2010-09-05

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-3 ::..

ඔන්න අදත් අත්බෙහෙත් සීට්ටුවේ ඉතිරි කරුණු වලින් කොටසක් ඉදිරිපත් කරන්නම්.

පපුවේ කැක්කුමට අත් බෙහෙත්


* නස්නාරං ඇඹුල් මේස හැඳි 2 , සහිඳ ලුණු තේ  හැඳි 2 මිශ්‍ර කර වරින්වර ටික ටික බීමට දෙන්න.
* කුඹුක් පොතු කලං 12 කෂාය කර උදේ / සවස බීමට දෙන්න.
* සහිඳ ලුණු මඳක් බැඳ තල තෙලින් අඹරා පපුවේ ගාන්න.


මුත්‍ර දැවිල්ලට අත් බෙහෙත්


* ජලය වැඩිපුර පානය කරන්න.
* වැල්පෙනෙල කොළ කොටා මිරිකා ගත් යුෂ පානය කරන්න.
* නීරමුල්ලිය ( ඉකිරිය ) තම්බා දිනකට දෙවරක් කෝප්ප භාගය බැගින් පානය කරන්න.
* ඉරමුසු තම්බාගත් පානය දිනකට දෙවරක් පානය කරන්න.


මුත්‍ර පිටකිරීමේදී වේදනාවඇති විට


* කැකිරි ඇට , අක්කපාන සම සමව ගෙන තම්බා දිය පානය කරන්න.
* ලුනුවරණ පොතු , කැකිරි ඇට , නීරමුල්ලිය කලං 4 බැගින් කෂාය උදේ සවස බොන්න.
* තැඹිලි ගෙඩියක් ගෙන කපා වතුර මඳක් අයින් කර රාබු අල පෙති කපා එහි දමා තබා පසු දින උදේ රාබු පෙති පොඩිකර එම වතුර පෙරා පානය කරන්න.
* කළු උක් මද් , ඉඟිනි ඇට , පොල්පලා කලං 4 බැගින් කෂාය කර සීනි , මීපැණි දමා පානයට දෙන්න.


මුත්‍ර සමඟ ලේ යාම


* ගොකටු ඇට චූර්ණය තේ හැඳි 1ක් මී පැණි සමඟ උදේ සවස කෑමට දෙන්න.
* පිපිඤ්ඤා යුෂට උක් ඉස්ම එක් කර පානය කරන්න.
* රණවරා මල් තම්බා පානය කරන්න.


කුෂ්ඨ සඳහා අත් බෙහෙත්


* අමු කහ , කොහොඹ කොළ , තම්බාගත් වතුරෙන් සෝදන්න.
* ඇත්තෝර කොළ , කොහොඹ කොළ , පින්න කොළ , නිදි කුම්බා තම්බාගත් වතුරෙන් සෝදන්න.
* ලුණුවිල තම්බාගත් වතුරෙන් සෝදන්න.
* තිපල් ( අරළු , බුලු , නෙල්ලි ) තම්බාගත් වතුරෙන් සෝදන්න.
* ගංසූරිය පොතු , අමුකහ තම්බාගත් වතුරෙන් සෝදන්න.


මතු සම්බන්දයි.

1 comment:

  1. නියමයි.දිගටම ලියන්න.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...