2010-11-24

..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-1 ::..


සයිබර් වියමන එදා මෙදාතුර ගොඩ නැංවූයේ ටික ටිකෙන් ටිකය.රට රටවල් එකමුතුවෙන් මෙය මුලු ලොව පුරාම විකාශනය කිරීමට උරදී කටයුතු කර ඇත.එය ලෙහෙසි පහසු ක්‍රියාවක්නම් නොවේ.2010 වසර වන විට තාක්ශණය අතින් සුපිරි තලයකට පියමන් කිරීමට ලෝක වාසීන්ටම හැකියාව උදාවී තිබේ.
තාක්ශණය කෙතරම් දියුණු වූවත් රටක් ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට යොදාගනු ලබන දුරකථන සහ අන්තර්ජාල මාධ‍යයන් ද්විත්වයම සිදු කරන්නේ රැහැන් යොදාගෙන හනන ලද ජාලයක් මගිනි.නමුත් අද ලෝකයේ සන්නිවේදන මාද්‍යය රැහැන් රහිත ක්‍රම වලට හුරුවෙමින් පවතිනු ලබයි.

නමුත් අදටත් ලෝකයේ රට රටවල් දුරකථන සහ අන්තර්ජාලය භාවිතා කරනු ලබන්නේ සාගරය තුල පිහිටුවා තිබෙන විශේෂ රැහැන් ජාලයක්  මගිනි.මෙය යල්පැනගිය ක්‍රමයක් ලෙස ඔබට සිතෙන එක අසාදාරන නැත.මන්ද අද විශ්වය බොහොම දියුනුයි.
මෙම රැහැන් එලා සිදුකරන ජාලයතුල වාසි මෙන්ම අවාසිද එමටය.සාගර ප්ත්ලේ එලා තිබුනද අනාරක්ශිත බවින් වැඩිය.මෙයට නිදසුන්නම් බොහෝය.මේ ඉන් කිහිපයකි.

2008 වසරේ ජනවාරි 30ත් එම වසරේම පෙබරවාරි 03 යන දින 05 ඇතුලත ගල්ෆ් කළාපයේ සිදුවුනු රැහැන් බිඳ වැටීම්.මෙය සිදුවී තිබෙන්නේ නැව් වල නැංගූරම් වල පැටලීමෙනි.මෙම හේතුවෙන් ධනවත් රටවල් කිහිපයකටම අති විශාල ආර්තික පාඩුවක් සිඩුවී අත.එපමනක් නොව අන්තර්ජාල භාවිතා කරන්නන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.එහි සංඛ‍යාත්මක තොරතුරු මෙසේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ග්‍රාහකයින් දාහත් ලක්ශයක් දෙනාට ද , ඉන්දියාවේ ග්‍රාහකයින් කෝටි හයක පිරිසකට ද , පාකිස්ථානයේ ග්‍රාහකයින් එක්කෝටි විසි ලක්ශයකට ද , ඊජීප්තුවේ ග්‍රාහකයින් හැට ලක්ශයකට ද , සයුදි අරාබියාවේ ගරාහකයින් හතලිස් හත් ලක්ශයකට ද , 
ග්‍රාහකයින් වශයෙන් අර්බුදයට මුහුන පෑමට සිදුවී ඇත.

සමාගම් ආශ්‍රිත බිඳ වැටීම් මේසේය.
ඉන්දීය සමාගම් 1250ක වැඩකටයිතු අඩපන වී ඇත.යුරෝපය සමඟ ගනුදෙනු කරන හත් ලක්ශයක් පමන පිරිසට ඔහේ බලා සිටීමට සිදු විය.පෙබරවාරි 01 දින ඉන්දීය කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දැමුනි.

කෙසේ නමුත් දින 10 ති 12 හක කාළය තුල සිදුවූ ආර්ථික පාඩුව දල වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100 කට කිට්ටු ගනනක් වී ඇතිබව සඳහන්ය.
මතුසම්බන්දයි
මෙම ලිපියට විජය පරිගනක සඟරාවෙන් කරුණු උකහාගෙන ඇත.

ලිපියේ ඉතිරි කොටස් ඉක්මනින්ම ඉදිරිපත් කරමි.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...