2010-08-28

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-2 ::..

ගිය වර ළිපියේ ඉතිරි අත් බෙහෙත් පිළිබඳ තවත් කොටසක්.



සාමන්‍ය ඉක්කාවට අත් බෙහෙත්


* දෙහි ඇඹුල් පානය කරන්න.
* වියලි ඉඟුරු කුඩුකර හකුරු සමඟ කන්න.
* දිවුල් දළු,එඛඟි තෙලින් අඹරා ලේහ කරන්න.
* මොණරපිල් පුළුස්සා ගත් අළු මී පැණියෙන් ලේහ කරන්න.


අධික පිපාසයට අත් බෙහෙත්


* නෙළුම් ඇට මද,සූදුරු,නාමල් රේණු,තිප්පිලි සම සමව ගෙන අඹරා සූකිරි හා මී පැණි සමඟ ලේහ කරන්න.


අම්ලපිත්ත රෝගයට අත් බෙහෙත්


* කුරුම්බා , තැඹිලි වතුර හා ඒවහි ලොඳ ගුණදායකයි.
* හාතවාරිය අල යුෂ පානයට සුදුසුය.
* නෙල්ලි යුෂ පානයට සුදුසුය.
* පැණි දොඩම් යුෂ මී පැණි සමඟ  පානය කරන්න.
* කීකිරිදිය යුෂ මී පැණි සමඟ පානය කරන්න.


ග්‍රහණියට අත් බෙහෙත්


* දිනකට දෙතුන් වරක් මෝරු පානය ඉතා ගුණදායකය.
* මුං ඇට තම්බා ගත් වතුර පානයට සුදුසුය.
* දිවුල් මද , බෙලි මද , ඇඹුල් ඇඹිලිය , තම්බා පෙරා ඊට දෙළුම් යුෂ දමා පානය කරන්න.
* ඉඟුරු , අත්තිඩියන් , කළාඳුරු අල කලං 04 බැගින් වතුර පත 8-1ට සිඳ ගත් කෂාය උදේ සවස පානය කරන්න.


සෙංගමාලයට අත් බෙහෙත්


* උක්දඬු , නෙල්ලි , හාතවාරිය කලං 04 බැගින් කෂාය උදේ සවස පානය කරන්න.
* සාරණ , නෙල්ලි , පත්පාඩගම් කලං 04 බැගින් කෂාය උදේ සවස පානය කරන්න.
* අසිවැන්න , පොල්පලා , කෝමාරිකා ම්ද කලං 04 බැගින් කෂාය කිතුල් හකුරු අනුපාන සහිතව උදේ හවස පානය කරන්න.


ඔබගේ අදහස මට මහත් සේ වටිනවා.

2 comments:

  1. තිබහට මේව හොය හොය ඉන්නවට වඩා වතුර ටිකක්ම හොයා ගත්ත නම් ඉවරයි. :) විහිළුවක් කළේ හොඳේ.
    ඉතාම වටිනා ලිපියක්.
    මගෙ ලඟත් අත් බෙහෙත් පොත් කිහිපයක් තිබෙනව, නමුත් කවදාවත් පාවිච්චි කරන්නෙ නම් නෑ. :(

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...