2011-04-30

..:: අපි නිර්මාණය කරපු පරිපථයක් Auto PCB එකක් විදියට සකසා ගැනීමට ඉතා පහසු මෘදුකාංගයක් ::..

මම අද ඔයාලට ලබාදෙන මෘදුකාංගයත් ඉලෙක්ට්‍රොනික් විශයන් වලට අදාල වන එකකි.ඔන්න මේකනම් සම්පූර්ණෙ මෘදුකාංගයක් (Full software).ඔයලට Key හොයන්න මහන්සිවෙන්න ඕන නැහැ.මේකෙන් සිදුකරන්නේ අපි නිර්මාණය කරපු පරිපථයක් Auto PCB එකක් විදියට සකසා ගැනීමට ඉතා පහසු කරවීමයි.ඒ කියන්නේ Livewire Demonstration මෘදුකාංගය හරහා අපි ඇඳ ගත්ත පරිපථයක් PCB Wizard 3 Demonstration මෘදුකාංගය යොදාගෙන Auto ම  PCB එක නිර්මානය කරදීමට මෙය සමත්ය.Livewire Demonstration මෘදුකාංගය පිලිබඳ ළිපියට මෙතනින් යන්න .ඉතින් අපි ට අතින් අඳින්න ඕන නැහැ.ඔයාල මෙම මෘදුකාංගය ක්‍රියාකරවීමට නොදන්නේනම් අදහසක් දාන්න.මම ඊලඟ ළිපියෙන් එය ඉදිරිපත් කරන්නම්.මෘදුකාංගයේ ටොරන්ට් ෆයිලය පහල අයිකනය ක්ලික් කර ලබාගන්න.
 


2011-04-24

..:: හදපු පරිපථය ක්‍රියා කර පෙන්වන හොඳම මෘදුකාංගයක්- Livewire Demonstration ::..

ඉලෙක්ට්‍රොනික් කරන අයෙකුට තවත් හොඳ මෘදුකාංගයක් ලෙස Livewire Demonstration හඳුන්වන්න පුලුවන්.Circuit Maker එකට වඩා මෙහි පහසුකම් තිබේ.මෙමඟින් පරිපථයක් ඇඳ එය ක්‍රියාත්මක කරවීමට සැලැස්වීමේදී විදුලිය උපකරණ හරහා , පරිපථයේ ප්ථයන් හරහා + / - ගමන් කරන අයුරු මනාව පහැදිලිව පෙන්වා දී තිබේ.

නමුත් ඔයාලට ලබාගැනීමට හැකිවනේ අත්හදා බැලීමේ සංස්කරණය බැවින් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි.එය ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණය කරන අයට කරන උපකාරයක් වේවි.එම මෘදුකාංගය පහතින් ලබාගන්න.මේගැන අදහසකුත් දාල යන්න.

තව දෙයක් කියන්න අමතක වුනා. මෙය බාගත කිරීමේදී පොඩි විස්තර ටිකක් පුරවන්න ඕන.ඉන්පසු පහසුවෙන් බාගත කරන්න පුලුවන්.
 
2011/04/30
ඔන්න යාලුවනේ දමිත් මරතුන්ග සහෝදරයා මේ මෘදුකාංගයේ full සංස් කරණය ලබාදී තියෙනවා.ඔහුට ගොඩාක් ස්තූතියි.එම ළිපිය මෙතනින් බලන්න. එතනින් එම මෘදුකාංගය ඔයාලට ගන්න පුලුවන්.

2011-04-19

..:: ලස්සන චැට් රූම් එකක් X7 Chat වලින් හදාගන්න ::..

ඔයාලට අද මම කියන්න යන්නේ ඔයාලගෙ අඩවියට කොහොමද චැට් රූම් එකක් ලස්සනට දාගන්නෙ කියල කියන්න.X7 Chat නම් අඩවිය තුලින් මේ පහසුකම් ලබාදීල තියේ.මෙය ඔයාලගෙ අඩවියට එක්කරගන්න ඕන විදියත් මෙයාල කියාදෙනවා.ඒ සඳහා මෙතනින් යන්න .එහෙනම් පහල තියෙන බැනරය ක්ලික් කරල එම අඩවියට ගොස් ලියාපදිංචි වෙලා ඔයාලත් චැට් රූම් එකක් හදාගන්න.මෙම අඩවියේ විවිද තීම් පෙලක්ම තියේ.මෙතනින් යන්න එය නැරඹිමට. 
 

2011-04-18

..:: වෙබ් / බ්ලොග් ලියන අයට ෆෝම් එකක අවශයතාව දැනුනොත් ::..

 

ඔන්න අලුත් අවුරුදට පස්සෙ ලියන පළමු ලිපියයි මේ.මම ඔයාලට කියන්න යනදේ වෙබ් බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වේවි.මේක දන්න අයත් ඇති මේ නොදන්න අයටයි.ඔයාලගෙ අඩවියට ෆෝම් එකක අවශයතාව දැනුනොත් මෙන්න නියම අඩවියක් ඒක ලස්සනට, නිවැරදිව, ලේසියෙන් සිදුකරන්න පුලුවන් මේකෙන්. පහල ලින්ක් එකෙන් අඩවියට ගොස් ලියාපදිංචි වෙලා පටන් ගන්න.මේ අඩවිය තුල ලස්සන ටෙම්පලේට් තියේ.ඉතින් ලස්සනට ඔයාලගෙ ෆෝම් එක හදාගන්න.
 

2011-04-15

..:: 2011 කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.....! ::..

2011 වසර තුල සිංහල සහ දමිළ ජනතාව සුවිශේෂී උත්සවයක් ලෙස සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සලකන්න පුලුවන්.එකම වෙලාවකට මුලු රටක්ම යම් වැඩකට  අත ගැසීම තුලත් යම් විශ්ව බලයක් ඇතිවෙනවා යන්න පොදු ජනතාවගේ මතයයි.

සියලු දෙනාම එකා මෙන් සාමකාමීව කටයුතු කිරීමද රටක් වශයෙන් ගත්තොත් ඉතාම සුභ ලකුණක් ලෙස මම දකිනවා.ඉතින් ..:: සිප්සල ::.. බලන ඔයාලට කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.........!සැමටම ආවඩා ආයුබෝ වේවා...!!!

2011-04-02

..:: Offline Blog ලියන්න පුලුවන් Software ගොඩක් මෙන්න ::..

මම ඔයාලට අද කියන්න යන්නේ කොහොමද Offline Blog එකක් ලියන්නෙ කියලා.ඒ කියන්නෙ www.blogspot.com වලට නොයා පහසුවෙන් මෘදුකාංගයක් හරහා මෙය සිදුකිරීමය.මේව කිරීමට පුලුවන් වන්නේ මෘදුකාංග හරහාය.ඉතින් මේ සඳහා සැකසුන  මෘදුකාංග පෙලක්ම මම ඔයාලට ලබා දෙන්නම්.පහල තියෙන අඩවි වලට ගිහින්  මෘදුකාංග ලබා ගන්න.


1.Bleezer
http://alchemii.net/bleezer/ 



2.Thingamablog


3.Flock



4.Scribefire

5.indows Live Writer


6.BlogJet


7.BlogDesk


8.w.bloggar


9.aven


10.Post2Blog

11.Qumana


මේ ළිපිය ඔයාලට වැදගත් වුනානම් අදහසකුත් දාල යන්න.

2011-03-30

...::: රූපවාහිනී සජීවීව නරඹ්න්න පුලුවන් චැනලයක් අඩවියට එක්ක් කරමු ::..

ඔයාලට  මේදවස්වල බොහොම වැදගත් දෙයක් මම කියල දෙන්නම්.ඔයාලගෙ වෙබ් පේජ් එකට හෝබ්ලොග් එකට සජීවීව දර්ශණය වන රූපවාහිනී  චැනලයක් එක් කිරීමට පුලුවන්නම් කොතරම් අගනේද.එය කිරීම තුලින් ඔබගේ ට්‍රැෆික් එක වගේම අමුතුම ගාම්බීර බවක් අඩවියට එක් වෙනවා.හරි එය කෙසේ වෙතත්.මේ සේවාව සිදු කරන්නේ lankajustin.tv   ආයතනය විසින් නොමිලේමයි.ඔයාල මෙතනින් ගිහින්   කෙටි පියවර අනුගමනය කර ඔබගේ අඩවියට එම සේවාව එක් කරගන්න.

මට මෙය අත්හදා බැලීමටනම් නොහැකි වුනා වැඩ අධික නිසා.වැඩේ ගොඩනම් කියන්න.හොදේ.



2011-03-27

..:: සිප්සල මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය අප්‍රේල් මාසෙටත් ::..

..:: සිප්සල ::..  මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය මෙවරත් එනම් අප්‍රේල් මාසෙටත් නිර්මාණය කර ඇත.මෙවර කැලැන්ඩර් දෙකක් නිර්මාණයකර ඇත.ඔබගේ පරිගනකයටත් මෙය ලබාගෙන ලස්සන ද කියල බලන්නකෝ.
 
 

2011-03-12

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට වටිනාම මෘදුකාංගයක්-Electronics Assistant ::..

ඉලෙක්ට්‍රොනික් කරන අයට ලොකු පහසුවක් මෙන්ම අත්වැලක් දීමට හිතාගෙන මම ඔයාලට ඉතා කුඩා මෘදුකාංගයක් ලබාදෙනවා.මුලින්ම කියන්නම් මේකෙන් කරන්න පුලුවන් දේවල් ටික.එතකොට ඔයාලටම හිතාගන්න පුලුවන් මෘදුකාංගය වටිනවද නැද්ද කියල.මේකෙ නම තමයි ඉලෙක්ට්‍රොනික් ඇසිස්ටන් (Electronics Assistant).මෙමගින් 4 බෑන් ,5 බෑන් රෙසිස්ටර් වල කලර්කෝඩ් ලබාගැනීමට පුලුවන් / රෙසිස්ටර් සීරියස් කර සහ පැරල් කර අගය ලබාගැනීමට පුලුවන් / ඕනැම වෝල්ටෙජයකට එල්.ඊ.ඩී එකක් යොදන විට එයට දමන රෙසිස්ටර් එක මොකද්ද කියල සොයන්න පුලුවන් / එමෙන්ම කන්ඩෙන්සර් වල කෝඩ් එක සෙවීම / සීරියස් , පැරල් කිරීම / ඉන්ඩක්ටර් කලර් කෝඩ් / පවර් කැල් සහ ෆ්‍රීකුවෙන්සි කැල් වගේ වටින වැඩසටහන් පෙලක්ම මෙහි අන්තර් ගත වෙනවා.එම මෘදුකාංගය පහලින් ලබාගන්න.
 

මෙය පරිගනකයේ ස්ථපිත කිරීමට ඩොට්නෙට් ෆ්‍රේම්වර්ක් 2 අවැසිය එය ඔබලඟ නැත්නම් මෘදුකාංගය ස්ථපිත වීමේදී ස්වයංක්‍රීයව ස්ථපිත කර ගනීයි.
වැදගත්:-මෙය ස්තාපිත කිරීමේදී අන්තර් ජාලය සමඟ සම්බන්දව සිටිය යුතුය.

2011-03-05

..:: විශාල ප්‍රමානයේ පින්තූර ලේසියෙන් ගන්න මෙන්න අඩවිය ::..

යාලුවනේ, ඔයාලට තවත් පහසුකමක් අරගෙන ආවා.ලස්සන ලස්සන පින්තූර වලින් සමන්විත අඩවියක් මෙම දිනවල සම්පාදනය කරමින් පවතිනවා.මේ අඩවියෙන්  විශාල ප්‍රමාණයේ පින්තූර ඔයාලට ලබාදෙන්නේ සම්පූර්ණව නොමිලේය. ඔයාලට නොමිලේම මෙම අඩවිය තුල ලියාපදිංචි වීමට පුලුවන .එසේ සිදුකල හොත් පමනි පින්තූර ඔබට ලබාගනීමට පුලුවන් වනුයේ.ඔබගේ නිවැරදි විස්තර අඩවියේ ලියාපදිංචි පිටුවට ගොස් පුරවා එවන්න.දින දෙකක් ඇතුලත ඔබගේ ඇතුල් වීමේ විස්තර ඔබගේ විද්යුත් ලිපිනයට මම ලබාදෙමි.යම් ගැටලුවක් මේ සම්බන්දව ඔබට ඇත්නම් tllankaweb@gmail.com ලිපිනයට ඔබගේ ගැටලුව යොමු කරන්න.

අඩවියට පහල අයිකනයෙන් යන්න.  


ලියාපදිංචිය සඳහා මෙතනින් යන්න  
 

2011-02-23

..:: ලෝක කුසලානයේ තතු සැනින් එසැනින් ඔබට කියන හොඳම විජෙට් එකක් ::..

ලෝක කුසලානයේ තතු සැනින් එසැනින් ඔබට කියන හොඳම විජෙට් එකක් ඔයාලගේ වෙබ් එකට හෝ බ්ලොග් එකට පහසුවෙන් දාගමු.පහල අයිකනය ක්ලික් කර එම පිටුවට ගොස් ඔබට කැමති විජෙට් එකට අදාල  HTML COAD එක කොපි කර ඔබගේ අඩවියේ පේස්ට් කරන්න.මෙතනින් ඔබට රිසි  විජෙට්  ගොඩක් තිබේ.

..:: ක්‍රිකට් විස්තර සජීවීව ඔයාලගේ ගූගල් බ්‍රවුසරයටත් ::..

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඔයාලට ලබාදෙන්නේ ගූගල් ක්‍රෝමි පාවිච්චිකරන අයට ක්‍රිකට් විස්තර සජීවීව නැරඹීමට  හැකි extensions එකකි.පහලින් එතනට ගිහින් එය ලබාගන්න.

2011-02-19

..:: නිල්නෙත සහ සිප්සල මාර්තු මස කැලැන්ඩරය ::..


ඔන්න  නිල්නෙත සහ සිප්සල සමගාමීව  ඔබට ලබාදෙන ලස්සන පරිගනක කැලැන්ඩරයේ මාර්තු මස කැලැන්ඩරය මෙතනින් ලබාගත හැක.ඉක්මනිම්ම ලබාගන්න.ඔබගේ අදහසත් දාලම යන්න.

2011-02-13

..:: සිප්සල දැන් ජංගම දුරකථන තුලිනුත් ::..


සිප් සල මෙතෙක් ආ ගමනේ නව සන්දිස්ථානයකට අද දිනයේ පාතබයි.අප මෙතෙක් කලක් බ්ලොග්ස්පොට් තුලින් සිප්සල ඔබවෙතට ගෙන ආවා.අද දිනයේ සිට ඔබට තවත් මාධයකින් සිප්සල කියවීමට පුලුවන් වන අයුරින් අප පහසුකම් සලසා තිබෙනවා.ඒජංගම දුරකථන තුලිනි.සිප්සල දැන් පහසුවෙන් නැරඹීමට ඔබට හැකියාව ඇත.පහල තිබෙන ලින්ක් එක තුලින් ඔබගේ දුරකථනය භාවිතාකර පිවිසෙන්න.

2011-02-12

..:: පිටු පෙරලෙන්න ඩිජිටල් පොත් හදන්න ::..

තමන්ට ඕනම් පොතක් ඩිජිටල් කර අඩවියක් තුල පිටු පෙරලෙන ආකාරයට සාදා ගන්න ඕනනම් ඒකට හොඳම මෘදුකාංගයක් තියේ.මේකෙන් වැඩ කරලම අදහසක් දාන්නකෝ.ඔය පහලින් තියෙන බැනරය ක්ලික් කර අඩවියට පිවිසී එම මෘදුකාංගය ලබා ගන්න..

2011-02-07

..:: ලස්සනම ලස්සන අලුත් ස්ලයිඩ්ශෝ විජෙට් එකක් ::..

ඔන්න මීට පෙරත් මම කිය දුන්න වෙබ් එකකට හෝ බ්ලොග් පිටුවකට කොහොමද ලස්සන ස්ලයිඩ් ශෝ විජෙක්ටුවක් දාගන්නේ  කියලා.එම ලිපියට මෙතනින් යන්න.මම අදත් කියා දෙන්න යන්නේ තවත් ලස්සනම ලස්සන විජෙට් එකක් පිලිබඳවයි.ඇත්තටම මේක නම් පිකාසා එකෙන් ලබා දෙන එකට වඩා ඉතාම ලස්සනට තමන්ට හදාගන්න පුලුවන්.මුලින්ම පහල අයිකනයට ගිහින් ලියාපදිංච්චි වෙන්න.ඊට පහලින්තිබෙන්නේ එම අඩවියේ ප්‍රධාන පිටුවට ගමන් කිරීමට ඇති බැනරයයි.

ඔයාලත් මෙය කරලම බලන්න.ඉතාම ලස්සනට මෙමඟින් ස්ලයිඩ් ශෝ විජෙටුවක් හදාගන්න පුලුවන්.ඔබගේ අදහස දාල යන්න.


2011-01-30

..:: ලොව උසම ගොඩනගිලි දහය ::..

වර්ථමානයේ ලෝකයම වසාසිටින්න රූස්ස ගොඩනැගිලි සමත්ව සිටී.මේවා ඉතින් ඉබේ ඇතිවුන දීවල්නම් නෙවෙයි.මිනිස්සුම නිර්මාණය කරපු දේවල් තමයි.මම ඔයාලට අද ගෙනාවේ ලොව උසම ගොඩ නැගිලි පිලිබඳ ළිපියක්.
පළමු තැන හිමිවන්නේ:-මහල් 167 කින් යුත් ,උස් අඩි 2313 හෙවත් මීටර් 818 කින් යුත් එක්සත් අරාභ් එමීර් රාජ්‍යයේ බර්ජ් ඩුබායි ගොඩ නැගිල්ලයි.
දෙවන තැන හිමිවන්නේ:-මහල් 101 කින් යුත් ,උස් අඩි 1667 හෙවත් මීටර් 508 කින් යුත් තායිවානයේ තායිපේ 101 ගොඩ නැගිල්ලයි.
තෙවැනි සහ සිව්වන් තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1483 හෙවත් මීටර් 452 කින් යුත් මැලේසියාවේ පෙට්‍රන්ස් ටවර් ගොඩ නැගිලි ද්විත්වයයි.


පස්වන තැන හිමිවන්නේ:-මහල් 110 කින් යුත් ,උස් අඩි 1451 හෙවත් මීටර් 442 කින් යුත් චිකාගෝ නගරයේ සියර්ස් ගොඩ නැගිල්ලයි.


සයවන තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1381 හෙවත් මීටර් 421 කින් යුත් චීනයේ ෂැංහයි නුවර ජින් මාවෝ ගොඩ නැගිල්ලයි.


හත්වන තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1362 හෙවත් මීටර් 415 කින් යුත් හොංකොංහි ජාත්‍යන්තර ආර්ථික මධ්‍යස්ථානය ගොඩ නැගිල්ලයි.


අටවන තැන හිමිවන්නේ:-මහල් 80 කින් යුත් ,උස් අඩි 1293 හෙවත් මීටර් 391 කින් යුත් චීනයේ සිටික් ප්ලාස් ගොඩ නැගිල්ලයි.


නවවන තැන හිමිවන්නේ:-මහල් 69 කින් යුත් ,උස් අඩි 1260 හෙවත් මීටර් 384 කින් යුත් චීනයේ ශැංහයි චතුරශ ගොඩ නැගිල්ලයි.


දසවන තැන හිමිවන්නේ:-මහල් 102 කින් යුත් ,උස් අඩි 1250 හෙවත් මීටර් 381 කින් යුත් නිව්යෝර්ක් නගරයේ එම්පයර් ස්ටේට් ගොඩ නැගිල්ලයි.