2015-10-29

..:: ඔබේ ජීවිතයට ලං කර ගත යුතුම යමක් ::..

ඉතින් යාළුවනේ කාලෙකට පස්සෙ ඔයාලට වෙදගත් යමක් අරන් ආවා.ඔයාලට  හිටිගමන් වැලඳෙන යම් යම් රෝග සඳහා අත් බෙහෙත් කිහිපයක් ඉදිරිපත් කරන්නම්.මේ අත් බෙහෙත් ආයුර්වේද වෙදදුරු ඩබ්.ඒ.ඩී.හැන්‍රි නම් මහතා රචනා කල පුරාණ වෙද අත්පොත නම් කෘතියේ සඳහන් ලිපියකින් උපුටා ගත්තකි.

දෙබරෙකු දශ්ට කල විට :-
ඉදුනු රබ්බඩපුවක් ලෙලි ඉස්ස්ම හෝ ඉදුනු තල් ඉස්ස්ම ගාන්න.

ඕනෑම විෂකට:-
කරපිංච යුෂ පානය කරන්න.

බලල් විෂට:-
මුරුංගා දළු,කීකිරිඳිය කොළ,විටට කන හුනු ටිකක් සමඟ අඹරා ගාන්න.කුප්පමේනියා මුල් පැනියෙන් ගලගා තුවාලයේ තියන්න.

හිස් හොරි වලට:-
කුඹුක් කොළ කොටා ,පෙරා නානු ගා පැය භාගයකින් පසු ස්නානය කරන්න.

වමනයට:-


පැසුනු අමු කෙසෙල් ගෙඩි මිරිකා බීමට ගන්න.


අතීසාරයට:-
අළු කෙසෙල් මුව උණු අළු පල්ලේ තම්බා,යුෂ මී පැනි සමඟ බොන්න.

බඩගිනි ඇති වීමට:-
අමු කෙසෙල් වියලා,ගිතෙලෙන් බැද ඉංගුරු,ගම්මිරිස්,තිප්පිලි කුඩු,සමඟ බොන්න.අනු පානයට කිරි බන්න.

2015-08-16

..:: බලන්න ඔයාගෙ ඈම්ප් එකට මේ පරිපථය ගැලපෙනවද කියල VU Meter-1 ::..

ඉතින් යාළුවනේ ඔන්න ආයෙත් ආවා ඔයාලට යමක් අරගෙන.ඔයාල දන්නවා ඇති ඈම්ප් වල ඕඩියෝ සිස්ටම් වල එහෙම එනර්ලයිසර් එකක් තියෙනවා LED වලින් වගේම LCD වලිනුත්.මේවට කියන්නේ VU Meter කියල.ඉතින් මේවා විවිද හැඩයන්ගෙන් සහ විවිද ක්‍රම වලින් අලන්කාර පරිපථ නිර්මාණය කර තියේ.ඉතා අලන්කාර පරිපථයක් අද ඔයාලට ලබාදෙන්නම්. LM3916 කියල IC එක උපයෝගී කරගෙන නිර්මාණය වුනු මෙය  ඉතාම පහසුවෙන් සාදාගත හැක.


මෙයට ඩුවල් සප්ලයි ලබාදිය යුතුය




මෙහි සම්පූර්ණ පරිපථයන් සහ උපකරණ විස්තර පහත ෆයිලය ඩවුන්ලෝඩ් කර ලබාගන්න.




http://adf.ly/1Mnk7f

2015-08-02

..:: ඉතාම සාර්තක 1KM ට්‍රාන්ස්මීටර් පරිපථය ::..

ඔන්න යාලුවනේ ෆේස් බුක් එකේ යාලුවෙක් අහල තිබුන කිලෝ මීටර් 1 සිට 4 දක්වා තරංග විසිරුවා හරින්න පුලුවන් සාර්ථක ට්‍රාන්ස්මීටරයක් නැද්ද කියලා.BFY50 වලට ගොඩක් අය අහුවෙලා  අසාර්තක කරගෙන තියෙන්නේ.නමුත් ලංකාවට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ගෙනාව BFY50 ට්‍රාන්ස්සිස්ටර් නම් ගොඩක් හොඳට වැඩ කරල තියේ.දැන්නම් පිටකොටුවෙදි නම්බර් ප්‍රින්ට් කරනවලු.කමක් නෑ ඒක අතහරිමුකෝ.අද ඔයාලට ලබාදෙන්නේ ඉතාම සරල පරිපථයක්.දෙයක් කියන්න ඕන.මේ පරපථය ට්‍රාන්ස්මීටර් වල ප්‍රාතමික අවදියේ පරිපථයක්.නමුත් මේක මම අත්හදා බලපු ඉතා හොඳ පරිපථයක්.ටිමර් එකක් සහ කොයිල් එකකින් සුසර කිරීමට පුලුවන්.මෙහි අවාසියක් වන්නේ සැපයුම් වෝල්ටේජ් අඩු වෙන්න අඩුවෙන්න සංඛ්‍යාතය එකම තැනක පිහිටුවන්න බැහැ.මුලින්ම පරිපථය සාදා එය ට MIC කියන තැනට ඔබගේ ප්ලේයර් එකෙන් ඕඩියෝ සිග්නල් එකක් ලබාදෙන්න. (ප්ලේයරයේ වොලියිම් එක ගොඩක් අඩු කරන්න )එසේ කර  ඔබගේ රේඩියෝවෙන් එෆ් එම් වලට දමා චැනල් එකක් නොමැති තැනක නතර කර ට්‍රාන්ස්මීටරයේ ටිමරයෙන් සහ කොයිල් එකෙන් සුසර කරගන්න.මීලඟ ළිපියෙන් 1KM දුරට මෙම ට්‍රාන්ස්මීටරය උපයෝගී කරන් සිදු කරන්නේ කෙසේද කියල කියන්නම්.පහතින් පැහැදිලි පරිපථය ලබාගන්න
http://adf.ly/1LrqS5

2015-06-28

ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන්-සිප්නැණ





යාලුවනේ අද ඔයාලට ලබා දෙන්නේ ඉලෙක්ට්‍රොනික් සරල සිංහලෙන් ප්‍රායෝගිකව පහදිලි කර තිබෙන සිප්නැණ නම් මාසික සඟාරාවයි.මෙම සඟරා හයක් ඔයාලගේ දැනුම මට්ටම ඔප්නැන්වීමට නොමිලේම ලබාදෙමි.මේවා ටිකක් පරන නමුත් ප්‍රයෝගිකයි.
http://adf.ly/1Jv93V

  1. Sipnena
  2. Sipnena 
  3. Sipnena
  4. Sipnena
  5. Sipnena
  6. Sipnena

2015-06-07

..:: රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිංහලෙන්ම 18+ ::..

ඉතින් යාලුවනේ එත්තටම ගොඩක් කාලෙකට පස්සෙ  ඔයාල මුණගෙහෙන්න සිප්සල පැත්තෙ එන්න උනේ.අධික කාර්‍ය බහුලත්වය නිසා නිතර ළිපි ඉදිරිපත් කිරීමට අපහසුයි.නමුත් හැකි සෑම අවස්ථාවකම ඔයාලට හරවත් දැනුම ගෙන එනවා.
අද ඔයාල හමුවට ගෙන එන්නේ සැම කෙනෙකුටම වැදගත්වන පොතක්.විශේෂඥ වෛද්‍ය මහෙශ් ජයසූරිය මහත්ම රචනා කල        රතිය විදු ඇසින් නම් කෘතිය ඔයාලට පීඩීඑෆ් ආකාරයෙන් ලබාදී දනුම පුලුල් කිරීමටය.
රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පුලුල්ව විග්‍රහ කර තිබෙනවා සිංහලෙන්ම. පිටු 169 විහිදෙන මෙම පොත වයස අවුරුදු 18 ට වැඩි පිරිස් පරිශීලනය කරන්න.මෙය හුදෙක් දැනුම නංවාලීමට ගත් ප්‍ර‍යත්නයක් මිස අසබ්‍ය දෑ වපුරාලීමට ගත් උත්සහයක් නොවනබව කරුණාවෙන් සලකන්න
**ඉතා වැදගත්:-මෙම පොතේ සැබෑ රූප අන්තර්ගත නිසා 18 වැඩි පිරිස් මෙය පරිශීලනය කරන්න.**
Download
http://adf.ly/1IONoK