2014-03-16

..:: ට්‍රාන්ස්මීටරයට ෆෝල්ඩඩ් ඩයිපෝල් ඇන්ටනාවක් හදමු-4W FM ට්‍රාන්ස්මීටරය-post 6 ::..

Antena

දැන් ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසන් අදියරට පැමින තිබෙන්නේ.අවසන් අංගය විදියට තරංග විසිරුවා හැරීමට ඇන්ටනාවක් සැකසිය යුතුය.ඇන්ටනා වර්ග කොතෙක් තිබුනත් ට්‍රාන්ස්මීටර් වලට ගන්න ඇන්ටනා වර්ග කිහිපයක් තිබේ.මම මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නේ ෆෝල්ඩඩ් ඩයිපෝල් කියන ඇන්ටනාවයි.( Folded Dipole Antenna). තරංගයක් විසිරුවා හරින ක්‍රම දෙකක් තිබේ. තිරස් ක්‍රමයට සහ සිරස් ක්‍රමයට.
ඒ ක්‍රම දෙකටම ට්‍රාන්ස්මීටර් වල තරංග විසිරුවා හැරියත් බහුලව යොදා ගැනෙනුයේ සිරස් ක්‍රමයයි.මෙහිදී සකසන ඇන්ටනාව තම අභිමතය පරිදි එක සංඛ්‍යාතයකට පමනක් සැකසිය හැකිය.නැත්නම් පොදු ට්‍රාන්ස්මීටරයක් නම් සමහරවිට අපට සංඛ්‍යාතය සකස් කලයුතුය.ඒ නිසා පොදුවේ 88MHz-108MHz දක්වා සුදුසු ඇන්ටනාවක් සැකසීම සුදුසුය.
මෙහිදී ඇන්ටනාවක් සැකසීමේදී යම් සිද්ධන්නතයක් අනුගමනය කළ යුතුය.

යම් සමී කරණයකට අනුව දිග ,පළල තීරණය කල යුතුය.නමුත් එය මේ අවස්ථාවේදී විස්තර කිරීමට අපහසු බැවින් පොදු ඇන්ටනාවක් සාදන අයුරු මිනුම් සහිතව පැහැදිලි කරන්නම්.
මුලින්ම මේක හදන්න වුවමනා කරන භාණ්ඩ කීපයක් එක් රැස් කර ගන්න ඕන.
අඟල් 7,8 දිග පිරිසිඳු තඹ වයරයක් හෝ ටිකක් මහත තඹ කම්බියක්         ගන්න.(TT වයර් හොඳයි)
අඟල් 10 දිග අඟල් 1 නලයක් ගන්න.
අඟල් 1 ටී ශොකට් එකක්.
අඟල් 1 එන්ඩ් කැප් 3.
අඟල් 1 බෙන්ට් එකක්.
කේබල් ටයි තුන හතරක්
C5 50 ohm කොඇක්සල් කේබල් එකක්.(අවශ්‍යය පරිදි. මතක ඇතිව කැළණි කේබල් එකක් ගන්න.)

පළමුව ඇන්ටනාව සෑදීමට දිග,පළල ගනනය කිරීම් කරගත යුතුය.
මුලින්ම සංඛ්‍යාතයේ මධ්‍ය අගය සොයන්න ඹ්න.

88MHz + 108MHz ÷ 2 = 98MHz
        සංඛ්‍යාතයේ මධ්‍ය අගය:- 98MHz

λ= තරංග ප්‍රවේගය ÷ චැනලයේ තරංග සංඛ්‍යාත මධ්‍ය අගය
λ= 300000000      = 150  
    98 x 1000000        49

පිළිතුර සෙන්ටි මීටර් වලින් සොයමු.

150 x 100 =15000  = 306 cm
      49            49


මෙම පිළිතුර 4 න් බෙදුවම තමයි ඩයිපෝලයේ පැත්තක දිග වෙන්නේ.පහත රූපයෙන් එය පැහැදිලි වේ.


දැන් ඉහත රූපයේ පරිදි මිනුම් වලට සකසා ගන්නට කලියෙන් ඔබ ලබා ගත්ත පිරිසිඳු තඹ කම්බිය හෝ වයරය (වඩාත්  හොඳයි ට්ට් වයර්)වයරය ගෙන මිනුම් වලට කපාගන්නට මත්තෙන් පහත අයුරින් සකසා ගන්න.එම මුදුව කුඩාවට සකසා ගන්න.මෙපරිදි වයරය අග මුදුවක් සකසා ගන්න .
මේ විදියට අනෙක් පැත්තෙ වයරයත් සකසා ගන්න.ඉන්පසු මුදුවේ ගැටය ලඟ සිට සෙන්ටි මීටර් 76.5 මැනගෙන වයර් දෙකම කපාගන්න. පසුව පහත පරිදි වෙරෝ බෝඩ් කැබැල්ලක් ගෙන සිදුරු 4ක් විද ගන්න.මතක තබා ගන්න මැද දෙකේ පරතරය 1.25 විතර තබන්න.


එලෙස සාදාගෙන වම් පැත්තෙ සිදුරු දෙකට වයරය රූපයේ පරිදි ඇතුල් කර වයරයේ අග ටික සුද්දකර නොගැලවෙන සේ ඊයම් යොදා පස්ස ගන්න.අනෙකත් එසේම කරන්න. එවිට පහත රූපය වගේ පෙනේවි. 



ඉන්පසු කොඇක්සල් කේබලය ඉහත අයුරින් පාස්ස ගන්න.පසුව පරිදි ටී ශොකට් “T” shocut එක ගන්න.එය තුලට වෙරෝබෝඩ් එක ඇතුල් කර පහලට කොඇසල් කේබලයද දෙපැත්තට ඉතිරි වයර් දෙකද සිටිනසේ සකසා ගන්න.

මෙය ඉතාමත් හිමින්සැරේ සීරුවට කලයුතුය.
පසුව අඟල් 1  PVC නලය ගෙන 80cm කැබලි දෙකක් කපා ගන්න. ඉන්පසුව ටී ශොකට් එකේ දෙපැත්තටම සවිකර ගන්න.



ඉහත රූපයෙ පෙනෙන පරිදි මුදුව බටයේ කෙලවරට පැමින තිබිය යුතුය. නැවත බට දෙකම ගලවාවයර් දෙකේම මුදු දෙකටම කේබල් ටයි දමා පහත රූපයේ පරිදි ලොක් කරගන්න.ඉන්පසු නැවත පීවීසී නල දෙකම සවිකරගන්න.එවිට නලයෙන් පිටට කේබල් ටයි පැමින ඇත.


ඉන්පසුව ඉහත රූපයේ පෙනෙන කළු පැහැ වොශර් එක වෙනුවට අපි ගත්තෙ එන්ඩ් කැප් දෙකක්.එ දෙකේම එකක සිදුරු දෙක බැගින් සිදුරු 4 විද ගන්න. පසුව ටිකක් ගනකම කම්බි කැබැල්ලක් ගෙන එහි කොකුවක් සකසා වයරයෙන් සෑදුව මුදුවට දමා ගන්න.ඉන්පසුව පරිස්සමෙන් කේබල්ටයිලොක් එක පන්නගෙන ගලවගෙන.

පසුව එන්ඩ් කැප් එකේ සිදුරකින්  කේබල් ටයි එකක් දමා වයරයේ මුදුව තුලින් ගෙන නැවත එන්ඩ් කැප් එකේ අනෙක් සිදුර තුලින් උඩට මතුකරගෙන ලොක් එක දා ගන්න.නමුත් තදටම ලොක් එක දාන්න එපා.ප්සුව හෙමිහිට කම්බි කොකුව මුදුවෙන් පන්නල ඉවතට ගන්න.මේ අයුරින්ම අනෙක් පැත්තටත් සිදු කරන්න.ඉන් පසුව දෙපැත්තෙම එන්ඩ් කැප් දෙක සවිකර කේබල් ටයි දෙක හෙමීට ලොක් එක තද කරන්න.
පසුව පහත රූපයේ පෙනෙන පරිදි කොඇක්සල් කේබලය ඇති පැත්තටත් යම් දිගකින් යුත් නල කැබැල්ලක් කපාගෙන සවිකරන්න එයට අංශක 90 ශොකට් කැබැල්ල සවිකර තවත් පොඩි නල කැබැල්ලක් සවිකර කෙබලය පිටතට ගන්න.
පසුව ඉතිරි එන්ඩ් කැප් එක ගෙන එහි කේබලයෙ තරමට සිදුරක් විදගෙන ඒ තුලින් කේබලය යවා.කැප් එක සවි කරම්ම.ඔන්න ඇන්ටනාව නිමකර අවසන්ය.

ට්‍රාන්ස්මීටර් ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කරමින් මේ සියළුම අංගයන් ප්‍රධාන පරිපථය වන ට්‍රාන්ස්මීටර් පරිපථයට එකතු කරන අයුරු රූප සටහන් මගින් මීලඟ ළිපියෙන් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්නම්.

9 comments:

  1. Replies
    1. අපි කියන්නෙ ෆෙක්සිබල් වයර් කියල අන්න ඒව

      Delete
  2. මේකටත් ගොඩක් ස්තුතියි!
    1. tt වයර් කියන්නේ ටෙලිෆෝන් වලට ගන්න වයර්ද?
    2. වයර් එක වෙරෝ බෝඩ් එක වටේ ඔතද්දී දිග අඩුවෙන එක ප්‍රශ්නයක් නැද්ද?
    3. C5 50 ohm කොඇක්සල් කේබල් කියන්නේ TV වලට දාන වයර් එකද?
    4. මේක කොච්චර උසකින් සවි කරන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. අදහසය වගේම කවදත් වගේ ප්‍රස්න යොමු කිරීම ගැන මගේ ප්‍රනාමය.

      1.අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ෆෙක්සිබල් වයර් කියන්නෙ (දුඹුරුයි / නිලුයි ) වයර් දෙකක් අඹරල තියෙන තඹ වයර් යුගලය.

      2.වටේ එතීමක් සිදු වන්නේ නැහැ.එකලඟ සිදුරු දෙකක් මෙයට භවිතා කරන්න.නැතිනම් එක සිදුරකට දමා තව සිදුරක් අතහැර ඊලඟ සිදුරෙන් දමා පාස්ස ගන්න.

      3.නැහැ.ටී වී වලට අප භාවිතා කරන්නේ 75 ohm කේබල්ය.කඩේ ගන්න නැත්නම් පමනක් 75ohm යොදන්න.50 ohm කෙබල් යොදන්න කියුවේ එහි තරංග ලොස් වීම අඩු නිසා.බොහෝ ට්‍රාන්ස්මීටර් වලට යොදන්නේ මේ කේබලයයි.

      4.මමනම් නිර්දේශ කරන්නේ ඇන්ටනාවත් ට්‍රාන්ස්මීටරයත් අතර දුර අඩුවනවා නම් ඉතා සාර්තකයි කියල.50 ohm කේබලයක් දානවනම් ටිකක් උස් කලාට කමක් නැහැ.75 ohm එකක් යොදනවානම් පුලුවන් තරම් උස අඩු කරනවානම් හොඳයි.මා එසේ කියන්නේ කේබලය දිගේ යන විටත් තරංගයට යම් බාදාවක් ඇති වෙනවා.එවිට ඇන්ටනාවෙන් පිටවෙන W අගය අඩුවන නිසා.

      Delete
  3. ෆෝල්ඩඩ් ඩයිපෝල් ඇන්ටනාවක් mema antanawa tv set karanna puluwanda?

    ReplyDelete
    Replies
    1. mehemai me antena eka nirmanaya karala thiyenne 88MHz-108MHz dakwaa pamani.namuth TV ekakata pavichchi kalatanam kamak nehe.eth antena ekakin lebena niyama prayojana oya antena eka TV ekata savikalavita nolebenna puluwan.namuth Radio ekakatanam hodatama gelapenawa kumara.

      Delete
  4. යාලුවා මට දැනගන්න පුලුවන්ද?

    01. මේ වගෙ සර්වසම ට්රාන්ස්මීටර් 2 ක් යොදා ගෙන, එම ට්රාන්ස්මීටර් 2 ක අතර පැහැදිලි සන්නිවේදනයක් ගොඩනාගන්න පුලුවන්ද,

    02. ඔයා ඒ අත්දැකිම ලබා ගෙන තියෙනවද?

    03. Hex file එක යොදාගෙන කොහොමද IC එක ප්රෝග්රෑම් කරගන්නෙ , ඔයා කල විදිය ගැන නොදන්න අයට දැනගන්නත් එක්ක විස්තරාත්මක පැහැදිලිකිරිමක්,දෙන්න පුලුවන්ද.?

    04. ඔයා මේ ට්රාන්ස්මීටර් එක කොච්චර දුරකට ප්රායෝගිකව අත්හදා බැලුවද ?

    ඔයා මේ කරන කටයුත්තට මම හදවතින්ම සුබ පතනවා,.....
    ජය වේවා..........

    ReplyDelete
    Replies
    1. මුලින්ම මෙවැනි ප්‍රශ්න කිහිපයක් ඇසීම පිලිබඳව මම ස්තූතිවන්ත වනවා ඔබට.ඔබ කරුණු වශයෙන් ප්‍රශ්න කර ඇති නිසා ඒවට පිළිතුරුද එකින් එක පෙළ ගස්වන්නම්.

      01.ඔවු පුලුවන්. මේ ක්‍රමයට කියන්නෙ ඉන්ටර්කොම් සිස්ටම් කියල.දෙපාර්ශවයක් අතර හෝ කිහිප දෙනෙක් අතර සන්නිවේදනය කරගැනීම.වෝකි ටෝකියක් විදියට එසේ කරගන්න පුලුවන්.නමුත් මම ඉදිරිපත් කර තිබෙන පරිපථය 88-108MHz තුල වැඩ කරන නිසා සන්නිවේදනය පෞද්ගලිකත්වයෙන් තොර වනවා.නමුත් රේඩියෝ තරංග විවිධ පරාසයන් තිබේ.සාමාණ්‍ය රිසිවරයකට හසු නොවන තරංගයක් භාවිතා කරන්නේනම් හොඳය.එවිට ට්‍රාන්ස්මීටරය විකාශනය කරන සංඛ්‍යාතයට සරිලන රිසිවරයක්ද සකසා ගැනීම අත්‍යවශය.

      02.ඔවු.නමුත් අඩු පරාසයක් සහිත FM ට්‍රාන්ස්මීටරයකින්.එය අත්හදා බැලීමක් ලෙස පමනයි සිදුකලේ.ඒසිවරය සඳහා සාමාණ්‍ය රේඩියෝවක් යොදා ගැනුනි.

      03.ඔවු මම ඔබගේ ඉල්ලීම නිසා වෙනමම ළිපියකින් එය ඉදිරිපත් කරන්නම්.නමුත් පහත ලින්ක් එකෙන් ගොස් නරඹන්න එසේ ප්‍රෝගෑම් කිරීමට අවශ‍ය පරිපථය.මෙය සාදා ගැනීමට පුලුවන්.නැත්නම් කඩේ ගන්නත් තිබේ.
      http://adbla.us/1pWkT

      04.මුල්වරට මෙය හදද්දි ලංකාවතුල ට්‍රාන්ස්මීටර්වලට සම්බඳ කිසිම උපකරණයක් විකිනීමට නොතිබුනි.ඒ යුද්දෙ නිසා කියලයි මම දැනගත්තෙ.නමුත් දැඩි උනන්දුව නිසා OUT එකට සරිලන ට්‍රාන්සිස්ටරයක්සෙවීම ආරම්භ කලා .විවිධ ඒව දැම්ම අන්තිමට 2N3553 දාල තමයි ටෙස්ටින් බැලුවෙ.මමනම් චෙක් කලේ 2KM විතර පමනයි.මා සිටින පැත්ත කඳු තිබෙන නිසා සාර්තකව නියම දුර බලන්න අපහසුයි.නියම ක්‍රමය තමයි තැනිතලා භූමියක් තෝරා ගැනීම.

      ඔබගේ සුභපැතුම් වලට බෙහෙවින් ස්තූතියි යාළුවා.

      Delete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...