2013-01-10

..:: ECS Factoryබලන්න යමුද ::..

අදත් ඔයාලව ෆැක්ටරියක් බලන්න එක්කන් යනව සිප්සල බ්ලොග් එක හරහා.මේ ෆැක්ටරිය ECS Factory.මෙයින් පරිගනක මවු පුවරු නිර්මාණය කරනවා.බලන්නකො ඒ කොහොමද කියලා.

2013-01-05

..:: Transparent Factory බලන්න යමුද ::..

..:: සිප්සල ::.. නරඹන ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! යාලුවනේ.ඔයාල ගොඩක් දෙනෙක් සිප්සලෙන් වැඩියෙන් නරඹන්න ආස කරන Factory ඇතුලේ tour මාතෘකාව යටතේ තවත් අලුත් ළිපියක් ගෙනාවා .මේකනම් Transparent නම් කාර් හදන Factory එකක්.බලන්නකො එහෙනම්. අදහසකුත් දාන්න ළිපිය හොඳනම්

























 *************************************





2012-12-23

..:: ස්ව‍යංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක් -2 ::..

ඔන්න යාලුවනේ ගියවර ළිපියේ දෙවන කොටස අරගෙන ආවා.එම පරිපථයේ ආකාර 3 නකට ඔයාලට පෙන්වා තිබෙනවා.මෙම පරිපථය ස්ක්‍රීන් ප්‍රින්ටීන් ආකාරයට සකසාගෙන නිර්මාණය කලයුතුයි.ඒ ක්‍රමය කිරීමට අපහසුනම් ඉතා සාර්තක ලේසි ක්‍රමයක් මීලඟ ළිපියෙන් ඔයාලට කියා දෙන්නම්.ඔර්ජිනල්  Siz PCB පහල ලිංක් එකෙන් ලබාගන්න.

2012-12-12

..:: ස්ව‍යංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක් ::..



කොහොමද යාලුවනේ.සිප්සල පැත්තෙ මට එන්න උනේ ගොඩක් කාලෙකට පස්සෙ.ඒ ඔයාලවත් බ්ලොග් එකවත් අමතක වෙලා නෙවෙයි.මම 2011.01.17 දින ආරම්භකල ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවෙ විභාගෙ 2012.12.08 වෙනිද තිබුනෙ.ඉතින් විභාගෙ තිබෙන කාළයේ ඒකට ගොඩක් මහන්සි වුනා.ඒ මහන්සියේ ප්‍රථිඵල අද මම බුක්ති විඳිනවා.NVQ Level 3 දක්වා පාඨමාලාව තමයි මම කලේ.ගොඩක් අමාරු විභාගයක් වුනත් කැපවීම නිසා ජයගන්න පුලුවන් වුනා.මට NVQ Level 3 සහතිකය අම්බවුනා.ලෙවල් 4,5 දක්වා ඉහලට හදාරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.මම පාථමාලාව හැදෑරුවේ රත්නපුරේ බටුහේන ආයතනයේ.

අද ඔයාලට ලබාදෙන්න යන්නේ ස්ව‍යංක්‍රීයව වතුර මෝටරය පාලනය කරන සහ ජල මට්ටම අංක වලින් දර්ශනය වන පරිපථයක්.මේ සඳහා ස්ලයිඩ් ශෝ එකක් සකසා තිබේ.ඔයාලට එය පහල අයිකනය ක්ලික් කර ලබාගන්න පුලුවන්.එහි සියලුම විස්තර සහ පරිපථයන්ද ඇතුලත්.මෙම පරිපථයේ එක ඊලඟ ළිපියෙන් බලාපොරොත්තු වන්න.එම ළිපිය සතියක් ඇතුලත අනිවාරෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනබව සහතික වනව.අදහසකුත් දාල යන්න.