Showing posts with label පිරිමින්ට වැදගත් ළිපි. Show all posts
Showing posts with label පිරිමින්ට වැදගත් ළිපි. Show all posts

2015-06-07

..:: රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිංහලෙන්ම 18+ ::..

ඉතින් යාලුවනේ එත්තටම ගොඩක් කාලෙකට පස්සෙ  ඔයාල මුණගෙහෙන්න සිප්සල පැත්තෙ එන්න උනේ.අධික කාර්‍ය බහුලත්වය නිසා නිතර ළිපි ඉදිරිපත් කිරීමට අපහසුයි.නමුත් හැකි සෑම අවස්ථාවකම ඔයාලට හරවත් දැනුම ගෙන එනවා.
අද ඔයාල හමුවට ගෙන එන්නේ සැම කෙනෙකුටම වැදගත්වන පොතක්.විශේෂඥ වෛද්‍ය මහෙශ් ජයසූරිය මහත්ම රචනා කල        රතිය විදු ඇසින් නම් කෘතිය ඔයාලට පීඩීඑෆ් ආකාරයෙන් ලබාදී දනුම පුලුල් කිරීමටය.
රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පුලුල්ව විග්‍රහ කර තිබෙනවා සිංහලෙන්ම. පිටු 169 විහිදෙන මෙම පොත වයස අවුරුදු 18 ට වැඩි පිරිස් පරිශීලනය කරන්න.මෙය හුදෙක් දැනුම නංවාලීමට ගත් ප්‍ර‍යත්නයක් මිස අසබ්‍ය දෑ වපුරාලීමට ගත් උත්සහයක් නොවනබව කරුණාවෙන් සලකන්න
**ඉතා වැදගත්:-මෙම පොතේ සැබෑ රූප අන්තර්ගත නිසා 18 වැඩි පිරිස් මෙය පරිශීලනය කරන්න.**
Download
http://adf.ly/1IONoK

2013-11-29

..:: පිරිමින්ට පමනක් වැදගත් වෙන ලිංගික ගැටළුවක් විසඳ ගමු ::..

ජීවිතයට ගොඩක් වැදගත් කරුණක් නම් නිවැරදි සෞක්‍යය පවත්වාගෙන යාම.මෙම ළිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ පිරිමින්ටය.පිරිමි ලිගුවේ පෙරසම හා ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා "මෙය සාමාන‍ය තත්වයක් නොවුනත් සාමාන‍ය තත්වයට පත්කර ගනීමට ලබාදෙන ඉතාම වැදගත් ළිපියක්.මෙය දොස්තර ඩොට් කොම් අඩවියෙන් උපුටා ගත්තකි.



ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ 
- පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.)
- පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම. 
- පෙර සම ආශ‍්‍රිතව ඇතිවන පිලිකා

පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම) - මෙය phimosis ලෙස හදුන්වන අතර එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙය බහුලව කුඩා ළමුන් අතර දක්නට ඇති අතර තරුණ අය අතරද දක්නට ලැබෙන අවස්තා ඇත.
මෙවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?
- මුත‍්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම
- මුත‍්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම
- මුත‍්‍රා කිරීමට අධික ලෙස තැටමීම.
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම. 
- සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම.
- විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම)
- වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම. 
- පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම. 

ප‍්‍රථිකාර මොනවාද?

- මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි. 
- ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ලබයි. සමහර අවස්ථාවලදී පවතින ස්වභාවය අනුව ක‍්‍රීම් වර්ගයක් (ස්ටීරොයිඞ් සහිත) ආලේප කර සම පිටුපසට කිරීමට උපදෙස් දෙනු ඇත. මෙය දිනකට කිහිප වතාවක් කිරීමෙන් සමහර දරුවන්ගේ යථා තත්වයට පත්වේ. එසේ නොවන අවස්ථා වලදී ශල්‍යකර්මයක් මඟින් පෙර සම ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.

මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ තිබේද?
විශේෂිත වූ අතුරු ආබාධ නොමැත. නමුත් ලිගුව කෙලවර කොටසෙහි ඇති සංවේදී බව අඩුවිය හැකි අතර එම කොටසට පහසුවෙන් තුවාල සිදුවීමේ හැකියාව ඇත.

පෙර සම ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පසු
- සාමාන්‍යයෙන් සුව වීමට සතියක් පමණ ගතවේ.
- ශල්‍යකර්මය කල දිනයේදීම හෝ පසුදින රෝහලින් පිටකරනු ලැබේ.
- මෙම ශල්‍යකර්මයට පසුදිනම ස්නානය කලහැක. අදාල ප‍්‍රදේශය ජලයෙන් සෝදා හැරිය හැකි වේ. 
- විෂ බීජ නාශක ක‍්‍රීම් වර්ගයක් ආලේප කර කුඩා ගෝස් කැබැල්ලකින් දිනපතා ආවර්ණය කර තැබිය හැක.
- එය තෙත් වී ඇත්නම් වහාම ඉවත් කල යුතුය. 

ශල්‍යකර්මය කිරීමට පෙර නිර්වින්දනය සිදුකෙරේද?
කුඩා දරුවන්ගේ මෙය කරන්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙනි. වැඩිහිටියන්ගේ මෙය හිරි වැට්ටවීමෙන් පසු කල හැක.

යම් හෙයකින් ලේ ගැලීමක් වුවහොත් කුමක් කල යුතුද?
ඉතා පිරිසිදු රෙදි කැබැල්ලකින් එතැන විනාඩි 10ක් පමණ තද කරගෙන සිටින්න. බොහෝ විට ලේ ගැලීම නවතී. එසේ නවතින්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. 

ශල්‍යකර්මයට පසු වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්ථාවේද?
- ලේ ගැලීම නැවතුනේ නැතිනම්
- සැරව ගැලීමක් ඇත්නම්
- සම්පූර්ණ ලිගුව රතුවී තිබේ නම් 
- එක දිගටම කැක්කුම පවතින්නේ නම් 


විශේෂයෙන් සැළකිය යුතු අවස්ථා
- දරුවන් නැහැවීමේ දී මෙන්ම ශරීර කෘත්‍යයන් කරගැනීමට නොහැකි වැඩිහිටියන් නැහැවීමේදී ද පෙර සම පිටුපසට කර එහි වූ සුදුපැහැති ද්‍රව්‍ය (Smegma) සෝදා හැරීම කල යුතුය. මෙය ලිගුව කෙළවර තෙත්ව තබා ගැනීමට දිනපතා ඇතිවන ස‍්‍රාවයක් වන අතර එසේ දිගටම එකතු වීමෙන් ඒමත විෂබීජ තත්ව ඇතිවීමට පුළුවන.
මෙම හේතුව නිසාම බොහොමයක් වැඩිහිටියන් රොහල් ගතවන අවස්ථා ඇත. මීට අමතරව මෙය මුත‍්‍රාවල විෂබීජ ආසාදන තත්ව ඇතිකිරීමටද හේතු පාදක වේ.

2013-02-17

..:: නව යෞවනයා-(පිරිමින්ට විශේසයි) ::..


කියවලම බලන එක හොඳයි කියල හිතනව.වැදගත් කියල හිතුන නිසා ළිපියකින් ඉදිරිපත් කලේ.හොඳදනරකද කියල අදහසක් දාලම යන්න.