2010-12-19

..:: අබගේ බ්ලොගයට මෙන්ම වෙබ් අඩවියට තවත් විජෙක්ට් කිහිපයක් ::..

 

අද ඔයාලට මම කියන්න යන්නේ තවත් වැදගත් විජෙට්ටුවක් පිළිබදවයි.    quizsnack  නම් අඩවිය මගින් අපට ඡංද ප්‍රකාශ කිරීමට හැකි විජෙට්ටුවක් , ප්‍රශ්න මාලාවක් සාදා ඉදිරිපත් කිරීමට හැකි විජෙට්ටුවක් සහ තවත් පහසුකම් මෙම අඩවියෙන් නොමිලේම අපට සලසයි.මමත් මේ අඩවිය ගැන දැන ගත්තේ i Plus Blog  සහෝදරයගේ අඩවියෙන්.ඉතින් මම හිතුවා මේක ගැන ලියලා ඔයාලත් දැනුවත් කල යුතුයි කියල.
මුලින්ම මෙහි ලියාපදිංචි විය යුතුය.නැතිනම් මූනු පොතේ ආදාරයෙන් , ගූගල් ගිනුමේ ආදාරයෙන් ලියාපදිංචි නොවීම ඇතුල් වීමට ඉඩසලසා තිබේ.
බලන්නකෝ ඔයාලත් මේක පාවිච්චි කරලම.

2010-12-12

..:: ලස්සනට පින්තූර ගැලරියක් සාදා වෙබ් පිටුවට එක් කරමු ::..

මෙවර ළිපිය දකින විට  සිප්සලේ ඇඳුම වෙනස් වෙලා තිබේ.මේක ලස්සනද කියල කියන්න.
ඒක පැත්තකින් තියල මම කියන්න යන කාරණය කියන්නම්කෝ.මම දැන් දෙන්නයන්නේ මෘදුකාංගයක්.මෙම මෘදුකාංගය වඩාත් වැදගත් වන්නේ වෙබ් අඩවි නිර්මාණ කරුවන්න්ට කියල මම හිතනවා.
මේකෙන් සිදුවන්නේ, වෙබ් පිටුවකට පින්තූර දැමීමේදී ඉඩකඩ වඩාත් වැදගත්.ඉඩ ඉතුරුකරන් වඩාත් ලස්සනට පින්තූර ගැලරියක් මෙමඟින් සාදා ගන්න පුලුවන්.පහල රූපය බලන්නකෝ.

කුඩා පින්තූරය මත එකවරක් ක්ලික් කිරීමෙන් එම රූපයවිශාලවී රූපය පමනක් ඉස්මතුවී දර්ශනය වේ.මෙම අයුරින් පින්තූර ගැලරි සාදාගත හැක.මෙහි තවත් පහසුවක් වනුයේ අප පෙර සකසා  තිබූ වෙබ් පිටක තමන්ට කැමති තැනකට පින්තූර එක්කල හැක.මෙහිදී පෙර සකසා තිබූ පිටුවේ වචන හෝ අනෙකුත් දේවල් වලට කිසිම හානියක් නොවෙන්න මෙය සකසා ගත හැක.
මෙය නොමිලේ ලබාදෙන සංස්කරණයක්.පහලින් එම මෘදුකාංගය ලබාගන්න.අදහසකුත් දාන්නකෝ.
 


මෙම අයිකනය ක්ලික් කිරීමෙන් පසු ඔබගේ නම සහ e-mail address එක දෙන්න වෙනවා. එය ලබාදී Download එක කරන්න.

2010-12-05

..:: ලොව මිළ අධිකම සිතුවම් ඔබ දැකල තියේද...? ::..

ඔයාල දැකල තියෙනවද ලෝකයේ මිළ අධිකම චිත්‍ර.ලෝකයම කතා බහ කරන,අති ප්‍රසිද්ධියක් උසුලන සිත්තරන්ගෙ සුප්‍රකට සිතුවම් පහක් පෙළගස්සවා ඒවාට මිළගණන් ඉදිරිපත් කර ඇත.
බලන්නකො පහලින් තිබෙන්නේ පිළිවෙලින් වැඩිම මිළක් තබා ඇති සිතුවමේ සිට ක්‍රමයෙන් මිළගනන් තබා ඇති අන්දම.
1
ගස්ටාව් ක්ලිම්ට්ව සිතුවම් කරන ලද ඇඩෙලි බ්ලොච්-බෝ ගේ සිතුවමේ මිළ ඩොලර් 135,000,000 කි.මෙය රොනල්ඩ් එස්.ලෝඩර් විසින් 2006 වසරේදී මිළදී ගනු ලැබීය.

2
සුප්‍රකට පැබ්ලෝ පිකාසෝගේ Garcon a al Pipe නම් සිතුවමට ඇ.ඩො 104,100,000 හිමිවෙමින් දෙවන ස්ථානයේ සිටීයි.

3

මෙයත් පැබ්ලෝ පිකාසෝගේ ඩෝරා මාර් සමඟ පූසා නැමති සිතුවමඉ.මෙය ඇ.ඩො 95,200,000 මිළ කොට ඇත.

4

වින්සන්ට් වෑන්ගෝ ගේ ඩොක්ටර් ගචෙට් නම් සිතුවම.ඇ.ඩො 82,500,000 කට මිළකොට ඇත.

5
පියරේ ඔගස්ට් රේනර් ගේ සිතුවම ඇ.ඩො 78,000,000 කට පස්වන තැන හිමිකරගෙන මිළ කර ඇත.

2010-12-02

..:: වෙබ් නිර්මාණ කරුවන්ට වැදගත් මෘදුකාංගයක් ::..

ඔයාලට අද මම වැදගත් මෘදුකාංගයක් ගෙනාවා.මෙය වෙබ් අඩවි නිර්මාණය කරන අයටනම් මාර වැදගත් කියල මම හිතනවා.
මේ මෘදුකාංගය තුලින් තමන්ගේ වෙබ් අඩවියේ පිටුවක් හෝ කිහිපයකට මුරපද ලබාදීමට පුලුවන්.එවිට වෙබ් පිටුව නරඹන්නාහට ඔහුගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුල් කලහොත් පමනක් එම පිටුව නැරඹීමට අවස්ථාව උදාකර දීමට අඩවිය හිමිකරුට හැකියාව පවතිනු ඇත.එනම් සාමාජික පිටුවක් ආරම්ඹ කිරීමට හොඳ මෘදුකාංගයක් මෙය.හරි වැඩි කතා නැතුව මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල බලමු .

මුලින්ම එම මෘදුකාංගය ඔබ පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
දැන්පහල 1 රූපය බලන්න.මෘදුකාංගය ස්ථාපනය කර විවුර්ථ කල පසු මෙසේ දක්නට ලැබේ.එවිට නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න.

දැන් 2 වන රූපයේ මෙන් දිස්වේවි.

මෙතනදී Lock html files යන්න තෝරා Add file ක්ලික් කරන්න.
ඉන්පසු ඔබගේ අඩවියේ ඔබට ලොක් කිරීමට ඇවැසි html හෝ php පිටුව තෝරා දෙන්න.
ඉන්පසු නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න.

එවිට 3 වන රූපය මෙන් දිස්වේවි.

මෙතනදී Single mode හෝ Mulit user mode යන්න තෝරාදිය හැක.
Single mode ::- මෙයින් අදහස් වනුයේ  තනි පුද්ගලයෙකු සඳහා පමනක් පිටුව සුරක්ශිත කිරීමක් පමනි.
Mulit user mode ::- මෙයින් අදහස් වනුයේ පුද්ගලයින් ගොඩකට එනම් පුද්ගලයින් විශාල ප්‍රමානයකට සම්බන්ද වියහකි ක්‍රමයි.

එතනින් ඔබට කැමති එකක් තෝරාගෙන එම වින්ඩෝවේම පහලින් ඇති Add user බටනය ක්ලික් කරන්න.

එවිට 4 වන රූපය මෙන් දිස්වේවි.

මෙතනදී සාමාජිකයාගේ පරිශීලක නාමය සහ මුරපදය සඳහන් කලයුතුය.මෙතනදී සාමාජිකයා මුරපදයක් ලබා නොදුන්නේ නම්, මම  මේ වින්ඩෝවේ රතු පැහැයෙන් සලකුනු කර ඇතිතැන එකවරක් ක්ලික් කරන්න.
එවිට මෘදුකාංගය විසින් මුරපදයක් සකසා දෙනු ඇත.සාමාජිකයගෙ ඉතිරි තොරතුරු ඊට යටින් සඳහන් කරන්න.ඉන්පසු Ok කිලික් කර Next ක්ලික් කරන්න.

එවිට ඔබට 5 රූපය මෙන් දිස්වේවි.

මෙතනදී Protection Type තැන ඔබට රිසි අයුරින් සකසා ගත හැක.
ඊට පහලින් තිබෙන තැන වැදගත්.මෙතනදී පරිශීලකයා යම් හෙයකින් වැරදියට මුරපදය හෝ නාමය පාවිච්චි කලේනම් ඒබව දැනුම්දෙන පනිවුඩය මෙතනින් සකසා ගත හැක.
invalid password! යන තැනට ඔබට ඇවැසි වචන පෙලක් ලබා දිය ඇක.නමුත් යුනිකේතනම් භාවිතා කල නොහැක,මා දන්න විදිහට.
නැතහොත් කොළ පැහැයෙන් ඇති තැනට තමන් නිර්මාණය කල error පිටුවක් ලබාදිය හැක.
තවත් වෙනස්කම් කිරීමට මෙහි ඉඩ සලසා තිබේ.එය ඔබට බාරයි.
ඉන්පසු Next ක්ලික් කරන්න.

එවිට 6 රූපය මෙන් දිස්වේවි.

මෙතනින් සිදුකරනුයේ පරිශීලක පුවරුවේ Style එක වෙනස් කරනවානම් එය සිදුකල හැක.නැහිනම් වෙනත් Style එකක් එක් කරගන්නත් පුලුවන්.ඔබ Style එක තෝරාගෙන Next ක්ලික් කරන්න.

එවිට 7 රූපය මෙන් දිස්වේවි.

මෙතනදී  Lock යන බටනය ක්ලික් කරන්න.දැන් ඔක්කොම වැඩ ඉවරයි.
ඉන්පසු Exit ක්ලික් කර ඔබ ලබාදුන් html හෝ php පිටුව Open කර බලන්න.ඉන්පසුව ඔබගේ web host එකට upload කරන්න.

මෙම ළිපිය ගැන අදහසක් දාලම යන්න.