2014-03-12

..:: ස්ටීරියෝ එන්කෝඩර් සහ ලිමීටර් පරිපථ හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 5 ::..

දැන් ගොඩක් දුරට ට්‍රාන්ස්මීටරයට අවශ‍ය මූලික පරිපථයන් සම්පූර්ණ කර අවසන්ය.

Limiter Circuit


මීලඟට ඉදිරිපත් කරන පරිපථය ට්‍රාන්ස්මිටරයට ශබ්ද තරංග පාලනය කරන එකකි.මෙය ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක වීමට අතයවශම පරිපථයක් නොවුනත් තවත් වැදගත් කොටසක් ලෙස සැලකෙනවා.ලිමීටර් පරිපථයකින් සිදුවන්නේ අපි පිටතින් (DVD Player එකකින්/Computer එකකින්) සපයන Audio Signal එකක් ගුනාත්මකව වගේම හඬ යම් කිසි පාලනයකට නතු කරමින් ට්‍රාන්ස්මීටරය වෙත යොමු කිරීමයි.මොකද අපි දන්න දෙයක් තමයි සිංදු 10ක් ගත්තොත් දහ විදියකට ශබ්දයේ හඬ අඩු/වැඩි කර රෙකෝඩ් කර තිබෙන්නේ.නමුත් ට්‍රාන්ස්මීටරයකට එසේ ශබ්ද තරංග ලිමීටරයක් නැතිව දුන්නොත් රේඩියෝවෙන් පැහැදිලි ශබ්දයක් ශ්‍රවනය කිරීමට අපට නොහැක.



මෙම පරිපථයටම සම්බන්ද වෙන තවත් පරිපථයක් තිබේ.එය වුවමනා වෙන්නේ රේඩියෝ චැනල් එකක ස්ටීරියෝ ශබ්දයක් ලබාගැනීමට.එයට කියන්නේ එන්කෝඩර් පරිපථය කියා.ස්ටීරියෝ කියන්නේ ඉතා උසස් ශ්‍රවන තත්වයක්.මම පහතින් ලබාදෙන්නම් ලිමීටර් පරිපථයටම සම්බන්ද කල එන්කෝඩර් පරිපථයත්.ඔබට එන්කෝඩරය අනවශ‍ය නම් ඉහත පරිපථය විතරක් ස්වාදන්නත් පුලුවන්.මෙම සියළුම පරිපථ කොටස් කෙසේද සම්බන්ඳ කරන්නේ කියල අන්තිමට රූප මාර්ගයෙන් පැහැදිලි කරන්නම්.

Supply voltage: 10-14 V stab.
Supply currents: 20 mA
Audio input: impedance 20 kOhm, optional preemphasis
Output voltage: 0,4 V rms
Dynamic range: >50 dB

උපකරණ ලයිස්තුව

Resistors:
R1 - 68 k
R2 - 22 k
R3 - 180 k
R4 - 10 M
R5 - 10 k
R6 - 47 R
R7 - 240 k
R8 - 1,5 k
R9 - 820 R

Capacitors:
C1 - 100 p (ceramic)
C2 - 1 n (plastic)
C3, C6, C12 - 100 n (ceramic)
C4, C11, C13 - 100 u (electrolytic)
C5 - 0,33 u (tantalum)
C7, C8 - 10 u (electrolytic)
C9 - 220 n (plastic)
C10 - 47 n (ceramic)
C14 - 470 n (plastic)

Misc.:
T1 - BF245C
T2 - BC556B, BC307

IC1 - LM386


ඉහතින් දක්වා ඇත්තේ සාමාන්‍යය ,ඉතා සරල Audio Limiter එකකි.

***********************************************
Stereo encoder

මීලඟ පරිපථය අවශ‍ය වන්නේ ස්ටීරියෝ විකාශනයක් විසිරුවා හැරීමට ඔබ ට්‍රාන්ස්මීටරය  සකසනවා නම් පමනි. 


මෙහිදී මෙම පරිපථයට බල සැපයුම ලෙස 12V ගත්තත්, එම IC එකට අවශ‍ය 2.4v-3v තරම් කුඩා Volt ප්‍රමානයකි. විවිද IC මෙම ස්ටීරියෝ එන්කෝඩර් පරිපථ සෑදීමට යොදා ගනී.NJM2035 වැනි IC එයට උදාහරණයකි. මෙහිදී මූලිකවම ගත්තම 38MHz  ක්‍රිස්ටල් එක පරිපථයට අනිවාර්යය අංගයකි.මොකද ස්ටීරියෝ නම් උප තරංගය සැදීමට මෙය බොහෝ ඉවහල් වන නිසා.ස්ටීරියෝ තාක්ශනය ගැන ඉතාම අල්ප වශයෙන් හැඳින් වුවත් මෙය ඉතා පුලුල්ව ඉගෙන ගතයුතුය.එයට කාළය හරස්වන නිසා සහ පරිපථය සෑදීමට එය බල නොපාන නිසා එය පැහැදිලි කිරීම නතර කරන්නම්. එන්කෝඩර් සඳහා ඉතාම ජනප්‍රිය IC එකක් තමයි BA1404  කියන්නේ. මෙය කොළඹ ගන්න තියේ.38MHz ක්‍රිස්ටල් එකත් කොළඹින්ම හොයගන්න පුලුවන්.ගොඩක් දුරට ක්‍රිස්ටල් වැනි දේවල් පිට පලාත් වලින් සෙවීමට මහන්සි ගන්නවාට වඩා ගොඩක් හොඳයි කොළඹම යන එක. ඒ වගේම ක්‍රිස්ටල් හොයාගන්නම බැරිම නම් ඉහත රූපයේම සඳහන් කරල තියෙනවා 47PF එකකට සමාන්තරගතව සම්බන්ද කල ටිමර් එකක්.එය කෙසේ වෙතත් ක්‍රිස්ටල් එකම හොයාගන්න එක හොඳයි. 

* තවත් වැදගත් කරුණක් නම් මේ පරිපථයට සබන්ඳ  කරන ධාරිත්‍රක ඒ අගයෙන්ම සපයා ගැනීමට වගබලා ගන්න.

* NE 5532 IC එක තුලින් කුඩා වර්දනයක් ලබාදෙයි.

* IC එකට IC බේස් එකක් සවි කරන්න.

2 comments:

  1. මේකටත් ගොඩක් ස්තුතියි!!!
    1. Limiter Circuit එකේ උපාංග වල අගයන් දාලා නෑනේ. ඒ ටිකත් දාන්නකෝ!
    2. Limiter යටතේ දාලා තියෙන Circuit දෙකෙන්ම වෙන්නේ එකම වැඩේද?
    3. Preemphasis කියන්නේ මොකක්ද?
    4. මේවලත් PCB Layout දුන්නනම් ගොඩක් හොඳයි නේද?

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මෙවර ළිපියත් නැරඹුවාට.
    1.ඇත්තටම අධික වැඩ නිසා ඒ අස්සෙ හදිසියෙන් මේ ළිපිය දාන්න වුනේ.උපකරණ ලයිස්තුව නොදැම්මාට සමාවන්න.එය නිවැරදි කරන්නම්.

    2.එකම දේ තමයි.නමුත් ඉහලම එක තුල වර්ධකයක්ද අන්තර් ගතයි.අනික එය උසස් තත්වයේ ලිමීටර් එකක් පහල ක්‍රමයට වඩා.දැන ගැනීම පිනිසයි එය ඉදිරිපත් කලේ.

    3.මෙහිදී සිදුවන්නේ එකට යන සිග්නල් එක යම් භාදාවකට ලක් නොකර බරට එක එලේ ලබා දීමයි.

    4.ඉදිරියේ ඇති Link එකෙන් ලබා ගන්න.ස්තූතියි මනෝද්‍ය ඔයාට.http://adbla.us/Vz37

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...