2013-01-30

..:: PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home ::..

PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් ගැනයි අද කියන්නේ.ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා 
  • ආර්ට් පේපර් එකක් 
  • ලේසර් ප්‍රින්ටරයක්(වෙනත් ප්‍රින්ටර් නොගැලපේ)
  • අයන් එකක් 
  • කොපර් බෝඩ් එකක් (පරිපථයේ ප්‍රමානයට )
  • ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric chloride)
  • එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)
  • ස්පොන්ච් කැබැල්ලක්
  • ටුවිසර් එකක් හෝ ප්ලාස්ටික් පතුරක් (කොපර් බෝඩ් එක ඉවතට ගැනීම සඳහා)
  • කොපර් බෝඩ් එකේ ප්‍රමාණයට ප්ලාස්ටික් භාජනයක් 
 මුලින්ම අපට PCB එක නිර්මාණය කර ගැනීමට අවැසි පරිපථය PCB ලේයර් එකක් විදියට මෘදුකාංගයක් හරහා නිර්මණය කරගෙන ලේසර් ප්‍රින්ටරය හරහා ආර්ට් පේපරය මතට ලබාගන්න.මෙසේ ලබා ගැනීමේදී ආර්ට් පේපරයක් මතතට ප්‍රින්ට් එක ටිකක් තදට ලබාගන්න.(ආර්ට් පේපර් කොළඹින් සොයාගත හැක.)
 
ඉන්පසු එය පසෙකින් තබා ඔබ කොපර් බෝඩ් එක ගෙන එය හොදින් පිරිසිඳු කරගන.(කොපර් බෝඩ් වාතයට නිරාවරණය වූ විට පුස් සැදේ. ඒවා අයින් කල යුතුය.)

 
ඉන්පසු ප්‍රින්ට් කරගත් අර්ට් පේපරය කොපර් බෝඩ් එක මත නිසියාකාරව තබා ගන්න (බෝඩ් එකෙන් පිට නොයන අයුරින්)
 
ඉන්පසු අයන් එක ගෙන හොඳින් අයන් කරගන්න.සැ.යු:-කොපර් බෝඩ් එක ගැනත් සෙවිල්ලෙන් ඉන්න.ඕනවට වඩා රත් වුවෝත් කොපර් පතුරු ගැලවී යා හැක.) 
 
ඉන්පසු කොපර් බෝඩ් එකට පේපර් එක හොඳින් ඇලවුනාට පසු හොඳින් නිවෙන්නට හැර වතුර භාජනයකට දමා පෙඟෙන්නට හැරින්න.පසුව රූපයේ පෙනෙන පරිදි සෙමින් කඩදාසි කොටස් ඉවත් කරන්න.(ප්‍රින්ට් කොටස් යන්නේනම් ඒ කොපර් බෝඩ් එකට හොඳින් ඇලවී නැත යන්න පැහැදිලිය.එම නිසා වතුරට දාන්න පෙර එම කටයුතු නිසියාකාරව සිදු කරගන්න.)
 
නිසියාකාරව සිදු කලේනම් රූපයේ පෙනෙන පරිදි දිස්වේ 
 
ඉන්පසු ප්ලාස්ටික් භාජනයට ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය දමා එයට කොපර් බෝඩය දමන්න.සැ.යු:-ෆෙරික් ක්ලෝරයිඩ් තනුක කරගත්ත ඒවනම්  යොදාගන්නේ උණුවතුර ටිකකට සම සමව එකතු කරගන්න.සාන්ද්‍ර නම් එසේ කිරීමට අවශ‍ය නැත. 
 
සැමවිටම ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය තම අතින් ඇල්ලීමෙන් වලකින්න.මේ සඳහා ටුව්සරයක් හෝ ප්ලාසිටික් යම් දෙයක් භාවිත කරන්න. 
 
සාන්ද්‍රා ක්ලෝරයිඩ් වලින් දිය කරන්නේ නම් විනාඩි 10-15 අතර කාලයකිනුත් , තනුක නම් විනාඩි 30ක් පමන කාළයක් ගතවේ. සම්පූර්ණ දියවූ පසු භාජනයෙන් ඉවතට අරන් පිරිසිඳු ජලපහරකට අල්ලා වියලාගෙන එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover) දමා හොඳින් සුද්ද කරගන්න.
 
PCB එක සාදා අවසන්.ගැටලු ඇත්නම් අහන්න.

28 comments:

  1. එළ එළ වැඩ නේද?

    ReplyDelete
  2. Gayan Kuruppu@ ou karala balanna.sarthaka kramayak....

    ReplyDelete
  3. මමත් පිසීබී හදල තියෙනවා, ස්ටිකර් කොලවල කාබන් පෑනෙන් ඇදල පේපර් කටාර් එකෙන් කපල ඉතුරු ටික දිය කරලා . හරි ඉවසීමක් ඕන. වොට් 200 හෝ 300 ස්ටීරියෝ පවර් අම්ප්ලිෆය්ර් සර්කිට් හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද

    ReplyDelete
  4. බොහොම වැදගත් පෝස්ටුවක් සිප්සලෙන් වෙනද වගේම . ස්තුතියි.

    ReplyDelete
  5. සගර @ ඔවු ඔයගෙ ක්‍රමෙත් හරි.මම ඔය හැම ක්‍රමයක්ම අත්හදා බලල තියේ.මම දැනටත් පීසීබී හදනවා.ඔයාට ගොඩක් පීසීබී වර්ග හදාගන්න පුලුවන් මෘදුකාංග තියේ.ඒවයින් දෙක තුනක ලින්ක් මම දාන්නම්.ඩවුන්ලෝඩ් කරල බලන්න.
    http://sipsala.blogspot.com/2011_04_01_archive.html
    http://www.expresspcb.com/
    http://www.printedcircuitsboards.com/software/67/10-pcb-design-layout-software.html

    ReplyDelete
  6. රතී @ බොහොම ස්තූත්යි යාලුවා.ඔයාලට වැදගත් වුනානම් මට ඒ ඇති.

    ReplyDelete
  7. මම ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා කෙනෙක් නේවෙය්. මට සිම්බල් වලින් Diagrams ගන්නා විදිහක් තියනවද ?

    ReplyDelete
  8. Isuru Liyanage@ ටීවී,රේඩියෝ,සෙටප් වගේ ගොඩක් උපකරණවල ඩයග්‍රම් සිම්බල් ඇතුව තමයි ලබදෙන්නෙ සහෝ.මම ඩයග්‍රම් ගන්න වෙබ් සයිට් කිහිපයක ලින්ක් දාන්නම්.මොඩල් අංකය තියෙනම් ගොඩක් දුරට මේ වෙබ් සයිට් වලින් ඩයග්‍රම් හොයගන්න පුලුවන්.

    http://www.eserviceinfo.com/
    http://www.electronica.ro/
    http://elektrotanya.com/

    ReplyDelete
  9. ආර්ට් පේපර් නෙමෙයි ඕකට හොඳම කොලේ තමයි, Atlas Trasing Paper(A4 size) එක,,, කිසිම කරදරයක් නැතුව ගලවන එක කරන්න පුලුවන්. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි

    ReplyDelete
  10. Ruwantha Pushpika @ ගොඩක් ස්තූතියි යාලුවා නොදන්න දෙයක් කියල දුන්නට.

    ReplyDelete
  11. ෆෙරික් ක්ලෝරය්ඩ් කොහෙන්ද ගන්න පුලුවන්?

    ReplyDelete
  12. Afkham Azeez @ ෆෙරික් ක්ලෝරයිඩ් ගන්න පුලුවන් අපි ඉලෙක්ට්‍රොනික් උපකරණ ගන්න කඩවලින් සහ කෙමිකල් කඩවලින්.ස්තූතියි Comment එකට.

    ReplyDelete
  13. http://www.diptrace.com/ good printed board design software try Download "non profit" version ...

    ReplyDelete
  14. High quality PCB hadanna ona badu okkoma den Lankatronics eke thiyenava. Menna meka balanna.
    http://www.lankatronics.com/accessories/pcb.html

    ReplyDelete
  15. nice wedak !!!! pcb eka hadala iwaraunama gana chemical eka mokakda????

    ReplyDelete
  16. maduranga@එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover) දමා හොඳින් සුද්ද කරගන්න.

    ReplyDelete
  17. Okkoma iwara unama copper line wala oxide hadenawata gana chemical eka mokakda (ara polish wage gala thiyena)

    ReplyDelete
  18. Okkoma iwara unama copper line wala oxide hadenawata gana chemical eka mokakda (ara polish wage gala thiyena)

    ReplyDelete
  19. maduranga@ යාළුව මේකට අර්ධ සාර්ථක ක්‍රමයක් සහ සාර්තක ක්‍රමයක් තියේ.පළමුව කියූ ක්‍රමය නම්:- රට දුම්මල කුඩු ටිනර් වලින් කලවම් කර ප්cබ් එක මත ආලේප කිරීම.දෙවන ක්‍රමයනම් ඉතාමත් සාර්තක ක්‍රමය:-මෙම ලින්ක් එකට ගොස් නරඹන්න (http://www.expertcore.org/viewtopic.php?f=19&t=3728) සහ මෙම වීඩියෝවත් නරඹන්න.(http://www.youtube.com/watch?v=B0Syj4awcc8)මේ පිලිබඳව ළිපියක් ඕනනම් කමෙන්ට් එකක් දමන්න.

    ReplyDelete
    Replies
    1. Thanks thusitha..... oya dannawada PCB eke up side (componant side eka pcb ekata print karaganna kramayak..

      Delete
    2. godak durata sarthaka kramayak vidiyata screen printing thamai mekata bavitha wenne.e herenna wenath masing thiyei.ewa loku factory walata bavitha karana ewa

      Delete
  20. yalu monadawa e pcb eka udata dana ewa,

    ReplyDelete
    Replies
    1. yaluwa ( http://www.expertcore.org/viewtopic.php?f=19&t=3728 )mekata gihin balanna.mewa ganne.coper tika okside wenawata

      Delete
    2. aa hari hari,dan dannawa tnx hode...

      Delete
  21. බොහොම පින් සිද්ද වෙනවා සෙහෝ ඔයාට.

    ReplyDelete
  22. Atlas Trasing Paper eka hari giye ne. Art paper eka mona wageda? kohenda oya eka hoya gatthe? ewa monawata pawichchi karana kola wargayakda?

    ReplyDelete
    Replies
    1. art pepar ekapeththak dilisena (nikan medala wage ) suluya.loku poth kadawalain ganna puluwwan.mama ingiriye book shop ekakin gaththe

      Delete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...