2013-05-25

..:: ලංකාවේ කෙටි දුරකථන අංක ::..

තවත් වැදගත් ළිපියක් ගෙනාව ඔයාලට.Facebook එක පිරික්සද්දි තමයි මේක හම්බුනේ.ලංකාවේ කෙටි දුරකථන අං.පින්තූරෙ මත ක්ලික් කරල විශාල රූපය ලබාගන්න.


..:: ට්‍රාන්සිස්ටර් වර්ධක ඇතුලත් PDF දෙකක් ::..

ඔන්න යාලුවනේ ඉලෙක්ට්‍රොනික් කරන අයට ඉතාම වැදගත් ට්‍රාන්සිස්ටර් වර්ධක ඇතුලත් PDF දෙකක් ලබා දෙනවා.නව නිපැයුම් කරන්නට මෙය වඩාත් වැදගත් වේවි.සරලව පහදී තිබේ.
pdf-1
pdf-2

2013-05-24

..:: අසිරිමත් සම්බුද්දත්ව තෙමඟුල බැතිබරව සමරන මේ වෙසඟේ ::..

අසිරිමත් සම්බුද්දත්ව තෙමඟුල බැතිබරව සමරන මේ වෙසඟේ ..::සිප්සල::.. / TL LANKA
බැතිබර පැතුම තවත් චිරාත් කාළයක් සම්බුදු දහම මෙලොව විරාජමාන වේවා..........!


2013-05-06

..:: ඉතා දුර්ලබ සතෙක් වන බෝදිලිම, දැක තිබේද ::..

බෝදිලිමා කියන නම ඇසුව සැනින් සිතට තරමක හෝ බියක් උපද්දවන බවක් හැඟේ.සමහරුන් මෙය මිත්‍යාවක් බවත් සමහර අය මෙය තම දෑසින්ම දැක ඇති බවත් පවසයි.දැක ඇති අයගෙන් බහුතරය ගුරුකම් කරන කට්ටඩියන්ය.මම මෙම ළිපිය ළිවීමට සිතුවේ මට පසුගියදාක ලැබුනු වීඩියෝ ක්ලිප් එකක් නැරඹීමෙන්ය.

මම පෞද්ගලිකව හොඳින් අඳුනන ගමේම පුද්ගලයෙක්ගෙන් මෙය මට ලැබුනෙ.ඔහු පවසන අන්දමට මෙය රත්නපුර,මල්වල ප්‍රදේශයේ කට්ටඩියෙකු විසින් අල්ලාගනුලැබූ බවයි.එසේ කර ඇත්තේ බෝදිලිමා කිතුල්ගසක යනවිට කට්ටඩියා විසින් ඉතුල් කීරකට මතුරා බෝදිලිමා අල්ලා ගත් බවය.කෙනෙකු මෙය බොරුවක් යැයි බැහැර කිරීමට පුලුවන.එය ඔහුගේ පැත්තෙන් සාදාරන වන්නටද පුලුවන මන්ද රටේ බහුතරයක් පිරිස මේ සතා දැක නැතිනිසාවෙනි.නමුත් මට ක්ලිප් එක දුන් පුද්ගලයා විස්වාස නිසාවෙන් මට එය පිලිගත් හැක.ඔහු සඳහන් කල පරිදි ඔහුගේ නෑදෑවෙන පුතෙකු මේ සතා අල්ලාගත් මොහොතෙදි ඒ අසල සිට තිබෙනවා යන්නය.පහලින් තියෙන කුඩා වීඩියෝ ක්ලිප් එක බලන්නකො.මෙහි පසුබිම් හඬ නම් එය ලබාගත් පුද්ගලය යොදා ඇත යන්න මගේ අදහසයි.