2014-02-23

..:: 4W FM ට්‍රාන්ස්මීටරයේ පැන නගින ගැරළු වලට පිලිතුරු part-3 ::..

***********************************************
ට්‍රාන්ස්මීටර් පරිපථය සෑදීමේදී පැන නගින ගැටළු කිහිපයක් තිබේ.ඒවා කරුණු වශයෙන් පෙළගස්වන්නම් පිළිතුරු සමගම.

1. සමහරුන්ට සිතේවි මෙය අනෙක් පරිපථ වගේම පරිපථයක් නිසා සහ අත්හදා බෙලීමක් නිසාත් වෙරෝ බෝඩ් එකක ගහල හරිගියොත්  පස්සෙ PCB එකක හදනව කියල. නමුත් මෙය අනෙක් පරිපථ මෙන් නොව තරංගයන් සමඟ ක්‍රියා කරන පරිපථයක්.එමනිසා එක් උපකරණයක සිට අනෙක් උපකරණයට යන මර්ගය එනම් පථය යම් පළලකින් තිබිය යුතුය.වෙරෝ හෝ ඩොට් බෝඩ් එකක හැදුවොත් කම්බි යොදා මර්ගය සාදාගන්නේ.එය සාර්ථක වැඩක් නොවේ.කුඩා ට්‍රාන්ස්මීටරයක් එසේ සැදුවත් මෙවැනි ට්‍රාන්ස්මීටරයක් එකක සෑදීම අනිවර්ය වෙන්නේ එම නිසාය.
2. මෙහි ට්‍රාන්සිස්ටර් PCB එකට පෑස්සීමේදී T1/T4 ට්‍රාන්සිස්ටර් මතුපිටින්ද T2/T3 ට්‍රාන්සිස්ටර් PCB එකේ තඹ තහඩුව පැත්තෙන් පෑස්සිය යුතුය. තඹ තහඩුව පැත්තෙන් පැස්සීමට එක් හේතුවක් විදියට ඩ්‍රයිව ට්‍රාන්සිස්ටර් pin තඹ තහඩුවට ලඟින්ම පිහිටීම කර්යක්ශමතාවය ඉහල නංවීමට හේතුවක් වෙයි.අනෙක් කරුණ නම් එම ට්‍රාන්සිස්ටර්  HI Frequency නිසා නිශ්පාදකයා එය නිර්මාණය කර ඇත්තේ තඹ තහඩුව පැත්තෙන් සවි කිරීමට හැකි ලෙසිනි.

3. ඉහත රූපයේ සඳහන් පරිදි නිල් පාටින් තිබෙන් කොටුව තුල රතු පැහැ ඊතලයෙන් පෙන්වන තහඩුව ඔසිලේරට් කොටස වටේට ගසා එය පරිපථයේ ග්‍රවුන්ඩ් එකට පෑස්සීමට හැකිනම් ගොඩක් හොඳයි. එනම් ඔසිලේටරයෙන් තමයි රේඩියෝ තරංගය සාදා ඕඩියෝ තරංගය මිශ්‍ර කර එය ඉදිරි පියවරට ලබදෙන ස්ථානය.එමනිසා එයට බාහිරින් පැමිනෙන වෙනත් අධි තරංග වේනම් ඒවා ඔසිලේටරයට හානි නොවීම සඳහා බැරියර් එකක් ලෙස එම තහඩුව පරිපථයට යොදා ඇත.
4.ඉහත රූපයෙ පරිදි කොයිල් පාට පාටින් තියෙනව ඔබට පෙනේවි. අප ලබාගන්න,ලංකාවේ තිබෙන තඹ කම්බි පාට පාට නැහැ.නමුත් එයට අප ගන්න සාමාන්‍ය කොයිල් කම්බි ඉහත පරිපථයේ සඳහන් ග්‍රේජ් වලින් ලබාගත්තහම හරි.
5. R14/R15 යන රෙසිස්ටර් වල පරිපථයේ ග්‍රවුන්ඩ් එකට සවිවන පින් එක ෆෙරයිඩ් කෝර් එකක් තුලින් යවා ග්‍රවුන්ඩ් එකට පෑස්සීම. පරිපථයේ එක් පියවරක් නිමකොට අනෙක් පියවරට තරංගය වර්ධනය කිරීම සඳහා ලබාදෙන අවස්තවේ තමයි මේ ෆෙරයිඩ් කෝර් දැමූ රෙසිස්ටර් පරිපථයට එක් කර තිබෙන්නේ.ෆෙරයිඩ් භාවිතා කිරීමේදී වෙනත් දුර්වල තරංගයන් දුර්වල කරයි.එමනිසා අනෙක් පියවරට ප්‍රධානය කිරීමේදී පෙර තිබූ වෙනත් තරංගයන් පෙරා හැරීම සඳහා මේ ක්‍රමය භාවිතා කොට ඇත.මේ කෝර් එක මම නම් ලබාගත්තේ ටීවි SMPS පවර් සප්ලයි වල සෙකන්ඩ්‍රියේ තියෙන +B ඩයොඩයට මේව සම්බන්ද කර ඇත.විශේශයෙන්  +B ඩයොඩයට තමයි මේව සම්බන්ද කරන්නේ.
6.R13 රෙසිස්ටරය සඳහා 1/4w දැම්මට ප්‍රස්නයක් නැත.
( 43ohm නැති නිසා 47ohm දාන්න)
7.R9+L2 පරිපථයට එකතු කිරීමේදී කොයිලය නිසි දත්තයන්ට ඔතාගෙන කොයිලය මැදින් රෙසිස්ටරය යොදන්න. රෙසිස්ටරය ලබාගන්න 1W විට එකක් ලබාගන්න.

8. ට්‍රාන්ස්සිස්ටරය සඳහා මදක් ලොකු තාප නිවාරකයක් යොදන්න.