඳහා වඩාත්ම යෝග්‍ය වනුයේ ඔසප්වීම සිදුවී සතියකට පමණ පසු එළඹෙන කාලයයි. මන්දයත් මේ කාලයේදී පියයුරු සාමාන්‍යයෙන් ගැටිති අවම හා ස්පර්ශයේදී අවම වේදනාවක් ඇතිවන කාලය බැවිනි. මාසික ඔසප්වීම සිදු නොවන කාන්තාවන් මාසයේ මතක තබා ගැනීමට පහසු දිනයක් තෝරා ගැනීම වැදගත්ය.

කාන්තාවක් ඇගේ පියයුරුවල ස්වභාවය පිළිබඳව දැන සිටීම ඉතාමත් වැදගත්ය. මන්දයත් එවිට වෙනස්වීමක් ඇතිවන විටම හඳුනා ගත හැකි වන නිසාවෙනි. කිසිදු සැකයක් ඇතිවන්නේ නම් තම වෛද්‍යවරයා හමු වී ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.

ස්වයං පියයුරු පරීක්ෂාවේ පියවර 3 කි.




ප‍්‍රථම පියවර

මෙය ස්නානය සිදු කරන අතර තුරදී සිදු කිරීම පහසුය. මන්දයත් සබන් ගෑ විට මෙන්ම සම තෙත්වී ඇති විට පරීක්ෂාව පහසු වන බැවිනි.
පලමුව දකුණත හිස මුදුනින් තබා ගන්න. වම් අතේ දබරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල යන ඇගිලි තුඩු වලින් දකුණු පියයුර පරීක්ෂා කර ගන්න. එහිදී කුඩා රවුම් ඇතිවන සේ පිරිමදිමින් මුළු පියයුරම ආවරණය වනසේ පරීක්ෂා කළ යුතුය. මෙය පියයුරේ පිටත දාරයේ සිට තන පුඩුව දක්වා සර්පිලාකාරව හෝ පියයුරේ ඉහල කෙලවරේ සිට පහල කෙලවර දක්වා සිදු කළ හැක.
කිහිලි ප‍්‍රදේශයේ සම හා කිහිල්ල හා පියයුර අතර සමද පරීක්ෂා කළ යුතුය. මෙය වැදගත් වන්නේ මන්දයත් පිලිකාමය ගැටිතිවලින් බොහෝමයක් හමුවන්නේ කිහිලි ප‍්‍රදේශයට ආසන්නව බැවිනි. අනතුරුව මෙලෙසටම වම් පියයුරද පරීක්ෂා කළ යුතුය.


දෙවන පියවර

මෙය ස්නානයෙන් පසුව සිදු කළ යුතුය. පලමුව කාන්තාව හාන්සිවීම (උඩුබැලි අතට) සිදු කළ යුතු අතර දකුණු අත හිස උඩින් තබාගෙන කොට්ටයක් හෝ යටත් දකුණු උරහිසට යටින් තබා ගත යුතුය. ඉන්පසු පියවර 1 හි පරිදිම පියයුර පරීක්ෂාව සිදු කළ යුතු අතර එයම වම් පියයුරටද සිදු කළ යුතුය.

තෙවන පියවර
මෙහිදී කණ්ණාඩියක් ඉදිරියේ සිට ගත යුතුය. මෙහිදී සමේ හෝ තණ පුඩුවේ අසාමාන්‍ය රතුවීමක් හෝ සමේ වියළි/පොතු ගැලවෙන ස්වභාවයක් තණ පුඩුවේ වෙනස්වීමක් උදා: ශ‍්‍රාවයක් ඇතිවීමක් තණ පුඩුව පියයුරේ ඇතුලට ගමන් කිරීමක් පියයුරේ වල ඉදිමිමක් සහිත ප‍්‍රදේශ ඇතිවිමක් පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. කාන්තාව ඇගේ දකුණත හිස පිටුපසින් තබාගෙන දකුණු පියයුරේ ඉහත ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කළ යුතුය. අවසානයට පියයුර මිරිකා (සෙමින්), ඉන් කිසිදු ශ‍්‍රාවයක් ඇතිවේද යන්න පරීක්ෂා කළ යුතුය. (කිරි දෙන මවක් නම් මෙහිදී මව් කිරි බිංදු පිටවීම සාමාන්‍යය) මේ අයුරින්ම වම් පියයුරද පරීක්ෂා කළ යුතුය.
ස්වයං පියයුරු පරීක්ෂාවේදී ගැටිතිමය ස්වභාවයක්, කිසිදු වෙනස්වීමක් හෝ ඉහත 3 පියවරේදී සඳහන් කළ අයුරින් වෙනස්වීමත් හඳුනා ගන්නේ නම් තම වෛද්‍යවරයා හමුවී පරීක්ෂා කර ගැනීම වැදගත්ය.
බොහෝ කාන්තාවන් පියයුරෙහි ගැටිති පිළිබඳව බියට පත්වුවත් බොහෝ විට එය පිලිකාමය තත්ත්වයක් නොවේ. එය බොහෝ දුරට ශ‍්‍රාවයක් එක්වීමක් හෝ පිලිකාමය නොවන ෙසෙල එකතුවක් විය හැක. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම වැදගත් වන්නේ එබැවිනි.








ඔබ නැරඹිය යුතුම ළිපියක් යැයි මට සිතුන නිසා දොස්තර ඩොට් කොම් අඩවියෙන් මෙය උපුටා ගන්නා ලදී.

2013-11-29

..:: පිරිමින්ට පමනක් වැදගත් වෙන ලිංගික ගැටළුවක් විසඳ ගමු ::..

ජීවිතයට ගොඩක් වැදගත් කරුණක් නම් නිවැරදි සෞක්‍යය පවත්වාගෙන යාම.මෙම ළිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ පිරිමින්ටය.පිරිමි ලිගුවේ පෙරසම හා ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා "මෙය සාමාන‍ය තත්වයක් නොවුනත් සාමාන‍ය තත්වයට පත්කර ගනීමට ලබාදෙන ඉතාම වැදගත් ළිපියක්.මෙය දොස්තර ඩොට් කොම් අඩවියෙන් උපුටා ගත්තකි.



ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ 
- පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.)
- පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම. 
- පෙර සම ආශ‍්‍රිතව ඇතිවන පිලිකා

පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම) - මෙය phimosis ලෙස හදුන්වන අතර එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙය බහුලව කුඩා ළමුන් අතර දක්නට ඇති අතර තරුණ අය අතරද දක්නට ලැබෙන අවස්තා ඇත.
මෙවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?
- මුත‍්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම
- මුත‍්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම
- මුත‍්‍රා කිරීමට අධික ලෙස තැටමීම.
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම. 
- සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම.
- විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම)
- වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම. 
- පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම. 

ප‍්‍රථිකාර මොනවාද?

- මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි. 
- ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ලබයි. සමහර අවස්ථාවලදී පවතින ස්වභාවය අනුව ක‍්‍රීම් වර්ගයක් (ස්ටීරොයිඞ් සහිත) ආලේප කර සම පිටුපසට කිරීමට උපදෙස් දෙනු ඇත. මෙය දිනකට කිහිප වතාවක් කිරීමෙන් සමහර දරුවන්ගේ යථා තත්වයට පත්වේ. එසේ නොවන අවස්ථා වලදී ශල්‍යකර්මයක් මඟින් පෙර සම ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.

මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ තිබේද?
විශේෂිත වූ අතුරු ආබාධ නොමැත. නමුත් ලිගුව කෙලවර කොටසෙහි ඇති සංවේදී බව අඩුවිය හැකි අතර එම කොටසට පහසුවෙන් තුවාල සිදුවීමේ හැකියාව ඇත.

පෙර සම ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පසු
- සාමාන්‍යයෙන් සුව වීමට සතියක් පමණ ගතවේ.
- ශල්‍යකර්මය කල දිනයේදීම හෝ පසුදින රෝහලින් පිටකරනු ලැබේ.
- මෙම ශල්‍යකර්මයට පසුදිනම ස්නානය කලහැක. අදාල ප‍්‍රදේශය ජලයෙන් සෝදා හැරිය හැකි වේ. 
- විෂ බීජ නාශක ක‍්‍රීම් වර්ගයක් ආලේප කර කුඩා ගෝස් කැබැල්ලකින් දිනපතා ආවර්ණය කර තැබිය හැක.
- එය තෙත් වී ඇත්නම් වහාම ඉවත් කල යුතුය. 

ශල්‍යකර්මය කිරීමට පෙර නිර්වින්දනය සිදුකෙරේද?
කුඩා දරුවන්ගේ මෙය කරන්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙනි. වැඩිහිටියන්ගේ මෙය හිරි වැට්ටවීමෙන් පසු කල හැක.

යම් හෙයකින් ලේ ගැලීමක් වුවහොත් කුමක් කල යුතුද?
ඉතා පිරිසිදු රෙදි කැබැල්ලකින් එතැන විනාඩි 10ක් පමණ තද කරගෙන සිටින්න. බොහෝ විට ලේ ගැලීම නවතී. එසේ නවතින්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. 

ශල්‍යකර්මයට පසු වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්ථාවේද?
- ලේ ගැලීම නැවතුනේ නැතිනම්
- සැරව ගැලීමක් ඇත්නම්
- සම්පූර්ණ ලිගුව රතුවී තිබේ නම් 
- එක දිගටම කැක්කුම පවතින්නේ නම් 


විශේෂයෙන් සැළකිය යුතු අවස්ථා
- දරුවන් නැහැවීමේ දී මෙන්ම ශරීර කෘත්‍යයන් කරගැනීමට නොහැකි වැඩිහිටියන් නැහැවීමේදී ද පෙර සම පිටුපසට කර එහි වූ සුදුපැහැති ද්‍රව්‍ය (Smegma) සෝදා හැරීම කල යුතුය. මෙය ලිගුව කෙළවර තෙත්ව තබා ගැනීමට දිනපතා ඇතිවන ස‍්‍රාවයක් වන අතර එසේ දිගටම එකතු වීමෙන් ඒමත විෂබීජ තත්ව ඇතිවීමට පුළුවන.
මෙම හේතුව නිසාම බොහොමයක් වැඩිහිටියන් රොහල් ගතවන අවස්ථා ඇත. මීට අමතරව මෙය මුත‍්‍රාවල විෂබීජ ආසාදන තත්ව ඇතිකිරීමටද හේතු පාදක වේ.

..:: photoshop brushes 50 ::..

අද ඔයාලට දෙන්න යන්නෙ.. පොටෝශොප් බ්‍රශ් 50ක්.



2013-11-25

..:: ප්‍රතිජීවක(antibiotics) ඖෂධ භාවිතයේදී ඔබ දැගත යුතුම දේ ::..

ඔබ නැරඹිය යුතුම ළිපියක් යැයි මට සිතුන නිසා දොස්තර ඩොට් කොම් අඩවියෙන් මෙය උපුටා ගන්නා ලදී.



බෝවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවීම විශාල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වූ අවධියක ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම නිසා වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් ඇතිකර මිලියන ගණනක් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවිය. ක්ෂය රෝගය වැනි භයානක බැක්ටීරියාවන් නිසා වැළඳෙන රෝග සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් ප්‍රතිජීවක ඖෂධ නිසා ලැබිණි. මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ යාමත් ආයු කාලය වැඩිවීමත් ඒ මඟින් සිදුවිණ.

එහෙත් අවාසනාවකට බොහෝ දෙනා අනවශ්‍ය ලෙස, හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයට පෙළඹීම නිසා රෝග කාරක බැක්ටීරියාවන් ඖෂධ වලට විරුද්ධව නැඟීසිටීමේ ප්‍රතිරෝධයක් ගොඩනගා ගෙන එම රෝගකාරක ප්‍රතිජීවක ඖෂධ වලින් මර්දනය කළ නොහැකි තත්ත්වයට පත්වී ඇත.


මෙසේ දැනට භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ බොහෝමයක් සඳහා දැනටමත් බැක්ටීරියාවන් ප්‍රතිරෝධයක් ඇති කරගෙන සිටී. මෙය දිගින් දිගටම සිදුවුණහොත් නුදුරු අනාගතයේදී විෂබීජ මර්දනය සඳහා දැනට සොයාගෙන ඇති ප්‍රතිජීවක ඖෂධ වලින් ඵලක් නොවනු ඇත. අතීතයේ ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමට පෙර තිබූ අදුරු යුගයට අප ආයෙත් ඇද වැටෙනු ඇත.


මොනවාද මේ ප්‍රතිජීවක ඖෂධ?

බැක්ටීරියා රෝග කාරක විනාශ කර දමා රෝගය සුවපත් කිරීමට ප්‍රතිජීවක ඖෂධවලට හැකියාවක් ඇත. වෛරස විනාශ කිරීමක් සිදු නොවේ. ඒ නිසා නිතර සහ බොහෝවිට වෛරස මඟින් වැළඳෙන උණ, කැස්ස, උගුරේ අමාරු කණේ ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධවලින් ඵලක් නොවේ. බොහෝ අය කිවිසුමක් ගිය පමණින් උගුර, කණ කැසූ පමණින්, ඇඟපත රුදාවක්, මඳ උණක් දැනුණ පමණින් හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට පෙළඹී ඇත. නොඑසේ නම් ඇන්ටිබයොටික් ලබාදෙන මෙන් වෛද්‍යවරයාට දැඩි බලපෑම් එල්ල කරන අවස්ථා ඇත.

ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන දැනුවත් වීමේ වැරදි ක්‍රියාකලාපවලින් ඉවත්වීමට අප සියලුදෙනා කටයුතු කළ යුතුයි.


මන්දයත් ඉහත ක්‍රියාවල ප්‍රතිඵලය අපට දරාගත නොහැකි භයානක ඉරණමක පෙර නිමිති පහළ වීමක් බැවිණි.


ප්‍රතිජීවක ඖෂධ නිකරුනේ භාවිතයෙන් හා වැරදියට භාවිතයෙන් සිදුවිය හැකි විපාක මොනවාද?


- මුදල් නාස්තිවේ.


- රෝගය සුව නොවේ.

- ශරීරයට හිතකර බැක්ටීරියා විනාශ වී රෝගකාරක තවත් ප්‍රාණවත්ව හිස ඔසවා රෝගය උත්සන්න කරයි.

- මාත්‍රාව හා වාරගණන හිතුමතේ අඩුවෙන් පාවිච්චි කිරීමෙන් දවසේ වැඩි කාලයක් ඖෂධයෙන් ආවරණය නොවන නිසා රෝගකාරක බැක්ටීරියාව යළි පණගසා නැගිටියි. ගුණයක් ලැබු විගසම ඖෂධ අතහැර දැමීමෙන් සම්පූර්ණයෙන්ම ශරීරයෙන් දුරු නොවී ඉතිරි වූ රෝග කාරක බැක්ටීරියා නැවත හිස ඔසවයි. පෙරටත් වඩා භයානක ලෙස ඖෂධවලටත් ප්‍රතිරෝධයක් ඇති කර ගෙන හිස ඔසවයි.

- ඉතිරි වී ඇති පරණ ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් (පෙර රෝගී තත්ත්වයකට වෛද්‍යවරයා නියම කළ ඖෂධ) ආසාදන තත්ත්වයන් හා අනිසි ඵල ලැබියි හැක.

- ඔබේ ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය උපදෙස් නොමැතිව අන් අයට ලබාදීමෙන් ඔහුට අසාත්මිකතා, අනිසි අතුරුඵල ඇතිවීමට ඉඩ ඇත. එය නිර්දේශ කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණි.

(කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි, කායික රෝග විශේෂඥ වෛද්‍ය චමරී වීරරත්න මහත්මියගේ ඖෂධ භාවිතයට අත්වැලක් කෘතිය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරින් සකස් කරන ලදී)


වෛද්‍ය ටී. ටී. සොන්නාදර


සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය,

2013-11-15

..:: ඇල්මිනියම් තහඩුව මගින් පරිපථ පුවරු සැකසීම ::..

ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට PCB හදන්න පුලුවන් තවත් ක්‍රමයක් අද ඉදිරිපත් කරන්නම්.

*************************************
* මුලින්ම පහත පරිදි ඉතා තුනී ඇල්මිනියම් ශීට් එකක් ගන්න.

* එය A4 කොළයක් මත තබා ලේසර් ප්‍රින්ටරය තුලට යොමු කරන්න      (ඉහත රූපය පරිදි )
* ඉන්පසු ඔබගේ පරිගනකය මඟින් ඇඳගත් පරිපථය ප්‍රින්ට් වීමට සලස්වන්න.

* පසුව ප්‍රින්ට් වූ පරිපථ කැබැල්ල හොඳින් පිරිසිඳු කරගත් කොපර් බෝඩ් කැබැල්ලේ කොපර් මතුපිට මතඇල්මිනියම් කැබැල්ලේ පරිපථය ඇඳි පැත්ත තබා එය තුවායක් වැනි රෙදි කැබැල්ලකින් වසන්න.ඉන්පසුව රෙදි මදින ස්ත්‍රික්කයකින් හොඳින් මදින්න.

* බෝඩ් එකේ රස්නය නිවුනු පසු හෙමීට ඇල්මිනියම් ශීට් එක ගලවන්න.
* එසේ සාදාගත් බෝඩ් කැබැල්ල ආරක්ශාකාරීව ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනයට දමන්න.

* අනවශ්‍ය කොටස් දියවූ පසු මෙවන් පරිපථයක් මුද්‍රිත පරිපථ පුවරුවක් ලෙස දිස්වේවි. අදහසක් දාලම යන්න.

2013-11-07

..:: සිප්සල නරඹන රත්නපුර පාඨක ඔබහට විශේෂ ආරාධනයයි ::..

රූපය අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්න
ලෝකයම නවීකරණය සොයා ගමන් කරන මොහොතක  තරමක් දුරට ලෝක වාසීන් තම ධාර්මික සිතිවිලි වලින් කෙමෙන් කෙමෙන් දුරස්වන්නට නිරායාසෙන්ම පෙලඹෙති.එය රටකට පමනක් නොව ලෝක සත්වයාගෙම පිරිහීමට බලපවත්නා දෙයකි.ඉතින් යම හෙයකින් අඳුර දුරලා ආලෝකයෙන් තව කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කිරීමට යම් අයෙකුට හැකිනම් එය පුද්ගලයෙක් මිහිපිට කරගන්නා විශාල පුණ්‍යයකර්මයක් ලෙස සැලකෙනව.සිප්සල ලියන මට මේ පිං කමට මඟපෑදුවේ මුතුනායක බ්ලොග නැරඹීමෙනි.කතෘ අවසරය ඇතිව මෙය සිප්සල පාඨක ඔබ දැනුවත් කිරීම පිනිස මෙහි ඵල කරමි.
2013.11.11 වන දින රත්නපුර නවනගර  ආනන්දමෙත් සංඝරාජ විහාරස්ථානයේ දී පවත්වනු ලබන ධර්ම දේශනයට සහභාගී වනමෙන් සිප්සල ආරාධනා කරමි.

 මුතුනායක බ්ලොගයේ කතෘතුමන් හට ස්තූතිය පුද කරමි.