2010-09-14

..:: සයිබර් අවකාශයම නව නැම්මක් සනිටුහන් කල අඩවියක් ::..

ඔන්න දැන් නව ආරකින් යුතුව සහ නැවුම්ව තම කුලුඳුල් බ්ලොග් කියවය ( සින්ඩිය ) සයිබර් යායට එක් කිරීමට පන්හිඳ බ්ලොග් කතෘ කටයුතු කර ඇත.
මුලින්ම මම ඔහුට සුභ පතන අතර සින්ඩිය පිලිබඳ මගේ අදහස ඉදිරිපත් කිරීමට මම කැමතියි.

පසු ගිය දවසක සුභ මොහොතින් සයිබර් අවකශය සිඹගත් ලාංකීය බ්ලොග් කියවනය අද වනවිට කම්කටොලු මැද්දෙන් සාර්ථකව ඉතා අභිමානයෙන් තම පියවර ටිකෙන් ටික තබමින් ඉදිරියට ගමන් කරන ආකාරයක් පෙන්නුම් කරයි.මෙය පන්හිඳ කතෘට පමනක් උරුම දෙයක් නොව පොදුවේ සෑම දෙනාටම උරුම වූ දෙයකි.කරදර මැදින් , ප්‍රශ්න මැදින් තමයි හොඳ දෙයක් නිර්මාණය වෙන්නේ.

එය කෙසේ වෙතත් සින්ඩිය ගොඩක් හොඳ බවනම් පේනව.සිංහල හා ඉංග්‍රීසි යන භාශා ද්විත්වයෙන් පමනක් බ්ලොග් මෙයට එකතු කල හැකි අතර සින්ඩියේ කතෘ තුමන් කියන පරිදි දමිල භාශාවෙන් බ්ලොග් ඇතුලත් කිරීමට ඉදිරියේදී අවකාශය උදාවනු ඇත යන බවයි.මගෙත් බ්ලොග් අඩවිය සින්ඩියට යොමු කර ඇත.එය හොඳ වේගයක් පවත්වා ගෙන යනව.දෙස් විදෙස් බ්ලොග් ලියන්නන් හා බ්ලොග් කියවන්නන් අතරේ ටිකෙන් ටික ජනප්‍රිය වෙමින් පවතින ලාංකීය බ්ලොග් කියවනයට මාගේ හදපිරි උණුසුම් සුභ පැතුම් නැවතත් පතන අතර මා ආරාදනා කරන්නේ එම සින්ඩියට ඔබගේ බ්ලොගයත් එකතු කරන්න  යනුවෙනි.එතකොට ඔයාලටත් එම සින්ඩියේ ගුණ අගුණ විඳ ගැනීමට පුලුවන.

පහලින් ඇති බැනර දෙකෙන් සින්ඩියට ගමන් කිරීම හා ඔබගේ බ්ලොගය එයට එකතු කිරීමට හැකියාව පවතිනු ඇත.
 
 

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...