2010-12-02

..:: වෙබ් නිර්මාණ කරුවන්ට වැදගත් මෘදුකාංගයක් ::..

ඔයාලට අද මම වැදගත් මෘදුකාංගයක් ගෙනාවා.මෙය වෙබ් අඩවි නිර්මාණය කරන අයටනම් මාර වැදගත් කියල මම හිතනවා.
මේ මෘදුකාංගය තුලින් තමන්ගේ වෙබ් අඩවියේ පිටුවක් හෝ කිහිපයකට මුරපද ලබාදීමට පුලුවන්.එවිට වෙබ් පිටුව නරඹන්නාහට ඔහුගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුල් කලහොත් පමනක් එම පිටුව නැරඹීමට අවස්ථාව උදාකර දීමට අඩවිය හිමිකරුට හැකියාව පවතිනු ඇත.එනම් සාමාජික පිටුවක් ආරම්ඹ කිරීමට හොඳ මෘදුකාංගයක් මෙය.හරි වැඩි කතා නැතුව මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල බලමු .

මුලින්ම එම මෘදුකාංගය ඔබ පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
දැන්පහල 1 රූපය බලන්න.මෘදුකාංගය ස්ථාපනය කර විවුර්ථ කල පසු මෙසේ දක්නට ලැබේ.එවිට නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න.

දැන් 2 වන රූපයේ මෙන් දිස්වේවි.

මෙතනදී Lock html files යන්න තෝරා Add file ක්ලික් කරන්න.
ඉන්පසු ඔබගේ අඩවියේ ඔබට ලොක් කිරීමට ඇවැසි html හෝ php පිටුව තෝරා දෙන්න.
ඉන්පසු නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න.

එවිට 3 වන රූපය මෙන් දිස්වේවි.

මෙතනදී Single mode හෝ Mulit user mode යන්න තෝරාදිය හැක.
Single mode ::- මෙයින් අදහස් වනුයේ  තනි පුද්ගලයෙකු සඳහා පමනක් පිටුව සුරක්ශිත කිරීමක් පමනි.
Mulit user mode ::- මෙයින් අදහස් වනුයේ පුද්ගලයින් ගොඩකට එනම් පුද්ගලයින් විශාල ප්‍රමානයකට සම්බන්ද වියහකි ක්‍රමයි.

එතනින් ඔබට කැමති එකක් තෝරාගෙන එම වින්ඩෝවේම පහලින් ඇති Add user බටනය ක්ලික් කරන්න.

එවිට 4 වන රූපය මෙන් දිස්වේවි.

මෙතනදී සාමාජිකයාගේ පරිශීලක නාමය සහ මුරපදය සඳහන් කලයුතුය.මෙතනදී සාමාජිකයා මුරපදයක් ලබා නොදුන්නේ නම්, මම  මේ වින්ඩෝවේ රතු පැහැයෙන් සලකුනු කර ඇතිතැන එකවරක් ක්ලික් කරන්න.
එවිට මෘදුකාංගය විසින් මුරපදයක් සකසා දෙනු ඇත.සාමාජිකයගෙ ඉතිරි තොරතුරු ඊට යටින් සඳහන් කරන්න.ඉන්පසු Ok කිලික් කර Next ක්ලික් කරන්න.

එවිට ඔබට 5 රූපය මෙන් දිස්වේවි.

මෙතනදී Protection Type තැන ඔබට රිසි අයුරින් සකසා ගත හැක.
ඊට පහලින් තිබෙන තැන වැදගත්.මෙතනදී පරිශීලකයා යම් හෙයකින් වැරදියට මුරපදය හෝ නාමය පාවිච්චි කලේනම් ඒබව දැනුම්දෙන පනිවුඩය මෙතනින් සකසා ගත හැක.
invalid password! යන තැනට ඔබට ඇවැසි වචන පෙලක් ලබා දිය ඇක.නමුත් යුනිකේතනම් භාවිතා කල නොහැක,මා දන්න විදිහට.
නැතහොත් කොළ පැහැයෙන් ඇති තැනට තමන් නිර්මාණය කල error පිටුවක් ලබාදිය හැක.
තවත් වෙනස්කම් කිරීමට මෙහි ඉඩ සලසා තිබේ.එය ඔබට බාරයි.
ඉන්පසු Next ක්ලික් කරන්න.

එවිට 6 රූපය මෙන් දිස්වේවි.

මෙතනින් සිදුකරනුයේ පරිශීලක පුවරුවේ Style එක වෙනස් කරනවානම් එය සිදුකල හැක.නැහිනම් වෙනත් Style එකක් එක් කරගන්නත් පුලුවන්.ඔබ Style එක තෝරාගෙන Next ක්ලික් කරන්න.

එවිට 7 රූපය මෙන් දිස්වේවි.

මෙතනදී  Lock යන බටනය ක්ලික් කරන්න.දැන් ඔක්කොම වැඩ ඉවරයි.
ඉන්පසු Exit ක්ලික් කර ඔබ ලබාදුන් html හෝ php පිටුව Open කර බලන්න.ඉන්පසුව ඔබගේ web host එකට upload කරන්න.

මෙම ළිපිය ගැන අදහසක් දාලම යන්න.

4 comments:

  1. මේකත් ගන්න බෑ...
    Sorry, we are unable to retrieve this document.

    ReplyDelete
  2. එම මෘදුකාංගය ඔබගේ අදහසින් පසුවද මම Download කල.එම ලින්ක් එකහොදටම වැඩ කරනවා.තව වරක් උත්සහ කරන්න.නැතහොත් ඔබගේ විද්‍යුත් ලිපිනය මඟින් tllankaweb@gmail.com ලිපිනයට mail එකක් එවන්න.මම එම software එක ලබාදෙන්නම්.ස්තූතියි.

    ReplyDelete
  3. error akak anawa
    Sorry, we are unable to retrieve this document.

    ReplyDelete
  4. indika @

    namuth mama obage comment eka dekka gamanuth software eka download kala passnayak nethuwa.download karannama amarunam tllankaweb@gmail.com mail address ekata obagei uwamanawai address ekai liyala ewanna.mama software eka mail karannam.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...