2014-03-02

..:: PLL - digital tuning-4W FM ට්‍රාන්ස්මීටරය-post 4 ::..

PLL - digital tuning
මේ පහතින් තිබෙන පරිපථයත් වෘතීමය ට්‍රාන්ස්මීටරයකට (දිගුදුර ස්ථීර වැඩ සඳහා යොදා ගන්න ) ඉතාම වැදගත් ඒකකයකි.මෙම ඒකකය යම් යම් විශාල වොට් අගයන් පිට කරන ට්‍රාන්ස්මීටර් වල විවිද අයුරින් නිර්මාණය කර ඇත.

මෙමඟින් තමයි මම කලින් කියපු ආකාරයට කොයිල් සහ කැපෑසිටර් භාවිතා නොකර අපට උවමනා සංඛ්‍යාතයට යොමුකිරීම සිදුකරන පරිපථය.( PLL - digital tuning) මේ පරිපථය සෑදීමේදී තමයි මට අයි.සී එකක් රටින් ගෙන්න ගන්න ඕන වුනා කියුවෙ.එනම් SAA1057 IC එක.නමුත් මේ කාළය වනවිට කොළඹ මේක ගන්න ඇති බොහෝ දුරට.

මෙහි අනිත් අය්.සී එක Pic IC එකක්.මෙය ප්‍රෝගෑම් කරගත යුතුය.ඒ කාර්යය නම් පහසුවෙන් කරගැනීමට පුලුවන්.මේ වනවිට කොළඹ වගේම පිට පලාත් වලත් PIC IC ප්‍රෝගෑම් KIT ගන්න තියේ.මම පහලින් ලබා දී ඇති ලින්ක් එක වෙත ගොස් hex ෆයිල් එක ලබාගෙන එය ප්‍රෝගෑම් කරගන්න.


  

ඉහලින් ඇත්තේ එම ටියුනින් පරිපථයයි.මෙහි PCB එක පහලින් පෙන්වයි.ඔබට මෙය PCB එකක් නිර්මාණය කරගැනීමට අපහසුනම් වෙරෝ බෝඩ් එකක හෝ ඩොට් බෝඩ් එකක හදාගන්න.මෙය PCB එකක හැදුවොත් නිමාව හොඳයි.ඒ හැරෙන්න ට්‍රාන්ස්මීටරය වගේ PCB එකකම හදන්න ඕන කියල අනිවර්ය නැහැ.



** Capacitors:
C1, C12 - 2,2 nF (ceramic)
C2, C9 - 10 nF (ceramic)
C3 - 47 uF (electrolytic)
C4 - 10 uF (tantalum)
C5 - 0,47 uF (electrolytic)
C6, C11 - 100 nF (ceramic)
C7 - 1 nF (ceramic)
C8 - 220 uF (electrolytic)
C10 - 22 pF (ceramic)

** Resistors:
R1 - 1k
R2 - 4k7
R3, R4, R5, R7 - 10k
R6 - 1k (optional)
R8 - 47k (optional, see below)

** Misc.:
IC1 - SAA1057
IC2 - PIC16F84 (programmed) + socket
IC3 - 78L05
X1 - 4 MHz crystal
D1 - LED diode (optional)
Tl1 - button (optional)
jumpers or DIP switches
Power supply: 8-15 V stabilized, 40 mA
Frequency range: 82,5-108 MHz
Step frequency: 100 kHz
RF input voltage range: 10-500 mV
RF input impedance: 135 ohm

** Pin meaning:
1 - tuning voltage (output)
3 - RF signal from oscillator (input)
2, 4 - ground
Tl1 - reset

PLL - digital tuning පරිපථය සෑදීමේදී පැන නගින ගැටළු කිහිපයක් තිබේ.ඒවා කරුණු වශයෙන් පෙළගස්වන්නම් පිළිතුරු සමගම.
1. මූලිකවම මෙය PCB එකක හෝ DOT Board එකක නිර්මාණය කරගැනීම.මෙය PCB එකක එකලස් කරගත්විට හොඳ නිමාවක් සහිතව තිබේ.එසේ කරගැනීමට අපහසු නම් DOT Board එකක එකලස් කලාටද කමක් නැහැ.

2. මෙම IC දෙකට IC බේස් යොදාගැනීම අනිවාර්ය.එසේ කිවුවේ යම්හෙයකින් IC එක පාස්සන විට අධිකව රත් වුවහොත් එය පිලිස්සී යා හැක.

3. මෙයට ලබාගන්න ක්‍රිස්ටල් (4 MHz crystal )එක නිවැරදිම අගය යොදන්න.මෙය සංඛ‍යාත ආශිතව  ඇති පරිපථයක් නිසා.

4. ප්‍රතිරෝදක භාවිතයේදී 5Band Coloer Resistor ලබාගන්න පුලුවන්නම් ඉතාමත් හොඳයි.එසේ 5Band Coloer Resistor  ලංකාවේ ගන්න අඩුයි. 4Band Coloer Resistor හරි එයට යොදන්න. 4Band Coloer Resistor ලබාගන්න විට නිවැරදි අගයම යොදන්න. මොකද  5Band Coloer Resistor නැති නිසා.

5. (IC1) IC එක ප්‍රෝගෑම් කරගත යුතුය. hex ෆයිල් එක  මම ළිපියේ ඉහලින් ලබාදී ඇත. එය ලබාගන්න.එය ප්‍රෝගෑමරයක් හරහා ප්‍රෝගෑම් කරගත යුතුය.එය එතරම් අපහසු නැත. hex ෆයිල් එක ලබාදී තිබෙන නිසා.

6. C4 ධාරිත්‍රකය (Capacitor) 10uf tantalum එකක්ම යොදන්න.මෙය ඉලෙක්ට්‍රෝලයිටික් ආකාරයේ ධාරිත්‍රකයකි.(+/-) සඳහන්ව පවතී.

7. (IC3) IC එක සඳහා 78L05 එකක් යොදන්න.මෙහිදී 78L05 එකක්ම සපයා ගැනීමට අපහසුනම් 7805 වුවද කමක් නැහැ.L අකුරෙන් පෙන්වන්නේ OUT කරන්න පුලුවන් ඇම්පියර් ගනන.මේ පරිපථය සඳහා එතරම් ලොකු ඇම්පියර් ගනනක් අවශ‍ය නැත.

8. TL1 සඳහා ශෝට් කරගන්න Pin දෙකක් අවශ්‍ය වෙන්නේ.ඒ සඳහා PUSH TO ON ස්විචයක් වුවද කමක් නැහැ.

9. IC2 කොළඹ ගන්න තියේද කියල බලන්න.යුදමය කාළයේ තමයි මම මේක මුලින්ම හැදුවේ.ඒ දින වලනම් ගන්න තිබ්බේ නැහැ.නමුත් දැන්නම් බොහෝ දුරට ඇති. මට මෙය ගෙනත් දුන්නේ මගේ යාළුවා.

10. DIP ස්ව්චය කොළඹ නම් ගන්න තියේ.එය ඉල්ලනවිට ස්විච් ගනන කියල ඉල්ලන්න ඕන.එය සපයා ගැනීමට අපහසුනම් ON/OFF ස්විච් තමයි ගන්න වෙන්නේ.නැත්නම් අපි දන්න සීඩී රොම්වල,DVD Card එකේ එහෙම තියෙන ජම්පර් තමයි ගන්න වෙන්නේ.
11. මෙහි PR කියා තිබෙන්නේ ජම්පර් එකකි.

මුල්ම ළිපියේදී මම සඳහන් කලා ළිපි තුනකින් හෝ හතරකින් මෙය අවසන් කරනවා කියා.නමුත් ළිපියට තවත් කරුණු එක් කිරීමට සිදු වුනා.එම නිසා ළිපි පෙළ තවත් ළිපි කිහිපයක් ඉදිරියට පෙල ගැසේවි.සිප්සල සමඟ රැඳී සිටින්න.ඔබගේ ප්‍රතිචාර වලට බෙහෙවින් ස්තූතියි.

8 comments:

  1. meke input out put monawada 1,3 walata danne monawada makata antanawak hadaganna whidhiha witara karanda

    ReplyDelete
  2. make 1,3 walata signal akada danne antanawak hadana aka gana tawa wistara karanda

    ReplyDelete
    Replies
    1. http://sipsala.blogspot.com/2014/02/4w-2.html මේ ලින්ක් එකෙන් ගිහින් මෙ ළිපියත් බලන්න අන්න ඒකෙ තියෙන 1,2,3,4, ට තමයි සෙට් කරන්න ඔන.

      Delete
  3. ඔන්න මේකටත් ගොඩාක් ස්තුතියි!
    වෙනදා වගේ අදත් ප්‍රශ්න තියෙනවා.
    1. R8 සවි කරන්නේ කොහේටද?
    2. එක තියෙන්නේ කරන්ට් එක තියෙනවා කියල පෙන්නන්නද? නැත්නම් ක්‍රියා කරනවා කියල පෙන්නන්නද?

    ඉක්මනට අනිත් එකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. මෙය PCB එකේ සඳහන් නොවන්න එක් හේතුවක් නිසා.මේ ප්‍රශ්නෙ ඉදිරිපත් කලේ පරිපථය ඔයා හොඳට නරඹපු නිසා.ටියුන් කරන්න පරිපථයෙන් ට්‍රාන්ස්මීටර් පරිපථයට කුඩා වෝල්ට් ප්‍රමානයක් යනවා.එතකොට තමයි අපිට ඕන කරන සංඛ‍යාතයේ අල්ලගෙන ඉන්නේ.ඔබ PCB එකේ හදන විට රෙසිස්ටරය නොදමා හදන්න.යම් හෙයකින් ටියුන් නොවුනහොත් අපට උවමනා සංඛයාතය තුල , අන්න ඒ වෙලාවට රෙසිස්ටරය දාන්න.අනිත් ළිපියත් ඉක්මනටම දාන්නම්.

      Delete
  4. මම SAA1057 IC එක පිටකොටුවේ බැලුවා. ඒක පිටකොටුවේ පලවෙනි හරස් විදියේ Unitech Trading, 15, 1st Cross Street, Colombo 11. (Asia Electronics එකට ඉස්සරහා) එකේ තියෙනවා කියල කිව්වා..ගාන රු.115.

    මට තව ප්‍රශ්නයක් තියෙනවා. PIC16F84 එකෙයි PIC16F84A එකෙයි වෙනසක් තියෙනවද? මේකට ඒ දෙකෙන් ඕන එකක් ගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මනෝද්‍ය ලබාදෙන තොරතුරු වලට සිප්සල වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.පික් අයිසී දෙකම එකයි.මේ දෙකෙන් ඕන එකක් මේ වැඩේට ගන්න පුලුවන්.අදහසට ස්තූතියි

      Delete
  5. ane please me hex file eka apahu apload karannako. nattham eka download karaganna puluwan wena web site ekaka link ekawath denna. programme softwere eke settings tikath danna.........................................................................

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...