2010-08-08

..:: ස්වභාවික පලිබෝධ නාශක ක්‍රම 10 (අනතුරු රහිතයි )-1 ::..

ඔන්න අද මම කියන්න යන්නේ ගොවියන්ට වඩාත් සුදුසු කාරනා 10 ක් පිළි බඳවයි.
ඒත් මේ කරුණු ටික අනිත් අයත් දැන ගත්තට වරදක් නැත.
මුලින්ම කිවයුතු කරුනක් නම්,මෙය පුවත්පතකින් උපුටාගත් කරුනු වන්නේය.
ලංකාදීප පුවත්පතේ 2010-01-13 වනදින ගොවිබිම නම් වූ අතිරේකයේ ලිපියකින් උපුටා ගත්තකි.
මෙම ලිපිය කාගේත් දැන ගැනීම පිනිස අන්තර් ජාලයට එක්කරති.
 
 1. කොහොඹ ඇට නිස්සාරනය
කොහොඹ ඇට ග්‍රෑම් 25 කොටා ජලය ලීටර් එකකට දමා පැය 24 ක් තබා ජලය ලීටර් 4-5 ක් හා සබන් සමඟ මිශ්‍ර කර හවස් වරුවේ ඉසින්න.
මෙය කොළ කන ගෙඩි විදින හා කඳ විඳි පනුවන්, පැල හා කොළ කන කීඩෑවන් , පත්‍ර කනින්නා , ඉල්මැස්සා , මයිටාවන් , සුදු මැස්සා , පාලනය සඳහායොදාගත හැක.

2. අනෝදා ඇට නිස්සාරනය
අනෝදා ඇට ග්‍රෑම් 70 කොටා / අඹරා ජලය ලීටරයක දියකරපෙරාගත් දියරය ඉසින්න.
මෙය යුෂ උරාබොන මකුණන් , පැල සහ කොළ කීඩෑවන් , කොළකන පණුවන් සාර්ථකව පාලනය කල හැක.

3. කීඩාරං අල ( වී වගාවේ පණුවන් මර්දනයට )
කීඩාරං අල කිහිපයක් ගෙන ඒවයේ මැද හාරා සහිඳ ලුණු , පල්මානික්කම් , සින්නක්කාරන් එකට අඹරා අලයේ කුහරයට දමා අලය ගෙන ලියද්දේ මුදුනත තබන්න.
දින 7  ඇතුලත මේ අලය කුණු වී වතුරට සේදීයයි.ඒ අතරදී ගොයමේ සිටින පනුවන් මැරී යයි.

4. සත්ව අපද්‍රව‍ය ( ගව මුත්‍රා ගොම )
ගව මුත්‍රා සති 2 කක් පමන හිරු එලියේ තබා එය ජලයෙන් හය ගුනයක් ථනුක කර ඉසින්න.කෘමීන් සහමුලින්ම නිවාරනයි.

5. තක්කාලි දඬු
තක්කාලි කඳන් , පත්‍ර හා ශාකයේ කොටස් සිහින්ව කපා පොඩිකර එයට සමාන ජලය එකතුකර මඳ ගින්නේ රත්කර පෙරා වගාවට ඉසින්න.
කෘමිවිකර්ශණ ගුනය නිසා පලිබෝද හානිවේ.
 
මතුසම්බන්දයි.
 මෙහි ඉතිරි කරුණු තවත් ලිපියකින් ඉදිරිපත් කරමි.ඔබගේ අදහස  දමා යන්න.

8 comments:

  1. තොරතුරු ටිකට ස්තූතියි ගොඩක්

    ReplyDelete
  2. ස්තුතියි ඔබට මෙය අපට දැන ගැනිමට සැලැස්විම පිළිබඳව

    ReplyDelete
  3. ස්තුතියි ඔබට මෙය අපට දැන ගැනිමට සැලැස්විම පිළිබඳව

    ReplyDelete
  4. කොහොබ ඇට වෙනුවට කොහොබ තෙල් හරි යන්නැද්ද...

    ReplyDelete
  5. Thusitha Perera @ kohoba eta bavitha karanna behe kiyala kiyanne

    ReplyDelete
  6. අත්හදා බලන්නම් ස්තුතියි ඔබට .

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...