2014-02-16

..::වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරයක් අති සාර්ථකව පියවරෙන් පියවර හදමු-1::..

මුලින්ම කිවයුතු දෙයක් තිබේ.එනම් මෙම ට්‍රාන්ස්මීටරය පිලිබඳ සම්පූර්ණ ළිපිය මම කොටස් තුනකට කඩා ඉදිරිපත් කරමි.එය දීර්ග ළිපියක් බැවින්.තෙවෙනි ළිපියෙන් සම්පූර්ණ ළිපිමාලාව PDF එක් බවට පත් කරමින් සිප්සල ඔබට ලබාදෙමි.

************************************************
FM ට්‍රාන්ස්මීටරයක් කියන්නේ යම් තැනක සිට තවත් සීමාවූ ප්‍රදේශයක් වෙත ශබ්ද තරංගයක් වයර් අධාර නොකොට අවකාශයේ විසුරුවා හැරීමට උපකාරීවන උපකරණයකි. ඉලෙක්ට්‍රොනික් ශිල්පීන් බහුතරයක් අතහදා බැලීම් කිරීම සඳහා විවිධ ට්‍රාන්ස්මීටර් පරිපථ සාදති.කෙටිදුර පරිපථ වගේම දිගුදුර පරිපථද බහුලව අන්තර්ජාලය පිරික්සීමේදී සොයාගැනීමට අපහසු නොවේ.නමුත් අන්තර්ජාලයේ ඇතුලත් සෑම පරිපථයක්ම සාර්ථක ඒවා නොවේ.තමන්ගේ ඉලෙක්ට්‍රොනික් දැනුම මට්ටම පරිනත වෙද්දී යම් පරිපථයක සාර්තක අසාර්තක තත්වය පිලිබඳ දල අදහසක් ලබාගන්න පුලුවනි. 

ට්‍රාන්ස්මීටර පරිපථ තුල කොයිල් සහ කැපැසිටර් ( ධාරිත්‍රක )දක්නට ලැබේ.කුඩා අවදියේ පරිපථවල දක්නට ලැබෙන්නේ කොයිල් සහ කැපැසිටර් සුසර කොට යම් තරංගමාලාවකට සකසා ගැනීමයි.නමුත් එය එතරම් සාර්තක කරුණක් වන්නේ නැහැ යම් නිශ්චිත කටයුක්තකදී ට්‍රාන්ස්මීටරයක් භවිතා කිරීමේදී. එනම් ට්‍රාන්ස්මීටරයට ලබාදෙන සුමට බලසැපයුම යම් හෙයකින් අඩුවෙත්ම අප සුසරකල තරංගමාලාවෙන්
ඉවත්වේ.ඒවගේම නිතර නිතර කොයිල් සහ කැපෑසිටර් සුසර කිරීමේදී එම උපකරණ ගෙවී යන හේතූන් සහ කාර්‍යක්ශමතාව පදනම් කරගෙන එම පරිපථ ඉතා සරල ක්‍රියාවන් සඳහා යොදා ගැනේ. එවැනි සාර්තක කුඩා පරිපථයක් ඉහල රූපයෙන් දැක්වේ.
ඒ වගේම විවිද ගුවන් විදුලි විකාශනාගරයන් වලට සහ නිශ්චිත ස්ථීර වැඩ සඳහා කොයිල්,කැපෑසිටර් මෙන්ම ක්‍රිස්ටල් නම් උපකරණය භාවිතයට ගනිමින් සුසර කරගැනීමට කැකි දිගුදුර වගේම කෙටිදුර ට්‍රාන්ස්මීටර් නිර්මාණයවී ඇත. 
මෙම පරිපථ වල ඇති විශේසත්වය වන්නේ බලසැපයුම සුලුවශයෙන් පසුබෑමකට ලක් වුවද සකසා ඇති තරංගය නොවෙනස්ව පැවතීම.ඒ වගේම සුවිචයන් මගින් අවශය සංක්‍යාතයන් ඉතා පහසුවෙන් මෙන්ම ඉතාමත් කෙටි කාළයකින් මාරු කිරීමට හැකිවීම.මූලික සුදුසුකම් වේ. 
මෙන්න මේ විදියට ඉතාම සරල ආකාරයෙන් සහ ඉතාම කෙටියෙන් FM ට්‍රාන්ස්මීටර් පිලිබඳව හැඳින් වීමක් සිදුකලා.
*****************************************************

මම මිට කලින් සඳහන් කලානෙ ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ගෙන් බහුතරයක්ම ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න කාළයේ අනිවරෙන් හදන පරිපථයක් තමයි ට්‍රාන්ස්මීටර් පරිපථ කියල.ඉතින් මටත් ඒ උණ ඒ කාළයේ තිබ්බ.දැනටත් හොඳටම තියනව.ඉතින් මමත් යම් යම් අත්හදාබැලීම් සිදුකරනවා දැනටත්.


* මට කියන්න අමතක වුන සැලකිය යුතුම කරුණක් තිබේ.මෙය තරයේම සිතේ තියාගන්න.
මෙය කිවයුතුම කරුණක් වුනත් ශ්‍රී ලංකාවට අවමන් කිරීමට ගන්නා උත්සහයක් නොවේ.ශ්‍රී ලංකාව කියන්නේ තවම දියුණුවෙමින් පවතින රටක්නේ.ඉතින් ගුවන්විදුලි නීතිමය තත්වය යටතේ මීටර් 100 වලට වඩා දුර විකාශනය වන ට්‍රාන්ස්මීටර් පරිපථ සැදීම සහ ලඟතබාගැනීම වරදක් කියල තමයි කියන්නේ මම දන්න විදියට.මම වැරදිනම් නිවරදි කරන්න.ඒ නිසා අත්හදාබැලීම් සිදුකිරීමට අපට නොහැක.නමුත් ආසාව උනන්දුව තියේනම් නීතියට හොරා අත්හදා බලීම් සිදුකිරීමට හැකිය.
නමුත් අත්හදා බැලීම් සිදුකිරීමට පමනකි.දිගින් දිගට මෙය ක්‍රියා කිරීමට නොව.ඒගැන මමද වගකියනු නොලැබේ.අත්හදා බැලීමකට දුශ්කර ප්‍රදේශ භාවිතා කිරීම සහ අනෙකුත් විකාශන සංඛ‍යාතයන් අවහිර නොවන අයුරින් මෙය සිදු කිරීමට තරයේ සිතට ගන්න.
හුදෙක්ම මෙම පරිපථය මම ඉදිරිපත් කරනුයේ,ට්‍රාන්ස්මීටර් වලට ඇලුම් කරන ඉලෙක්ට්‍රොනික් සහෝදර ශිල්පීන්ගේ දැනුම මට්ටම නගාසිටමීම සඳහාය.අනිත් කරුණ නම් මෙම පරිපථයේ උපකරණ සමහර දේවල් ලංකාවේ නැත.හැම ජහ ජරාවක්ම ලංකාවට ආවත් මේවගේ දීවල් ලංකාවට නෝඒම කණගාටුවට කරුණකි.ලංකාවේ තිබෙන උපකරණ භාවිතා කරමින් මෙය සුළු වෙනස්කම් කරමින් මම ඉදිරිපත් කරන්නම්.
නමුත් එකම එක අයිසී එකක් පිට රටින් ගෙන්වා ගැනීමට මට සිදුවිය.නමුත් මේ කාළය වන විට එයත් කොළඹ ඇතැයි කියා සිතමි. 
ඒ සඳහා මට බෙහෙවින් උපකාරී වුනේ සහ මෙය නිර්මාණය කිරීමට මට මගපෙන්වීම කලේ මගේ පළමු ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා වන සංජීව (බොබී)කියල අයිය කෙනෙක්.


**************************************************
මුලින්ම පරිපථයට ඇවැසි බල සැපයුම සාදමු.

 මෙහිදී ඉතාම වැදගත් කොටසක් තමයි බල සැපයුම.ඉතාම සුමට කරන ලද බලසැපයුමක් ලබාදීම ට්‍රාන්ස්මීටරයේ වගේම විසුරුවා හරින තරංගයේ ගුණාත්මකබව තහවුරු කරයි. මෙහිදී ප්‍රායෝගික නොවුනත් මම නිර්දේශ කරන්නේ සුමට බලසැපයුමක් සාදාගන්න අපහසුනම් 12V ත්‍රීවීල් බැටරියකින් සැපයුම ලබාදෙන්න.එය වඩාත් සාර්ථකයි.

උපකරණ ලයිස්තුව
*C1, C2, C4, C5 - 10 nF, 50 V
*D1-D5 - 1N5408 or 1N5060
*C3 - 4700 uF, 35 V
*IO1 - 7812
*C6 - 100 uF
*Tr1 – 12v / 3A

මීලඟ ළිපියෙන් ට්‍රාන්ස්මීටරය හදාගන්න හැටි සහ හදනවිට ඇතිවන ගැටලුවලට විසඳුම් බලමු.


19 comments:

  1. Replies
    1. aniwarenma danawa tharidu.thanks comment ekata

      Delete
  2. නියම වැඩක්. මමත් හොඳ සර්කිට් එකක් හොයහොයා හිටියේ. ගොඩක් ස්තුතියි.
    සුබපැතුමම්!
    ප.ලි. - 7812 IC දාන්න නම් ට්‍රාන්ස්ෆෝමර් එක අඩුම ගානේ 15v වත් වෙන්න ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු යාලුව.නමුත් 7812 නොදා නිකම්ම 12V/3A ට්‍රාන්ස්ෆෝමරයක් දාන එක හොඳයි.මොකඩ 7812 උපරිම ගන්න පුලුවන්1A වගෙනෙ.නමුත් 7812 දාල වැඩි කරන්ට් එකක් ගන්න පුලුවන් පරිපථත් තියෙයි.

      Delete
  3. ස්තුතියි යාලුවා තව මේ වගේ ඒවා දන්න.

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. aniwarenma danawa.meka mage subject ekane.thanks comment ekata

      Delete
  4. මෙකෙන් කොච්චර විතර දුරකට තරංග සම්ප්‍රේෂණය කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. nirmaapakayannam kiyanne flat polawaka 20Km wage uparima reng ekak thiyei kiyala namuth 10Km wagenam shuwar

      Delete
    2. නියමයි.මේකට වියදම කියක් විතර යයිද?

      Delete
    3. hatharaweni post eken egena kiyanawa.ethakan tharaha nethuwa poddak iwasamu visvajith.

      Delete
  5. macho me digital trainer ekak aduwata hoyagana thanak dan nadda

    ReplyDelete
    Replies
    1. macho oya kiyanne DIGITAL FM TUNER ekak gena neda.ehenam http://ikman.lk/en/digital-fm-tuner-for-sale-colombo link eka balanna.

      Delete
  6. ප්‍රෙයා්ජනවත් ලිපියකි. ඔබට ගොඩක්් ස්තුතියි

    ReplyDelete
  7. obata athhada belim karanna puluwan wedi dura wisthra www.rssl.lk valin

    ReplyDelete
  8. oya deela thiyena link haraha gihilla download karanna baa. ewa site eken remove karala. ane ewa aye danna. me lipiye ilaga ewath danna. hama download ekakkma mehema thami. hex file ekath ehemai

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...