2014-02-23

..:: 4W FM ට්‍රාන්ස්මීටරයේ පැන නගින ගැරළු වලට පිලිතුරු part-3 ::..

***********************************************
ට්‍රාන්ස්මීටර් පරිපථය සෑදීමේදී පැන නගින ගැටළු කිහිපයක් තිබේ.ඒවා කරුණු වශයෙන් පෙළගස්වන්නම් පිළිතුරු සමගම.

1. සමහරුන්ට සිතේවි මෙය අනෙක් පරිපථ වගේම පරිපථයක් නිසා සහ අත්හදා බෙලීමක් නිසාත් වෙරෝ බෝඩ් එකක ගහල හරිගියොත්  පස්සෙ PCB එකක හදනව කියල. නමුත් මෙය අනෙක් පරිපථ මෙන් නොව තරංගයන් සමඟ ක්‍රියා කරන පරිපථයක්.එමනිසා එක් උපකරණයක සිට අනෙක් උපකරණයට යන මර්ගය එනම් පථය යම් පළලකින් තිබිය යුතුය.වෙරෝ හෝ ඩොට් බෝඩ් එකක හැදුවොත් කම්බි යොදා මර්ගය සාදාගන්නේ.එය සාර්ථක වැඩක් නොවේ.කුඩා ට්‍රාන්ස්මීටරයක් එසේ සැදුවත් මෙවැනි ට්‍රාන්ස්මීටරයක් එකක සෑදීම අනිවර්ය වෙන්නේ එම නිසාය.
2. මෙහි ට්‍රාන්සිස්ටර් PCB එකට පෑස්සීමේදී T1/T4 ට්‍රාන්සිස්ටර් මතුපිටින්ද T2/T3 ට්‍රාන්සිස්ටර් PCB එකේ තඹ තහඩුව පැත්තෙන් පෑස්සිය යුතුය. තඹ තහඩුව පැත්තෙන් පැස්සීමට එක් හේතුවක් විදියට ඩ්‍රයිව ට්‍රාන්සිස්ටර් pin තඹ තහඩුවට ලඟින්ම පිහිටීම කර්යක්ශමතාවය ඉහල නංවීමට හේතුවක් වෙයි.අනෙක් කරුණ නම් එම ට්‍රාන්සිස්ටර්  HI Frequency නිසා නිශ්පාදකයා එය නිර්මාණය කර ඇත්තේ තඹ තහඩුව පැත්තෙන් සවි කිරීමට හැකි ලෙසිනි.

3. ඉහත රූපයේ සඳහන් පරිදි නිල් පාටින් තිබෙන් කොටුව තුල රතු පැහැ ඊතලයෙන් පෙන්වන තහඩුව ඔසිලේරට් කොටස වටේට ගසා එය පරිපථයේ ග්‍රවුන්ඩ් එකට පෑස්සීමට හැකිනම් ගොඩක් හොඳයි. එනම් ඔසිලේටරයෙන් තමයි රේඩියෝ තරංගය සාදා ඕඩියෝ තරංගය මිශ්‍ර කර එය ඉදිරි පියවරට ලබදෙන ස්ථානය.එමනිසා එයට බාහිරින් පැමිනෙන වෙනත් අධි තරංග වේනම් ඒවා ඔසිලේටරයට හානි නොවීම සඳහා බැරියර් එකක් ලෙස එම තහඩුව පරිපථයට යොදා ඇත.
4.ඉහත රූපයෙ පරිදි කොයිල් පාට පාටින් තියෙනව ඔබට පෙනේවි. අප ලබාගන්න,ලංකාවේ තිබෙන තඹ කම්බි පාට පාට නැහැ.නමුත් එයට අප ගන්න සාමාන්‍ය කොයිල් කම්බි ඉහත පරිපථයේ සඳහන් ග්‍රේජ් වලින් ලබාගත්තහම හරි.
5. R14/R15 යන රෙසිස්ටර් වල පරිපථයේ ග්‍රවුන්ඩ් එකට සවිවන පින් එක ෆෙරයිඩ් කෝර් එකක් තුලින් යවා ග්‍රවුන්ඩ් එකට පෑස්සීම. පරිපථයේ එක් පියවරක් නිමකොට අනෙක් පියවරට තරංගය වර්ධනය කිරීම සඳහා ලබාදෙන අවස්තවේ තමයි මේ ෆෙරයිඩ් කෝර් දැමූ රෙසිස්ටර් පරිපථයට එක් කර තිබෙන්නේ.ෆෙරයිඩ් භාවිතා කිරීමේදී වෙනත් දුර්වල තරංගයන් දුර්වල කරයි.එමනිසා අනෙක් පියවරට ප්‍රධානය කිරීමේදී පෙර තිබූ වෙනත් තරංගයන් පෙරා හැරීම සඳහා මේ ක්‍රමය භාවිතා කොට ඇත.මේ කෝර් එක මම නම් ලබාගත්තේ ටීවි SMPS පවර් සප්ලයි වල සෙකන්ඩ්‍රියේ තියෙන +B ඩයොඩයට මේව සම්බන්ද කර ඇත.විශේශයෙන්  +B ඩයොඩයට තමයි මේව සම්බන්ද කරන්නේ.
6.R13 රෙසිස්ටරය සඳහා 1/4w දැම්මට ප්‍රස්නයක් නැත.
( 43ohm නැති නිසා 47ohm දාන්න)
7.R9+L2 පරිපථයට එකතු කිරීමේදී කොයිලය නිසි දත්තයන්ට ඔතාගෙන කොයිලය මැදින් රෙසිස්ටරය යොදන්න. රෙසිස්ටරය ලබාගන්න 1W විට එකක් ලබාගන්න.

8. ට්‍රාන්ස්සිස්ටරය සඳහා මදක් ලොකු තාප නිවාරකයක් යොදන්න.

15 comments:

  1. තව ප්‍රශ්න ටිකක් තියෙනවා. තරහ නැතුව කියල දෙනවද?

    1. PLL එකේ 1 2 3 4 පින් වලින් එන වයර් ටික සවිවෙන්නේ කොහෙටද?
    2. RDS කියන්නේ මොකක්ද?
    3. VF කියන්නේ මොකක්ද?
    4. මේකට ඇන්ටෙනාවක් ඕනේ නැද්ද?
    5. මේක අහන්න පුළුවන් ෆ්රිකුවන්සි මොනවද?
    6. මේකේ trimmers ටියුන් කරන්න ඕනෙද?
    7. ෆෙරයිඩ් කෝර් අත්‍යවශ්‍යද?
    8. මේක හදන්න කීයක් විතර යයිද?
    9. මේ බඩු පිටකොටුවේ තියෙයිද?

    මෙච්චර ප්‍රශ්න ඇහුවට සමාවෙන්න! මම මීට ඉස්සෙලා transmitter circuit 5ක් විතර හදල තියෙනවා. එකක්වත් වැඩකලේ නෑ. ඒ නිසා මේකවත් හරියට හදන්න ඕනේ. මේක ලබා දුන්නට ස්තුතියි.

    මම සිප්සලෙන් දීපු හැම පොතක්ම අරගෙන තියෙනවා. හැබැයි ඒවාට කමෙන්ට් කරන්න බැරිඋනා. මේ වෙලාවේ ඒවටත් ස්තුතිවන්ත වෙනවා!

    ReplyDelete
    Replies
    1. ඔවු යාළුව ඔයා ඉදිරිපත් කල සෑම ප්‍රස්නෙකටම පිලිතුරු මම පිලිවෙලින් දාන්නම්.
      1.ලබන ළිපියෙන් එම පරිපථය (PLL)ගැන ඉදිරිපත් කරනුයේ.එවිට 1 2 3 4 සම්බන්දවන ආකාරය පැහැදිලි කරන්නම්.
      2.RDS කියන්නේ අපි හදන ට්‍රාන්ස්මීටරයේ අපි යම්කිසි විස්තරයක්.ඒ කියන්නෙ සිරස ,රන්,නෙත් වගෙ නමක් එහෙම යවන්න පුලුවන්.එතකොට පෝන් එකකින් රේඩියෝ අහනකොට ඒ නම පේනව.
      3.මෙ ප්‍රස්නෙනම් පැහැදිලි නැහැ VF කියල තෙරුම් කිහිපයක් තියේ ඒක යොදන තැන අනුව වෙනස් වෙනව.
      4.අනිවාරෙන්ම ඕන.එය ළිපි පෙලේ අන්තිමට තමයි පෙලගැස්සිලා තියෙන්නෙ.
      5.PLL පරිපථය නිසා 88-108MHz එතුලත ඕනම ෆ්‍රීකුවෙන්සියකට පහසුවෙන් ටියුන් කරන්න පුලුවන්.
      6.පළමුවර ටියුන් කිරීම අවශයි.ඉන්පසු ෆ්‍රීකුවෙන්සි වලට මාරු කිරීමේදී එය අනවශයි.
      7.අත්‍යවශයි කියල කියන්නෙ නැහැ.එව නැතුව වැඩ කරනවා.නමුත් දානවනම් ගොඩක් හොඳයි.
      8.ඒ ගැන අන්තිමට දාන්නම්
      9.PLL එකේ එක අයිසී එකක් ඇරෙන්න අනිත්ව තියේ.එත් ඒකත් දැන් කොළඹ ඇති.

      ඔයාල කොච්චර ප්‍රශ්න ඇහුවත් මම තරහ නැහැ.ඔයාට ඕන දෙයක් අහන්න.ඔයා මේගැන උනන්දුවෙන එකගැන මට සතුටුයි.සිප්සල එක්ක රැඳිල ඉන්න එකට බොහොම ස්තූතියි ඔයාට.ට්‍රාන්ස්මීටර් වලට මම හෙම්බත් වෙනකම් කට්ට කාපු කෙනෙක් .ඒත් ඒව අපතෙ ගියේ නැහැ.දුවපු තරමට තමයි හති වැටෙන්නෙ.

      Delete
    2. කියල දුන්නට ගොඩක් ගොඩක් ගොඩා.....ක් ස්තුතියි!
      1. VF කියල මම ඇහුවේ සර්කිට් එකේ ඉන්පුට් එකට විරුද්ධ පැත්තේ තියෙන අවුට්පුට් වගේ එක ගැන.
      2. RDS ගැනත් පෝස්ට් එකේ දාන්න.

      ප.ලි. - "ඔයාල කොච්චර ප්‍රශ්න ඇහුවත් මම තරහ නැහැ.ඔයාට ඕන දෙයක් අහන්න."
      මේකනම් ඇත්තටම ගොඩාක් හොඳ කතාවක්. මේ වගේ සේවයක් කරනවට ඔයාට පින්.

      Delete
    3. 1.එම ට්‍රාන්ස්මීටරය නිර්මාණය කරපු තැනැත්තා ජර්මනිය ආසන්න Czech Republic රටේ තැනැත්තෙක්.ඔවුන්ගෙ භශාව අනුව (Czech) ඔවුන් RFකියන එක තමඉ එයින් හඳුන්වනුයේ.එතන තියෙන්නේ RF OUT එකයි.
      2.ගැන පෝස්ට් එකක් දාන්නම් මේ ළිපිටික ඉවර උනහම.මේ ළිපි පෙලට ඒ පරිපථය මම එකතු කර නැහැ.

      ඔයාල යම් දෙයක් මගෙන් ඉගෙන ගත්තනම් ඒක තමයි මගේ එකම පැතුම සහ සතුට.කෙනෙකුට යම් දෙයක් කියාදෙනව කියන්නේ ලොකු පිනක්.ඒ වගේම මුදල් වලම යැපෙන මිනිසුන් සිටින කාලයක මේවගේ දෙවලුත් විශාල ගනන් වලට විකිනෙනවා.මට මේ විශය කියාඩුන්නෙත් මගේ යාළුවෙක් (අයිය කෙනෙක්) .එයත් මගෙන් සල්ලි ගත්තෙ නැහැ.මම එයාට හැමදාම පින්දෙනවා මේ විශයේ අත්තිවාරම උගැන්නුවාට.මිනිස්සු සල්ලි වලට ගන්න බැහැ වගේම අමනුස්සයෙක්ට මනුස්සයෙක් උදවු කරන්නෙනැතුව වෙන කවුරු උදවු කරන්නද.බොහොම ස්තූතියි මනෝද්‍යය මගේ ළිපි කියවල යම් දැනුමක් ලබාගත්තට.

      Delete
  2. NICE WORK
    OYAGE WACHANA TIKAMA WATINAWA ....OYA WAGE THAMA MATH ....GOOD LUCK

    ReplyDelete
    Replies
    1. thankyou ayye.kenekuta nomile kiyadeema godak loku deyak.

      Delete
  3. Replies
    1. ithin rathne.koheda gihin hitiye mechchara kal.dekkewath nehe

      Delete
  4. මමනම් electronic වලට අළුත්.
    තනියමත් ටිකක් ඉගෙන ගත්ත දැන් පාඨමාලාවතු.් හදාරගෙන යනව.
    ඩෙක් ලොකු පිනක් මේ විදියට පැහැදිලිව කියල දෙන එක සහෝ..
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ඔවු දිසා.අපි හැමෝම අලුත් තමයි ඉලෙක්ට්‍රොනික් වලට.අපි කොච්චර ඉලෙක්ට්‍රොනික් දැනගත්තත් තත්පරෙන් තත්පරේ අළුත්වන ඉලෙක්ට්‍රොනික් විශය මහ මුහුද වගේ.ඉලෙක්ට්‍රොනික් වල යම් යම් පැති තියේ. අන්න ඒ පැති වලට යම් යම් කෙනා නැඹුරු වෙනවා.මේ සියළුම පැති දැනගන්න උත්සහ කරනවනම් තමයිගොඩාක්ම සාර්තක ඉලෙක්ට්‍රොනික් ශිල්පියා වෙන්නේ.බොහොම ස්තූතියි දිසා අදහසට.ඔයාට අමාරු යම් දෙයක් තියෙනම් අහන්න.මම දන්න දෙයක්නම් කියා දෙන්නම්

      Delete
  5. අනේ ඉක්මනට අනිත් ටිකත් දාන්නකෝ! O/L කරලා ගෙදර ඉන්න එකේ ඉස්කෝලේ පටන් ගන්න ඉස්සෙල්ලා මේක හදන්න ඕනේ.
    (මම දන්නවා ඔයාටත් වැඩ ඇති කියලා. ඒ උනාට ටිකක් ඉක්මනට දාන්න උත්සාහ කරන්න බලන්න. මෙහෙම කිව්වට කේන්ති ගන්න එපා.)

    ReplyDelete
    Replies
    1. apo mata kenthiyanne nehe.ou wedanam adikai.ikmanata dannam.oya megena unandu wena eka mata godak sathutuyi. manodya.

      Delete
  6. L1, L6 - 4,5 coils
    L3 - 2,5 coils
    L4 - 1,5 coils
    L2 - 6,5 coils around R9 resistor
    L5 - 9,5 coils
    L7 - 3,5 coils
    me coils waga ගේඡ් මොනවාද?

    ReplyDelete
  7. anika thamai me diagram eke 1234 kiyala.sadahn karala thiyenne monada?matath me gena loku denumak na.but transmitters gena.loku unak thiyenawa kaleka indan.balamu me parawth sanepa weida kiyala.godak watina wedak

    ReplyDelete
  8. මුලින්ම කියන්නම් කොයිල් වලත 22 ග්‍රේජ් වගෙ හොඳයි.1234 සම්බන්ධ වෙන්නේ පැල් ඩිජිටල් ටියුනින් කියන පරිපථයටයි.මෙම පරිපථය උපයෝගි කරගන්නේ අපට් උවමනා සංඛ්‍යත වලට සුසර කර තබාගැනීමටය.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...