2014-03-29

..:: වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරය ළිපි පෙළේ අවසන් ළිපිය සහ Full PDF එක ::..

ඉතින් යාළුවනේ ට්‍රාන්ස්මීටරය ගැන ළිපි පෙළ අවසන් කිරීමට කල් ගතවුනා වැඩිය.නමුත් කාර්‍යබහුලත්වය නිසා ප්‍රමාද කිරීමට සිදුවුනේ.මුල්ම ළිපියෙන් මම සඳහන් කලා ළිපි තුනකින් මෙය අවසන් කරන බව.නමුත් නව අංග එකතු කිරීමට සිදු වූ නිසා කොටස් ප්‍රමානය වැඩිවිය.අවසන් ළිපියෙන් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ එකක් ඔයාලට අද මම ලබාදෙනවා.


PDF එක ලබාදී ඇති නිසා සම්පූර්ණව එය කියවන්න.පහල අයිකනය තුලින් එය ලබාගන්න.මෙය කියවා ගුණදොස්,අදහස් උදහස්,යෝජනා චෝදනා දාන්න අමතක කරන්න එපා.මම හදපු ට්‍රාන්ස්මීටරය පින්තූර සහිතව මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරන්නම්.මේ ළිපිපෙල අවසන් වෙනකන් රැඳී සිටිය ඔබ සැමට සහ නිතර ප්‍රශ්නඉදිරිපත් කරමින් නිවැරදි අවබෝදයක් ගත්ත මනෝද්‍ය ඔබටත් ස්තූතියි.

http://goo.gl/xyThcS


2014-03-16

..:: ට්‍රාන්ස්මීටරයට ෆෝල්ඩඩ් ඩයිපෝල් ඇන්ටනාවක් හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 6 ::..

Antena

දැන් ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසන් අදියරට පැමින තිබෙන්නේ.අවසන් අංගය විදියට තරංග විසිරුවා හැරීමට ඇන්ටනාවක් සැකසිය යුතුය.ඇන්ටනා වර්ග කොතෙක් තිබුනත් ට්‍රාන්ස්මීටර් වලට ගන්න ඇන්ටනා වර්ග කිහිපයක් තිබේ.මම මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නේ ෆෝල්ඩඩ් ඩයිපෝල් කියන ඇන්ටනාවයි.( Folded Dipole Antenna). තරංගයක් විසිරුවා හරින ක්‍රම දෙකක් තිබේ. තිරස් ක්‍රමයට සහ සිරස් ක්‍රමයට.
ඒ ක්‍රම දෙකටම ට්‍රාන්ස්මීටර් වල තරංග විසිරුවා හැරියත් බහුලව යොදා ගැනෙනුයේ සිරස් ක්‍රමයයි.මෙහිදී සකසන ඇන්ටනාව තම අභිමතය පරිදි එක සංඛ්‍යාතයකට පමනක් සැකසිය හැකිය.නැත්නම් පොදු ට්‍රාන්ස්මීටරයක් නම් සමහරවිට අපට සංඛ්‍යාතය සකස් කලයුතුය.ඒ නිසා පොදුවේ 88MHz-108MHz දක්වා සුදුසු ඇන්ටනාවක් සැකසීම සුදුසුය.
මෙහිදී ඇන්ටනාවක් සැකසීමේදී යම් සිද්ධන්නතයක් අනුගමනය කළ යුතුය.

යම් සමී කරණයකට අනුව දිග ,පළල තීරණය කල යුතුය.නමුත් එය මේ අවස්ථාවේදී විස්තර කිරීමට අපහසු බැවින් පොදු ඇන්ටනාවක් සාදන අයුරු මිනුම් සහිතව පැහැදිලි කරන්නම්.
මුලින්ම මේක හදන්න වුවමනා කරන භාණ්ඩ කීපයක් එක් රැස් කර ගන්න ඕන.
අඟල් 7,8 දිග පිරිසිඳු තඹ වයරයක් හෝ ටිකක් මහත තඹ කම්බියක්         ගන්න.(TT වයර් හොඳයි)
අඟල් 10 දිග අඟල් 1 නලයක් ගන්න.
අඟල් 1 ටී ශොකට් එකක්.
අඟල් 1 එන්ඩ් කැප් 3.
අඟල් 1 බෙන්ට් එකක්.
කේබල් ටයි තුන හතරක්
C5 50 ohm කොඇක්සල් කේබල් එකක්.(අවශ්‍යය පරිදි. මතක ඇතිව කැළණි කේබල් එකක් ගන්න.)

පළමුව ඇන්ටනාව සෑදීමට දිග,පළල ගනනය කිරීම් කරගත යුතුය.
මුලින්ම සංඛ්‍යාතයේ මධ්‍ය අගය සොයන්න ඹ්න.

88MHz + 108MHz ÷ 2 = 98MHz
        සංඛ්‍යාතයේ මධ්‍ය අගය:- 98MHz

λ= තරංග ප්‍රවේගය ÷ චැනලයේ තරංග සංඛ්‍යාත මධ්‍ය අගය
λ= 300000000      = 150  
    98 x 1000000        49

පිළිතුර සෙන්ටි මීටර් වලින් සොයමු.

150 x 100 =15000  = 306 cm
      49            49


මෙම පිළිතුර 4 න් බෙදුවම තමයි ඩයිපෝලයේ පැත්තක දිග වෙන්නේ.පහත රූපයෙන් එය පැහැදිලි වේ.


දැන් ඉහත රූපයේ පරිදි මිනුම් වලට සකසා ගන්නට කලියෙන් ඔබ ලබා ගත්ත පිරිසිඳු තඹ කම්බිය හෝ වයරය (වඩාත්  හොඳයි ට්ට් වයර්)වයරය ගෙන මිනුම් වලට කපාගන්නට මත්තෙන් පහත අයුරින් සකසා ගන්න.එම මුදුව කුඩාවට සකසා ගන්න.මෙපරිදි වයරය අග මුදුවක් සකසා ගන්න .
මේ විදියට අනෙක් පැත්තෙ වයරයත් සකසා ගන්න.ඉන්පසු මුදුවේ ගැටය ලඟ සිට සෙන්ටි මීටර් 76.5 මැනගෙන වයර් දෙකම කපාගන්න. පසුව පහත පරිදි වෙරෝ බෝඩ් කැබැල්ලක් ගෙන සිදුරු 4ක් විද ගන්න.මතක තබා ගන්න මැද දෙකේ පරතරය 1.25 විතර තබන්න.


එලෙස සාදාගෙන වම් පැත්තෙ සිදුරු දෙකට වයරය රූපයේ පරිදි ඇතුල් කර වයරයේ අග ටික සුද්දකර නොගැලවෙන සේ ඊයම් යොදා පස්ස ගන්න.අනෙකත් එසේම කරන්න. එවිට පහත රූපය වගේ පෙනේවි. 



ඉන්පසු කොඇක්සල් කේබලය ඉහත අයුරින් පාස්ස ගන්න.පසුව පරිදි ටී ශොකට් “T” shocut එක ගන්න.එය තුලට වෙරෝබෝඩ් එක ඇතුල් කර පහලට කොඇසල් කේබලයද දෙපැත්තට ඉතිරි වයර් දෙකද සිටිනසේ සකසා ගන්න.

මෙය ඉතාමත් හිමින්සැරේ සීරුවට කලයුතුය.
පසුව අඟල් 1  PVC නලය ගෙන 80cm කැබලි දෙකක් කපා ගන්න. ඉන්පසුව ටී ශොකට් එකේ දෙපැත්තටම සවිකර ගන්න.



ඉහත රූපයෙ පෙනෙන පරිදි මුදුව බටයේ කෙලවරට පැමින තිබිය යුතුය. නැවත බට දෙකම ගලවාවයර් දෙකේම මුදු දෙකටම කේබල් ටයි දමා පහත රූපයේ පරිදි ලොක් කරගන්න.ඉන්පසු නැවත පීවීසී නල දෙකම සවිකරගන්න.එවිට නලයෙන් පිටට කේබල් ටයි පැමින ඇත.


ඉන්පසුව ඉහත රූපයේ පෙනෙන කළු පැහැ වොශර් එක වෙනුවට අපි ගත්තෙ එන්ඩ් කැප් දෙකක්.එ දෙකේම එකක සිදුරු දෙක බැගින් සිදුරු 4 විද ගන්න. පසුව ටිකක් ගනකම කම්බි කැබැල්ලක් ගෙන එහි කොකුවක් සකසා වයරයෙන් සෑදුව මුදුවට දමා ගන්න.ඉන්පසුව පරිස්සමෙන් කේබල්ටයිලොක් එක පන්නගෙන ගලවගෙන.

පසුව එන්ඩ් කැප් එකේ සිදුරකින්  කේබල් ටයි එකක් දමා වයරයේ මුදුව තුලින් ගෙන නැවත එන්ඩ් කැප් එකේ අනෙක් සිදුර තුලින් උඩට මතුකරගෙන ලොක් එක දා ගන්න.නමුත් තදටම ලොක් එක දාන්න එපා.ප්සුව හෙමිහිට කම්බි කොකුව මුදුවෙන් පන්නල ඉවතට ගන්න.මේ අයුරින්ම අනෙක් පැත්තටත් සිදු කරන්න.ඉන් පසුව දෙපැත්තෙම එන්ඩ් කැප් දෙක සවිකර කේබල් ටයි දෙක හෙමීට ලොක් එක තද කරන්න.
පසුව පහත රූපයේ පෙනෙන පරිදි කොඇක්සල් කේබලය ඇති පැත්තටත් යම් දිගකින් යුත් නල කැබැල්ලක් කපාගෙන සවිකරන්න එයට අංශක 90 ශොකට් කැබැල්ල සවිකර තවත් පොඩි නල කැබැල්ලක් සවිකර කෙබලය පිටතට ගන්න.
පසුව ඉතිරි එන්ඩ් කැප් එක ගෙන එහි කේබලයෙ තරමට සිදුරක් විදගෙන ඒ තුලින් කේබලය යවා.කැප් එක සවි කරම්ම.ඔන්න ඇන්ටනාව නිමකර අවසන්ය.

ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කරමින් මේ සියළුම අංගයන් ප්‍රධාන පරිපථය වන ට්‍රාන්ස්මීටර් පරිපථයට එකතු කරන අයුරු රූප සටහන් මගින් මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්නම්.

2014-03-12

..:: ස්ටීරියෝ එන්කෝඩර් සහ ලිමීටර් පරිපථ හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 5 ::..

දැන් ගොඩක් දුරට ට්‍රාන්ස්මීටරයට අවශ‍ය මූලික පරිපථයන් සම්පූර්ණ කර අවසන්ය.
Limiter Circuit


මීලඟට ඉදිරිපත් කරන පරිපථය ට්‍රාන්ස්මිටරයට ශබ්ද තරංග පාලනය කරන එකකි.මෙය ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක වීමට අතයවශම පරිපථයක් නොවුනත් තවත් වැදගත් කොටසක් ලෙස සැලකෙනවා.ලිමීටර් පරිපථයකින් සිදුවන්නේ අපි පිටතින් (DVD Player එකකින්/Computer එකකින්) සපයන Audio Signal එකක් ගුනාත්මකව වගේම හඬ යම් කිසි පාලනයකට නතු කරමින් ට්‍රාන්ස්මීටරය වෙත යොමු කිරීමයි.මොකද අපි දන්න දෙයක් තමයි සිංදු 10ක් ගත්තොත් දහ විදියකට ශබ්දයේ හඬ අඩු/වැඩි කර රෙකෝඩ් කර තිබෙන්නේ.නමුත් ට්‍රාන්ස්මීටරයකට එසේ ශබ්ද තරංග ලිමීටරයක් නැතිව දුන්නොත් රේඩියෝවෙන් පැහැදිලි ශබ්දයක් ශ්‍රවනය කිරීමට අපට නොහැක.



මෙම පරිපථයටම සම්බන්ද වෙන තවත් පරිපථයක් තිබේ.එය වුවමනා වෙන්නේ රේඩියෝ චැනල් එකක ස්ටීරියෝ ශබ්දයක් ලබාගැනීමට.එයට කියන්නේ එන්කෝඩර් පරිපථය කියා.ස්ටීරියෝ කියන්නේ ඉතා උසස් ශ්‍රවන තත්වයක්.මම පහතින් ලබාදෙන්නම් ලිමීටර් පරිපථයටම සම්බන්ද කල එන්කෝඩර් පරිපථයත්.ඔබට එන්කෝඩරය අනවශ‍ය නම් ඉහත පරිපථය විතරක් ස්වාදන්නත් පුලුවන්.මෙම සියළුම පරිපථ කොටස් කෙසේද සම්බන්ඳ කරන්නේ කියල අන්තිමට රූප මාර්ගයෙන් පැහැදිලි කරන්නම්.

Supply voltage: 10-14 V stab.
Supply currents: 20 mA
Audio input: impedance 20 kOhm, optional preemphasis
Output voltage: 0,4 V rms
Dynamic range: >50 dB

උපකරණ ලයිස්තුව

Resistors:
R1 - 68 k
R2 - 22 k
R3 - 180 k
R4 - 10 M
R5 - 10 k
R6 - 47 R
R7 - 240 k
R8 - 1,5 k
R9 - 820 R

Capacitors:
C1 - 100 p (ceramic)
C2 - 1 n (plastic)
C3, C6, C12 - 100 n (ceramic)
C4, C11, C13 - 100 u (electrolytic)
C5 - 0,33 u (tantalum)
C7, C8 - 10 u (electrolytic)
C9 - 220 n (plastic)
C10 - 47 n (ceramic)
C14 - 470 n (plastic)

Misc.:
T1 - BF245C
T2 - BC556B, BC307

IC1 - LM386


ඉහතින් දක්වා ඇත්තේ සාමාන්‍යය ,ඉතා සරල Audio Limiter එකකි.

***********************************************
Stereo encoder

මීලඟ පරිපථය අවශ‍ය වන්නේ ස්ටීරියෝ විකාශනයක් විසිරුවා හැරීමට ඔබ ට්‍රාන්ස්මීටරය  සකසනවා නම් පමනි. 


මෙහිදී මෙම පරිපථයට බල සැපයුම ලෙස 12V ගත්තත්, එම IC එකට අවශ‍ය 2.4v-3v තරම් කුඩා Volt ප්‍රමානයකි. විවිද IC මෙම ස්ටීරියෝ එන්කෝඩර් පරිපථ සෑදීමට යොදා ගනී.NJM2035 වැනි IC එයට උදාහරණයකි. මෙහිදී මූලිකවම ගත්තම 38MHz  ක්‍රිස්ටල් එක පරිපථයට අනිවාර්යය අංගයකි.මොකද ස්ටීරියෝ නම් උප තරංගය සැදීමට මෙය බොහෝ ඉවහල් වන නිසා.ස්ටීරියෝ තාක්ශනය ගැන ඉතාම අල්ප වශයෙන් හැඳින් වුවත් මෙය ඉතා පුලුල්ව ඉගෙන ගතයුතුය.එයට කාළය හරස්වන නිසා සහ පරිපථය සෑදීමට එය බල නොපාන නිසා එය පැහැදිලි කිරීම නතර කරන්නම්. එන්කෝඩර් සඳහා ඉතාම ජනප්‍රිය IC එකක් තමයි BA1404  කියන්නේ. මෙය කොළඹ ගන්න තියේ.38MHz ක්‍රිස්ටල් එකත් කොළඹින්ම හොයගන්න පුලුවන්.ගොඩක් දුරට ක්‍රිස්ටල් වැනි දේවල් පිට පලාත් වලින් සෙවීමට මහන්සි ගන්නවාට වඩා ගොඩක් හොඳයි කොළඹම යන එක. ඒ වගේම ක්‍රිස්ටල් හොයාගන්නම බැරිම නම් ඉහත රූපයේම සඳහන් කරල තියෙනවා 47PF එකකට සමාන්තරගතව සම්බන්ද කල ටිමර් එකක්.එය කෙසේ වෙතත් ක්‍රිස්ටල් එකම හොයාගන්න එක හොඳයි. 

* තවත් වැදගත් කරුණක් නම් මේ පරිපථයට සබන්ඳ  කරන ධාරිත්‍රක ඒ අගයෙන්ම සපයා ගැනීමට වගබලා ගන්න.

* NE 5532 IC එක තුලින් කුඩා වර්දනයක් ලබාදෙයි.

* IC එකට IC බේස් එකක් සවි කරන්න.

2014-03-02

..:: PLL - digital tuning-4W FM ට්‍රාන්ස්මීටරය-post 4 ::..

PLL - digital tuning
මේ පහතින් තිබෙන පරිපථයත් වෘතීමය ට්‍රාන්ස්මීටරයකට (දිගුදුර ස්ථීර වැඩ සඳහා යොදා ගන්න ) ඉතාම වැදගත් ඒකකයකි.මෙම ඒකකය යම් යම් විශාල වොට් අගයන් පිට කරන ට්‍රාන්ස්මීටර් වල විවිද අයුරින් නිර්මාණය කර ඇත.

මෙමඟින් තමයි මම කලින් කියපු ආකාරයට කොයිල් සහ කැපෑසිටර් භාවිතා නොකර අපට උවමනා සංඛ්‍යාතයට යොමුකිරීම සිදුකරන පරිපථය.( PLL - digital tuning) මේ පරිපථය සෑදීමේදී තමයි මට අයි.සී එකක් රටින් ගෙන්න ගන්න ඕන වුනා කියුවෙ.එනම් SAA1057 IC එක.නමුත් මේ කාළය වනවිට කොළඹ මේක ගන්න ඇති බොහෝ දුරට.

මෙහි අනිත් අය්.සී එක Pic IC එකක්.මෙය ප්‍රෝගෑම් කරගත යුතුය.ඒ කාර්යය නම් පහසුවෙන් කරගැනීමට පුලුවන්.මේ වනවිට කොළඹ වගේම පිට පලාත් වලත් PIC IC ප්‍රෝගෑම් KIT ගන්න තියේ.මම පහලින් ලබා දී ඇති ලින්ක් එක වෙත ගොස් hex ෆයිල් එක ලබාගෙන එය ප්‍රෝගෑම් කරගන්න.


  

ඉහලින් ඇත්තේ එම ටියුනින් පරිපථයයි.මෙහි PCB එක පහලින් පෙන්වයි.ඔබට මෙය PCB එකක් නිර්මාණය කරගැනීමට අපහසුනම් වෙරෝ බෝඩ් එකක හෝ ඩොට් බෝඩ් එකක හදාගන්න.මෙය PCB එකක හැදුවොත් නිමාව හොඳයි.ඒ හැරෙන්න ට්‍රාන්ස්මීටරය වගේ PCB එකකම හදන්න ඕන කියල අනිවර්ය නැහැ.



** Capacitors:
C1, C12 - 2,2 nF (ceramic)
C2, C9 - 10 nF (ceramic)
C3 - 47 uF (electrolytic)
C4 - 10 uF (tantalum)
C5 - 0,47 uF (electrolytic)
C6, C11 - 100 nF (ceramic)
C7 - 1 nF (ceramic)
C8 - 220 uF (electrolytic)
C10 - 22 pF (ceramic)

** Resistors:
R1 - 1k
R2 - 4k7
R3, R4, R5, R7 - 10k
R6 - 1k (optional)
R8 - 47k (optional, see below)

** Misc.:
IC1 - SAA1057
IC2 - PIC16F84 (programmed) + socket
IC3 - 78L05
X1 - 4 MHz crystal
D1 - LED diode (optional)
Tl1 - button (optional)
jumpers or DIP switches
Power supply: 8-15 V stabilized, 40 mA
Frequency range: 82,5-108 MHz
Step frequency: 100 kHz
RF input voltage range: 10-500 mV
RF input impedance: 135 ohm

** Pin meaning:
1 - tuning voltage (output)
3 - RF signal from oscillator (input)
2, 4 - ground
Tl1 - reset

PLL - digital tuning පරිපථය සෑදීමේදී පැන නගින ගැටළු කිහිපයක් තිබේ.ඒවා කරුණු වශයෙන් පෙළගස්වන්නම් පිළිතුරු සමගම.
1. මූලිකවම මෙය PCB එකක හෝ DOT Board එකක නිර්මාණය කරගැනීම.මෙය PCB එකක එකලස් කරගත්විට හොඳ නිමාවක් සහිතව තිබේ.එසේ කරගැනීමට අපහසු නම් DOT Board එකක එකලස් කලාටද කමක් නැහැ.

2. මෙම IC දෙකට IC බේස් යොදාගැනීම අනිවාර්ය.එසේ කිවුවේ යම්හෙයකින් IC එක පාස්සන විට අධිකව රත් වුවහොත් එය පිලිස්සී යා හැක.

3. මෙයට ලබාගන්න ක්‍රිස්ටල් (4 MHz crystal )එක නිවැරදිම අගය යොදන්න.මෙය සංඛ‍යාත ආශිතව  ඇති පරිපථයක් නිසා.

4. ප්‍රතිරෝදක භාවිතයේදී 5Band Coloer Resistor ලබාගන්න පුලුවන්නම් ඉතාමත් හොඳයි.එසේ 5Band Coloer Resistor  ලංකාවේ ගන්න අඩුයි. 4Band Coloer Resistor හරි එයට යොදන්න. 4Band Coloer Resistor ලබාගන්න විට නිවැරදි අගයම යොදන්න. මොකද  5Band Coloer Resistor නැති නිසා.

5. (IC1) IC එක ප්‍රෝගෑම් කරගත යුතුය. hex ෆයිල් එක  මම ළිපියේ ඉහලින් ලබාදී ඇත. එය ලබාගන්න.එය ප්‍රෝගෑමරයක් හරහා ප්‍රෝගෑම් කරගත යුතුය.එය එතරම් අපහසු නැත. hex ෆයිල් එක ලබාදී තිබෙන නිසා.

6. C4 ධාරිත්‍රකය (Capacitor) 10uf tantalum එකක්ම යොදන්න.මෙය ඉලෙක්ට්‍රෝලයිටික් ආකාරයේ ධාරිත්‍රකයකි.(+/-) සඳහන්ව පවතී.

7. (IC3) IC එක සඳහා 78L05 එකක් යොදන්න.මෙහිදී 78L05 එකක්ම සපයා ගැනීමට අපහසුනම් 7805 වුවද කමක් නැහැ.L අකුරෙන් පෙන්වන්නේ OUT කරන්න පුලුවන් ඇම්පියර් ගනන.මේ පරිපථය සඳහා එතරම් ලොකු ඇම්පියර් ගනනක් අවශ‍ය නැත.

8. TL1 සඳහා ශෝට් කරගන්න Pin දෙකක් අවශ්‍ය වෙන්නේ.ඒ සඳහා PUSH TO ON ස්විචයක් වුවද කමක් නැහැ.

9. IC2 කොළඹ ගන්න තියේද කියල බලන්න.යුදමය කාළයේ තමයි මම මේක මුලින්ම හැදුවේ.ඒ දින වලනම් ගන්න තිබ්බේ නැහැ.නමුත් දැන්නම් බොහෝ දුරට ඇති. මට මෙය ගෙනත් දුන්නේ මගේ යාළුවා.

10. DIP ස්ව්චය කොළඹ නම් ගන්න තියේ.එය ඉල්ලනවිට ස්විච් ගනන කියල ඉල්ලන්න ඕන.එය සපයා ගැනීමට අපහසුනම් ON/OFF ස්විච් තමයි ගන්න වෙන්නේ.නැත්නම් අපි දන්න සීඩී රොම්වල,DVD Card එකේ එහෙම තියෙන ජම්පර් තමයි ගන්න වෙන්නේ.
11. මෙහි PR කියා තිබෙන්නේ ජම්පර් එකකි.

මුල්ම ළිපියේදී මම සඳහන් කලා ළිපි තුනකින් හෝ හතරකින් මෙය අවසන් කරනවා කියා.නමුත් ළිපියට තවත් කරුණු එක් කිරීමට සිදු වුනා.එම නිසා ළිපි පෙළ තවත් ළිපි කිහිපයක් ඉදිරියට පෙල ගැසේවි.සිප්සල සමඟ රැඳී සිටින්න.ඔබගේ ප්‍රතිචාර වලට බෙහෙවින් ස්තූතියි.