2013-05-06

..:: ඉතා දුර්ලබ සතෙක් වන බෝදිලිම, දැක තිබේද ::..

බෝදිලිමා කියන නම ඇසුව සැනින් සිතට තරමක හෝ බියක් උපද්දවන බවක් හැඟේ.සමහරුන් මෙය මිත්‍යාවක් බවත් සමහර අය මෙය තම දෑසින්ම දැක ඇති බවත් පවසයි.දැක ඇති අයගෙන් බහුතරය ගුරුකම් කරන කට්ටඩියන්ය.මම මෙම ළිපිය ළිවීමට සිතුවේ මට පසුගියදාක ලැබුනු වීඩියෝ ක්ලිප් එකක් නැරඹීමෙන්ය.

මම පෞද්ගලිකව හොඳින් අඳුනන ගමේම පුද්ගලයෙක්ගෙන් මෙය මට ලැබුනෙ.ඔහු පවසන අන්දමට මෙය රත්නපුර,මල්වල ප්‍රදේශයේ කට්ටඩියෙකු විසින් අල්ලාගනුලැබූ බවයි.එසේ කර ඇත්තේ බෝදිලිමා කිතුල්ගසක යනවිට කට්ටඩියා විසින් ඉතුල් කීරකට මතුරා බෝදිලිමා අල්ලා ගත් බවය.කෙනෙකු මෙය බොරුවක් යැයි බැහැර කිරීමට පුලුවන.එය ඔහුගේ පැත්තෙන් සාදාරන වන්නටද පුලුවන මන්ද රටේ බහුතරයක් පිරිස මේ සතා දැක නැතිනිසාවෙනි.නමුත් මට ක්ලිප් එක දුන් පුද්ගලයා විස්වාස නිසාවෙන් මට එය පිලිගත් හැක.ඔහු සඳහන් කල පරිදි ඔහුගේ නෑදෑවෙන පුතෙකු මේ සතා අල්ලාගත් මොහොතෙදි ඒ අසල සිට තිබෙනවා යන්නය.පහලින් තියෙන කුඩා වීඩියෝ ක්ලිප් එක බලන්නකො.මෙහි පසුබිම් හඬ නම් එය ලබාගත් පුද්ගලය යොදා ඇත යන්න මගේ අදහසයි.




9 comments:

  1. මූ හෙල්ලෙන්නෙවත් නැති එක නම් සැකයි සහෝ!

    ReplyDelete
  2. බෝදිලිමා කියන්නේ කටුසු පවුලේ සාමාජිකයෙ. ඌ සම්බන්ධ පැරණි ජනකතා වගේම මිත්‍යා කථා මිත්‍යා මත රාශියක් තියනවා. මේ වීඩියෝවේ ඉන්නේ බෝදිලිමෙක් නෙවෙයි. ළදරු රිලා පැටියෙක් හෝ උනහපුලු පැටියෙක්. ඔබට මේ වීඩියෝව දුන්කෙනා මෙයට අද්භූත ශබ්ද අතුකර තිබීම හාස්‍යජනකයි. එතැනින්ම පෙනෙනවා මොකක්දෝ හොරයක් තියනවා වගේ. බෝදිලිමාගේ පින්තූර මෙතනින් බලන්න

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  3. http://www.youtube.com/watch?v=xdJ5CroRmD0

    ReplyDelete
  4. This is not Bodilima, this is some scam.
    Here pic of Bodilima
    http://www.flickriver.com/photos/tags/bodilima/interesting/

    ReplyDelete
  5. more
    http://www.gossip9.us/2012/11/blog-post_18.html

    ReplyDelete
  6. මඩිස්සලෙ,විචරක,නිපුන,වින්,ඔයල ඔක්කොටම ස්තූතියි අදහස් ප්‍රකාශ කලාට.මම මේක දැක්ක මුල්ම වතාව.කාටවත් බොරුවක් කරන්න හිතන් නෙවේ මේක ඉදිරිපත් කලේ.අනික සිප්සල බ්ලොගය ජනප්‍රිය කරගන්නත් නෙවේ.මම දන්න කියන දේවල් අනිත් අයත් එක්ක බෙදා ගැනීම මේ බ්ලොගයේ අරමුන.මම මේ පිළිබඳ ටිකක් හෙවුවා.කෙන කෙනාගෙ අදහස් විවිදයි.ඒ නිසා තමයි මම ස්තීරවම සඳහන් නොකලත් මෙය සත්ත්‍ය යැයි මට සිතුන නිසා ඉදිරිපත් කලේ.අදහස් ඉදිරිපත් කල ඔයාලට ස්තූතියි.තවත් අදහස් දාන්න.

    ReplyDelete
  7. මේ සතා තාමත් ඉන්නවනම්... විශ්වාස කරන්න පුලුවන් පොටෝ ටිකක් දාන්න පුලුවන් නේද.... සමහරවිට විවිධ හැඩවලින් යුත් බොදිලිමෝ ඉන්න පුලුවන්.. කෙසේ වෙතත් බොදිලිමා ගැන ජනවහරේ එන්නේ ඉතාම බියකරැ කතාවක් නේද??

    ඉතින් හොද අවස්තාවක් තියෙනවා මේ සතාගේ ඇත්ත වීඩියෝ එකක් ගන්න පුලුවවන්නම්... මොකච මේකේ ඉන්න කෙනා හෙලවෙන්නෙවත් නෑ...

    මතුරල තියනි නිසා හෙලවෙන්නේ නෑ කියලනම් කියන්න එපා..

    ReplyDelete
  8. සමහරු කියනවා බෝදිලිමා කියන්නේ කටුසු පවුලට අයිති එකෙක් කියලා , තවත් සමහරු කියන්නේ ඒ බකුසු පවුලේ සතෙක් කියලා .
    හැබැයි බොදිලිමා කියන්නෙයි බෝදිලි කටුස්සා කියන්නෙයි දෙන්නෙක් බව පැහැදිලිවම පිලිගන්න පුලුවන් දෙයක් කියලා මං බයක් නැතුව කියනවා . මොකද මහ රෑක මං පුද්ගලිකව අහපු දැකපු බොදිලිමයි බෝදිලි කටුස්සයි ඒ කටුස්සගෙ සද්දෙයි කියන්නේ අහසට පොලව වගේ වෙනස් දෙකක් .
    විද්‍යත්මක පැහිදිලි කිරීම් විදිහට මං පැහැදිලිවම දැකපු රූපෙට දෙන්න පුලුවන් එක අර්ථ කථනයක් විතරයි ඒ , බෝදිලිම කියන්නෙත් කලෙකට කලින් මහියංගනය පැත්තෙ හිටිය නිට්ටෑව වගේ සතෙක් වෙන්න පුලුවන් කියන එක . ඔය වීඩියෝ එකේ ඉන්නේ සතාට යම් සමාන කමක් තිබුනත් ඔය තරං දිග එකෙක් නෙවෙයි .

    ReplyDelete
  9. දිනෙල්ක උලමා (උලලේණා) සහ බෝදිලිමා පටලවාලෙන වගෙයි... උලලේණා spot-bellied eagle owl කියන්නේ ඇත්තටම බකමූනු පවුලේ කුරුල්ලෙක්. නියම බෝදිලිමා chameleon තමයි අසමි දකිමි සොයමි ලියන විචාරක විසින් දාලා තියෙන්නේ.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...