Showing posts with label තාක්ශණය. Show all posts
Showing posts with label තාක්ශණය. Show all posts

2013-09-05

..:: ලංකාවේ ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන්ගේ එකමුතුවට ඔයත් එන්න ::..

ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ අදත් වැදගත් දෙයක් ඔයාල අතරෙ බෙදාදීමට මම සිප්සල ගොඩවැදුන.ඉලෙක්ට්‍රොනික් කියන්නෙ නිතරම යාවත්කාලීන [update] වෙන විශයක්.ඉතින් රෙපයාර් කරද්දි තනිවම කරනවනම් විශය ගැන කොච්චර දැනගත්තත් මදි ටීවී,රේඩියෝ සහ අනෙකුත් උපකරණ වල එන ලෙඩ හොයන්න.ඒකට අත්දැකීම් ගොඩක් වැදගත් වෙනවා.ඉතින් ඔයාල ගොඩක් දෙනෙක් පාවිච්චිකරන සමාජ ජාල අඩවියක් වන ෆේස් බුක් අඩවියේ Group  එකක් තියෙනවා
ELECTRONIC TECHNICIAN කියල.
ඉතින් මේ ගෲෆ් එකේ සාමාජික වෙන්න නම් පේජ් එකට යන්න පහල බටනය ක්ලික් කරන්න.
මෙතනට ගොඩක් කාර්මික ශිල්පීන් පැමිනෙනවා.එයාලත් සමඟ අදහස් හුවමාරු කරගන්න වගේම යම් යම්  උපකරණ වල සර්විස් මෙනුවල් එහෙමත් ගන්න පුලුවන්.ඒ වගේම නොදන්න දෙයක් අහගන්නත් පුලුවන්.
******************************
විශේසයි:
යලුවනෙ ඒ පිටුවට යන්න අපහසුයි කියල කට්ටිය කියන නිසා.ඒකට එකතු වීමට කැමති අයගේ ඊමේල් ලිපිනය කමෙන්ට් කරන්න.එතකොට මම ඒකට  Add කරන්නම්.
********************************

2013-05-25

..:: ට්‍රාන්සිස්ටර් වර්ධක ඇතුලත් PDF දෙකක් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට ඉතාම වැදගත් ට්‍රාන්සිස්ටර් වර්ධක ඇතුලත් PDF දෙකක් ලබා දෙනවා.නව නිපැයුම් කරන්නට මෙය වඩාත් වැදගත් වේවි.සරලව පහදී තිබේ.
pdf-1
pdf-2

2013-03-05

..:: IC Circuit 50 පොත දැන්ම ලබාගන්න ::..

ඉලෙක්ට්‍රොනික් කරන අයට පරිපථ 200ක් දුන්න මතක ඇතිනෙ.ඒව ආයෙ බලන්න නම පහල 1 ළිපිය සහ 2 ළිපිය ක්ලික් කරන්න.ගොඩක් ප්‍රතිචාර ලැබුනා ඒ ළිපි දෙකට.ඒවට ස්තූතියි.අද ලබාදෙන්නේ IC Circuit 50 .පහල අයිකනය තුලින් එය ලබාගන්න.

1 ළිපිය
2 ළිපි

2013-02-24

..:: Microcontrollers සිංහලෙන්-(pic ic programming) part-2 ::..


Microcontrollers සිංහලෙන්-pic ic programming ළිපියේ ඉතිරි කොටස ඔබ වෙතට.ගියවර ළිපිය මෙතනින් කියවන්න.

 

How to write assembly code in MPLAB

 More on MPLAB

 How to simulate using MPLAB SIM

 IV. LED Pattern generators
Assembly code for driving 8 LEDs (I)

 Assembly code for driving 8 LEDs (II)

 Driving 40 LEDs using PORT multiplexing (8x5)

 How to display a Character using 8x5 LED matrix

 V. Seven Segment Displays
Driving segments using PORT-B I/O

 Basic counter circuit (I)

 0 - 100 up counter using two SSD (I)

 0 - 100 up counter using two SSD (II)

 Usage of interrupts

 Practical usage of Interrupts

 External Interrupts

 VI. Connecting a microcontroller with the PC
PC Serial port overview

 Logic level translation using MAX 232 IC

 Assembly code for controlling USART module (I)

 

 

ඉතිරිය අනිත් ළිපියෙන් බලාපොරොත්තු වන්න.

2013-02-19

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් (101-200) part-2 ::..

ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-2 අරන් ආවා.මෙහිදී ගියවර ළිපියේ සඳහන් පරිපථ වලට වෙනස් පරිපථ100ක් දැකගත හැක.අරගෙනම බලන්න.

ගියවර ළිපියට දවස ඇතුලත ගොඩක් Hits වැටිල තිබ්බ.ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ළිපිය නරඹල කියන එකනේ.ස්තූතියි ඔබට.ගියවර ළිපිය මෙතනින් නරඹන්න.

2013-02-18

..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-1 ::..

ඉලෙක්ට්‍රොනික් කරන ගොඩක් අයට වැදගත්වන පරිපථ 100 ක් අඩංගු PDF එකක් අද ලබාදෙන්න මට හිතුනා.මේ පරිපථ අඩංගු circuit නව නිර්මාණ සඳහා බෙහෙවින් ඉවහල් වෙතෙයි සිතු නිසා පරිපථ කුඩා නමුත් වෙනත් පරිපථ සමඟ ඈදීම් සඳහා භාවිතා කළ හැක.පහත බටනය ක්ලික් කර එය ලබාගන්න.





2013-02-13

..:: Microcontrollers සිංහලෙන්-(pic ic programming) ::..

විදුසර පත්තරේ මේ පිළිබඳ පලවූ ළිපි මාලාව.කාගේත් ප්‍රයෝජනය උදෙසා මෙසේ PDF ආකාරයට සිංහලෙන් ඔබට ලබාදෙමි.
(PDF අයිකනයන් මත ක්ලික් කර එම ගොනුව ලබාගන්න. )
 


Introduction to Microcontrollers
I. Internal Architecture
I/O Ports Fetch, Decode, and Execute
Controlling and processing unit
 II. Softwares used for Programming Microcontrollers
Compilers and Integrated Development Environments
How to build your own JDM Programmer
 How to build your own JDM Programmer
 Hardware needed for Programming
 Program using ICPROG Software
 III. Build your first microcontroller based circuit
Typical microcontroller assembly circuit diagram
 
Special Function registers of the Microcontroller PIC16F84A
Creating your first assembly code




ඉතිරිය අනිත් ළිපියෙන් බලාපොරොත්තු වන්න.

2011-02-12

..:: පිටු පෙරලෙන්න ඩිජිටල් පොත් හදන්න ::..

තමන්ට ඕනම් පොතක් ඩිජිටල් කර අඩවියක් තුල පිටු පෙරලෙන ආකාරයට සාදා ගන්න ඕනනම් ඒකට හොඳම මෘදුකාංගයක් තියේ.මේකෙන් වැඩ කරලම අදහසක් දාන්නකෝ.ඔය පහලින් තියෙන බැනරය ක්ලික් කර අඩවියට පිවිසී එම මෘදුකාංගය ලබා ගන්න..

2010-11-28

..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-2 ::..

ළිපියේ ඉතිරි කොටස මෙසේ දිග හැරෙනු ඇත.

මම ඉහත ළිපියේ  සඳහන් කළ පරිදි සාගරය හරහා ගමන් කරන අන්තර්ජාලය සහ දුරකථන ජාලය තවත් රටක් සමඟ සම්බන්ද වනුයේ කේබල් මගිනි.මෙතනදී කේබල් විශේෂ ක්‍රමයකට සකසා තිබේ.මුල් කාලයේදි නම් කේබල් තඹ හා තවත් ලෝහ මිශ්‍රකර තනන ලදී.නමුත් වර්ථමානය වන විට ප්‍රකාශ තන්තු උපයෝගී කරන් සාදා ඇත.
පහලින් තිබෙන්නේ එම කේබලයක හරස්කඩකි.

ඉහත චායාරූපයේ පරිදි

1 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණයක් හෝ පොලි එතිලීන් ආවරණය.
2 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණය.
3 . ශක්තිමත් බව රඳාපවතින ලෙස සකසූ ගැල්වනයිස් කල වානේ කම්බි.
4 . ජලය කාන්දු නොවෙන සේ තැනූ ඇලුමිනියම් ආවරණය.
5 . පොලිකාබනේට් ආවරණය.
6 . තඹ හෝ ඇලුමිනියම් ආවරණය.
7 . පෙට්ට්‍රෝලියම් ජෙලි මාධ්‍යයක්.
8 . ප්‍රකාශ තන්තු සමූහය.

සමුදුර කේබල් සිතියම 2010 පහල රූපයෙන් දිස්වේ.


අද ලෝකයේ, මුහුදේ එලා තිබෙන කේබල් සියල්ලම ප්‍රකාශ තන්තු කේබල් නොවේ.තඹ සහ වෙනත් ලෝහ වලින් සෑදූ කේබලුත් බොහොමයක් පවතිනු ඇත.ප්‍රකාශ තන්තු භාවිතා කරීමට මුලින්නම අදහස් කර ඇත්තේ 1980 දශකයේය. මුලින්ම -8 නම් ප්‍රකාශ තන්තු ටෙලිෆෝන කේබලය එලා ඇත්තේ 1988 දීය.

කේබල් එලන පිරිසක්

2010-11-24

..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-1 ::..


සයිබර් වියමන එදා මෙදාතුර ගොඩ නැංවූයේ ටික ටිකෙන් ටිකය.රට රටවල් එකමුතුවෙන් මෙය මුලු ලොව පුරාම විකාශනය කිරීමට උරදී කටයුතු කර ඇත.එය ලෙහෙසි පහසු ක්‍රියාවක්නම් නොවේ.2010 වසර වන විට තාක්ශණය අතින් සුපිරි තලයකට පියමන් කිරීමට ලෝක වාසීන්ටම හැකියාව උදාවී තිබේ.
තාක්ශණය කෙතරම් දියුණු වූවත් රටක් ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට යොදාගනු ලබන දුරකථන සහ අන්තර්ජාල මාධ‍යයන් ද්විත්වයම සිදු කරන්නේ රැහැන් යොදාගෙන හනන ලද ජාලයක් මගිනි.නමුත් අද ලෝකයේ සන්නිවේදන මාද්‍යය රැහැන් රහිත ක්‍රම වලට හුරුවෙමින් පවතිනු ලබයි.

නමුත් අදටත් ලෝකයේ රට රටවල් දුරකථන සහ අන්තර්ජාලය භාවිතා කරනු ලබන්නේ සාගරය තුල පිහිටුවා තිබෙන විශේෂ රැහැන් ජාලයක්  මගිනි.මෙය යල්පැනගිය ක්‍රමයක් ලෙස ඔබට සිතෙන එක අසාදාරන නැත.මන්ද අද විශ්වය බොහොම දියුනුයි.
මෙම රැහැන් එලා සිදුකරන ජාලයතුල වාසි මෙන්ම අවාසිද එමටය.සාගර ප්ත්ලේ එලා තිබුනද අනාරක්ශිත බවින් වැඩිය.මෙයට නිදසුන්නම් බොහෝය.මේ ඉන් කිහිපයකි.

2008 වසරේ ජනවාරි 30ත් එම වසරේම පෙබරවාරි 03 යන දින 05 ඇතුලත ගල්ෆ් කළාපයේ සිදුවුනු රැහැන් බිඳ වැටීම්.මෙය සිදුවී තිබෙන්නේ නැව් වල නැංගූරම් වල පැටලීමෙනි.මෙම හේතුවෙන් ධනවත් රටවල් කිහිපයකටම අති විශාල ආර්තික පාඩුවක් සිඩුවී අත.එපමනක් නොව අන්තර්ජාල භාවිතා කරන්නන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.එහි සංඛ‍යාත්මක තොරතුරු මෙසේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ග්‍රාහකයින් දාහත් ලක්ශයක් දෙනාට ද , ඉන්දියාවේ ග්‍රාහකයින් කෝටි හයක පිරිසකට ද , පාකිස්ථානයේ ග්‍රාහකයින් එක්කෝටි විසි ලක්ශයකට ද , ඊජීප්තුවේ ග්‍රාහකයින් හැට ලක්ශයකට ද , සයුදි අරාබියාවේ ගරාහකයින් හතලිස් හත් ලක්ශයකට ද , 
ග්‍රාහකයින් වශයෙන් අර්බුදයට මුහුන පෑමට සිදුවී ඇත.

සමාගම් ආශ්‍රිත බිඳ වැටීම් මේසේය.
ඉන්දීය සමාගම් 1250ක වැඩකටයිතු අඩපන වී ඇත.යුරෝපය සමඟ ගනුදෙනු කරන හත් ලක්ශයක් පමන පිරිසට ඔහේ බලා සිටීමට සිදු විය.පෙබරවාරි 01 දින ඉන්දීය කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දැමුනි.

කෙසේ නමුත් දින 10 ති 12 හක කාළය තුල සිදුවූ ආර්ථික පාඩුව දල වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100 කට කිට්ටු ගනනක් වී ඇතිබව සඳහන්ය.
මතුසම්බන්දයි
මෙම ලිපියට විජය පරිගනක සඟරාවෙන් කරුණු උකහාගෙන ඇත.

ලිපියේ ඉතිරි කොටස් ඉක්මනින්ම ඉදිරිපත් කරමි.

2010-11-20

..:: අලුත් තාක්ශණ ක්‍රමයක් ::..

කාලෙකට පස්සෙ ඔයාලව හම්බවෙන්න ආවෙ.මේ දවස්වල වෙබ් සයිට් එකක් නිර්මාණය කරගෙන යනව, ඒකයි පරක්කු වුනේ.

වයර් එකක් යොදා ගනිමින් උපකරණ දෙකක්  අතර දත්තයක් හුවමාරු කිරීමේ කලාව දැන් ටිකෙන් ටික මහලු අවදියට පත්වෙලා.ඒ රැහැන් රහිත එනම් (Wireless) ක්‍රමය නවීන විද්‍යාව විසින් ජනිත කර ඇති නිසාවෙනි.

අද ලෝකයේ භාවිතා කරන වයර්ලස් තාක්ශණ ක්‍රම

**තාක්ශණ වර්ගය**     **එහි තොරතුරු**

*බ්ලූටූත්                                     *මෙම ක්‍රමය භාවිතාකොට අඩි 100ක
                                                   වටප්‍රමානයක දත්ත හුවමාරු කළ හැක.
*යූ එල් පී බ්ලූටූත් හෙවත් වයිබ්‍රි   *මෙමගින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයක් 
                                                    පමනයි හුවමාරු කළ හැක්කේ.
*සිග්බී                                        *මෙහි ඇති ලොකුම වාසිය එකවර
                                                   උපකරණ කිහිපයක් සමඟ දත්ත
                                                   හුවමාරු කරගත හැක.
*එන් එෆ් සී                                *එය ඉතාම දුර්වල විකාශන පරාසක්
                                                   හිමි ක්‍රමයකි.මෙයින් සෙන්ටිමීටර
                                                   කිහිපයක දුර පමනයි දත්ත හුවමාරු
                                                   කළ හැක්කේ.
*වයි ෆයි                                   *මෙම ක්‍රමයනම් ඉතාම වාසිදායකයි.
                                                  මෙයින් පුලුල්පරාසයක ඉතාම
                                                  වෙගයකින් අන්තර්ජාල සබඳතාව
                                                  ලබාගත හැක.
*වයිමැක්ස්                               *මෙය ඉතාම කාර්යක්ශම ක්‍රමයකි.
                                                 මෙය මයික්‍රොවේව් තරංග ආශ්‍රයෙන් ඉතා                      
                                                 වේගවත්ව දත්ත හුවමාරු කරගැනීමට
                                                 මෙන්ම පුලුල් පරාස විහිදෙන ක්‍රමයකි.

මෙවැනි තාක්ශන රාශියක් අභිබවා වාසි රැසක් සමඟින් යූ ඩබ්ලිව් බී (UWB)Ultra Wide Band තාක්ශනය කල එලි බැස තිබේ.
මෙහි විශිශත්වය විශාල දත්ත ගොනු ඉතා අඩු කාළයක් තුල හුවමාරු කිරීමයි.නමුත් මෙහි විකාශන දුරනම් ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ අඩි 30ක පමන දුරක සිට හුවමාරු කරගත හැක.

මෙය යොදා ගනිමින් ඇමරිකාවේ බෙල්කින් සමාගම වයර්ලස් යූ එස් බී හබ් එකක් නිර්මාණය කර ඇත.මෙහි යූ එස් බී උපකරණ ඕනම එකක් සම්බන්ද කළ හැක.

මෙම තාක්ශනය  Ultra Wideband තරංග වලින් ගොඩනැගී ඇත.
එනම් වයර්ලස් කමයට වේගවත්ව දත්ත හුඅමාරු කිරීමට මේ ක්‍රමයට හැකියාව ඇත.
ඔවුන් පවසන අන්දමට මෙගා බයිට් 400 ගොනුවක් මේ ක්‍රමය හරහා යැවීමට නම් තත්පර 90 ගතවෙනවයි කියල.නමුත් මේ ක්‍රමය වයි ෆයි සමඟ සැසඳීමේදී වයි ෆයි ඉතාම දුර්වලයි.වයි ෆයි වලදී මෙගා බයිට් 400 ගොනුව යැවීමට තත්පර 160 ගතවනවා.
ඉතින් යූ ඩබ්ලිව් බී තාක්ශණය විශාල ගොනු හුවමාරුවේදී ඉදිරියෙන් සිටිනවා.