2014-02-19

..::වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරයක් අති සාර්ථකව පියවරෙන් පියවර හදමු-2::..

*** මෙහි පලමු ළිපිය මෙතනින් නරඹන්න

***************************************************
* දැන් ට්‍රාන්ස්මීටර් පරිපථය වෙත යොමුවෙමු.




* Capacitors:

C1 - 4,7 uF (electrolytic)
C2 - 0,22 uF (electrolytic)
C3, C4, C12 - 100 pF (ceramic)
C6, C9, C11, C13, C14, C19 - 1 nF (ceramic)
C7, C8 - 10 pF (ceramic)
C10 - 8.2 pF (ceramic)
C18 - 22 pF (ceramic)
C15 - trimmer 47 pF
C16, C17 - trimmer 60 pF
C20, C5 - 100 nF (ceramic)
C21 - 470 uF (electrolytic)

* Coils:

(All coils are free-standing air-core types, wound of 0,7 mm Cu wire, 6 mm internal diameter.)
L1, L6 - 4,5 coils
L3 - 2,5 coils
L4 - 1,5 coils
L2 - 6,5 coils around R9 resistor
L5 - 9,5 coils
L7 - 3,5 coils

* Resistors:

R1 - 10 k pot.
R2 - 4,7 k 
R3, R4, R5, R8, R10 - 27 k
R6, R16 - 10 k
R7, R15 - 470
R9 - 100
R11 - 270
R12 - 1 k
R13 - 43
R14 - 10

* Diodes:

D1, D2 - BB109G, BB409 or BBY31

* Transistors:

T1 - BC547C (BC548C, BC547B)
T2 - BFR91A 
T3 – 2n3355
T4 - 2SC1971


* මෙම පරිපථය සැදීමේදී වැදගත් කරුණු කිහිපයක් වෙත සිත යොමුකල යුතුය.

1. එනම් මූලිකවම පරිපථය ගොඩනැගීමේදී එය මුද්‍රිත පරිපත පුවරුවක් (PCB) ගොඩනගා ගත යුතුමය.

2. මෙහි අන්තර්ගත BB109 වෙරිකැප් ඩයොඩ් මට ලබාගැනීමට නොහැකි වූ නිසා BB910 ඩයොඩ ලබාගැනීමට සිදුවිය.ඔබත් ලිස්ට් එකේ සඳහන් BB109 ඩයොඩ සොයාගැනීමට නොකැකිනම් පමනක් මම ලබාදුන්නු ඩයොඩ් අංකය යොදන්න. 

3. අනෙක් කාරණාවනම් පරිපථ පුවරුව මත ඊයම් ආලේපනය කරනවානම් ඉතා හොඳය.එසේ කරනුයේ මෙම PCB එක අප විසින් නිර්මාණය කරන නිසා තඹ පුවරුවමත කිසියම් ආලේපනයක් නොකරන බැවින් පසුකාලීනව තඹ මතුපිට අවකාශයට නිරාවරණය වීම තුලින් දිරීමකට ලක්වීමට පුලුවන්.එම නිසා ඊයම් ආලේපනය තුලින් එය අවම කරගැනීමට පුලුවන්.

4. අනෙක් කාරණාවනම්  යන ට්‍රාන්සිස්ටර් දෙකම ඊයම් ආලේපිත පැත්තෙන් සවි කිරීම ඉතා ගුණදායකය. ඔබ දන්නවා යම් උපකරණයක නිසි ක්‍රියාකාරීතවය සිදුවන්නේ විශේශයෙන් ට්‍රාන්ස්මීටර්වල එනම් තරංග ආශ්‍රිත පරිපථවල උපකරණ ඉතාමත්ම තඹ පුවරුවට ලඟින්ම සම්බන්ද කිරීම ඉතා සාර්ථකය. 
5. අනෙක් කරුණ නම් මෙම පරිපථයට සම්බන්ඳ කරන උපකරණ වල අගයන් ඉතාම නිවැරදි විය යුතුය.එනම් රෙසිස්ටර් ගන්නකොට 5band ගන්නේනම් ඉතාම සාර්ථකයි.නමුත් ලංකාවෙ එහෙම ගන්න අඩුයි. නැත්තෙමත් නැහැ.නමුත් හැමතැනම නැහැ.එමනිසා 4band වලින් ලබාගන්න. දාරිත්‍රක (Capasitro) නම් අනිවාරෙන්ම මෙහි සඳහන්ම අගය යොදන්න. ටිමර් පවා නිවැරදිව ලබාගන්න.

* මේ පරිපථයේ මතුපිට

* මෙය තමයි ඔබ ගතයුතු PCB එක.මෙය සාදා ගත යුතුය.


** PCB එකක් සාදාගන්න ආකාරය පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න.
http://adf.ly/WghFH


2014-02-16

..::වෘතීමය දිගු දුර 4W ට්‍රාන්ස්මීටරයක් අති සාර්ථකව පියවරෙන් පියවර හදමු-1::..

මුලින්ම කිවයුතු දෙයක් තිබේ.එනම් මෙම ට්‍රාන්ස්මීටරය පිලිබඳ සම්පූර්ණ ළිපිය මම කොටස් තුනකට කඩා ඉදිරිපත් කරමි.එය දීර්ග ළිපියක් බැවින්.තෙවෙනි ළිපියෙන් සම්පූර්ණ ළිපිමාලාව PDF එක් බවට පත් කරමින් සිප්සල ඔබට ලබාදෙමි.
************************************************
FM ට්‍රාන්ස්මීටරයක් කියන්නේ යම් තැනක සිට තවත් සීමාවූ ප්‍රදේශයක් වෙත ශබ්ද තරංගයක් වයර් අධාර නොකොට අවකාශයේ විසුරුවා හැරීමට උපකාරීවන උපකරණයකි. ඉලෙක්ට්‍රොනික් ශිල්පීන් බහුතරයක් අතහදා බැලීම් කිරීම සඳහා විවිධ ට්‍රාන්ස්මීටර් පරිපථ සාදති.කෙටිදුර පරිපථ වගේම දිගුදුර පරිපථද බහුලව අන්තර්ජාලය පිරික්සීමේදී සොයාගැනීමට අපහසු නොවේ.නමුත් අන්තර්ජාලයේ ඇතුලත් සෑම පරිපථයක්ම සාර්ථක ඒවා නොවේ.තමන්ගේ ඉලෙක්ට්‍රොනික් දැනුම මට්ටම පරිනත වෙද්දී යම් පරිපථයක සාර්තක අසාර්තක තත්වය පිලිබඳ දල අදහසක් ලබාගන්න පුලුවනි. 

ට්‍රාන්ස්මීටර පරිපථ තුල කොයිල් සහ කැපැසිටර් ( ධාරිත්‍රක )දක්නට ලැබේ.කුඩා අවදියේ පරිපථවල දක්නට ලැබෙන්නේ කොයිල් සහ කැපැසිටර් සුසර කොට යම් තරංගමාලාවකට සකසා ගැනීමයි.නමුත් එය එතරම් සාර්තක කරුණක් වන්නේ නැහැ යම් නිශ්චිත කටයුක්තකදී ට්‍රාන්ස්මීටරයක් භවිතා කිරීමේදී. එනම් ට්‍රාන්ස්මීටරයට ලබාදෙන සුමට බලසැපයුම යම් හෙයකින් අඩුවෙත්ම අප සුසරකල තරංගමාලාවෙන්
ඉවත්වේ.ඒවගේම නිතර නිතර කොයිල් සහ කැපෑසිටර් සුසර කිරීමේදී එම උපකරණ ගෙවී යන හේතූන් සහ කාර්‍යක්ශමතාව පදනම් කරගෙන එම පරිපථ ඉතා සරල ක්‍රියාවන් සඳහා යොදා ගැනේ. එවැනි සාර්තක කුඩා පරිපථයක් ඉහල රූපයෙන් දැක්වේ.
ඒ වගේම විවිද ගුවන් විදුලි විකාශනාගරයන් වලට සහ නිශ්චිත ස්ථීර වැඩ සඳහා කොයිල්,කැපෑසිටර් මෙන්ම ක්‍රිස්ටල් නම් උපකරණය භාවිතයට ගනිමින් සුසර කරගැනීමට කැකි දිගුදුර වගේම කෙටිදුර ට්‍රාන්ස්මීටර් නිර්මාණයවී ඇත. 
මෙම පරිපථ වල ඇති විශේසත්වය වන්නේ බලසැපයුම සුලුවශයෙන් පසුබෑමකට ලක් වුවද සකසා ඇති තරංගය නොවෙනස්ව පැවතීම.ඒ වගේම සුවිචයන් මගින් අවශය සංක්‍යාතයන් ඉතා පහසුවෙන් මෙන්ම ඉතාමත් කෙටි කාළයකින් මාරු කිරීමට හැකිවීම.මූලික සුදුසුකම් වේ. 
මෙන්න මේ විදියට ඉතාම සරල ආකාරයෙන් සහ ඉතාම කෙටියෙන් FM ට්‍රාන්ස්මීටර් පිලිබඳව හැඳින් වීමක් සිදුකලා.
*****************************************************

මම මිට කලින් සඳහන් කලානෙ ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ගෙන් බහුතරයක්ම ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න කාළයේ අනිවරෙන් හදන පරිපථයක් තමයි ට්‍රාන්ස්මීටර් පරිපථ කියල.ඉතින් මටත් ඒ උණ ඒ කාළයේ තිබ්බ.දැනටත් හොඳටම තියනව.ඉතින් මමත් යම් යම් අත්හදාබැලීම් සිදුකරනවා දැනටත්.


* මට කියන්න අමතක වුන සැලකිය යුතුම කරුණක් තිබේ.මෙය තරයේම සිතේ තියාගන්න.
මෙය කිවයුතුම කරුණක් වුනත් ශ්‍රී ලංකාවට අවමන් කිරීමට ගන්නා උත්සහයක් නොවේ.ශ්‍රී ලංකාව කියන්නේ තවම දියුණුවෙමින් පවතින රටක්නේ.ඉතින් ගුවන්විදුලි නීතිමය තත්වය යටතේ මීටර් 100 වලට වඩා දුර විකාශනය වන ට්‍රාන්ස්මීටර් පරිපථ සැදීම සහ ලඟතබාගැනීම වරදක් කියල තමයි කියන්නේ මම දන්න විදියට.මම වැරදිනම් නිවරදි කරන්න.ඒ නිසා අත්හදාබැලීම් සිදුකිරීමට අපට නොහැක.නමුත් ආසාව උනන්දුව තියේනම් නීතියට හොරා අත්හදා බලීම් සිදුකිරීමට හැකිය.
නමුත් අත්හදා බැලීම් සිදුකිරීමට පමනකි.දිගින් දිගට මෙය ක්‍රියා කිරීමට නොව.ඒගැන මමද වගකියනු නොලැබේ.අත්හදා බැලීමකට දුශ්කර ප්‍රදේශ භාවිතා කිරීම සහ අනෙකුත් විකාශන සංඛ‍යාතයන් අවහිර නොවන අයුරින් මෙය සිදු කිරීමට තරයේ සිතට ගන්න.
හුදෙක්ම මෙම පරිපථය මම ඉදිරිපත් කරනුයේ,ට්‍රාන්ස්මීටර් වලට ඇලුම් කරන ඉලෙක්ට්‍රොනික් සහෝදර ශිල්පීන්ගේ දැනුම මට්ටම නගාසිටමීම සඳහාය.අනිත් කරුණ නම් මෙම පරිපථයේ උපකරණ සමහර දේවල් ලංකාවේ නැත.හැම ජහ ජරාවක්ම ලංකාවට ආවත් මේවගේ දීවල් ලංකාවට නෝඒම කණගාටුවට කරුණකි.ලංකාවේ තිබෙන උපකරණ භාවිතා කරමින් මෙය සුළු වෙනස්කම් කරමින් මම ඉදිරිපත් කරන්නම්.
නමුත් එකම එක අයිසී එකක් පිට රටින් ගෙන්වා ගැනීමට මට සිදුවිය.නමුත් මේ කාළය වන විට එයත් කොළඹ ඇතැයි කියා සිතමි. 
ඒ සඳහා මට බෙහෙවින් උපකාරී වුනේ සහ මෙය නිර්මාණය කිරීමට මට මගපෙන්වීම කලේ මගේ පළමු ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා වන සංජීව (බොබී)කියල අයිය කෙනෙක්.


**************************************************
මුලින්ම පරිපථයට ඇවැසි බල සැපයුම සාදමු.

 මෙහිදී ඉතාම වැදගත් කොටසක් තමයි බල සැපයුම.ඉතාම සුමට කරන ලද බලසැපයුමක් ලබාදීම ට්‍රාන්ස්මීටරයේ වගේම විසුරුවා හරින තරංගයේ ගුණාත්මකබව තහවුරු කරයි. මෙහිදී ප්‍රායෝගික නොවුනත් මම නිර්දේශ කරන්නේ සුමට බලසැපයුමක් සාදාගන්න අපහසුනම් 12V ත්‍රීවීල් බැටරියකින් සැපයුම ලබාදෙන්න.එය වඩාත් සාර්ථකයි.

• උපකරණ ලයිස්තුව
*C1, C2, C4, C5 - 10 nF, 50 V
*D1-D5 - 1N5408 or 1N5060
*C3 - 4700 uF, 35 V
*IO1 - 7812
*C6 - 100 uF
*Tr1 – 12v / 3A

මීලඟ ළිපියෙන් ට්‍රාන්ස්මීටරය හදාගන්න හැටි සහ හදනවිට ඇතිවන ගැටලුවලට විසඳුම් බලමු.


2014-02-08

..:: ඉලෙක්ට්‍රොනික් අයට ඉතා වටින LED Project පොතක් නොමිලේම ::..

ඉතින් යාළුවනේ ඔයාල ගොඩක් කැමති දෙයක් දෙන්න හදන්නෙ සිප්සලෙන් .ඉලෙක්ට්‍රොනික් කලත් නොකලත් මේ දේට ගොඩක්
කොල්ලො කැමති.LED වලින් කරන  Projects තමයි මේකෙ තියෙන්නෙ.ලොකු LED Project වලට යොදාගන්න සාර්ථක කුඩා LED පරිපථ මෙහි අන්තර්ගතයි.ඒ වගේම LED වල තියෙන අපි නොදන්න බොහෝ කරුණු උදාහරණ පරිපථ මගින් පෙන්වාදී තිබේ.පහලින් එය ලබාගන්න.


http://adf.ly/1Kj0qT

2014-02-04

..:: වෙලාවට වැඩ කරන්න උගන්වන ඔරලොසු යාළුව නිර්මානය වනහැටි බලන්න යමු ::..

ඉතින් යාළුවනේ අද ලංකාවාසී සියළු දෙනාටම ඉතාමත් අභිමානවත් දවසක්.66 වන නිදහස් දින සැමරුම සමරණ අද දිනයේදී සිප්සල, ඔයාලව සංචාරයක් එක්කන් යන්න හිතුව.අද සිප්සල ෆැක්ටරි ඇතුලේ සංචාරයෙන් ඔයාලව එක්කන් යන්නෙ,වෙලාවට වැඩ කරන්න උගන්වන ඔරලොසු යාළුව නිර්මානය වනහැටි  බලන්නයි.යමු එහෙනම්.





















2014-01-22

..:: LCD සහ LED TV හදනව දැක තිබේද?එන්න samsung factory බලන්න යමු ::..

මේ කාළය තාක්ශනිකව දියුණු වෙමින් පවතින කාළයකි.මම එසේ පැවසූවේ සැම කෙනෙකුම එදිනෙදා ,දෑතෙන් කරන්න පුලුවන් දේත් අද යන්ත්‍රයකට භාරදීල බලන් ඉන්නවා.අද රූපවාහිනියක් ගත්තත් එය නවීකරණය වෙමින් නව සොයාගැනීම් එයට එක්කරමින් අප අතට ලෙබෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස LCD සහ LED TV අද අප නරඹනවා.ඉතින් මම හිතුවා factoryයට ගිහින්ම ඔයාලට එය හදන අයුරු පෙන්වන්න.සිප්සල Factory ඇතුලේ tour විශේසාංගයෙන් ඔයාලව අද එක්කන් යන්නේ samsung factory බලන්නයි.