2010-11-28

..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-2 ::..

ළිපියේ ඉතිරි කොටස මෙසේ දිග හැරෙනු ඇත.

මම ඉහත ළිපියේ  සඳහන් කළ පරිදි සාගරය හරහා ගමන් කරන අන්තර්ජාලය සහ දුරකථන ජාලය තවත් රටක් සමඟ සම්බන්ද වනුයේ කේබල් මගිනි.මෙතනදී කේබල් විශේෂ ක්‍රමයකට සකසා තිබේ.මුල් කාලයේදි නම් කේබල් තඹ හා තවත් ලෝහ මිශ්‍රකර තනන ලදී.නමුත් වර්ථමානය වන විට ප්‍රකාශ තන්තු උපයෝගී කරන් සාදා ඇත.
පහලින් තිබෙන්නේ එම කේබලයක හරස්කඩකි.

ඉහත චායාරූපයේ පරිදි

1 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණයක් හෝ පොලි එතිලීන් ආවරණය.
2 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණය.
3 . ශක්තිමත් බව රඳාපවතින ලෙස සකසූ ගැල්වනයිස් කල වානේ කම්බි.
4 . ජලය කාන්දු නොවෙන සේ තැනූ ඇලුමිනියම් ආවරණය.
5 . පොලිකාබනේට් ආවරණය.
6 . තඹ හෝ ඇලුමිනියම් ආවරණය.
7 . පෙට්ට්‍රෝලියම් ජෙලි මාධ්‍යයක්.
8 . ප්‍රකාශ තන්තු සමූහය.

සමුදුර කේබල් සිතියම 2010 පහල රූපයෙන් දිස්වේ.


අද ලෝකයේ, මුහුදේ එලා තිබෙන කේබල් සියල්ලම ප්‍රකාශ තන්තු කේබල් නොවේ.තඹ සහ වෙනත් ලෝහ වලින් සෑදූ කේබලුත් බොහොමයක් පවතිනු ඇත.ප්‍රකාශ තන්තු භාවිතා කරීමට මුලින්නම අදහස් කර ඇත්තේ 1980 දශකයේය. මුලින්ම -8 නම් ප්‍රකාශ තන්තු ටෙලිෆෝන කේබලය එලා ඇත්තේ 1988 දීය.

කේබල් එලන පිරිසක්

2010-11-24

..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-1 ::..


සයිබර් වියමන එදා මෙදාතුර ගොඩ නැංවූයේ ටික ටිකෙන් ටිකය.රට රටවල් එකමුතුවෙන් මෙය මුලු ලොව පුරාම විකාශනය කිරීමට උරදී කටයුතු කර ඇත.එය ලෙහෙසි පහසු ක්‍රියාවක්නම් නොවේ.2010 වසර වන විට තාක්ශණය අතින් සුපිරි තලයකට පියමන් කිරීමට ලෝක වාසීන්ටම හැකියාව උදාවී තිබේ.
තාක්ශණය කෙතරම් දියුණු වූවත් රටක් ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට යොදාගනු ලබන දුරකථන සහ අන්තර්ජාල මාධ‍යයන් ද්විත්වයම සිදු කරන්නේ රැහැන් යොදාගෙන හනන ලද ජාලයක් මගිනි.නමුත් අද ලෝකයේ සන්නිවේදන මාද්‍යය රැහැන් රහිත ක්‍රම වලට හුරුවෙමින් පවතිනු ලබයි.

නමුත් අදටත් ලෝකයේ රට රටවල් දුරකථන සහ අන්තර්ජාලය භාවිතා කරනු ලබන්නේ සාගරය තුල පිහිටුවා තිබෙන විශේෂ රැහැන් ජාලයක්  මගිනි.මෙය යල්පැනගිය ක්‍රමයක් ලෙස ඔබට සිතෙන එක අසාදාරන නැත.මන්ද අද විශ්වය බොහොම දියුනුයි.
මෙම රැහැන් එලා සිදුකරන ජාලයතුල වාසි මෙන්ම අවාසිද එමටය.සාගර ප්ත්ලේ එලා තිබුනද අනාරක්ශිත බවින් වැඩිය.මෙයට නිදසුන්නම් බොහෝය.මේ ඉන් කිහිපයකි.

2008 වසරේ ජනවාරි 30ත් එම වසරේම පෙබරවාරි 03 යන දින 05 ඇතුලත ගල්ෆ් කළාපයේ සිදුවුනු රැහැන් බිඳ වැටීම්.මෙය සිදුවී තිබෙන්නේ නැව් වල නැංගූරම් වල පැටලීමෙනි.මෙම හේතුවෙන් ධනවත් රටවල් කිහිපයකටම අති විශාල ආර්තික පාඩුවක් සිඩුවී අත.එපමනක් නොව අන්තර්ජාල භාවිතා කරන්නන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.එහි සංඛ‍යාත්මක තොරතුරු මෙසේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ග්‍රාහකයින් දාහත් ලක්ශයක් දෙනාට ද , ඉන්දියාවේ ග්‍රාහකයින් කෝටි හයක පිරිසකට ද , පාකිස්ථානයේ ග්‍රාහකයින් එක්කෝටි විසි ලක්ශයකට ද , ඊජීප්තුවේ ග්‍රාහකයින් හැට ලක්ශයකට ද , සයුදි අරාබියාවේ ගරාහකයින් හතලිස් හත් ලක්ශයකට ද , 
ග්‍රාහකයින් වශයෙන් අර්බුදයට මුහුන පෑමට සිදුවී ඇත.

සමාගම් ආශ්‍රිත බිඳ වැටීම් මේසේය.
ඉන්දීය සමාගම් 1250ක වැඩකටයිතු අඩපන වී ඇත.යුරෝපය සමඟ ගනුදෙනු කරන හත් ලක්ශයක් පමන පිරිසට ඔහේ බලා සිටීමට සිදු විය.පෙබරවාරි 01 දින ඉන්දීය කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දැමුනි.

කෙසේ නමුත් දින 10 ති 12 හක කාළය තුල සිදුවූ ආර්ථික පාඩුව දල වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100 කට කිට්ටු ගනනක් වී ඇතිබව සඳහන්ය.
මතුසම්බන්දයි
මෙම ලිපියට විජය පරිගනක සඟරාවෙන් කරුණු උකහාගෙන ඇත.

ලිපියේ ඉතිරි කොටස් ඉක්මනින්ම ඉදිරිපත් කරමි.

2010-11-20

..:: අලුත් තාක්ශණ ක්‍රමයක් ::..

කාලෙකට පස්සෙ ඔයාලව හම්බවෙන්න ආවෙ.මේ දවස්වල වෙබ් සයිට් එකක් නිර්මාණය කරගෙන යනව, ඒකයි පරක්කු වුනේ.

වයර් එකක් යොදා ගනිමින් උපකරණ දෙකක්  අතර දත්තයක් හුවමාරු කිරීමේ කලාව දැන් ටිකෙන් ටික මහලු අවදියට පත්වෙලා.ඒ රැහැන් රහිත එනම් (Wireless) ක්‍රමය නවීන විද්‍යාව විසින් ජනිත කර ඇති නිසාවෙනි.

අද ලෝකයේ භාවිතා කරන වයර්ලස් තාක්ශණ ක්‍රම

**තාක්ශණ වර්ගය**     **එහි තොරතුරු**

*බ්ලූටූත්                                     *මෙම ක්‍රමය භාවිතාකොට අඩි 100ක
                                                   වටප්‍රමානයක දත්ත හුවමාරු කළ හැක.
*යූ එල් පී බ්ලූටූත් හෙවත් වයිබ්‍රි   *මෙමගින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයක් 
                                                    පමනයි හුවමාරු කළ හැක්කේ.
*සිග්බී                                        *මෙහි ඇති ලොකුම වාසිය එකවර
                                                   උපකරණ කිහිපයක් සමඟ දත්ත
                                                   හුවමාරු කරගත හැක.
*එන් එෆ් සී                                *එය ඉතාම දුර්වල විකාශන පරාසක්
                                                   හිමි ක්‍රමයකි.මෙයින් සෙන්ටිමීටර
                                                   කිහිපයක දුර පමනයි දත්ත හුවමාරු
                                                   කළ හැක්කේ.
*වයි ෆයි                                   *මෙම ක්‍රමයනම් ඉතාම වාසිදායකයි.
                                                  මෙයින් පුලුල්පරාසයක ඉතාම
                                                  වෙගයකින් අන්තර්ජාල සබඳතාව
                                                  ලබාගත හැක.
*වයිමැක්ස්                               *මෙය ඉතාම කාර්යක්ශම ක්‍රමයකි.
                                                 මෙය මයික්‍රොවේව් තරංග ආශ්‍රයෙන් ඉතා                      
                                                 වේගවත්ව දත්ත හුවමාරු කරගැනීමට
                                                 මෙන්ම පුලුල් පරාස විහිදෙන ක්‍රමයකි.

මෙවැනි තාක්ශන රාශියක් අභිබවා වාසි රැසක් සමඟින් යූ ඩබ්ලිව් බී (UWB)Ultra Wide Band තාක්ශනය කල එලි බැස තිබේ.
මෙහි විශිශත්වය විශාල දත්ත ගොනු ඉතා අඩු කාළයක් තුල හුවමාරු කිරීමයි.නමුත් මෙහි විකාශන දුරනම් ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ අඩි 30ක පමන දුරක සිට හුවමාරු කරගත හැක.

මෙය යොදා ගනිමින් ඇමරිකාවේ බෙල්කින් සමාගම වයර්ලස් යූ එස් බී හබ් එකක් නිර්මාණය කර ඇත.මෙහි යූ එස් බී උපකරණ ඕනම එකක් සම්බන්ද කළ හැක.

මෙම තාක්ශනය  Ultra Wideband තරංග වලින් ගොඩනැගී ඇත.
එනම් වයර්ලස් කමයට වේගවත්ව දත්ත හුඅමාරු කිරීමට මේ ක්‍රමයට හැකියාව ඇත.
ඔවුන් පවසන අන්දමට මෙගා බයිට් 400 ගොනුවක් මේ ක්‍රමය හරහා යැවීමට නම් තත්පර 90 ගතවෙනවයි කියල.නමුත් මේ ක්‍රමය වයි ෆයි සමඟ සැසඳීමේදී වයි ෆයි ඉතාම දුර්වලයි.වයි ෆයි වලදී මෙගා බයිට් 400 ගොනුව යැවීමට තත්පර 160 ගතවනවා.
ඉතින් යූ ඩබ්ලිව් බී තාක්ශණය විශාල ගොනු හුවමාරුවේදී ඉදිරියෙන් සිටිනවා.

2010-11-09

..:: ඔරලෝසුව මැද අඩවියක නමක් නොපෙන්වන ඔරලෝසුවක් අඩවියට දාගමු. ::..

තමන්ටම කියල අඩවියට ඔරලෝසුවක්  හදාගන්න විදිය.මේක හරිම ලේසි වගේම කාගෙවත් අනසකට යටත් නොවී, කාගෙවත් සයිට් එකක නමක් ඔරලෝසුව මැද දමා ගන්නෙ නැතුව.මෙය සැකසීමට පුලුවන.

ඔයාලට කරන්න තියෙන්නේ ඉතාම පොඩි දෙයක්.ඉස්සෙල්ලාම අඩවියට යන්නකෝ.ඒකට මෙතනින් යන්න.ගිහින් එහි තිබෙන තමන් කැමති ඔරලෝසුවක් තෝරගන්න.ඉන්පසු  එතනම තිබෙන HTML Tag Code | Download කියන තැන ක්ලික් කරල එම COAD එක COPY කරල තමන්ගෙ අඩවියේ ජාව ස්ක්‍රිප්ට් කියන තැන PAST කරගන්න. 
අදහසක් දාලම යන්නකෝ.

2010-11-06

..:: ඔන්ලයින්ව හෙල්ප් කරන්න අඩවියට LiveZilla දාගන්න. ::..


ඔයාලගෙ වෙබ් එකට හොඳ විජෙට් එකක් දාගන්න.මේක ඔන්ලයින්ව තව කෙනෙකු හා සම්බන්ද වන්න පුලුවන් එකක්.විජෙට් එකක් කිවුවට මෙක සම්පූර්ණ නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි.මෙවැනි ක්‍රම ඉතා ලොකු , ජනප්‍රිය වෙබ් අඩවි වල ඔබ දකින්නට ඇත.දැන් අපටත් අපේ අඩවිය තුලට මෙය නොමිලේම එක් කරගත හැක.

ඉස්සෙල්ලා මෙහි සවරය හදා ගන්න ඕන. සවරය සදා ගන්න අන්දම මෙතනින් බලන්න.

මෙහි වැඩ කරන අයුරු සහ මෙය වෙබ් පිටුව තුලට එක් කරගැනීමට කර යුතු ක්‍රියා පටිපාටිය මෙතනින් ගිහින් බලන්න.


ඔයාලට මෙය ප්‍රයෝජනවත් වුනානම් අදහසක් දාල යන්න.

2010-11-04

..:: හඳුන්වා දෙන නව ඇඩ්ස් ආයතනයක් ::..

මෙය තවත් එක් දැවීම් ප්‍රචාරන ආයතනයක් නොවේ.ලංකාවේ මෙතෙක් මෙවැනි ආයතන දෙකක් දැනට බිහිවී තෙබේ. (මගේ මතකය අනුව ) නමුත් මුදල් ගෙවන සහ වරප්‍රසාද ලබාදෙන නිවැරදි ආයතනයක් තවම නැත.සමහරුන් ලංකාවෙ වැඩ ප්‍රතික්ශෙප කිරීමට ලොකුම හේතුව මෙන්න මේ බාල වැඩ කරන මිනිසුන් කිහිප දෙනා නිසාය.නමුත් සියල්ලන්ම එක වගේ නැත.මා පුද්ගලිකව දන්නා මහ ප්‍රෝඩාකාරී ආයතනයක් තමයි ලංකාවේ ටෝක් ඇඩ් කියන්නේ.මෙම ආයතනයෙන් බ්ලොග් සහෝදර වරු රැසකට අසාදාරන වෙලා තියෙයි.මුදල් ගෙවනවා කියා මුදල් නොගෙවා සිටීම .

නමුත් මේ ආයතන අභිබවා යන්න නෙට් ඇඩ්ස් ආයතනය ඉදිරිපත්වෙලා.මෙයත් ලංකාවෙ නිසා සමහරුන් බයේ ඉන්නේ මෙයාලත් බොරු කියයි කියල.නමුත් මේ ගැන සුහදව ආයතනයත් සමඟ අපට කතා කිරීමට පුලුවන.ඒ සඳහා දුරකථනයෙන් හෝ චැට් කිරීමට හෝ ඔබට පුලුවන.

මේ ආයතනය  දැනට ඇඩ් ප්‍රමාන දෙකකට පමනයි ඇඩ්ස් ලබා දෙන්නේ.නමුත් ඉදිරියට එය පුලුල් කිරීමට යනබව ඔවුන් පවසා සිටියා.

මෙයාල ඇඩ් ක්ලික් වලට පමනයි තවම මුදල් ලබා දෙන්නේ.මොවුන් ක්ලික් එකක් සඳහා රු:1.00 ලබාදේ.

ආයතනය විසින් සාමාජිකයින් සඳහා විශේස දීමනා ලබාදේ.වෙබ් හොස්ට් පහසුකම්,තමන්ගේ දැන්වීම් නොමිලේ ප්‍රචාරනය,මෙවනිදෑ.ඔබට ලබාදේ.වැඩි විස්තර ඔබ කතාකරලම අහගන්නකෝ.පහල දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනය ඇත.ලියාපදිංචි වීම සඳහා පහල අයිකනය ක්ලික් කරන්න



ඔවුන් සමඟ සම්බන්ද වන සියලුම ක්‍රම  මෙතන තිබේ.පහල අයිකනය ක්ලික් කරන්න

සැ.යු.-මෙහි කිසියම් වගකීමක් මා විසින් නොදරන බවටත් ඔබ කැමතිනම් ඔවුන් සමඟ සාකච්චා කොට ඔබ කැමතිනම් පමනක් මෙහි සාමාජික වනලෙස සඳහන් කරමි.

2010-11-02

..:: ලස්සන photoshop Brushes ටිකක් බාගන්නකෝ ::..

අද මම ඔයාලට දෙන්න බලාපොරොත්තුව පොටෝශොප් කරන අයටනම් මර වැදගත් photoshop Brushes ටිකක් ඔයාලට දෙන්නම්.photoshop කරන යාලුවෝනම් හොඳට දන්නවා.තමන් හදන නිර්මාණය අලංකාර කර ගන්නනම් මේව දාන්න පුලුවන්.බලන්නකෝ පහල තියෙන Brushes Styl ටික.මම මෙහි ඉතුරු ටිකත් ඔයාලට දෙන්නම්.අදහසක් දාලම යන්නකෝ.