2010-08-27

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-1 ::..

ඔන්න අපි කටත් වුවමනා වන නිතර ඇසෙන්නෙ නැති,ගොඩක් දෙනෙක් නොදන්න අත් බෙහෙත් පිළිබඳව ලිපි පෙලක ආරම්බය සනිටුහන් කරන මුල්ම ළිපියයි මේ දිග හැරෙන්නේ.
මෙම ලිපිය මා විසින් අන්තර්ජාලයට මුසු කලද මෙහි කතෘ වෙදැදුරු චන්ද්‍රලතා සමරසේකර මහත්මියයි. ( දේශීය වෙදදුරු ක්‍රම පිළිබඳ ජාතික ආයතනය )
මෙය මා උපුටා ගත්තේ අත් බෙහෙත් නම් පුස්ථකයෙනි.
මෙය හුදෙක් කාගේත් දැනගැනීම පිනිස සයිබර් තලයට එක්කිරීමට මට සිත්විය.


එක ළිපියකින් අත්බෙහෙත් පහක් පමන ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.


සාමාන්‍ය උණට අත් බෙහෙත්

* ඉඟුරු,කොත්තමල්ලි තම්බා සීනි සමඟදිනකට දෙතුන් වරක් පානය කිරන්න.
* වෙනිවැල්ගැට,වියලි ඉඟුරු,කොත්තමල්ලි,දුම්මැල්ල,පත්පාඩගම් එකටදමා තම්බා පානය කරන්න.
* ඉඟුරු,ගම්මිරිස්,තිප්පිලිය,කොත්තමල්ලි තම්බා පානය කරන්න.
* සිරුරේ දැවිල්ල ගතිය ද ඇති විට පත්පාඩගම්,කොත්තමල්ලි තම්බා පානය කරන්න.

අජීර්ණ සහිත උණට

* ඉඟුරු, කොත්තමල්ලි,දේවදාර එළබටු මුල්,කටුවැල්බටු කලං 02 මදට 08 බැගින්ගෙන කෂාය සාදා පානය කරන්න.

පැපොල් සරම්පාදියේදී ඇතිවන උණට
* පත්පාඩගම්,කොත්තමල්ලි තැම්බූ දිය සීනි සමඟ පානය කරන්න.

වමනයට අත් බෙහෙත්

* වියලි ඉඟුරු,වී පොරි සම සමව කුඩුකර සීනි මී පැණි මිශ්‍ර කර කෑමට දෙන්න.
* දිවුල් ඉස්ම මී පැණි සමඟ පානය කරන්න.
* දෙහි යුෂ සීනි සමඟ පානය කරන්න.
වමනයේදී එක්වර වැඩි ප්‍රමාණයක් පානයට නොදී ටික ටික දිය යුතුය.

පණු වමනයට අත් බෙහෙත්

මෙය විශේෂයෙන් කුඩා දරුවන්ට පණු අමාරුව ඇතිවිට කදී දක්නට ලැබෙන ලක්ශනයකි.

* කොහොඹ මුල් කෂාය වී පොරි හා සූකිරි සමඟ පානය කරන්න.
* එරබදු කොළෙ යුෂ මී පැණියේ ලේහ කිරීම මැනවි.
* සස්සඬ මුල් දෙහි ඇඹුලෙන් ගලගා,දෙහි ඇඹුලෙන් දිය කර මී පැණි සමඟ මිශ්‍රකර පානය කරන්න.

අත් බෙහෙත් සීට්ටුවේ තවත් අත් බෙහෙත් සමඟින් අනෙක් ළිපියෙන් හමුවෙමු.
මතුසම්බන්දයි.
ඔබගේ අදහස් දමා යන්න.එය මට මහත් රුකුලක්



9 comments:

  1. niymai dan bahtuth internet aka ela ela

    ReplyDelete
  2. නියම වැඩක් පටන්ගෙන තියෙන්නේ... එල... දිගටම කරමු... ජය ෴෴෴෴

    ReplyDelete
  3. admin@...
    maduka / geeth comment walata thank

    ReplyDelete
  4. නියමයි දිගටම ලියන්න :D

    ReplyDelete
  5. හ්ම්...වැදගත් ලිපියක්...
    ජයවේවා!!!

    ReplyDelete
  6. මේවට ඒ දවස්වල අත් බෙහෙත් කීවාට, මේ දවස්වල අත් හතර පහක් දවස තිස්සෙම වැඩ කොරන්න එපායැ මේවා හදන්න. ඒ වගේද වියදම අඩුම කඩුම වලට. කොහොම උනත් හොදයී මේවා ලියලා තියෙන එක අනාගතෙ දවසකට අදීක්ශණ පරීක්ශන සදහා ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

    ReplyDelete
  7. admin@...
    achcha,sampath,kolu,oyaala okkotama comment demmata thank.

    ReplyDelete
  8. ෙම්කත් ඔබට වැදගත් ෙව්වි ෙවද මැදුරට. වකුගඩු ෙරා්ගය අැත් දැයි කලින්ම දැන ගන්න, ඔබට නිතරම තුනටිෙය් ෙව්දනාවක්, ෙකාන්ෙද් ෙව්දනාවක් දැෙනනවද? ඒය වකුගඩු ෙරා්ගෙය් ෙපරලකුණක් විය හැකියි. තවද සියළු ෙරා්ග කලින්ම නැතිකර ගන්න මසකට වරක් විෙර්කයක් ගන්න. ෙම් ඔවදන් ෙහළ ෙවද ෙගදර, අැලයා පත්තුව අනුරාධපුෙරන්.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...