බෝදිලිමා කියන නම ඇසුව සැනින් සිතට තරමක හෝ බියක් උපද්දවන බවක් හැඟේ.සමහරුන් මෙය මිත්‍යාවක් බවත් සමහර අය මෙය තම දෑසින්ම දැක ඇති බවත් පවසයි.දැක ඇති අයගෙන් බහුතරය ගුරුකම් කරන කට්ටඩියන්ය.මම මෙම ළිපිය ළිවීමට සිතුවේ මට පසුගියදාක ලැබුනු වීඩියෝ ක්ලිප් එකක් නැරඹීමෙන්ය.
මම පෞද්ගලිකව හොඳින් අඳුනන ගමේම පුද්ගලයෙක්ගෙන් මෙය මට ලැබුනෙ.ඔහු පවසන අන්දමට මෙය රත්නපුර,මල්වල ප්‍රදේශයේ කට්ටඩියෙකු විසින් අල්ලාගනුලැබූ බවයි.එසේ කර ඇත්තේ බෝදිලිමා කිතුල්ගසක යනවිට කට්ටඩියා විසින් ඉතුල් කීරකට මතුරා බෝදිලිමා අල්ලා ගත් බවය.කෙනෙකු මෙය බොරුවක් යැයි බැහැර කිරීමට පුලුවන.එය ඔහුගේ...