2016-11-26

..:: VCL player එකෙන් සිංහල උපසිරස බලමු::..

සිප්සල බ්ලොග් එකේ ළිපිනය වෙනස් කරන්න වුනා වයිරස් එකක් නිසා.මෙතැන් පටන් http://sipsalablog.blogspot.com ලෙස ඉදිරියට යමි.

ඔයාලට ලොකු ගැටළුවක් ඇති චිත්‍රපටයක් නැරබීමෙදි [ඉංග්‍රීසි] ,සිංහල උපසිරස නිසියාකාරව වැඩකරන්නෙ නැති උනාම.මෙයට විසඳුම KM Palyer තමයි.නමුත් සමහරු VCL player එකත් පාවිච්චි කරනවනේ.ඉතින් VCL player එකේ සිංහල උපසිරස නිසියාකාරව වැඩ කරන්නෙ නැහැ.එය නිසි අයුරින් සකසා ගන්නෙ කොහොමද බලමු.

පළමුවෙන්ම  Iskoola Pota කියන unicode font එක download කරලා computer එකට install කර ගන්න ඕන

*එම ෆොන්ට් එක C:\Windows\Fonts ෆෝල්ඩර් එකට ගොස් Past කරගන්න.
*VCL player එකේ Preferences වලට ගිහින් (Tools->Preferences)
Show settings කියන එකේ All කියන එක තෝරන්න.
*ඉන් පසු configuration list එකේ යටම තියන Subtiltes/OSD කියන එක උඩ click කරන්න.
*ඉන් පසු දකුණු පැත්තෙන් එන settings වල තියන Text Rendering Module කියන එක freetype2 font render ලෙසට වෙනස් කරන්න.
*දැන් නැවත වම් පස තියන Show settings කියන තැන simple ලෙස වෙනස් කරන්න.
*ඉන් පසු Subtiltes/OSD කියන එක තෝරන්න.
*පසුව Default encoding කියන එක UTF-8 ලෙසටත්,
Font එක Iskoola Pota ලෙසටත් වෙනස් කර save කරන.
*VLC Player එක close කර නැවත open කර ගන්න.

දැන් වැඩේ හරි.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...