2013-01-30

..:: PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home ::..

PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් ගැනයි අද කියන්නේ.ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා 
  • ආර්ට් පේපර් එකක් 
  • ලේසර් ප්‍රින්ටරයක්(වෙනත් ප්‍රින්ටර් නොගැලපේ)
  • අයන් එකක් 
  • කොපර් බෝඩ් එකක් (පරිපථයේ ප්‍රමානයට )
  • ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric chloride)
  • එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)
  • ස්පොන්ච් කැබැල්ලක්
  • ටුවිසර් එකක් හෝ ප්ලාස්ටික් පතුරක් (කොපර් බෝඩ් එක ඉවතට ගැනීම සඳහා)
  • කොපර් බෝඩ් එකේ ප්‍රමාණයට ප්ලාස්ටික් භාජනයක් 
 මුලින්ම අපට PCB එක නිර්මාණය කර ගැනීමට අවැසි පරිපථය PCB ලේයර් එකක් විදියට මෘදුකාංගයක් හරහා නිර්මණය කරගෙන ලේසර් ප්‍රින්ටරය හරහා ආර්ට් පේපරය මතට ලබාගන්න.මෙසේ ලබා ගැනීමේදී ආර්ට් පේපරයක් මතතට ප්‍රින්ට් එක ටිකක් තදට ලබාගන්න.(ආර්ට් පේපර් කොළඹින් සොයාගත හැක.)
 
ඉන්පසු එය පසෙකින් තබා ඔබ කොපර් බෝඩ් එක ගෙන එය හොදින් පිරිසිඳු කරගන.(කොපර් බෝඩ් වාතයට නිරාවරණය වූ විට පුස් සැදේ. ඒවා අයින් කල යුතුය.)

 
ඉන්පසු ප්‍රින්ට් කරගත් අර්ට් පේපරය කොපර් බෝඩ් එක මත නිසියාකාරව තබා ගන්න (බෝඩ් එකෙන් පිට නොයන අයුරින්)
 
ඉන්පසු අයන් එක ගෙන හොඳින් අයන් කරගන්න.සැ.යු:-කොපර් බෝඩ් එක ගැනත් සෙවිල්ලෙන් ඉන්න.ඕනවට වඩා රත් වුවෝත් කොපර් පතුරු ගැලවී යා හැක.) 
 
ඉන්පසු කොපර් බෝඩ් එකට පේපර් එක හොඳින් ඇලවුනාට පසු හොඳින් නිවෙන්නට හැර වතුර භාජනයකට දමා පෙඟෙන්නට හැරින්න.පසුව රූපයේ පෙනෙන පරිදි සෙමින් කඩදාසි කොටස් ඉවත් කරන්න.(ප්‍රින්ට් කොටස් යන්නේනම් ඒ කොපර් බෝඩ් එකට හොඳින් ඇලවී නැත යන්න පැහැදිලිය.එම නිසා වතුරට දාන්න පෙර එම කටයුතු නිසියාකාරව සිදු කරගන්න.)
 
නිසියාකාරව සිදු කලේනම් රූපයේ පෙනෙන පරිදි දිස්වේ 
 
ඉන්පසු ප්ලාස්ටික් භාජනයට ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය දමා එයට කොපර් බෝඩය දමන්න.සැ.යු:-ෆෙරික් ක්ලෝරයිඩ් තනුක කරගත්ත ඒවනම්  යොදාගන්නේ උණුවතුර ටිකකට සම සමව එකතු කරගන්න.සාන්ද්‍ර නම් එසේ කිරීමට අවශ‍ය නැත. 
 
සැමවිටම ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය තම අතින් ඇල්ලීමෙන් වලකින්න.මේ සඳහා ටුව්සරයක් හෝ ප්ලාසිටික් යම් දෙයක් භාවිත කරන්න. 
 
සාන්ද්‍රා ක්ලෝරයිඩ් වලින් දිය කරන්නේ නම් විනාඩි 10-15 අතර කාලයකිනුත් , තනුක නම් විනාඩි 30ක් පමන කාළයක් ගතවේ. සම්පූර්ණ දියවූ පසු භාජනයෙන් ඉවතට අරන් පිරිසිඳු ජලපහරකට අල්ලා වියලාගෙන එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover) දමා හොඳින් සුද්ද කරගන්න.
 
PCB එක සාදා අවසන්.ගැටලු ඇත්නම් අහන්න.

2013-01-10

..:: ECS Factoryබලන්න යමුද ::..

අදත් ඔයාලව ෆැක්ටරියක් බලන්න එක්කන් යනව සිප්සල බ්ලොග් එක හරහා.මේ ෆැක්ටරිය ECS Factory.මෙයින් පරිගනක මවු පුවරු නිර්මාණය කරනවා.බලන්නකො ඒ කොහොමද කියලා.

2013-01-05

..:: Transparent Factory බලන්න යමුද ::..

..:: සිප්සල ::.. නරඹන ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! යාලුවනේ.ඔයාල ගොඩක් දෙනෙක් සිප්සලෙන් වැඩියෙන් නරඹන්න ආස කරන Factory ඇතුලේ tour මාතෘකාව යටතේ තවත් අලුත් ළිපියක් ගෙනාවා .මේකනම් Transparent නම් කාර් හදන Factory එකක්.බලන්නකො එහෙනම්. අදහසකුත් දාන්න ළිපිය හොඳනම්

























 *************************************