2010-10-13

..:: කැමති විදියට බ්ලොග් එකට තීම් හදාගන්න මෙන්න නියම ක්‍රමය ::..

 ඔන්න මම අද ඔයාලට කියන්න යනදේ කාටත් ගොඩක් වැදගත් වනබව සහතිකයි මට.වැඩි කතා නැතුව මම කියන්නම් ඒක.blogspot කරන ඔයාලට , WordPress කරන ඔයාලට , Joomala කරන ඔයාලට , Drupl කරන ඔයාලට,මේ ඕනම කෙනෙකුට තමන්ටම කියල නිදහසේ තීම් එකක් හදාගන්න පුලුවන් (ඇඳුමක් )මේක මෘදුකාංගයක් නමුත් මේක අත්හදා බැලීමේ එකක්.මට මේකෙ කී එකනම් හොයා ගන්න බැරි වුනා.දන්න එක්කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.


අත්හදා බැලීමේ සංස්කරණය ලබාගන්න ඕනනම් පහල ඇති අයිකනය ක්ලික් කරන්න.
මේ ගැන අදහසක් දාලම යන්නකෝ

මෙහි කී එක සහිත ටොරන්ට් ලින්ක් එකක් -HacKrisH- සහෝදරය විසින් එවා තිබෙනවා.(http://softkrintaa.blogspot.com/ )

මමනම් ඒක තාම බාගත්තෙ නැහැ.බලන්නකෝ පහල ලින්ක් එක තියෙයි.ඔයාලත් බාගෙන කියන්නකෝ ගුණ දොස් එහෙම.
-HacKrisH- ට බොහොම ස්තූතියි එය ලබා දුන්නට.
http://extratorrent.com/torrent_download/2307322/Extensoft+Artisteer+v2.5.0.31067+Standard+Edition+Multilanguage+-+Incl.+Keygen+MESMERiZE.torrent

2010-10-10

..:: ඔන්ලයින්ව බැනර් සාදා ඇනිමේශන් කරමු ::..

Banner Maker


ඔයාලට මම අද කියන්න යන්නේ අන්තර්ජාලයේ ඉඳන්ම ලස්සන ඇනිමේශන් බැනරයක් සාදා ගන්න හොඳ අඩවි කිහිපයක් ගැනයි.මෙමඟින් ඔබට කැමති ප්‍රමානයේ විශාල බැනරි හදාගන්න පුලුවන්.පහල ලින්ක් වලට ගිහින්ම බලන්නකෝ.

අදහසක් දාලම යන්නකෝ

2010-10-07

..:: බලන්නකෝ ඉලෙක්ට්‍රොනික් කරන අයට වැදගත් මෘදුකාංගයක් ::..

ඔන්න යාලුවනේ මම අද ඔයාලට දෙන්න යනදේ ඉලෙක්ට්‍රොනික් කරන යාලුවන්ටනම් ගොඩක් වැදගත් මෘදුකාංගයකි.CircuitMaker2000නම් මෘදුකාංගයෙන් පරිපථය ඇඳ ගැනීමට සහ එය නිවැරදිදැයි බලා ගැනීමට පවා පුලුවන.පරිපථ අලුතින් නිර්මණය කරගැනීමටද මෙමගින් හැකියාව ඇත.ඔයාල Download කරල බලන්නකෝ මෙහි Crack එකක්ද සහිතයි.

2010-10-03

..:: WEB අඩවියට හෝ BLOG අඩවියට චැට් රූම් එකක් ::..

 ඔන්න මම ඔයාලට අද කියාන්න යනදේ සමහරුන්නම් දන්නවත් ඇති.මෙය ඔයාලගෙ web site එකට හෝ blog එකට පහසුවෙන් add කරගත හැක.තාම කිවුවෙ නැහැනෙ මොකද්ද කියල,චැට් රූම් (CHAT ROOM ) එකක් තමයි.මේක තමන්ට ඕන විදියට වෙනස් කරමි හදාගන්න පුලුවන්.අනික ඔයාලගෙ trafic එක ඉහල දමා ගන්නත් මේකෙන් පුලුව.මෙතනින් එම web site  එකට යන්න.මෙතනින් යන්න.ඉන්පසු Create බටනය ඔබන්න.ඉන්පසු ඉතිරි වැඩ ටික ඔබ අතේ.දන්නැති දෙයක් Comments තිබේනම් දාන්නකෝ.

2010-09-29

..:: සින්ඩියක පුනර්ජීවය ::..

සින්ඩිකේටර් කියා වචනය අද බ්ලොග් කරුවන් අතර සුලභව අසන්නට ලැබෙන වචනයකි.නමුත් මේ අතරින් වඩාත් හොඳ සින්ඩිය හොයන්නට බ්ලොග් කතෘවරුන් නිතර උත්සුක වනවා.හොඳයි කියල කියන්නට මම උත්සහ ගත්තේ සින්ඩියේ පහසුකම් පිලිබඳවයි.
මම  අද ලිපියෙන් කියන්න යන්නේ පරණි සින්ඩියක පුණර්ජීවයක් පිලිබඳවයි.බ්ලොග් කරුවන් ගොඩක් දෙනෙකු හඳුනන මොබයිල්lk බ්ලොග් කියවනය පසුගිය කාලේ අපට දකින්නට හම්බුනේ නැහැ.එහි හිමිකරු පවසන අන්දමට එය තාවකාලිකව නවතාලීමට සිදුවූයේ එහි සංස්කරණ කටයුතු සිදු කිරීමට තිබූ හෙයින් යන්නය.කෙසේ නමුත් පැරණි සින්ඩිය නව ආරකින් සහ නව පෙනුමකින් ඔබ වෙතට පියනගනු ඇත.එහි හිමිකරු පවසනුයේ ඔවුන් සමඟ අත්වැල් බැඳගන්න එන්න කියාය.
කියවනය වෙත එබී බැලීමට මෙතනින් යන්න.

2010-09-27

..:: අඩවියට මත විමසුමක් දාගන්න ::..

ඔයාලට අඩවි වලට මත විමසුම විජට් එකක් දාගන්න ඕනනම් මෙන්න හොඳ අඩවියක් එතනට මෙතනින් යන්න.ගිහින් එහි ලියාපද්න්චි වෙලා තමන්ට ඕන අයුරින් ලස්සනට සරලව එය හදාගන්න පුලුවන්.ගිහින්ම බලන්නකෝ.

..:: අඩවියට හොඳ විජෙට් එකක් ::..


අද ඔයාලට කියන්න යන්නෙ අඩවියකට හොඳ සේවයක් සපයන තවත් අඩවියකින් නොමිලේම සිදුකරන සේවාවක් පිලිබඳවයි.අඩවියකට යන එන පිරිස කොපමනදකියා සොයාබැලීමට පුලුවන් හොඳ විජට් එකක්.පහලින් තියෙන්නේ එහි රූප රාමුවක්.


එම කාර්යය සිදුකරන්නේ, මුලින්ම මෙතනින් එම අඩවියට යන්න.ඉන්පසු 1කොටුවේ පෙනෙන පරිදි ඔබට රිසි අයුරින් එහි පෙනුම තෝරා පාට වෙනස් කරන්න.ඉන්පසු 2 රූපයේ තිබෙන කෝඩ් එක කොපි (cope) කර ඔබගේ බ්ලොග්යේ HTML/JAVA ගැජට් තෝරාගෙන එයට පේස්ට් (past) කරන්න.

2010-09-26

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට හොඳ මෘදුකාංගයක්....part-2 ::..

ඉලෙක්ට්‍රොනික් කරනකට්ටියට ආයෙත් හොඳ මෘදුකාංගයක් ගෙනාවා.මේක ඉතාම කුඩා මෘදුකාංගයක්.මෙයින් කොයිල් (ට්‍රාන්ස්ෆෝමර් , කෙටි තරංග කොයිල් , මධ‍යම තරංග කොයිල් , )වැනි කොයිල් මැන ගැනීමේ හැකියාව තිබේ.මම මෙතනදි මනිනව කිවුවේ උදාහරණයක් ලෙස ගත්තොත් ට්‍රාන්ස්ෆෝමරයක  කොයිල් වට ගනන සොයා ගන්න ඕනනම් සහ වට ගනන දැනගෙන අපට කොයිලයේ හෙන්ඩ්‍රි ( ප්‍රේරනය ) ගනන දැන ගැනීමට පවා මෙමඟින් පුලුවන.මෙය පාවිචි කිරීමට ඉලෙක්ට්‍රොනික් කරන අය දන්නවා.නමුත් සමහරුන්ට මෙය අපහසුනම් අදහස් දමන්න.මම කියා දෙන්නම්.

2010-09-24

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට හොඳ මෘදුකාංගයක් ::..

අද මම ඔයාලට කියන්න යන්නෙ මෘදුකාංගයක් ගැනයි.නමුත් මෙය වඩාත් වැදගත් ඉලෙක්ට්‍රොනික් කරන අයටයි.ප්‍රතිරෝධක අගය මනින කුඩා මෘදුකාංගයක්.සමහර විට මෙවැනි මෘදුකාංගයක් ඔබගාව දැනටමත් තිබෙන්නට පුලුවන.අරන්ම බලන්නකෝ 



2010-09-21

..:: සීඩී රොම් එකට වැදගත් මෘදුකාංගයක් ::..

මම අද ඔයාලට කියන්න යන්නෙ හොඳ මෘදුකාංගයක් පිලිබඳවයි.මෙය කුඩා මෘදුකාංගයක්. නමුත් මෙයින් අපට සීඩී රොම් එකේ දොර් ඉවතට සහ නෙවත ඇතුලට ගැනීමටද පුලුවන.ඔයාලත් අරගෙනම අදහසක් දමන්නකෝ.

2010-09-19

..:: ත්‍රිමානව චැට් කරන්න ලංකාවෙ හදපු හොඳම අඩවියක් ::..


ලාංකිකයෙකු අතින් නිර්මාණය වුන ලංකාවේ එකම ත්‍රිමාන චැට් කාමරය තුල චැට් කිරීමට දැන් ඔයාලටත් අවස්ථව උදා වෙලා.අමුතුම අත් දැකීමක් විඳගන්න ඔයාලට පුලුවන් ඒ සඳහා ඔයාල එහි ලියාපදින්චි වෙන්න ඕන.අඩවියේ ඇති මෙන්න මේවගෙ අයිකනය ක්ලික් කරන්න.අඩවියට පිවිසීම සඳහා උඩම බැනරය ක්ලික් කරන්න.

අදම අඩවියට පිවිසී අත්දැකීම විඳින්න.එයාල මෙය සකස්ස ඇත්තේ සිංහල භාශාවෙන් වීම තවත් විසේශත්වයකි.

2010-09-17

..:: ඔයාලගෙ වෙබ් සයිට් වලට වැදගත් වන යමක් ::..


අද ඔයාලට මම කියන්න යන්නෙ වෙබ් සයිට් හදන කාටත් ගොඩක් වැදගත් දෙයක් ගැනයි.පෝරම ( FORM ).මේවා තමන්ට කැමති විදියට හදා ගන්න ගියාම හරියාකාරව කරගන්න අමාරුයි.දැන් හරිම ලේසි විදියකට හදාගන්න වෙබ් අඩවියක් තියෙයි.jotform අඩවියට ගොස් ඔබට ගිනුමක් හදාගන්න නොමිලේම.ඒ සඳහා මෙතනින් යන්න.එසේ හදා ගත්ත ගිනුම තුලට ගොස් තමන්ට රිසි සේ තම පේරමය සාදාගත හැක.ඔයාලට මේගැන ප්‍රශ්නයක් තිබේනම් අදහස් දමන්න.

2010-09-14

..:: සයිබර් අවකාශයම නව නැම්මක් සනිටුහන් කල අඩවියක් ::..

ඔන්න දැන් නව ආරකින් යුතුව සහ නැවුම්ව තම කුලුඳුල් බ්ලොග් කියවය ( සින්ඩිය ) සයිබර් යායට එක් කිරීමට පන්හිඳ බ්ලොග් කතෘ කටයුතු කර ඇත.
මුලින්ම මම ඔහුට සුභ පතන අතර සින්ඩිය පිලිබඳ මගේ අදහස ඉදිරිපත් කිරීමට මම කැමතියි.

පසු ගිය දවසක සුභ මොහොතින් සයිබර් අවකශය සිඹගත් ලාංකීය බ්ලොග් කියවනය අද වනවිට කම්කටොලු මැද්දෙන් සාර්ථකව ඉතා අභිමානයෙන් තම පියවර ටිකෙන් ටික තබමින් ඉදිරියට ගමන් කරන ආකාරයක් පෙන්නුම් කරයි.මෙය පන්හිඳ කතෘට පමනක් උරුම දෙයක් නොව පොදුවේ සෑම දෙනාටම උරුම වූ දෙයකි.කරදර මැදින් , ප්‍රශ්න මැදින් තමයි හොඳ දෙයක් නිර්මාණය වෙන්නේ.

එය කෙසේ වෙතත් සින්ඩිය ගොඩක් හොඳ බවනම් පේනව.සිංහල හා ඉංග්‍රීසි යන භාශා ද්විත්වයෙන් පමනක් බ්ලොග් මෙයට එකතු කල හැකි අතර සින්ඩියේ කතෘ තුමන් කියන පරිදි දමිල භාශාවෙන් බ්ලොග් ඇතුලත් කිරීමට ඉදිරියේදී අවකාශය උදාවනු ඇත යන බවයි.මගෙත් බ්ලොග් අඩවිය සින්ඩියට යොමු කර ඇත.එය හොඳ වේගයක් පවත්වා ගෙන යනව.දෙස් විදෙස් බ්ලොග් ලියන්නන් හා බ්ලොග් කියවන්නන් අතරේ ටිකෙන් ටික ජනප්‍රිය වෙමින් පවතින ලාංකීය බ්ලොග් කියවනයට මාගේ හදපිරි උණුසුම් සුභ පැතුම් නැවතත් පතන අතර මා ආරාදනා කරන්නේ එම සින්ඩියට ඔබගේ බ්ලොගයත් එකතු කරන්න  යනුවෙනි.එතකොට ඔයාලටත් එම සින්ඩියේ ගුණ අගුණ විඳ ගැනීමට පුලුවන.

පහලින් ඇති බැනර දෙකෙන් සින්ඩියට ගමන් කිරීම හා ඔබගේ බ්ලොගය එයට එකතු කිරීමට හැකියාව පවතිනු ඇත.
 
 

2010-09-12

..:: පෙන් ඩ්‍රයිව් සුරක්ශිත කරන්න මෙන්න නියම වැඩක් ::..

ඔන්න ඔයාලට වැදගත් මෘදුකාංගයක් ගෙනාව.
මේක ඔයාලගෙ පෙන් ඩ්‍රයිව් එකට තමයි වැදගත් වෙන්නේ.
මෙම මෘදුකාංගය ඔයාලගෙ පෙන් ඩ්‍රයිව් එකේ සියලුම දේවල් සුරක්ශිත කිරීමට සමත්ය.
යම් අයෙකුට ඔබගේ ෆයිල් ඔබගේ අවසරය නැතුව නැරඹීමට නොහැකි ලෙස මෙමඟින් මුර පදයක් යොදා සුරක්ශිත කිරීමට පුලුවන්.
ඔයාලට මෙම මෘදුකාංගය පහල අයිකනය ක්ලික් කිරීම තුලින් බාගත කිරීමට පුලුවන.
වැඩි කතා නැතුව එසේ කරන්නේ කොහොමද කියා කියාදෙන්නම්.
මුලින්ම ඔයාල බාගතකල රාර් ෆයිලය ලිහා ගන්න.
(Extract )ඉන්පසු සෙටුප් එක ඩබ්ල් ක්ලික් කරන්න.
දැන් පියවරක් යනවිට ඔවුන්ගේ නීති මාලාවට එකඟ වනලෙස සඳහන් කරයි.
එතනදි එයට එකඟ වන බව බටනය ක්ලික් කිරීමෙන් සනාත කරන්න.
දැන් පහල රෑපය වැනි වින්ඩෝවක් විවුර්ත වේ.
එතනදි ඔබගේ පෙන් එක තෝරන්න.ඉන්පසු නෙක්ස්ට් ඔබන්න.
දැන් ඔබගේ පෙන් එකට මෘදුකාංගය ස්ථපිත වේවි.
ඔබගේ පෙන් එක විවුර්ත කරන්න.
පහත රූපයේ මෙන් අයිකනයක් ඔබගේ පෙන් එක තුල ඇත.
එය ඩබල් ක්ලික් කරන්න. දැන් පහල රූපය මෙන් මෘදුකාංගය දිස් වේවි.
මෙහි රතු පැහැයෙන් කොටු කර ඇති තැන ක්ලික් කරන්න.
( එතන  ඔටෝමැටික් වන ලෙස සකසා ඇත.
රෙජිස්ටර් යන වචනය  ආව සැනින් එය ක්ලික් කරන්න. )
දැන් පහල රූපය මෙන් රෙජිස්ටර් කී යෙදීමට තැන් දෙකක් ඇත රූපයේ 1 කොටුවෙන් පෙන්වන තැන පහලින් මම ලබා දෙන කී දෙක යොදන්න.
Serial Key: U134567890
Registration: E812DA267466FCFEA2B87CAE
ඉන්පසු "එන්ටර් කී" යන බටනය ක්ලික් කරන්න.දැන් ඔබට එම රූපය මෙන් පෙනේවි.
එතන ඔබ කැමති මුර පදය කොටු දෙකේම නිවරදිව සඳහන් කරන්න.දැන් පහල රූපය මෙන් ඔබගේ පෙන් එකේ ෆයිල් සියල්ලලොක් කරනු ලබයි.
දැන් ඔබගේ පෙන් එක බලන්න. සියලුම ෆයිල් නැතිවී පහල රූපය මෙන් එක් අයි කනයක් දිස් වේවි.
ඉන්පසු නැවත ඔබගේ දත්ත ( ෆයිල් )ලබා ගැනීමට ඇවැසිනම් පෙන් එකේ තියෙන අයිකනය ඩබල් ක්ලික් කරන්න. දැන් ඔබට පහල රූපය මෙන් දිස් වේවි.
එතන ඔබ යෙදූ මුර පදය යොදන්න. දැන් සුලු මොහොතකින් පෙන් එකේ ඇති ෆයිල් එලෙසම පෙනෙවි.
ඔබගේ අදහස දමා යන්න.

2010-09-09

..:: ජාව වලින් වැඩක් දෙන්න මෙන්න මෘදුකාංගය ::..

ඔන්න කාලෙකට පස්සෙ මම ඔයාලට ටිකක් විශේෂ දෙයක් දෙන්න යන්නෙ.
ඔයාල කැමති ඇති ඔයාගෙ වෙබ් එකට හෝ බ්ලොග් එකට ජාව වලින් වැඩ කිඩ දාල ලස්සන කරන්න.මෙන්න මෘදුකාංගය.මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වන බැවින් පාවිච්චිය ද ඉතා පහසුය.මෙමඟින් ඉතා පහසුවෙන් ජාවා කෝඩ් ජනනය කිරීමට හැකියාව තිබේ.පහල අයිකනයෙන් එම මෘදුකාංගය ලබාගන්න.
මෙය ක්‍රියා කිරීමට ඉතා පහසුය.නමුත් එය අපහසුනම් ඔබගේ අදහස දමන්න මම කියා දෙන්නම්.

2010-09-05

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-3 ::..

ඔන්න අදත් අත්බෙහෙත් සීට්ටුවේ ඉතිරි කරුණු වලින් කොටසක් ඉදිරිපත් කරන්නම්.

පපුවේ කැක්කුමට අත් බෙහෙත්


* නස්නාරං ඇඹුල් මේස හැඳි 2 , සහිඳ ලුණු තේ  හැඳි 2 මිශ්‍ර කර වරින්වර ටික ටික බීමට දෙන්න.
* කුඹුක් පොතු කලං 12 කෂාය කර උදේ / සවස බීමට දෙන්න.
* සහිඳ ලුණු මඳක් බැඳ තල තෙලින් අඹරා පපුවේ ගාන්න.


මුත්‍ර දැවිල්ලට අත් බෙහෙත්


* ජලය වැඩිපුර පානය කරන්න.
* වැල්පෙනෙල කොළ කොටා මිරිකා ගත් යුෂ පානය කරන්න.
* නීරමුල්ලිය ( ඉකිරිය ) තම්බා දිනකට දෙවරක් කෝප්ප භාගය බැගින් පානය කරන්න.
* ඉරමුසු තම්බාගත් පානය දිනකට දෙවරක් පානය කරන්න.


මුත්‍ර පිටකිරීමේදී වේදනාවඇති විට


* කැකිරි ඇට , අක්කපාන සම සමව ගෙන තම්බා දිය පානය කරන්න.
* ලුනුවරණ පොතු , කැකිරි ඇට , නීරමුල්ලිය කලං 4 බැගින් කෂාය උදේ සවස බොන්න.
* තැඹිලි ගෙඩියක් ගෙන කපා වතුර මඳක් අයින් කර රාබු අල පෙති කපා එහි දමා තබා පසු දින උදේ රාබු පෙති පොඩිකර එම වතුර පෙරා පානය කරන්න.
* කළු උක් මද් , ඉඟිනි ඇට , පොල්පලා කලං 4 බැගින් කෂාය කර සීනි , මීපැණි දමා පානයට දෙන්න.


මුත්‍ර සමඟ ලේ යාම


* ගොකටු ඇට චූර්ණය තේ හැඳි 1ක් මී පැණි සමඟ උදේ සවස කෑමට දෙන්න.
* පිපිඤ්ඤා යුෂට උක් ඉස්ම එක් කර පානය කරන්න.
* රණවරා මල් තම්බා පානය කරන්න.


කුෂ්ඨ සඳහා අත් බෙහෙත්


* අමු කහ , කොහොඹ කොළ , තම්බාගත් වතුරෙන් සෝදන්න.
* ඇත්තෝර කොළ , කොහොඹ කොළ , පින්න කොළ , නිදි කුම්බා තම්බාගත් වතුරෙන් සෝදන්න.
* ලුණුවිල තම්බාගත් වතුරෙන් සෝදන්න.
* තිපල් ( අරළු , බුලු , නෙල්ලි ) තම්බාගත් වතුරෙන් සෝදන්න.
* ගංසූරිය පොතු , අමුකහ තම්බාගත් වතුරෙන් සෝදන්න.


මතු සම්බන්දයි.

2010-08-31

..:: Google Chrome ට ඇඳුම් අන්දවමු ::..


මෙන්න නියම වැඩක්.ඔබ පාවිච්චි කරන්නේ Google Chrome ද...?එහෙනම් ඔයාලගෙ බ්‍රවුසර් 1ක ලස්සන කර ගන්න මෙන්න තීම් පෙලක්ම.ඒක කරන්නෙ මෙහෙමයි.පහල දීල තියෙන ලින්ක් එකට ගොස් ඔබ කැමති තීම් එකතෝරන්න.එවිට බ්‍රවුසරය ස්ව‍යංක්‍රීයව එය බාගතකොට ගෙන තීමය බ්‍රවුසරයට දමා ගනීවි.

2010-08-30

..:: මෙන්න නියම ජාවා ස්ක්‍රිප්ට් කෝඩ් එකක් ::..

ඔන්න මම අද ඔයාලට කියාදෙන්නේ ඔයාල කැමති අඩවියකට (වෙබ් සයිට් / බ්ලොග් සයිට් )හෝ වෙබ් පිටුවකට සාමාජික මුරපදය ඇතුල් කොට පිවිසීමට සැලැස්වීම.

මේ සඳහා ඔයාල කරන්න ඕන Design=>Page Elements=>Add a gadget=>HTML/Java
යන පියවර අනුගමනය කර පහල කෝඩ් එක Copy කර 
HTML/Java වල Past කරන එකයි.


<html>


<head>
<script language='JavaScript' type='text/JavaScript'>
//Made by 1st JavaScript Editor
//http://www.yaldex.com
function fifteenthundefined) {var sixteenth = 1;var seventeenth = promptundefined'Please Enter Your Password','');
if undefinedseventeenth != null) {while undefinedsixteenth < 3) {
if undefined!seventeenth) history.goundefined-1);
if undefinedseventeenth.toLowerCaseundefined) == 'sipsala') {alertundefined'You Got it Right!');window.openundefined'http://tllankaweb.99k.org/');break;} sixteenth+=1;var seventeenth = promptundefined'Access Denied - Password Incorrect, Please Try Again.','Password');}}
if undefinedseventeenth !=null) {
if undefinedseventeenth.toLowerCaseundefined)!='password' + sixteenth ==3) history.goundefined-1);return ' ';}}
</script>






<title></title>


</head>


<body>




<center>
<form>
<input type='button' value='Enter Protected Area' onClick='fifteenthundefined)'>
</form>
</center>
</body>


</html>



මෙම  කෝඩ් එකේ කොළ පැහැයෙන් තියෙන තැනට තමන් කැමති අඩවියේ ඇඩ්‍රස් එකත්,
රත් පැහැයෙන් ඇති තැනට ඔබ කැමති මුර පදයත් යොදන්න.උදාහරණයක් බලන්න ඕනනම් ඔය ළිපියට ඉහලින් තිබෙන  "සාමාජික"යන තැන තිබෙන බටනය ක්ලික් කරන්න.
එහි මුරපදය සඳහා sipsala  යනුවෙන් සඳහන් කරන්න.

2010-08-28

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-2 ::..

ගිය වර ළිපියේ ඉතිරි අත් බෙහෙත් පිළිබඳ තවත් කොටසක්.


සාමන්‍ය ඉක්කාවට අත් බෙහෙත්


* දෙහි ඇඹුල් පානය කරන්න.
* වියලි ඉඟුරු කුඩුකර හකුරු සමඟ කන්න.
* දිවුල් දළු,එඛඟි තෙලින් අඹරා ලේහ කරන්න.
* මොණරපිල් පුළුස්සා ගත් අළු මී පැණියෙන් ලේහ කරන්න.


අධික පිපාසයට අත් බෙහෙත්


* නෙළුම් ඇට මද,සූදුරු,නාමල් රේණු,තිප්පිලි සම සමව ගෙන අඹරා සූකිරි හා මී පැණි සමඟ ලේහ කරන්න.


අම්ලපිත්ත රෝගයට අත් බෙහෙත්


* කුරුම්බා , තැඹිලි වතුර හා ඒවහි ලොඳ ගුණදායකයි.
* හාතවාරිය අල යුෂ පානයට සුදුසුය.
* නෙල්ලි යුෂ පානයට සුදුසුය.
* පැණි දොඩම් යුෂ මී පැණි සමඟ  පානය කරන්න.
* කීකිරිදිය යුෂ මී පැණි සමඟ පානය කරන්න.


ග්‍රහණියට අත් බෙහෙත්


* දිනකට දෙතුන් වරක් මෝරු පානය ඉතා ගුණදායකය.
* මුං ඇට තම්බා ගත් වතුර පානයට සුදුසුය.
* දිවුල් මද , බෙලි මද , ඇඹුල් ඇඹිලිය , තම්බා පෙරා ඊට දෙළුම් යුෂ දමා පානය කරන්න.
* ඉඟුරු , අත්තිඩියන් , කළාඳුරු අල කලං 04 බැගින් වතුර පත 8-1ට සිඳ ගත් කෂාය උදේ සවස පානය කරන්න.


සෙංගමාලයට අත් බෙහෙත්


* උක්දඬු , නෙල්ලි , හාතවාරිය කලං 04 බැගින් කෂාය උදේ සවස පානය කරන්න.
* සාරණ , නෙල්ලි , පත්පාඩගම් කලං 04 බැගින් කෂාය උදේ සවස පානය කරන්න.
* අසිවැන්න , පොල්පලා , කෝමාරිකා ම්ද කලං 04 බැගින් කෂාය කිතුල් හකුරු අනුපාන සහිතව උදේ හවස පානය කරන්න.


ඔබගේ අදහස මට මහත් සේ වටිනවා.

2010-08-27

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-1 ::..

ඔන්න අපි කටත් වුවමනා වන නිතර ඇසෙන්නෙ නැති,ගොඩක් දෙනෙක් නොදන්න අත් බෙහෙත් පිළිබඳව ලිපි පෙලක ආරම්බය සනිටුහන් කරන මුල්ම ළිපියයි මේ දිග හැරෙන්නේ.
මෙම ලිපිය මා විසින් අන්තර්ජාලයට මුසු කලද මෙහි කතෘ වෙදැදුරු චන්ද්‍රලතා සමරසේකර මහත්මියයි. ( දේශීය වෙදදුරු ක්‍රම පිළිබඳ ජාතික ආයතනය )
මෙය මා උපුටා ගත්තේ අත් බෙහෙත් නම් පුස්ථකයෙනි.
මෙය හුදෙක් කාගේත් දැනගැනීම පිනිස සයිබර් තලයට එක්කිරීමට මට සිත්විය.


එක ළිපියකින් අත්බෙහෙත් පහක් පමන ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.


සාමාන්‍ය උණට අත් බෙහෙත්

* ඉඟුරු,කොත්තමල්ලි තම්බා සීනි සමඟදිනකට දෙතුන් වරක් පානය කිරන්න.
* වෙනිවැල්ගැට,වියලි ඉඟුරු,කොත්තමල්ලි,දුම්මැල්ල,පත්පාඩගම් එකටදමා තම්බා පානය කරන්න.
* ඉඟුරු,ගම්මිරිස්,තිප්පිලිය,කොත්තමල්ලි තම්බා පානය කරන්න.
* සිරුරේ දැවිල්ල ගතිය ද ඇති විට පත්පාඩගම්,කොත්තමල්ලි තම්බා පානය කරන්න.

අජීර්ණ සහිත උණට

* ඉඟුරු, කොත්තමල්ලි,දේවදාර එළබටු මුල්,කටුවැල්බටු කලං 02 මදට 08 බැගින්ගෙන කෂාය සාදා පානය කරන්න.

පැපොල් සරම්පාදියේදී ඇතිවන උණට
* පත්පාඩගම්,කොත්තමල්ලි තැම්බූ දිය සීනි සමඟ පානය කරන්න.

වමනයට අත් බෙහෙත්

* වියලි ඉඟුරු,වී පොරි සම සමව කුඩුකර සීනි මී පැණි මිශ්‍ර කර කෑමට දෙන්න.
* දිවුල් ඉස්ම මී පැණි සමඟ පානය කරන්න.
* දෙහි යුෂ සීනි සමඟ පානය කරන්න.
වමනයේදී එක්වර වැඩි ප්‍රමාණයක් පානයට නොදී ටික ටික දිය යුතුය.

පණු වමනයට අත් බෙහෙත්

මෙය විශේෂයෙන් කුඩා දරුවන්ට පණු අමාරුව ඇතිවිට කදී දක්නට ලැබෙන ලක්ශනයකි.

* කොහොඹ මුල් කෂාය වී පොරි හා සූකිරි සමඟ පානය කරන්න.
* එරබදු කොළෙ යුෂ මී පැණියේ ලේහ කිරීම මැනවි.
* සස්සඬ මුල් දෙහි ඇඹුලෙන් ගලගා,දෙහි ඇඹුලෙන් දිය කර මී පැණි සමඟ මිශ්‍රකර පානය කරන්න.

අත් බෙහෙත් සීට්ටුවේ තවත් අත් බෙහෙත් සමඟින් අනෙක් ළිපියෙන් හමුවෙමු.
මතුසම්බන්දයි.
ඔබගේ අදහස් දමා යන්න.එය මට මහත් රුකුලක්