2013-11-30

..:: කාන්තාවන්ට වැදගත් ළිපි - ස්වයං පියයුරු පරීක්ෂාව පියවරෙන් පියවර ::..

කාන්තාවක් මසකට වරක්වත් තමා විසින්ම තම පියයුරු පරීක්ෂා කර ගැනීමක් සිදු කළ යුතු අතර එහිදී පියයුරුවල කිසිදු වෙනස්වීමක් සිදුවී ඇත්ද හා පියයුරු පිළිකාවක ලක්ෂණ පහලවී ඇත්ද යන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මෙලෙස පරීක්ෂා කර ගැනීම ‘ස්වයං පියයුරු පරීක්ෂාව’’ නම් වේ.




පියයුරු පිළිකා වලක්වා ලිය නොහැක. නමුත් එය මූලික අවස්ථාවේදීම හඳුනාගත් විට සාර්ථකව ප‍්‍රතිකාර කළ හැක. ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීම මගින් පියයුරුවල ඇතිවන වෙනස්කම් හඳුනා ගත් විට පිළිකාවක් යැයි සැක කල හැකි තත්ත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනා ගත හැක. එලෙසම හය මසකට හෝ වසරකට වරක්වත් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම හා කාන්තාවන්ගේ වයස අනූව අවශ්‍ය පරිදි මැමෙ‍්‍රා්ග‍්‍රෑම් පරීක්ෂණ සිදු කර ගැනීමද වැදගත්ය.


ඇමරිකානු පිළිකා සංගමය ට අනූව වයස 20 ක් හෝ ඊට වැඩි කාන්තාවක් මසකට වතාවක්වත් ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගැනීම සුදුසු වේ. එ ්සඳහා වඩාත්ම යෝග්‍ය වනුයේ ඔසප්වීම සිදුවී සතියකට පමණ පසු එළඹෙන කාලයයි. මන්දයත් මේ කාලයේදී පියයුරු සාමාන්‍යයෙන් ගැටිති අවම හා ස්පර්ශයේදී අවම වේදනාවක් ඇතිවන කාලය බැවිනි. මාසික ඔසප්වීම සිදු නොවන කාන්තාවන් මාසයේ මතක තබා ගැනීමට පහසු දිනයක් තෝරා ගැනීම වැදගත්ය.

කාන්තාවක් ඇගේ පියයුරුවල ස්වභාවය පිළිබඳව දැන සිටීම ඉතාමත් වැදගත්ය. මන්දයත් එවිට වෙනස්වීමක් ඇතිවන විටම හඳුනා ගත හැකි වන නිසාවෙනි. කිසිදු සැකයක් ඇතිවන්නේ නම් තම වෛද්‍යවරයා හමු වී ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.

ස්වයං පියයුරු පරීක්ෂාවේ පියවර 3 කි.




ප‍්‍රථම පියවර

මෙය ස්නානය සිදු කරන අතර තුරදී සිදු කිරීම පහසුය. මන්දයත් සබන් ගෑ විට මෙන්ම සම තෙත්වී ඇති විට පරීක්ෂාව පහසු වන බැවිනි.
පලමුව දකුණත හිස මුදුනින් තබා ගන්න. වම් අතේ දබරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල යන ඇගිලි තුඩු වලින් දකුණු පියයුර පරීක්ෂා කර ගන්න. එහිදී කුඩා රවුම් ඇතිවන සේ පිරිමදිමින් මුළු පියයුරම ආවරණය වනසේ පරීක්ෂා කළ යුතුය. මෙය පියයුරේ පිටත දාරයේ සිට තන පුඩුව දක්වා සර්පිලාකාරව හෝ පියයුරේ ඉහල කෙලවරේ සිට පහල කෙලවර දක්වා සිදු කළ හැක.
කිහිලි ප‍්‍රදේශයේ සම හා කිහිල්ල හා පියයුර අතර සමද පරීක්ෂා කළ යුතුය. මෙය වැදගත් වන්නේ මන්දයත් පිලිකාමය ගැටිතිවලින් බොහෝමයක් හමුවන්නේ කිහිලි ප‍්‍රදේශයට ආසන්නව බැවිනි. අනතුරුව මෙලෙසටම වම් පියයුරද පරීක්ෂා කළ යුතුය.


දෙවන පියවර

මෙය ස්නානයෙන් පසුව සිදු කළ යුතුය. පලමුව කාන්තාව හාන්සිවීම (උඩුබැලි අතට) සිදු කළ යුතු අතර දකුණු අත හිස උඩින් තබාගෙන කොට්ටයක් හෝ යටත් දකුණු උරහිසට යටින් තබා ගත යුතුය. ඉන්පසු පියවර 1 හි පරිදිම පියයුර පරීක්ෂාව සිදු කළ යුතු අතර එයම වම් පියයුරටද සිදු කළ යුතුය.

තෙවන පියවර
මෙහිදී කණ්ණාඩියක් ඉදිරියේ සිට ගත යුතුය. මෙහිදී සමේ හෝ තණ පුඩුවේ අසාමාන්‍ය රතුවීමක් හෝ සමේ වියළි/පොතු ගැලවෙන ස්වභාවයක් තණ පුඩුවේ වෙනස්වීමක් උදා: ශ‍්‍රාවයක් ඇතිවීමක් තණ පුඩුව පියයුරේ ඇතුලට ගමන් කිරීමක් පියයුරේ වල ඉදිමිමක් සහිත ප‍්‍රදේශ ඇතිවිමක් පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. කාන්තාව ඇගේ දකුණත හිස පිටුපසින් තබාගෙන දකුණු පියයුරේ ඉහත ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කළ යුතුය. අවසානයට පියයුර මිරිකා (සෙමින්), ඉන් කිසිදු ශ‍්‍රාවයක් ඇතිවේද යන්න පරීක්ෂා කළ යුතුය. (කිරි දෙන මවක් නම් මෙහිදී මව් කිරි බිංදු පිටවීම සාමාන්‍යය) මේ අයුරින්ම වම් පියයුරද පරීක්ෂා කළ යුතුය.
ස්වයං පියයුරු පරීක්ෂාවේදී ගැටිතිමය ස්වභාවයක්, කිසිදු වෙනස්වීමක් හෝ ඉහත 3 පියවරේදී සඳහන් කළ අයුරින් වෙනස්වීමත් හඳුනා ගන්නේ නම් තම වෛද්‍යවරයා හමුවී පරීක්ෂා කර ගැනීම වැදගත්ය.
බොහෝ කාන්තාවන් පියයුරෙහි ගැටිති පිළිබඳව බියට පත්වුවත් බොහෝ විට එය පිලිකාමය තත්ත්වයක් නොවේ. එය බොහෝ දුරට ශ‍්‍රාවයක් එක්වීමක් හෝ පිලිකාමය නොවන ෙසෙල එකතුවක් විය හැක. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම වැදගත් වන්නේ එබැවිනි.








ඔබ නැරඹිය යුතුම ළිපියක් යැයි මට සිතුන නිසා දොස්තර ඩොට් කොම් අඩවියෙන් මෙය උපුටා ගන්නා ලදී.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...