2010-11-20

..:: අලුත් තාක්ශණ ක්‍රමයක් ::..

කාලෙකට පස්සෙ ඔයාලව හම්බවෙන්න ආවෙ.මේ දවස්වල වෙබ් සයිට් එකක් නිර්මාණය කරගෙන යනව, ඒකයි පරක්කු වුනේ.

වයර් එකක් යොදා ගනිමින් උපකරණ දෙකක්  අතර දත්තයක් හුවමාරු කිරීමේ කලාව දැන් ටිකෙන් ටික මහලු අවදියට පත්වෙලා.ඒ රැහැන් රහිත එනම් (Wireless) ක්‍රමය නවීන විද්‍යාව විසින් ජනිත කර ඇති නිසාවෙනි.

අද ලෝකයේ භාවිතා කරන වයර්ලස් තාක්ශණ ක්‍රම

**තාක්ශණ වර්ගය**     **එහි තොරතුරු**

*බ්ලූටූත්                                     *මෙම ක්‍රමය භාවිතාකොට අඩි 100ක
                                                   වටප්‍රමානයක දත්ත හුවමාරු කළ හැක.
*යූ එල් පී බ්ලූටූත් හෙවත් වයිබ්‍රි   *මෙමගින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයක් 
                                                    පමනයි හුවමාරු කළ හැක්කේ.
*සිග්බී                                        *මෙහි ඇති ලොකුම වාසිය එකවර
                                                   උපකරණ කිහිපයක් සමඟ දත්ත
                                                   හුවමාරු කරගත හැක.
*එන් එෆ් සී                                *එය ඉතාම දුර්වල විකාශන පරාසක්
                                                   හිමි ක්‍රමයකි.මෙයින් සෙන්ටිමීටර
                                                   කිහිපයක දුර පමනයි දත්ත හුවමාරු
                                                   කළ හැක්කේ.
*වයි ෆයි                                   *මෙම ක්‍රමයනම් ඉතාම වාසිදායකයි.
                                                  මෙයින් පුලුල්පරාසයක ඉතාම
                                                  වෙගයකින් අන්තර්ජාල සබඳතාව
                                                  ලබාගත හැක.
*වයිමැක්ස්                               *මෙය ඉතාම කාර්යක්ශම ක්‍රමයකි.
                                                 මෙය මයික්‍රොවේව් තරංග ආශ්‍රයෙන් ඉතා                      
                                                 වේගවත්ව දත්ත හුවමාරු කරගැනීමට
                                                 මෙන්ම පුලුල් පරාස විහිදෙන ක්‍රමයකි.

මෙවැනි තාක්ශන රාශියක් අභිබවා වාසි රැසක් සමඟින් යූ ඩබ්ලිව් බී (UWB)Ultra Wide Band තාක්ශනය කල එලි බැස තිබේ.
මෙහි විශිශත්වය විශාල දත්ත ගොනු ඉතා අඩු කාළයක් තුල හුවමාරු කිරීමයි.නමුත් මෙහි විකාශන දුරනම් ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ අඩි 30ක පමන දුරක සිට හුවමාරු කරගත හැක.

මෙය යොදා ගනිමින් ඇමරිකාවේ බෙල්කින් සමාගම වයර්ලස් යූ එස් බී හබ් එකක් නිර්මාණය කර ඇත.මෙහි යූ එස් බී උපකරණ ඕනම එකක් සම්බන්ද කළ හැක.

මෙම තාක්ශනය  Ultra Wideband තරංග වලින් ගොඩනැගී ඇත.
එනම් වයර්ලස් කමයට වේගවත්ව දත්ත හුඅමාරු කිරීමට මේ ක්‍රමයට හැකියාව ඇත.
ඔවුන් පවසන අන්දමට මෙගා බයිට් 400 ගොනුවක් මේ ක්‍රමය හරහා යැවීමට නම් තත්පර 90 ගතවෙනවයි කියල.නමුත් මේ ක්‍රමය වයි ෆයි සමඟ සැසඳීමේදී වයි ෆයි ඉතාම දුර්වලයි.වයි ෆයි වලදී මෙගා බයිට් 400 ගොනුව යැවීමට තත්පර 160 ගතවනවා.
ඉතින් යූ ඩබ්ලිව් බී තාක්ශණය විශාල ගොනු හුවමාරුවේදී ඉදිරියෙන් සිටිනවා.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...