Antena
දැන් ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසන් අදියරට පැමින තිබෙන්නේ.අවසන් අංගය විදියට තරංග විසිරුවා හැරීමට ඇන්ටනාවක් සැකසිය යුතුය.ඇන්ටනා වර්ග කොතෙක් තිබුනත් ට්‍රාන්ස්මීටර් වලට ගන්න ඇන්ටනා වර්ග කිහිපයක් තිබේ.මම මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නේ ෆෝල්ඩඩ් ඩයිපෝල් කියන ඇන්ටනාවයි.( Folded Dipole Antenna). තරංගයක් විසිරුවා හරින ක්‍රම දෙකක් තිබේ. තිරස් ක්‍රමයට සහ සිරස් ක්‍රමයට.
ඒ ක්‍රම දෙකටම ට්‍රාන්ස්මීටර් වල තරංග විසිරුවා හැරියත් බහුලව යොදා ගැනෙනුයේ සිරස් ක්‍රමයයි.මෙහිදී සකසන ඇන්ටනාව තම අභිමතය පරිදි එක සංඛ්‍යාතයකට පමනක් සැකසිය හැකිය.නැත්නම් පොදු ට්‍රාන්ස්මීටරයක් නම් සමහරවිට අපට සංඛ්‍යාතය සකස් කලයුතුය.ඒ නිසා පොදුවේ 88MHz-108MHz දක්වා සුදුසු ඇන්ටනාවක් සැකසීම සුදුසුය.
මෙහිදී ඇන්ටනාවක් සැකසීමේදී යම් සිද්ධන්නතයක් අනුගමනය කළ යුතුය.
යම් සමී කරණයකට අනුව දිග ,පළල තීරණය කල යුතුය.නමුත් එය මේ අවස්ථාවේදී විස්තර කිරීමට අපහසු බැවින් පොදු ඇන්ටනාවක් සාදන අයුරු මිනුම් සහිතව පැහැදිලි කරන්නම්.
මුලින්ම මේක හදන්න වුවමනා කරන භාණ්ඩ කීපයක් එක් රැස් කර ගන්න ඕන.
අඟල් 7,8 දිග පිරිසිඳු තඹ වයරයක් හෝ ටිකක් මහත තඹ කම්බියක් ගන්න.(TT වයර් හොඳයි)
අඟල් 10 දිග අඟල් 1 නලයක් ගන්න.
අඟල් 1 ටී ශොකට් එකක්.
අඟල් 1 එන්ඩ් කැප් 3.
අඟල් 1 බෙන්ට් එකක්.
කේබල් ටයි තුන හතරක්
C5 50 ohm කොඇක්සල් කේබල් එකක්.(අවශ්‍යය පරිදි. මතක ඇතිව කැළණි කේබල් එකක් ගන්න.)
පළමුව ඇන්ටනාව සෑදීමට දිග,පළල ගනනය කිරීම් කරගත යුතුය.
මුලින්ම සංඛ්‍යාතයේ මධ්‍ය අගය සොයන්න ඹ්න.
88MHz + 108MHz ÷ 2 = 98MHz
සංඛ්‍යාතයේ මධ්‍ය අගය:- 98MHz
λ= තරංග ප්‍රවේගය ÷ චැනලයේ තරංග සංඛ්‍යාත මධ්‍ය අගය
λ= 300000000 = 150
98 x 1000000 49
පිළිතුර සෙන්ටි මීටර් වලින් සොයමු.
150 x 100 =15000 = 306 cm
49 49
මෙම පිළිතුර 4 න් බෙදුවම තමයි ඩයිපෝලයේ පැත්තක දිග වෙන්නේ.පහත රූපයෙන් එය පැහැදිලි වේ.
දැන් ඉහත රූපයේ පරිදි මිනුම් වලට සකසා ගන්නට කලියෙන් ඔබ ලබා ගත්ත පිරිසිඳු තඹ කම්බිය හෝ වයරය (වඩාත් හොඳයි ට්ට් වයර්)වයරය ගෙන මිනුම් වලට කපාගන්නට මත්තෙන් පහත අයුරින් සකසා ගන්න.එම මුදුව කුඩාවට සකසා ගන්න.මෙපරිදි වයරය අග මුදුවක් සකසා ගන්න .
මේ විදියට අනෙක් පැත්තෙ වයරයත් සකසා ගන්න.ඉන්පසු මුදුවේ ගැටය ලඟ සිට සෙන්ටි මීටර් 76.5 මැනගෙන වයර් දෙකම කපාගන්න. පසුව පහත පරිදි වෙරෝ බෝඩ් කැබැල්ලක් ගෙන සිදුරු 4ක් විද ගන්න.මතක තබා ගන්න මැද දෙකේ පරතරය 1.25 විතර තබන්න.
එලෙස සාදාගෙන වම් පැත්තෙ සිදුරු දෙකට වයරය රූපයේ පරිදි ඇතුල් කර වයරයේ අග ටික සුද්දකර නොගැලවෙන සේ ඊයම් යොදා පස්ස ගන්න.අනෙකත් එසේම කරන්න. එවිට පහත රූපය වගේ පෙනේවි.
ඉන්පසු කොඇක්සල් කේබලය ඉහත අයුරින් පාස්ස ගන්න.පසුව පරිදි ටී ශොකට් “T” shocut එක ගන්න.එය තුලට වෙරෝබෝඩ් එක ඇතුල් කර පහලට කොඇසල් කේබලයද දෙපැත්තට ඉතිරි වයර් දෙකද සිටිනසේ සකසා ගන්න.
මෙය ඉතාමත් හිමින්සැරේ සීරුවට කලයුතුය.
පසුව අඟල් 1 PVC නලය ගෙන 80cm කැබලි දෙකක් කපා ගන්න. ඉන්පසුව ටී ශොකට් එකේ දෙපැත්තටම සවිකර ගන්න.
ඉහත රූපයෙ පෙනෙන පරිදි මුදුව බටයේ කෙලවරට පැමින තිබිය යුතුය. නැවත බට දෙකම ගලවාවයර් දෙකේම මුදු දෙකටම කේබල් ටයි දමා පහත රූපයේ පරිදි ලොක් කරගන්න.ඉන්පසු නැවත පීවීසී නල දෙකම සවිකරගන්න.එවිට නලයෙන් පිටට කේබල් ටයි පැමින ඇත.
ඉන්පසුව ඉහත රූපයේ පෙනෙන කළු පැහැ වොශර් එක වෙනුවට අපි ගත්තෙ එන්ඩ් කැප් දෙකක්.එ දෙකේම එකක සිදුරු දෙක බැගින් සිදුරු 4 විද ගන්න. පසුව ටිකක් ගනකම කම්බි කැබැල්ලක් ගෙන එහි කොකුවක් සකසා වයරයෙන් සෑදුව මුදුවට දමා ගන්න.ඉන්පසුව පරිස්සමෙන් කේබල්ටයිලොක් එක පන්නගෙන ගලවගෙන.
පසුව එන්ඩ් කැප් එකේ සිදුරකින් කේබල් ටයි එකක් දමා වයරයේ මුදුව තුලින් ගෙන නැවත එන්ඩ් කැප් එකේ අනෙක් සිදුර තුලින් උඩට මතුකරගෙන ලොක් එක දා ගන්න.නමුත් තදටම ලොක් එක දාන්න එපා.ප්සුව හෙමිහිට කම්බි කොකුව මුදුවෙන් පන්නල ඉවතට ගන්න.මේ අයුරින්ම අනෙක් පැත්තටත් සිදු කරන්න.ඉන් පසුව දෙපැත්තෙම එන්ඩ් කැප් දෙක සවිකර කේබල් ටයි දෙක හෙමීට ලොක් එක තද කරන්න.
පසුව පහත රූපයේ පෙනෙන පරිදි කොඇක්සල් කේබලය ඇති පැත්තටත් යම් දිගකින් යුත් නල කැබැල්ලක් කපාගෙන සවිකරන්න එයට අංශක 90 ශොකට් කැබැල්ල සවිකර තවත් පොඩි නල කැබැල්ලක් සවිකර කෙබලය පිටතට ගන්න.
පසුව ඉතිරි එන්ඩ් කැප් එක ගෙන එහි කේබලයෙ තරමට සිදුරක් විදගෙන ඒ තුලින් කේබලය යවා.කැප් එක සවි කරම්ම.ඔන්න ඇන්ටනාව නිමකර අවසන්ය.
ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කරමින් මේ සියළුම අංගයන් ප්‍රධාන පරිපථය වන ට්‍රාන්ස්මීටර් පරිපථයට එකතු කරන අයුරු රූප සටහන් මගින් මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්නම්.