Showing posts with label වෙද මැදුර-වෙදකම්. Show all posts
Showing posts with label වෙද මැදුර-වෙදකම්. Show all posts

2014-12-10

..:: නිකං මහන්සියි වගේ දැනෙනවද, ඒකට හොඳම පිළිතුර මෙන්න::..

ඇඟට නිකං මහන්සියි වගේ දැනෙනවද



ඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. මේ වෙහෙසකාරී බවට එසේත් නැතිනම් තෙහෙට්ටුවට හේතුව බොහෝවිට වැඩපළ අධිකකම සහ නිදිවැරීමයි. තවත් සමහර කෙනකුට මානසිකව ඇතිවන අවපීඩනය හෝ කාන්සාව ඇඟපතේ වෙහෙසකර බව ඇති කරයි. ජීවත්වන පරිසරය හා ජීවන රටාව ද මීට ‍හේතු වෙයි.

දෛනික රාජකාරී කටයුතු මෙන්ම ගෙදර දොර වැඩපළ අතපසු කරන මේ වෙහෙසකාරී බවින් අත්මිදෙන්නට පුළුවන්ද? ඊට බලපාන වෙනත් හේතු සාධක මොනවාද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.



නිතර ඇතිවන විඩාබර ස්වභාවයට බලපාන කායික රෝග තිබෙනවා ද?

ඔව්. රෝගාබාධ කීපයක්ම ඊට හේතු විය හැකියි. ඇඟ වෙහෙසවා වැඩක් නොකළ ද, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු නම් ඇඟට තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පුළුවන්. විවිධ වෛරස් ආසාදන මෙන්ම රක්ත හීනතාවය නිසා ද ශරීරය තළා පෙළා දැමුවා වැනි ස්වභාවයක් දැනිය හැකියි. එම රෝගීන් තමන්ට ඇති රෝගය හඳුනාගෙන ඊට ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිරුරට ඇතිවන එවැනි අපහසුතා මඟ හරවා ගත හැකියි.



රක්තහීනතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවා ද?

නිතර ඇතිවන ක්ලාන්තය මෙන්ම ඇඟ සුදුමැලි ස්වභාවයක් ගැනීම සමඟම විඩාබර ගතියක් දැනේ නම් ඊට හේතුව රක්තහීනතාවය විය හැකියි. අප ගන්නා ආහාරයෙහි යකඩ, විටමින් බී - 12 හෝ ෆෝලික් අම්ලය අඩුවීම රක්ත හීනතාවයට බලපාන හේතු සාධක. මෙහිදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් සිදුවන නිසා රුධිර මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවී යයි.

එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාම සඳහා හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදු වේ. සුළු වැඩක් පළක් කළ ද මහන්සි ගතියක් ඇතිවන්නේ ඒ නිසයි.



දිගින් දිගට සිදුවන රුධිර වහනයත් රක්තහීනතාවයට බලපානවා ද?

ඔව්. සිරුරෙන් දිගින් දිගටම රුධිර වහනයක් වේ නම් එය ද රක්තහීනතාවයට හේතු විය හැකියි. සමහර කාන්තාවන්ට ආර්තවය නිසා අධික ලෙස රුධිර වහනය වෙනවා. එවැනි තත්ත්වයක දී ද රක්ත හීනතාවය ඇතිවිය හැකියි. කොකු පණු රෝගය ද තවත් හේතුවක්. තමන් රක්ත හීනතාවයෙන් පෙළෙනවා ද යන්න සරල රුධිර පරීක්ෂාවක් මඟින් හඳුනා ගත හැකියි. ඉන්පසු එය ඇතිවීමට බලපෑ හේතුවට ප්‍රතිකාර ගැනීමෙන් හා නිසි ආහාර රටාවකට හුරුවීමෙන් රෝගය මෙන්ම විඩාබර ස්වභාවය ද මඟ හරවා ගත හැකියි.



තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් නිසා සිරුරට වෙහෙසකර බවක් තෙහෙට්ටුවක් ඇතිවන බව හඳුනාගන්නේ කෙසේ ද?

සිරුරේ බර වැඩිවීම, සම හා කටහඬ ගොරෝසු වීම, හිසෙහි කෙස් තුනී වේගන යාම, නිතර සීතල ගතිය දැනීම ආදී රෝග ලක්ෂණ සමඟ ඇඟට තෙහෙට්ටුවක් දැනේ නම් එම පුද්ගලයාට හටගෙන ඇත්තේ බොහෝ විට තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගයක් විය හැකියි.

අපගේ සිරුරේ උෂ්ණත්වය සහ ක්‍රියාකාරිත්වයේ වේගය උදාහරණ ලෙස හෘද වේගය සහ නාඩි වේගය වැනි දේ පාලනය කෙරෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපදවන තයිරොක්සීන් නම් හෝමෝනය මඟින්. එම හෝමෝන ශ්‍රාවය අඩු වී විට නාඩි වේගය සහ ස්වසන වේගය අඩු වී යයි. මලබද්ධය ඇතිවෙයි. හිසෙහි කෙස් තුනී වී යයි. ඒ සමඟම සීතල දරා ගැනීමේ හැකියාව ද අඩු වී යයි. සිරුරට විඩාබර ස්වභාවයක් ඇතිවෙයි. රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් එම තත්ත්වයන් මඟ හරවා ගත හැකියි. නිවැරැදිව රෝගය හඳුනා ගත්තා නම් ප්‍රතිකාරය ද ඉතා සරලයි. දිනපතා තයිරොක්සින් පෙති ගැනීමෙන් රෝගය සුවකළ හැකියි.



වෛරස් ආසාදන හා සිරුරේ තෙහෙට්ටු ගතිය සමඟ ඇති සම්බන්ධතාවය කුමක් ද?

බෝවන සෙංගමාලය වෛරස් රෝගයක්. කාමලකාව හෙවත් බෝවන සෙංගමාලය ඇති වීමේ මුල් අවස්ථාවේ දී සිරුරට විඩාබර ගතියක් ඇතිවෙයි. කෑම අරුචිය, ඇඟ සහ ඇස් කහපාට වීම, මුත්‍රා තද කහ පැහැවීම වමනය සහ උණ ඇති වන්නේ ඉන් පසුවයි.

සෙම්ප්‍රතිශ්‍යාව හා වෙනත් වෛරස් උණ සෑදීමෙන් පසුව ද ඇඟට තෙහෙට්ටුව දැනිය හැකියි. රෝගය සුව වුවද ඉන් සම්පූර්ණයෙන් සුවය නොලැබුවා සේ රෝගියාට දැනෙයි. මාංශපේශීන් ගේ වේදනාව, හිසරදය, ක්ලාන්තය හා කරකැවිල්ල මෙන්ම මානසික අවපීඩනයක් ද වෛරස් උණකට සති දෙකකට පමණ පසුව රෝගියාට දැනෙන්නට පුළුවන්. මීට අමතරව අප සිරුරෙහි උෂ්ණත්වය වැඩි කරන ඕනෑම ආකාරයේ ආසාදනයක් නිසා සිරුරට විඩාබර ගතියක් දැනිය හැකියි.

පෙණහලුවල සැරව ගෙඩි හෝ ක්ෂය රෝගය වැලඳුණ රෝගීන්ට, නියුමෝනියාව වැලඳුණ රෝගීන්ට අධික තෙහෙට්ටුවක් දැනෙයි. මීට අමතරව කැස්ස ආහාර අරුචිය, සහ හුස්ම ගන්නා විට පපුවේ වේදනාව ද ඇතිවෙයි. එම රෝගයන්ට ද නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සිරුරේ වෙහෙසකර බව මඟ හරවා ගත හැකියි.



දියවැඩියා රෝගීන්ට නිතර විඩාබර බවක් දැනෙනවා කියන්නේ ඇයි?

දියවැඩියා රෝගයේ දී අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන, ඉන්සියුලින් හෝමෝනය අඩු වෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩි වී, මුත්‍රා සමඟ සීනි පිට වෙනවා. එවිට ශරීරය කෙට්ටු වී අධික විඩාබර ගතියක් දැනෙනවා. මෙම රෝගී තත්ත්වයන් කලින් හඳුනාගෙන ප්‍රතිකාර ගත්තේ නම් ඉදිරියේ දී ඇතිවිය හැකි අයහපත් සංකූලතාවන් ගෙන් වැළකී සිටිය හැකිය. මෙම රෝගී තත්ත්වය ද සරල රුධිර පරීක්ෂාවක් මඟින් හඳුනාගත හැකියි.



මානසික අවපීඩන රෝගීන්ට නිතර නිතර සිරුරේ වෙහෙසකර බවක් දැනෙනවා කියන්නේ ඇත්ත ද?

ඔව්. මානසික අවපීඩන හෙවත් විශාදයේ ප්‍රධාන රෝග ලක්ෂණයන් වන්නේ තෙහෙට්ටුව, ආහාර අරුචිය, නින්ද නොයාම හෝ අධික නිදිමත වැනි තත්ත්වයන්. ඊට අමතරව මනසේ ඒකාග්‍රතාව නැතිවී යාම, ජිවිතය එපා වූවා සේ දැනෙන හැඟීම, හිසරදය, කාන්සාව සහ හැඬීම මානසික අවපීඩනයේ අනෙකුත් රෝග ලක්ෂණයන්. ඇතැම් රෝගීන්ට පේශි විඩාව සහ වේදනාව, මලබද්ධය, පපුවේ සහ උදරයේ වේදනාව ද ඇතිවිය හැකියි. සුදුසු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීමෙන් රෝගය සහ ඒ නිසා හටගන්නා තෙහෙට්ටුව ආදි රෝග ලක්ෂණයන් මඟ හරවා ගත හැකියි.



ඇඟට දැනෙන විඩාවට කාන්තාවන්ගේ ආර්තවහරණයත් බලපානවා ද?

සාමාන්‍යයෙන් කාන්තාවක් අවුරුදු 45 - 50 අතර කාලයේ දී ආර්තවහරණයට ලක්වෙනවා. ඒ සමඟම ඩිම්බ කෝෂවලින් ‘ඊස්ට්‍රජන්’ හෝමෝනය නිෂ්පාදනය කිරීම ද ඇනහිටිනවා. සිරුරේ තෙහෙට්ටුව හේතුව එයයි. සමහර කාන්තාවන්ට ආර්තවය ඇතිවීමට සති දෙකකට හෝ දින කීපයකට පෙර සිටම සිරුරේ විඩාබර ගතියක් දැනිය හැකියි. එය Premenstrual Syndrome නමැති රෝගී තත්ත්වය නිසා ඇතිවන ස්වභාවයක්. රෝග ලක්ෂණ මතුවන කාලයේ දී සිරුරට අඩු වී ඇති හෝමෝනය ලබා දීමෙන් රෝග ලක්ෂණවලින් මිදිය හැකියි. ඊට අමතරව කාන්තාව වයස්ගත වීමත් සමඟම රෝග ලක්ෂණ ක්‍රමයෙන් මඟ හැරී යයි.



ගර්භණී බව නිසාත් සිරුරට විඩාබර ගතියක් දැනෙනවා ද?

කෙනෙකුගේ සිරුරෙහි ඇති හෝමෝන මට්ටම ඉහළ පහළ යාම එසේත් නැතිනම් අඩු වැඩි වීම නිසා සිරුරට තෙහෙට්ටුවක්, වෙහෙසකර බවක් ඇතිවන බව සොයා ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් පළමු මාස තුනේ දී ගැබිනි මවකගේ සිරුරෙහි ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ හෝමෝන ප්‍රමාණයන්ගේ වෙනස් වීම්. එය සිරුරෙහි තෙහෙට්ටු ගතියට බලපානවා. ඇතැම් විට කාන්තාවක් ගැබ් ගෙන ඇති ද යන්න මුත්‍රා පරීක්ෂාවක් මඟින් ස්ථිර කිරීමට පෙර සිටම වුවද ඒ තත්ත්වය ඇතිවිය හැකියි.



සමහර රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග නිසා සිරුරට තෙහෙට්ටු ගතියක් දැනෙනවා කියන්නේ ඇත්ත ද?

ඔව්. පෙති, දියර හෝ එන්නත් මඟින් ලබා ගන්නා බොහෝ ඖෂධ වර්ගවල අතුරු ප්‍රතිඵලයක් ලෙස තෙහෙට්ටුව ඇතිවිය හැකියි. සමහර වේදනා නාශක මෙන්ම අධි රුධිර පීඩනය භාවිත කරන ඖෂධ නිසා සිරුරට විඩාබර බවක් ඇතිවෙයි. මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගීන්ට ලබා දෙන ඖෂධ මෙන්ම කාන්සාව පාලනය කිරීමට දෙන (Tranquillizers) ඖෂධ නිසාත් තෙහෙට්ටු ගතිය හා නිදිමත ස්වභාවයක් ඇතිවෙයි.

එමෙන් ම නිර්වින්දන තත්ත්වයන් යටතේ ශල්‍යකර්මයකට භාජනය වූයේ නම් එම ඖෂධ නිසා ද සති තුන හතරක් යනතුරු සිරුරට තෙහෙට්ටු ගතියක් දැනෙන්නට පුළුවන්. ඒ සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. දින කිහිපයක් ගතවීමේදී එම තත්ත්වය ක්‍රමයෙන් මඟ හැරී යයි.



කෙටි කාලයක් තුළ සිරුරේ බර අඩුවී, කෙට්ටු වී යාම නිසාත් වෙහෙසකර බවක් ඇතිවනවා ද?

ඔව්. අපගේ ශරීරයෙහි බර පාලනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අන්තරාසර්ග පද්ධතියයි. මොළයෙහි පිහිටි පිටුයටරි ග්‍රන්ථිය මඟින් අන්තරාසර්ග පද්ධතිය අයත් ග්‍රන්ථීන් වන තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ලිංගික හෝමෝන නිෂ්පාදන ග්‍රන්ථීන් පාලනය කරයි. හෝමෝන ශ්‍රාවය කරන ග්‍රන්ථීන්හි රෝගී තත්ත්වයන් නිසා කෙටි කාලයක් තුළ එසේ බර අඩු වැඩි වීමට පුළුවන්. එමෙන් ම අධික විඩාව ද දැනිය හැකියි. මීට අමතරව අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාව අඩු වී ගිය විට සිරුරෙහි ස්ටීරොයිඩ් නමැති හෝමෝන ශ්‍රාවය අඩු වී විඩාව ඇති විය හැකියි.



ඉගෙනුම ලබන දරුවන් පමණට වඩා නිදි වැරීමත් ශාරීරික විඩාවට හේතුවක් ද?

ඔව්. එය අනිවාර්ය හේතුවක්. විශේෂයෙන් කුඩා දරුවන්ට පවා (ශිෂ්‍යත්වය සඳහා සූදානම් වන) ප්‍රමාණවත් නින්දක් නොලැබීම දැකිය හැකි කනගාටුදායක තත්ත්වයක්. මවුවරුන්ගේ බල කිරීමට දරුවන් නිදි වරාගෙන පාඩම් කරනවා. එහෙත් එය පල රහිත ක්‍රියාවක් වන්නේ එසේ පාඩම් කරන කිසිවක් දරුවන්ගේ සිතෙහි ධාරණය නොවන නිසයි. මේ වයසේ දරුවකුට පැය දහයක දොළහක තරම් නින්දක් ලැබිය යුතුයි. සාමාන්‍ය පෙළ කරන දරුවකු නම් අඩුම තරමේ දිනකට පැය 8 - 10 ක් අතර නින්දක් හා උසස් පෙළ හදාරන දරුවකු පැය 6 - 8 ක් අතර නින්දක් ලැබිය යුතුයි. කඩින්කඩ නිදා ගැනීම ද ප්‍රශ්නයක් නොවේ.

හොඳ නින්ද කායික මෙන්ම මානසික නිරෝගී බවට ද හේතුවක්. ප්‍රමාණවත් නින්දකින් ධාරණ ශක්තිය වැඩිවන අතර සිරුරෙහි තෙහෙට්ටු ගතිය ද මඟ හැරී යයි. නිදාගන්නා කාලය තමන්ට සුදුසු පරිදි වෙන්කර ගත හැකි අතර දහවල් නිදා ගැනීම ද ගැටලුවක් නොවේ.



මත් වතුර පානය හා දුම්පානය කරන අයට සිරුරේ විඩාබර ගතිය වැඩි ද?

දුම්පානය කරන අයට වඩා එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි වන්නේ මත් වතුර බොන අයටයි. මත් වතුරට ඇබ්බැහි වූ අය මත් වතුර නොබී සිටින අවස්ථාවල ඇඟපත වේදනාව ගැන නිරන්තරයෙන් මැසිවිලි නඟනවා. ඒ නිසාම නැවතත් එම ක්‍රියාවට පෙලඹෙනවා. ඇඟපතේ වේදනාව සමනය කිරීමට යැයි කියමින් මත් වතුරට ඇබ්බැහි වීමෙන් සිදු වන්නේ තව තවත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීමයි. විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමයි.

එමෙන්ම අධික ලෙස මත්පැන් පානය නිසා ද, සිරුරට අවශ්‍ය ආහාර නිසි ලෙස නොලැබී යයි. එමඟින් ද පෝෂණ ඌණතා ඇතිවී ඈලිමෑළි දුබල ගති ඇතිවිය හැකියි. අක්මාව රෝගාතුර වීමත්, ආමාශයේ රුධිර වහනයත් නිසා මත් වතුර පානය කරන අයගේ තෙහෙට්ටුව තවත් වැඩිවෙයි. එම ප්‍රශ්නයට එකම විසඳුම මත්පැනින් තොරවීම හා සමබල ආහාර අනුභවයකට හුරු වීමයි.

රුධිර පීඩනය වැඩි අයටත් තෙහෙට්ටු ස්වභාවයක් දැනෙනවා ද?

එවැනි රෝගීන්ට විඩාබර ගතියක් දැනෙනවා නම් ඊට හේතුව ඖෂධවල බලපෑමක් විය හැකියි. රුධිර පීඩනය වැඩි වූ පමණින් විඩාබර ස්වභාවයක් ඇති නොවෙයි.



සිරුරේ වෙහෙසකර බව සහ අප ගන්නා ආහාර අතර සම්බන්ධතාවක් තිබෙනවා ද?

සුවිශේෂී සම්බන්ධතාවක් තිබෙනවා. ශරීරයේ ශක්තිය නිෂ්පාදනය සඳහා ආහාර අවශ්‍ය වෙයි. ආහාර නොගත් විට ශක්තිය ලබාගත යුතු වන්නේ සිරුරේ තැන්පත් කර ඇති ආහාර (තෙල් ස්ථරය) දියර ශක්තිය බවට පත් කිරීමෙන්. මෙය ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් නිසා එමඟින් ශක්තිය ලබා ගැනීමට යාමේ දී සිරුරට විඩාව එසේත් නැතිනම් තෙහෙට්ටුව ඇතිවෙයි.

අපගේ සිරුරට අවශ්‍ය ශක්තිය ඉක්මනින් ලබාගත හැක්කේ සීනි හා පිටි වර්ග අනුභව කිරීමෙන්. ඊට අමතරව තෙල් වර්ග, ප්‍රෝටීන, ලවණ වර්ග සහ විටමින් ද අවශ්‍ය වෙයි. යකඩ සහ විටමින් ඌනතාව නිසා හටගන්නා රක්තහීනතාවය නිසා ද පෙර සඳහන් කළ පරිදි විඩාබර බව ඇතිවිය හැකියි.

ප්‍රෝටීන අධික එහෙත් කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර වැඩිපුර අනුභවය කිරීම නිසා ද වෙහෙසකර බවක් ඇතිවිය හැකියි.

Silumina 2014-05-25
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
රමණී සුබසිංහ

මෙය උපුටා ගනු ලැබුවේ :-http://www.dosthara.lk

2013-12-19

..:: කාන්තාවන්ට වැදගත් ළිපි-යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වන කැසීම ::..

සිප්සල ඔබට ලඟ ලඟම තම සෞඛයය නිවැරදිව පවත්වාගන්න උදවු වන ළිපි පෙලක් ඉදිරිපත් කලා.අදත් කාන්තාවන්ට ඉතා වැදගත් වන ළිපියක් ඉදිරිපත් කරන්න යන්නෙ.


යෝනි මාර්ගය ආශ්රිතව ඇති වන කැසීම (Pruritus vulva)
මෙය සුලබව දැකිය හැකි රෝග තත්වයකිමෙහිදී යෝනි මර්ගයට පිටතින් ඇති සමකැසීමට ලක් වේ.බොහෝ කාන්තාවන්ට කලින් කලට මෙම තත්වයට මොහුණ දීමටසිදුවේනමුත් මෙය රෝග තත්වයක් ලෙස සැලකෙන්නේ කාල්යක් තිස්සේ දිගටමපවතින් කරදරකරී වූ විටය.  කසන ස්වභාවය රාත්රියේදී ඔබේ නින්දට බාධා වනතරමටම උග් විය හැකමෙය නෑම වයස් කාණ්ඩයක් කාන්තාවකට ඇතිවියහැකප්රතිකාර ක්රම අදාල හේතුව ඉලක්ක කරගෙන කරනු ලබන අතරකැසීම අවමකිරීමට සාමාන් ප්රතිකාර ක්රම කිහිපයක්ද ඇත.
 
මෙම ළිපියේ කොටසක් පමනක් බ්ලොගය තුල දිස්වෙන අතර ළිපිය සම්පූර්ණව කියවීමට පහත අයිකනය ක්ලික් කර එය ලබාගත යුතුය.

සැ.යු:-මෙය කියවීමට ඔබගේ පරිගනකයේ යුනි කේථ ස්ථපිතව තිබිය යුතුය.

මෙම ළිපිය උපුටා ගත්තේ:-wedananasala.org

2013-12-10

..:: කාන්තාවන්ගේ යෝනිය පරිස්සම් කර ගන්නනම් මෙය කියවිය යුතුම ළිපියකි ::..

යෝනිය ආශ්‍රිතව ඇතිවන පිලිකා 

            යෝනිය යනු ස්ත්‍රින්ගේ බාහිර ලිංගික අවයව පිහිටි ප්‍රදේශයයි මෙහි ඇතිවන පිලිකා වර්ගය මදක්දුලබ පිලිකා වර්ගයකි නමුත් 100000 කට දෙදෙනෙකුට මෙම රෝගය වැලදෙන බව සොයාගෙන ඇත
එසේම මෙය වල්වල් කාසිනෝමා යනුවෙන් හැදින්වේ මෙම රෝගය සැදි‍මට නිශ්චිත හේතුවක් තවම
සොයාගෙන නැතත් පහත සදහන් සාධක ඇති අය රෝගය සැදිමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව
සොයාගෙන ඇත රෝගය සැදිමට අවදානම වැඩි කරන සාධක

සැලකිය යුතුයි

ස්භාවික රූප රාමු සහිතව දීර්ඝ ළිපිය නැරඹීමට පහත අයිකනය ක්ලික් කරන්න.මෙය නැරඹීමට ලබාදෙනුයේ රෝගයකින් වැලකීමට දැනුවත් කිරීමක් මිස අසභය දෑ ප්‍රචාරය කිරීමට ගත් පහත් උත්සහයක් නොවනබව කාරුණිකව සලකන්න.යම් අයෙක් මේ රෝගය වැලඳීමට හසු නොවීම සඳහා මෙවැනි ළිපියක් ඉදිරිපත් කලේ.


2013-11-25

..:: ප්‍රතිජීවක(antibiotics) ඖෂධ භාවිතයේදී ඔබ දැගත යුතුම දේ ::..

ඔබ නැරඹිය යුතුම ළිපියක් යැයි මට සිතුන නිසා දොස්තර ඩොට් කොම් අඩවියෙන් මෙය උපුටා ගන්නා ලදී.



බෝවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවීම විශාල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වූ අවධියක ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම නිසා වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් ඇතිකර මිලියන ගණනක් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවිය. ක්ෂය රෝගය වැනි භයානක බැක්ටීරියාවන් නිසා වැළඳෙන රෝග සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් ප්‍රතිජීවක ඖෂධ නිසා ලැබිණි. මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ යාමත් ආයු කාලය වැඩිවීමත් ඒ මඟින් සිදුවිණ.

එහෙත් අවාසනාවකට බොහෝ දෙනා අනවශ්‍ය ලෙස, හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයට පෙළඹීම නිසා රෝග කාරක බැක්ටීරියාවන් ඖෂධ වලට විරුද්ධව නැඟීසිටීමේ ප්‍රතිරෝධයක් ගොඩනගා ගෙන එම රෝගකාරක ප්‍රතිජීවක ඖෂධ වලින් මර්දනය කළ නොහැකි තත්ත්වයට පත්වී ඇත.


මෙසේ දැනට භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ බොහෝමයක් සඳහා දැනටමත් බැක්ටීරියාවන් ප්‍රතිරෝධයක් ඇති කරගෙන සිටී. මෙය දිගින් දිගටම සිදුවුණහොත් නුදුරු අනාගතයේදී විෂබීජ මර්දනය සඳහා දැනට සොයාගෙන ඇති ප්‍රතිජීවක ඖෂධ වලින් ඵලක් නොවනු ඇත. අතීතයේ ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමට පෙර තිබූ අදුරු යුගයට අප ආයෙත් ඇද වැටෙනු ඇත.


මොනවාද මේ ප්‍රතිජීවක ඖෂධ?

බැක්ටීරියා රෝග කාරක විනාශ කර දමා රෝගය සුවපත් කිරීමට ප්‍රතිජීවක ඖෂධවලට හැකියාවක් ඇත. වෛරස විනාශ කිරීමක් සිදු නොවේ. ඒ නිසා නිතර සහ බොහෝවිට වෛරස මඟින් වැළඳෙන උණ, කැස්ස, උගුරේ අමාරු කණේ ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධවලින් ඵලක් නොවේ. බොහෝ අය කිවිසුමක් ගිය පමණින් උගුර, කණ කැසූ පමණින්, ඇඟපත රුදාවක්, මඳ උණක් දැනුණ පමණින් හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට පෙළඹී ඇත. නොඑසේ නම් ඇන්ටිබයොටික් ලබාදෙන මෙන් වෛද්‍යවරයාට දැඩි බලපෑම් එල්ල කරන අවස්ථා ඇත.

ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන දැනුවත් වීමේ වැරදි ක්‍රියාකලාපවලින් ඉවත්වීමට අප සියලුදෙනා කටයුතු කළ යුතුයි.


මන්දයත් ඉහත ක්‍රියාවල ප්‍රතිඵලය අපට දරාගත නොහැකි භයානක ඉරණමක පෙර නිමිති පහළ වීමක් බැවිණි.


ප්‍රතිජීවක ඖෂධ නිකරුනේ භාවිතයෙන් හා වැරදියට භාවිතයෙන් සිදුවිය හැකි විපාක මොනවාද?


- මුදල් නාස්තිවේ.


- රෝගය සුව නොවේ.

- ශරීරයට හිතකර බැක්ටීරියා විනාශ වී රෝගකාරක තවත් ප්‍රාණවත්ව හිස ඔසවා රෝගය උත්සන්න කරයි.

- මාත්‍රාව හා වාරගණන හිතුමතේ අඩුවෙන් පාවිච්චි කිරීමෙන් දවසේ වැඩි කාලයක් ඖෂධයෙන් ආවරණය නොවන නිසා රෝගකාරක බැක්ටීරියාව යළි පණගසා නැගිටියි. ගුණයක් ලැබු විගසම ඖෂධ අතහැර දැමීමෙන් සම්පූර්ණයෙන්ම ශරීරයෙන් දුරු නොවී ඉතිරි වූ රෝග කාරක බැක්ටීරියා නැවත හිස ඔසවයි. පෙරටත් වඩා භයානක ලෙස ඖෂධවලටත් ප්‍රතිරෝධයක් ඇති කර ගෙන හිස ඔසවයි.

- ඉතිරි වී ඇති පරණ ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් (පෙර රෝගී තත්ත්වයකට වෛද්‍යවරයා නියම කළ ඖෂධ) ආසාදන තත්ත්වයන් හා අනිසි ඵල ලැබියි හැක.

- ඔබේ ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය උපදෙස් නොමැතිව අන් අයට ලබාදීමෙන් ඔහුට අසාත්මිකතා, අනිසි අතුරුඵල ඇතිවීමට ඉඩ ඇත. එය නිර්දේශ කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණි.

(කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි, කායික රෝග විශේෂඥ වෛද්‍ය චමරී වීරරත්න මහත්මියගේ ඖෂධ භාවිතයට අත්වැලක් කෘතිය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරින් සකස් කරන ලදී)


වෛද්‍ය ටී. ටී. සොන්නාදර


සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය,

2013-09-27

..:: ජීවිතය නිරෝගිව පවත්වාගන්න ඕන ඉතා වැදගත් කරුනු 8ක් ::..

සිප්සල යාලුවන්ට අදත් ජීවිතේට වැදගත් දෙයක් ලබාදෙන්න හදන්නෙ.මිනිස් ජීවිතය නිරෝගිව පවත්වාගන්න ඕන කරන ඉතා වැදගත් කරුණු පෙලක් පහතින් තිබෙන්නේ.යහපත් දිවි පෙවතකට මේ කරුනු 8 ඉතා වැදගත් .මෙය උපුටාගත්තේ 

දොස්තර.Com 

අඩවිය පිරික්සීමෙදී.ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත එනවා මේවගේ වැදගත් දේවල් ලබාදෙනවට.
රූප අපැහැදිලි නම් එයමත ක්ලික් කරන්න







2013-06-20

..:: මී උන පිළිබඳව සින්හලෙන්ම දැනගන්න PDF එකක් ::..

මේ දින වල විවිද ප්‍රදේශ වලින් ස්මතුවන රෝගයක් වන මී උන පිළිබඳව සින්හලෙන්ම දැනගන්න PDF එකක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා.www.dosthara.com අඩවියෙන් මෙය ලබාගත්තෙමි.

2013-02-21

..:: සර්පවිෂ පිලිබඳ පොත් පිංච ::..


අද ඔයාලට වැදගත් විද්‍යුත් සිංහලෙන් ලියවුන පොතක් ලබාදෙන්න මට හිතුන.මේ පොත කාටත් එක හා සමානවම වැදගත් වෙයි කියා සිතනවා.සර්පවිෂ පිලිබඳව ළියවුනු පොත් පිංචක්.එක්ස්ප්‍රස් ලංකා අඩවිය තුලින් නිකුත්වී තිබෙන්නේ.මෙය තෙවැනි පොත් පිංචය.මා හට 1,2 සොයාගැනීමට නොහැකි වුනා.පහල අයිකනය ක්ලික් කර එය ලබාගන්න.

2010-09-05

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-3 ::..

ඔන්න අදත් අත්බෙහෙත් සීට්ටුවේ ඉතිරි කරුණු වලින් කොටසක් ඉදිරිපත් කරන්නම්.

පපුවේ කැක්කුමට අත් බෙහෙත්


* නස්නාරං ඇඹුල් මේස හැඳි 2 , සහිඳ ලුණු තේ  හැඳි 2 මිශ්‍ර කර වරින්වර ටික ටික බීමට දෙන්න.
* කුඹුක් පොතු කලං 12 කෂාය කර උදේ / සවස බීමට දෙන්න.
* සහිඳ ලුණු මඳක් බැඳ තල තෙලින් අඹරා පපුවේ ගාන්න.


මුත්‍ර දැවිල්ලට අත් බෙහෙත්


* ජලය වැඩිපුර පානය කරන්න.
* වැල්පෙනෙල කොළ කොටා මිරිකා ගත් යුෂ පානය කරන්න.
* නීරමුල්ලිය ( ඉකිරිය ) තම්බා දිනකට දෙවරක් කෝප්ප භාගය බැගින් පානය කරන්න.
* ඉරමුසු තම්බාගත් පානය දිනකට දෙවරක් පානය කරන්න.


මුත්‍ර පිටකිරීමේදී වේදනාවඇති විට


* කැකිරි ඇට , අක්කපාන සම සමව ගෙන තම්බා දිය පානය කරන්න.
* ලුනුවරණ පොතු , කැකිරි ඇට , නීරමුල්ලිය කලං 4 බැගින් කෂාය උදේ සවස බොන්න.
* තැඹිලි ගෙඩියක් ගෙන කපා වතුර මඳක් අයින් කර රාබු අල පෙති කපා එහි දමා තබා පසු දින උදේ රාබු පෙති පොඩිකර එම වතුර පෙරා පානය කරන්න.
* කළු උක් මද් , ඉඟිනි ඇට , පොල්පලා කලං 4 බැගින් කෂාය කර සීනි , මීපැණි දමා පානයට දෙන්න.


මුත්‍ර සමඟ ලේ යාම


* ගොකටු ඇට චූර්ණය තේ හැඳි 1ක් මී පැණි සමඟ උදේ සවස කෑමට දෙන්න.
* පිපිඤ්ඤා යුෂට උක් ඉස්ම එක් කර පානය කරන්න.
* රණවරා මල් තම්බා පානය කරන්න.


කුෂ්ඨ සඳහා අත් බෙහෙත්


* අමු කහ , කොහොඹ කොළ , තම්බාගත් වතුරෙන් සෝදන්න.
* ඇත්තෝර කොළ , කොහොඹ කොළ , පින්න කොළ , නිදි කුම්බා තම්බාගත් වතුරෙන් සෝදන්න.
* ලුණුවිල තම්බාගත් වතුරෙන් සෝදන්න.
* තිපල් ( අරළු , බුලු , නෙල්ලි ) තම්බාගත් වතුරෙන් සෝදන්න.
* ගංසූරිය පොතු , අමුකහ තම්බාගත් වතුරෙන් සෝදන්න.


මතු සම්බන්දයි.

2010-08-28

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-2 ::..

ගිය වර ළිපියේ ඉතිරි අත් බෙහෙත් පිළිබඳ තවත් කොටසක්.


සාමන්‍ය ඉක්කාවට අත් බෙහෙත්


* දෙහි ඇඹුල් පානය කරන්න.
* වියලි ඉඟුරු කුඩුකර හකුරු සමඟ කන්න.
* දිවුල් දළු,එඛඟි තෙලින් අඹරා ලේහ කරන්න.
* මොණරපිල් පුළුස්සා ගත් අළු මී පැණියෙන් ලේහ කරන්න.


අධික පිපාසයට අත් බෙහෙත්


* නෙළුම් ඇට මද,සූදුරු,නාමල් රේණු,තිප්පිලි සම සමව ගෙන අඹරා සූකිරි හා මී පැණි සමඟ ලේහ කරන්න.


අම්ලපිත්ත රෝගයට අත් බෙහෙත්


* කුරුම්බා , තැඹිලි වතුර හා ඒවහි ලොඳ ගුණදායකයි.
* හාතවාරිය අල යුෂ පානයට සුදුසුය.
* නෙල්ලි යුෂ පානයට සුදුසුය.
* පැණි දොඩම් යුෂ මී පැණි සමඟ  පානය කරන්න.
* කීකිරිදිය යුෂ මී පැණි සමඟ පානය කරන්න.


ග්‍රහණියට අත් බෙහෙත්


* දිනකට දෙතුන් වරක් මෝරු පානය ඉතා ගුණදායකය.
* මුං ඇට තම්බා ගත් වතුර පානයට සුදුසුය.
* දිවුල් මද , බෙලි මද , ඇඹුල් ඇඹිලිය , තම්බා පෙරා ඊට දෙළුම් යුෂ දමා පානය කරන්න.
* ඉඟුරු , අත්තිඩියන් , කළාඳුරු අල කලං 04 බැගින් වතුර පත 8-1ට සිඳ ගත් කෂාය උදේ සවස පානය කරන්න.


සෙංගමාලයට අත් බෙහෙත්


* උක්දඬු , නෙල්ලි , හාතවාරිය කලං 04 බැගින් කෂාය උදේ සවස පානය කරන්න.
* සාරණ , නෙල්ලි , පත්පාඩගම් කලං 04 බැගින් කෂාය උදේ සවස පානය කරන්න.
* අසිවැන්න , පොල්පලා , කෝමාරිකා ම්ද කලං 04 බැගින් කෂාය කිතුල් හකුරු අනුපාන සහිතව උදේ හවස පානය කරන්න.


ඔබගේ අදහස මට මහත් සේ වටිනවා.

2010-08-27

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-1 ::..

ඔන්න අපි කටත් වුවමනා වන නිතර ඇසෙන්නෙ නැති,ගොඩක් දෙනෙක් නොදන්න අත් බෙහෙත් පිළිබඳව ලිපි පෙලක ආරම්බය සනිටුහන් කරන මුල්ම ළිපියයි මේ දිග හැරෙන්නේ.
මෙම ලිපිය මා විසින් අන්තර්ජාලයට මුසු කලද මෙහි කතෘ වෙදැදුරු චන්ද්‍රලතා සමරසේකර මහත්මියයි. ( දේශීය වෙදදුරු ක්‍රම පිළිබඳ ජාතික ආයතනය )
මෙය මා උපුටා ගත්තේ අත් බෙහෙත් නම් පුස්ථකයෙනි.
මෙය හුදෙක් කාගේත් දැනගැනීම පිනිස සයිබර් තලයට එක්කිරීමට මට සිත්විය.


එක ළිපියකින් අත්බෙහෙත් පහක් පමන ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.


සාමාන්‍ය උණට අත් බෙහෙත්

* ඉඟුරු,කොත්තමල්ලි තම්බා සීනි සමඟදිනකට දෙතුන් වරක් පානය කිරන්න.
* වෙනිවැල්ගැට,වියලි ඉඟුරු,කොත්තමල්ලි,දුම්මැල්ල,පත්පාඩගම් එකටදමා තම්බා පානය කරන්න.
* ඉඟුරු,ගම්මිරිස්,තිප්පිලිය,කොත්තමල්ලි තම්බා පානය කරන්න.
* සිරුරේ දැවිල්ල ගතිය ද ඇති විට පත්පාඩගම්,කොත්තමල්ලි තම්බා පානය කරන්න.

අජීර්ණ සහිත උණට

* ඉඟුරු, කොත්තමල්ලි,දේවදාර එළබටු මුල්,කටුවැල්බටු කලං 02 මදට 08 බැගින්ගෙන කෂාය සාදා පානය කරන්න.

පැපොල් සරම්පාදියේදී ඇතිවන උණට
* පත්පාඩගම්,කොත්තමල්ලි තැම්බූ දිය සීනි සමඟ පානය කරන්න.

වමනයට අත් බෙහෙත්

* වියලි ඉඟුරු,වී පොරි සම සමව කුඩුකර සීනි මී පැණි මිශ්‍ර කර කෑමට දෙන්න.
* දිවුල් ඉස්ම මී පැණි සමඟ පානය කරන්න.
* දෙහි යුෂ සීනි සමඟ පානය කරන්න.
වමනයේදී එක්වර වැඩි ප්‍රමාණයක් පානයට නොදී ටික ටික දිය යුතුය.

පණු වමනයට අත් බෙහෙත්

මෙය විශේෂයෙන් කුඩා දරුවන්ට පණු අමාරුව ඇතිවිට කදී දක්නට ලැබෙන ලක්ශනයකි.

* කොහොඹ මුල් කෂාය වී පොරි හා සූකිරි සමඟ පානය කරන්න.
* එරබදු කොළෙ යුෂ මී පැණියේ ලේහ කිරීම මැනවි.
* සස්සඬ මුල් දෙහි ඇඹුලෙන් ගලගා,දෙහි ඇඹුලෙන් දිය කර මී පැණි සමඟ මිශ්‍රකර පානය කරන්න.

අත් බෙහෙත් සීට්ටුවේ තවත් අත් බෙහෙත් සමඟින් අනෙක් ළිපියෙන් හමුවෙමු.
මතුසම්බන්දයි.
ඔබගේ අදහස් දමා යන්න.එය මට මහත් රුකුලක්