Showing posts with label කාන්තාවන්ට වැදගත් ළිපි. Show all posts
Showing posts with label කාන්තාවන්ට වැදගත් ළිපි. Show all posts

2015-06-07

..:: රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිංහලෙන්ම 18+ ::..

ඉතින් යාලුවනේ එත්තටම ගොඩක් කාලෙකට පස්සෙ  ඔයාල මුණගෙහෙන්න සිප්සල පැත්තෙ එන්න උනේ.අධික කාර්‍ය බහුලත්වය නිසා නිතර ළිපි ඉදිරිපත් කිරීමට අපහසුයි.නමුත් හැකි සෑම අවස්ථාවකම ඔයාලට හරවත් දැනුම ගෙන එනවා.
අද ඔයාල හමුවට ගෙන එන්නේ සැම කෙනෙකුටම වැදගත්වන පොතක්.විශේෂඥ වෛද්‍ය මහෙශ් ජයසූරිය මහත්ම රචනා කල        රතිය විදු ඇසින් නම් කෘතිය ඔයාලට පීඩීඑෆ් ආකාරයෙන් ලබාදී දනුම පුලුල් කිරීමටය.
රතිය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පුලුල්ව විග්‍රහ කර තිබෙනවා සිංහලෙන්ම. පිටු 169 විහිදෙන මෙම පොත වයස අවුරුදු 18 ට වැඩි පිරිස් පරිශීලනය කරන්න.මෙය හුදෙක් දැනුම නංවාලීමට ගත් ප්‍ර‍යත්නයක් මිස අසබ්‍ය දෑ වපුරාලීමට ගත් උත්සහයක් නොවනබව කරුණාවෙන් සලකන්න
**ඉතා වැදගත්:-මෙම පොතේ සැබෑ රූප අන්තර්ගත නිසා 18 වැඩි පිරිස් මෙය පරිශීලනය කරන්න.**
Download
http://adf.ly/1IONoK

2013-12-19

..:: කාන්තාවන්ට වැදගත් ළිපි-යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම ::..

සිප්සල ඔබට ලඟ ලඟම තම සෞඛයය නිවැරදිව පවත්වාගන්න උදවු වන ළිපි පෙලක් ඉදිරිපත් කලා.අදත් කාන්තාවන්ට ඉතා වැදගත් වන ළිපියක් ඉදිරිපත් කරන්න යන්නෙ.


යෝනි මාර්ගය ආශ්රිතව ඇති වන කැසීම (Pruritus vulva)
මෙය සුලබව දැකිය හැකි රෝග තත්වයකිමෙහිදී යෝනි මර්ගයට පිටතින් ඇති සමකැසීමට ලක් වේ.බොහෝ කාන්තාවන්ට කලින් කලට මෙම තත්වයට මොහුණ දීමටසිදුවේනමුත් මෙය රෝග තත්වයක් ලෙස සැලකෙන්නේ කාල්යක් තිස්සේ දිගටමපවතින් කරදරකරී වූ විටය.  කසන ස්වභාවය රාත්රියේදී ඔබේ නින්දට බාධා වනතරමටම උග් විය හැකමෙය නෑම වයස් කාණ්ඩයක් කාන්තාවකට ඇතිවියහැකප්රතිකාර ක්රම අදාල හේතුව ඉලක්ක කරගෙන කරනු ලබන අතරකැසීම අවමකිරීමට සාමාන් ප්රතිකාර ක්රම කිහිපයක්ද ඇත.
 
මෙම ළිපියේ කොටසක් පමනක් බ්ලොගය තුල දිස්වෙන අතර ළිපිය සම්පූර්ණව කියවීමට පහත අයිකනය ක්ලික් කර එය ලබාගත යුතුය.

සැ.යු:-මෙය කියවීමට ඔබගේ පරිගනකයේ යුනි කේථ ස්ථපිතව තිබිය යුතුය.

මෙම ළිපිය උපුටා ගත්තේ:-wedananasala.org

2013-12-10

..:: කාන්තාවන්ගේ යෝනිය පරිස්සම් කර ගන්නනම් මෙය කියවිය යුතුම ළිපියකි ::..

යෝනිය ආශ්‍රිතව ඇතිවන පිලිකා 

            යෝනිය යනු ස්ත්‍රින්ගේ බාහිර ලිංගික අවයව පිහිටි ප්‍රදේශයයි මෙහි ඇතිවන පිලිකා වර්ගය මදක්දුලබ පිලිකා වර්ගයකි නමුත් 100000 කට දෙදෙනෙකුට මෙම රෝගය වැලදෙන බව සොයාගෙන ඇත
එසේම මෙය වල්වල් කාසිනෝමා යනුවෙන් හැදින්වේ මෙම රෝගය සැදි‍මට නිශ්චිත හේතුවක් තවම
සොයාගෙන නැතත් පහත සදහන් සාධක ඇති අය රෝගය සැදිමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව
සොයාගෙන ඇත රෝගය සැදිමට අවදානම වැඩි කරන සාධක

සැලකිය යුතුයි

ස්භාවික රූප රාමු සහිතව දීර්ඝ ළිපිය නැරඹීමට පහත අයිකනය ක්ලික් කරන්න.මෙය නැරඹීමට ලබාදෙනුයේ රෝගයකින් වැලකීමට දැනුවත් කිරීමක් මිස අසභය දෑ ප්‍රචාරය කිරීමට ගත් පහත් උත්සහයක් නොවනබව කාරුණිකව සලකන්න.යම් අයෙක් මේ රෝගය වැලඳීමට හසු නොවීම සඳහා මෙවැනි ළිපියක් ඉදිරිපත් කලේ.


2013-11-30

..:: කාන්තාවන්ට වැදගත් ළිපි - ස්වයං පියයුරු පරීක්ෂාව පියවරෙන් පියවර ::..

කාන්තාවක් මසකට වරක්වත් තමා විසින්ම තම පියයුරු පරීක්ෂා කර ගැනීමක් සිදු කළ යුතු අතර එහිදී පියයුරුවල කිසිදු වෙනස්වීමක් සිදුවී ඇත්ද හා පියයුරු පිළිකාවක ලක්ෂණ පහලවී ඇත්ද යන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මෙලෙස පරීක්ෂා කර ගැනීම ‘ස්වයං පියයුරු පරීක්ෂාව’’ නම් වේ.



පියයුරු පිළිකා වලක්වා ලිය නොහැක. නමුත් එය මූලික අවස්ථාවේදීම හඳුනාගත් විට සාර්ථකව ප‍්‍රතිකාර කළ හැක. ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීම මගින් පියයුරුවල ඇතිවන වෙනස්කම් හඳුනා ගත් විට පිළිකාවක් යැයි සැක කල හැකි තත්ත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනා ගත හැක. එලෙසම හය මසකට හෝ වසරකට වරක්වත් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම හා කාන්තාවන්ගේ වයස අනූව අවශ්‍ය පරිදි මැමෙ‍්‍රා්ග‍්‍රෑම් පරීක්ෂණ සිදු කර ගැනීමද වැදගත්ය.


ඇමරිකානු පිළිකා සංගමය ට අනූව වයස 20 ක් හෝ ඊට වැඩි කාන්තාවක් මසකට වතාවක්වත් ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගැනීම සුදුසු වේ. එ ්සඳහා වඩාත්ම යෝග්‍ය වනුයේ ඔසප්වීම සිදුවී සතියකට පමණ පසු එළඹෙන කාලයයි. මන්දයත් මේ කාලයේදී පියයුරු සාමාන්‍යයෙන් ගැටිති අවම හා ස්පර්ශයේදී අවම වේදනාවක් ඇතිවන කාලය බැවිනි. මාසික ඔසප්වීම සිදු නොවන කාන්තාවන් මාසයේ මතක තබා ගැනීමට පහසු දිනයක් තෝරා ගැනීම වැදගත්ය.

කාන්තාවක් ඇගේ පියයුරුවල ස්වභාවය පිළිබඳව දැන සිටීම ඉතාමත් වැදගත්ය. මන්දයත් එවිට වෙනස්වීමක් ඇතිවන විටම හඳුනා ගත හැකි වන නිසාවෙනි. කිසිදු සැකයක් ඇතිවන්නේ නම් තම වෛද්‍යවරයා හමු වී ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.

ස්වයං පියයුරු පරීක්ෂාවේ පියවර 3 කි.




ප‍්‍රථම පියවර

මෙය ස්නානය සිදු කරන අතර තුරදී සිදු කිරීම පහසුය. මන්දයත් සබන් ගෑ විට මෙන්ම සම තෙත්වී ඇති විට පරීක්ෂාව පහසු වන බැවිනි.
පලමුව දකුණත හිස මුදුනින් තබා ගන්න. වම් අතේ දබරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල යන ඇගිලි තුඩු වලින් දකුණු පියයුර පරීක්ෂා කර ගන්න. එහිදී කුඩා රවුම් ඇතිවන සේ පිරිමදිමින් මුළු පියයුරම ආවරණය වනසේ පරීක්ෂා කළ යුතුය. මෙය පියයුරේ පිටත දාරයේ සිට තන පුඩුව දක්වා සර්පිලාකාරව හෝ පියයුරේ ඉහල කෙලවරේ සිට පහල කෙලවර දක්වා සිදු කළ හැක.
කිහිලි ප‍්‍රදේශයේ සම හා කිහිල්ල හා පියයුර අතර සමද පරීක්ෂා කළ යුතුය. මෙය වැදගත් වන්නේ මන්දයත් පිලිකාමය ගැටිතිවලින් බොහෝමයක් හමුවන්නේ කිහිලි ප‍්‍රදේශයට ආසන්නව බැවිනි. අනතුරුව මෙලෙසටම වම් පියයුරද පරීක්ෂා කළ යුතුය.


දෙවන පියවර

මෙය ස්නානයෙන් පසුව සිදු කළ යුතුය. පලමුව කාන්තාව හාන්සිවීම (උඩුබැලි අතට) සිදු කළ යුතු අතර දකුණු අත හිස උඩින් තබාගෙන කොට්ටයක් හෝ යටත් දකුණු උරහිසට යටින් තබා ගත යුතුය. ඉන්පසු පියවර 1 හි පරිදිම පියයුර පරීක්ෂාව සිදු කළ යුතු අතර එයම වම් පියයුරටද සිදු කළ යුතුය.

තෙවන පියවර
මෙහිදී කණ්ණාඩියක් ඉදිරියේ සිට ගත යුතුය. මෙහිදී සමේ හෝ තණ පුඩුවේ අසාමාන්‍ය රතුවීමක් හෝ සමේ වියළි/පොතු ගැලවෙන ස්වභාවයක් තණ පුඩුවේ වෙනස්වීමක් උදා: ශ‍්‍රාවයක් ඇතිවීමක් තණ පුඩුව පියයුරේ ඇතුලට ගමන් කිරීමක් පියයුරේ වල ඉදිමිමක් සහිත ප‍්‍රදේශ ඇතිවිමක් පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. කාන්තාව ඇගේ දකුණත හිස පිටුපසින් තබාගෙන දකුණු පියයුරේ ඉහත ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කළ යුතුය. අවසානයට පියයුර මිරිකා (සෙමින්), ඉන් කිසිදු ශ‍්‍රාවයක් ඇතිවේද යන්න පරීක්ෂා කළ යුතුය. (කිරි දෙන මවක් නම් මෙහිදී මව් කිරි බිංදු පිටවීම සාමාන්‍යය) මේ අයුරින්ම වම් පියයුරද පරීක්ෂා කළ යුතුය.
ස්වයං පියයුරු පරීක්ෂාවේදී ගැටිතිමය ස්වභාවයක්, කිසිදු වෙනස්වීමක් හෝ ඉහත 3 පියවරේදී සඳහන් කළ අයුරින් වෙනස්වීමත් හඳුනා ගන්නේ නම් තම වෛද්‍යවරයා හමුවී පරීක්ෂා කර ගැනීම වැදගත්ය.
බොහෝ කාන්තාවන් පියයුරෙහි ගැටිති පිළිබඳව බියට පත්වුවත් බොහෝ විට එය පිලිකාමය තත්ත්වයක් නොවේ. එය බොහෝ දුරට ශ‍්‍රාවයක් එක්වීමක් හෝ පිලිකාමය නොවන ෙසෙල එකතුවක් විය හැක. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම වැදගත් වන්නේ එබැවිනි.








ඔබ නැරඹිය යුතුම ළිපියක් යැයි මට සිතුන නිසා දොස්තර ඩොට් කොම් අඩවියෙන් මෙය උපුටා ගන්නා ලදී.