2014-02-19

..::වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරයක් අති සාර්ථකව පියවරෙන් පියවර හදමු-2::..

*** මෙහි පලමු ළිපිය මෙතනින් නරඹන්න

***************************************************
* දැන් ට්‍රාන්ස්මීටර් පරිපථය වෙත යොමුවෙමු.




* Capacitors:

C1 - 4,7 uF (electrolytic)
C2 - 0,22 uF (electrolytic)
C3, C4, C12 - 100 pF (ceramic)
C6, C9, C11, C13, C14, C19 - 1 nF (ceramic)
C7, C8 - 10 pF (ceramic)
C10 - 8.2 pF (ceramic)
C18 - 22 pF (ceramic)
C15 - trimmer 47 pF
C16, C17 - trimmer 60 pF
C20, C5 - 100 nF (ceramic)
C21 - 470 uF (electrolytic)

* Coils:

(All coils are free-standing air-core types, wound of 0,7 mm Cu wire, 6 mm internal diameter.)
L1, L6 - 4,5 coils
L3 - 2,5 coils
L4 - 1,5 coils
L2 - 6,5 coils around R9 resistor
L5 - 9,5 coils
L7 - 3,5 coils

* Resistors:

R1 - 10 k pot.
R2 - 4,7 k 
R3, R4, R5, R8, R10 - 27 k
R6, R16 - 10 k
R7, R15 - 470
R9 - 100
R11 - 270
R12 - 1 k
R13 - 43
R14 - 10

* Diodes:

D1, D2 - BB109G, BB409 or BBY31

* Transistors:

T1 - BC547C (BC548C, BC547B)
T2 - BFR91A 
T3 – 2n3355
T4 - 2SC1971


* මෙම පරිපථය සැදීමේදී වැදගත් කරුණු කිහිපයක් වෙත සිත යොමුකල යුතුය.

1. එනම් මූලිකවම පරිපථය ගොඩනැගීමේදී එය මුද්‍රිත පරිපත පුවරුවක් (PCB) ගොඩනගා ගත යුතුමය.

2. මෙහි අන්තර්ගත BB109 වෙරිකැප් ඩයොඩ් මට ලබාගැනීමට නොහැකි වූ නිසා BB910 ඩයොඩ ලබාගැනීමට සිදුවිය.ඔබත් ලිස්ට් එකේ සඳහන් BB109 ඩයොඩ සොයාගැනීමට නොකැකිනම් පමනක් මම ලබාදුන්නු ඩයොඩ් අංකය යොදන්න. 

3. අනෙක් කාරණාවනම් පරිපථ පුවරුව මත ඊයම් ආලේපනය කරනවානම් ඉතා හොඳය.එසේ කරනුයේ මෙම PCB එක අප විසින් නිර්මාණය කරන නිසා තඹ පුවරුවමත කිසියම් ආලේපනයක් නොකරන බැවින් පසුකාලීනව තඹ මතුපිට අවකාශයට නිරාවරණය වීම තුලින් දිරීමකට ලක්වීමට පුලුවන්.එම නිසා ඊයම් ආලේපනය තුලින් එය අවම කරගැනීමට පුලුවන්.

4. අනෙක් කාරණාවනම්  යන ට්‍රාන්සිස්ටර් දෙකම ඊයම් ආලේපිත පැත්තෙන් සවි කිරීම ඉතා ගුණදායකය. ඔබ දන්නවා යම් උපකරණයක නිසි ක්‍රියාකාරීතවය සිදුවන්නේ විශේශයෙන් ට්‍රාන්ස්මීටර්වල එනම් තරංග ආශ්‍රිත පරිපථවල උපකරණ ඉතාමත්ම තඹ පුවරුවට ලඟින්ම සම්බන්ද කිරීම ඉතා සාර්ථකය. 
5. අනෙක් කරුණ නම් මෙම පරිපථයට සම්බන්ඳ කරන උපකරණ වල අගයන් ඉතාම නිවැරදි විය යුතුය.එනම් රෙසිස්ටර් ගන්නකොට 5band ගන්නේනම් ඉතාම සාර්ථකයි.නමුත් ලංකාවෙ එහෙම ගන්න අඩුයි. නැත්තෙමත් නැහැ.නමුත් හැමතැනම නැහැ.එමනිසා 4band වලින් ලබාගන්න. දාරිත්‍රක (Capasitro) නම් අනිවාරෙන්ම මෙහි සඳහන්ම අගය යොදන්න. ටිමර් පවා නිවැරදිව ලබාගන්න.

* මේ පරිපථයේ මතුපිට

* මෙය තමයි ඔබ ගතයුතු PCB එක.මෙය සාදා ගත යුතුය.


** PCB එකක් සාදාගන්න ආකාරය පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න.
http://adf.ly/WghFH


6 comments:

  1. හොඳ වැඩක්. ඔයා මේක හැදුව නේද? හොඳට වැඩද? ඒකෙ පින්ත්‍ර ටිකක් දාන්න පුලුවන්ද?
    මේ ටික හරියට තේරුනේ නෑ. ටිකක් පැහැදිලි කරනවද?
    "අනෙක් කාරණාවනම් යන ට්‍රාන්සිස්ටර් දෙකම ඊයම් ආලේපිත පැත්තෙන් සවි කිරීම ඉතා ගුණදායකය. ඔබ දන්නවා යම් උපකරණයක නිසි ක්‍රියාකාරීතවය සිදුවන්නේ විශේශයෙන් ට්‍රාන්ස්මීටර්වල එනම් තරංග ආශ්‍රිත පරිපථවල උපකරණ ඉතාමත්ම තඹ පුවරුවට ලඟින්ම සම්බන්ද කිරීම ඉතා සාර්ථකය."

    ඉක්මනට අනිත් ටිකත් දාන්න හොඳේ. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ou manodya.mama meka heduwa.anthima post ekedi mama hadapu ekath danawa.eka hodatama weda.thankyou comment ekata redila inna sipsala ekka digatama.

      Delete
    2. "අනෙක් කාරණාවනම් යන ට්‍රාන්සිස්ටර් දෙකම ඊයම් ආලේපිත පැත්තෙන් සවි කිරීම ඉතා ගුණදායකය. ඔබ දන්නවා යම් උපකරණයක නිසි ක්‍රියාකාරීතවය සිදුවන්නේ විශේශයෙන් ට්‍රාන්ස්මීටර්වල එනම් තරංග ආශ්‍රිත පරිපථවල උපකරණ ඉතාමත්ම තඹ පුවරුවට ලඟින්ම සම්බන්ද කිරීම ඉතා සාර්ථකය"

      මේකේ වැරද්දක් තියෙනවා නේද? ට්‍රාන්සිස්ටර් දෙක දාල නෑ. (ඒවා අනිවාර්යෙන් එහෙම හයි කරන්න ඕනෙද? PCB එක හදල තියෙන්නේ ඒ විදිහටද?)

      Delete
    3. කියන්න බැරි උනා. රෙසිස්ටර් වල W ගානත් දැම්මනම් හොඳයි නේද? ඔයා මේ බඩු ටික ගත්තේ කොහෙන්ද?

      Delete
    4. PCB එක හදල තියෙන්නෙ නම් ට්‍රාන්සිස්ටර් තඹ තහඩුව පැත්තෙන් සවි කිරීම සඳහායි.මොකද BFR91A සහ BFR96 (BFR96 මෙතන සඳහන් නොවුනත් එය ලංකාවේ නැතිනිසා එයට ආදේශයකි ළිපියේ සඳහන් වෙන්නේ) යනයන ට්‍රාන්සිස්ටර් තඹ මතුපිට සවි කරන ඒවා බැවින්.නමුත් "මේ පරිපථයේ මතුපිට" කියන පිංතූරයේ කඩ ඉරි වලින් T2/T3 කියල සඳහන් කර තිබෙන්නේ එම ට්‍රාන්සිස්ටර්ය.

      අනෙක් කරුණ නම් රෙසිස්ටර් ලබා ගැනීමේදී 1/4w වූවාට කමක් නැහැ.පහලම තිබෙන සම්පූර්න කල පරිපථය තුල 1w රෙසිස්ටරයක් දක්නට පුලුවන්.නමුත් එතනට 1/4w ඇති.මෙම ළිපියේ තව විස්තර තිබෙනවා ට්‍රාන්ස්මීටරය සැදීමේදී කලයුතු වැඩ කොටස් ගැන.නමුත් ළිපිය දීර්‍ග නිසා කොටස් කලේ.ඉදිරි ළිපියෙන් එම ගැටළු වලට පිලිතුරු හම්බේවි.ස්තූතියි ඔබට.ඔබ උනන්දුවෙන් මෙම ළිපිය නරඹන බව පැහැදිලිය.

      මෙම උපකරණ ගත්ත තැනුත් කියන්නම් ඉදිරි ළිපියෙන්

      Delete
    5. විස්තර වලට ගොඩක් ස්තුතියි. ඉක්මනට අනිත් ලිපියත් දාන්න.

      Delete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...