අදත් ඔයාලව ෆැක්ටරියක් බලන්න එක්කන් යනව සිප්සල බ්ලොග් එක හරහා.මේ ෆැක්ටරිය ECS Factory.මෙයින් පරිගනක මවු පුවරු නිර්මාණය කරනවා.බලන්නකො ඒ කොහොමද කියලා.
කොහොමද යාලුවනේ.සිප්සල පැත්තෙ මට එන්න උනේ ගොඩක් කාලෙකට පස්සෙ.ඒ ඔයාලවත් බ්ලොග් එකවත් අමතක වෙලා නෙවෙයි.මම 2011.01.17 දින ආරම්භකල ඉලෙක්ට්රොනික් පාඨමාලාවෙ විභාගෙ 2012.12.08 වෙනිද තිබුනෙ.ඉතින් විභාගෙ තිබෙන කාළයේ ඒකට ගොඩක් මහන්සි වුනා.ඒ මහන්සියේ ප්රථිඵල අද මම බුක්ති විඳිනවා.NVQ Level 3 දක්වා පාඨමාලාව තමයි මම කලේ.ගොඩක් අමාරු විභාගයක් වුනත් කැපවීම නිසා ජයගන්න පුලුවන් වුනා.මට NVQ Level 3 සහතිකය අම්බවුනා.ලෙවල් 4,5 දක්වා ඉහලට හදාරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.මම පාථමාලාව හැදෑරුවේ රත්නපුරේ බටුහේන ආයතනයේ.