2011-03-30

...::: රූපවාහිනී සජීවීව නරඹ්න්න පුලුවන් චැනලයක් අඩවියට එක්ක් කරමු ::..

ඔයාලට  මේදවස්වල බොහොම වැදගත් දෙයක් මම කියල දෙන්නම්.ඔයාලගෙ වෙබ් පේජ් එකට හෝබ්ලොග් එකට සජීවීව දර්ශණය වන රූපවාහිනී  චැනලයක් එක් කිරීමට පුලුවන්නම් කොතරම් අගනේද.එය කිරීම තුලින් ඔබගේ ට්‍රැෆික් එක වගේම අමුතුම ගාම්බීර බවක් අඩවියට එක් වෙනවා.හරි එය කෙසේ වෙතත්.මේ සේවාව සිදු කරන්නේ lankajustin.tv   ආයතනය විසින් නොමිලේමයි.ඔයාල මෙතනින් ගිහින්   කෙටි පියවර අනුගමනය කර ඔබගේ අඩවියට එම සේවාව එක් කරගන්න.

මට මෙය අත්හදා බැලීමටනම් නොහැකි වුනා වැඩ අධික නිසා.වැඩේ ගොඩනම් කියන්න.හොදේ.



2011-03-27

..:: සිප්සල මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය අප්‍රේල් මාසෙටත් ::..

..:: සිප්සල ::..  මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය මෙවරත් එනම් අප්‍රේල් මාසෙටත් නිර්මාණය කර ඇත.මෙවර කැලැන්ඩර් දෙකක් නිර්මාණයකර ඇත.ඔබගේ පරිගනකයටත් මෙය ලබාගෙන ලස්සන ද කියල බලන්නකෝ.
 
 

2011-03-12

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට වටිනාම මෘදුකාංගයක්-Electronics Assistant ::..

ඉලෙක්ට්‍රොනික් කරන අයට ලොකු පහසුවක් මෙන්ම අත්වැලක් දීමට හිතාගෙන මම ඔයාලට ඉතා කුඩා මෘදුකාංගයක් ලබාදෙනවා.මුලින්ම කියන්නම් මේකෙන් කරන්න පුලුවන් දේවල් ටික.එතකොට ඔයාලටම හිතාගන්න පුලුවන් මෘදුකාංගය වටිනවද නැද්ද කියල.මේකෙ නම තමයි ඉලෙක්ට්‍රොනික් ඇසිස්ටන් (Electronics Assistant).මෙමගින් 4 බෑන් ,5 බෑන් රෙසිස්ටර් වල කලර්කෝඩ් ලබාගැනීමට පුලුවන් / රෙසිස්ටර් සීරියස් කර සහ පැරල් කර අගය ලබාගැනීමට පුලුවන් / ඕනැම වෝල්ටෙජයකට එල්.ඊ.ඩී එකක් යොදන විට එයට දමන රෙසිස්ටර් එක මොකද්ද කියල සොයන්න පුලුවන් / එමෙන්ම කන්ඩෙන්සර් වල කෝඩ් එක සෙවීම / සීරියස් , පැරල් කිරීම / ඉන්ඩක්ටර් කලර් කෝඩ් / පවර් කැල් සහ ෆ්‍රීකුවෙන්සි කැල් වගේ වටින වැඩසටහන් පෙලක්ම මෙහි අන්තර් ගත වෙනවා.එම මෘදුකාංගය පහලින් ලබාගන්න.
 

මෙය පරිගනකයේ ස්ථපිත කිරීමට ඩොට්නෙට් ෆ්‍රේම්වර්ක් 2 අවැසිය එය ඔබලඟ නැත්නම් මෘදුකාංගය ස්ථපිත වීමේදී ස්වයංක්‍රීයව ස්ථපිත කර ගනීයි.
වැදගත්:-මෙය ස්තාපිත කිරීමේදී අන්තර් ජාලය සමඟ සම්බන්දව සිටිය යුතුය.

2011-03-05

..:: විශාල ප්‍රමානයේ පින්තූර ලේසියෙන් ගන්න මෙන්න අඩවිය ::..

යාලුවනේ, ඔයාලට තවත් පහසුකමක් අරගෙන ආවා.ලස්සන ලස්සන පින්තූර වලින් සමන්විත අඩවියක් මෙම දිනවල සම්පාදනය කරමින් පවතිනවා.මේ අඩවියෙන්  විශාල ප්‍රමාණයේ පින්තූර ඔයාලට ලබාදෙන්නේ සම්පූර්ණව නොමිලේය. ඔයාලට නොමිලේම මෙම අඩවිය තුල ලියාපදිංචි වීමට පුලුවන .එසේ සිදුකල හොත් පමනි පින්තූර ඔබට ලබාගනීමට පුලුවන් වනුයේ.ඔබගේ නිවැරදි විස්තර අඩවියේ ලියාපදිංචි පිටුවට ගොස් පුරවා එවන්න.දින දෙකක් ඇතුලත ඔබගේ ඇතුල් වීමේ විස්තර ඔබගේ විද්යුත් ලිපිනයට මම ලබාදෙමි.යම් ගැටලුවක් මේ සම්බන්දව ඔබට ඇත්නම් tllankaweb@gmail.com ලිපිනයට ඔබගේ ගැටලුව යොමු කරන්න.

අඩවියට පහල අයිකනයෙන් යන්න.  


ලියාපදිංචිය සඳහා මෙතනින් යන්න  
 

2011-02-23

..:: ලෝක කුසලානයේ තතු සැනින් එසැනින් ඔබට කියන හොඳම විජෙට් එකක් ::..

ලෝක කුසලානයේ තතු සැනින් එසැනින් ඔබට කියන හොඳම විජෙට් එකක් ඔයාලගේ වෙබ් එකට හෝ බ්ලොග් එකට පහසුවෙන් දාගමු.පහල අයිකනය ක්ලික් කර එම පිටුවට ගොස් ඔබට කැමති විජෙට් එකට අදාල  HTML COAD එක කොපි කර ඔබගේ අඩවියේ පේස්ට් කරන්න.මෙතනින් ඔබට රිසි  විජෙට්  ගොඩක් තිබේ.

..:: ක්‍රිකට් විස්තර සජීවීව ඔයාලගේ ගූගල් බ්‍රවුසරයටත් ::..

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඔයාලට ලබාදෙන්නේ ගූගල් ක්‍රෝමි පාවිච්චිකරන අයට ක්‍රිකට් විස්තර සජීවීව නැරඹීමට  හැකි extensions එකකි.පහලින් එතනට ගිහින් එය ලබාගන්න.

2011-02-19

..:: නිල්නෙත සහ සිප්සල මාර්තු මස කැලැන්ඩරය ::..


ඔන්න  නිල්නෙත සහ සිප්සල සමගාමීව  ඔබට ලබාදෙන ලස්සන පරිගනක කැලැන්ඩරයේ මාර්තු මස කැලැන්ඩරය මෙතනින් ලබාගත හැක.ඉක්මනිම්ම ලබාගන්න.ඔබගේ අදහසත් දාලම යන්න.

2011-02-13

..:: සිප්සල දැන් ජංගම දුරකථන තුලිනුත් ::..


සිප් සල මෙතෙක් ආ ගමනේ නව සන්දිස්ථානයකට අද දිනයේ පාතබයි.අප මෙතෙක් කලක් බ්ලොග්ස්පොට් තුලින් සිප්සල ඔබවෙතට ගෙන ආවා.අද දිනයේ සිට ඔබට තවත් මාධයකින් සිප්සල කියවීමට පුලුවන් වන අයුරින් අප පහසුකම් සලසා තිබෙනවා.ඒජංගම දුරකථන තුලිනි.සිප්සල දැන් පහසුවෙන් නැරඹීමට ඔබට හැකියාව ඇත.පහල තිබෙන ලින්ක් එක තුලින් ඔබගේ දුරකථනය භාවිතාකර පිවිසෙන්න.

2011-02-12

..:: පිටු පෙරලෙන්න ඩිජිටල් පොත් හදන්න ::..

තමන්ට ඕනම් පොතක් ඩිජිටල් කර අඩවියක් තුල පිටු පෙරලෙන ආකාරයට සාදා ගන්න ඕනනම් ඒකට හොඳම මෘදුකාංගයක් තියේ.මේකෙන් වැඩ කරලම අදහසක් දාන්නකෝ.ඔය පහලින් තියෙන බැනරය ක්ලික් කර අඩවියට පිවිසී එම මෘදුකාංගය ලබා ගන්න..

2011-02-07

..:: ලස්සනම ලස්සන අලුත් ස්ලයිඩ්ශෝ විජෙට් එකක් ::..

ඔන්න මීට පෙරත් මම කිය දුන්න වෙබ් එකකට හෝ බ්ලොග් පිටුවකට කොහොමද ලස්සන ස්ලයිඩ් ශෝ විජෙක්ටුවක් දාගන්නේ  කියලා.එම ලිපියට මෙතනින් යන්න.මම අදත් කියා දෙන්න යන්නේ තවත් ලස්සනම ලස්සන විජෙට් එකක් පිලිබඳවයි.ඇත්තටම මේක නම් පිකාසා එකෙන් ලබා දෙන එකට වඩා ඉතාම ලස්සනට තමන්ට හදාගන්න පුලුවන්.මුලින්ම පහල අයිකනයට ගිහින් ලියාපදිංච්චි වෙන්න.ඊට පහලින්තිබෙන්නේ එම අඩවියේ ප්‍රධාන පිටුවට ගමන් කිරීමට ඇති බැනරයයි.

ඔයාලත් මෙය කරලම බලන්න.ඉතාම ලස්සනට මෙමඟින් ස්ලයිඩ් ශෝ විජෙටුවක් හදාගන්න පුලුවන්.ඔබගේ අදහස දාල යන්න.


2011-01-30

..:: ලොව උසම ගොඩනගිලි දහය ::..

වර්ථමානයේ ලෝකයම වසාසිටින්න රූස්ස ගොඩනැගිලි සමත්ව සිටී.මේවා ඉතින් ඉබේ ඇතිවුන දීවල්නම් නෙවෙයි.මිනිස්සුම නිර්මාණය කරපු දේවල් තමයි.මම ඔයාලට අද ගෙනාවේ ලොව උසම ගොඩ නැගිලි පිලිබඳ ළිපියක්.
පළමු තැන හිමිවන්නේ:-මහල් 167 කින් යුත් ,උස් අඩි 2313 හෙවත් මීටර් 818 කින් යුත් එක්සත් අරාභ් එමීර් රාජ්‍යයේ බර්ජ් ඩුබායි ගොඩ නැගිල්ලයි.
දෙවන තැන හිමිවන්නේ:-මහල් 101 කින් යුත් ,උස් අඩි 1667 හෙවත් මීටර් 508 කින් යුත් තායිවානයේ තායිපේ 101 ගොඩ නැගිල්ලයි.
තෙවැනි සහ සිව්වන් තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1483 හෙවත් මීටර් 452 කින් යුත් මැලේසියාවේ පෙට්‍රන්ස් ටවර් ගොඩ නැගිලි ද්විත්වයයි.


පස්වන තැන හිමිවන්නේ:-මහල් 110 කින් යුත් ,උස් අඩි 1451 හෙවත් මීටර් 442 කින් යුත් චිකාගෝ නගරයේ සියර්ස් ගොඩ නැගිල්ලයි.


සයවන තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1381 හෙවත් මීටර් 421 කින් යුත් චීනයේ ෂැංහයි නුවර ජින් මාවෝ ගොඩ නැගිල්ලයි.


හත්වන තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1362 හෙවත් මීටර් 415 කින් යුත් හොංකොංහි ජාත්‍යන්තර ආර්ථික මධ්‍යස්ථානය ගොඩ නැගිල්ලයි.


අටවන තැන හිමිවන්නේ:-මහල් 80 කින් යුත් ,උස් අඩි 1293 හෙවත් මීටර් 391 කින් යුත් චීනයේ සිටික් ප්ලාස් ගොඩ නැගිල්ලයි.


නවවන තැන හිමිවන්නේ:-මහල් 69 කින් යුත් ,උස් අඩි 1260 හෙවත් මීටර් 384 කින් යුත් චීනයේ ශැංහයි චතුරශ ගොඩ නැගිල්ලයි.


දසවන තැන හිමිවන්නේ:-මහල් 102 කින් යුත් ,උස් අඩි 1250 හෙවත් මීටර් 381 කින් යුත් නිව්යෝර්ක් නගරයේ එම්පයර් ස්ටේට් ගොඩ නැගිල්ලයි.

2011-01-29

..:: බ්ලොග් එකට ලස්සන ඇල්බම් විජෙට්ටුව ::.

ඔන්න තවත් ඔයාලට වැදගත් දෙයක් මම අද අරන් ආවා.සමහරක් විට මේක ඔයාල දන්නවත් ඇති.නමුත් නොදන්න අයත් ඉන්නවනේ.ඉතින් මේක ඒ අයට.මේක පිකාස සේවාවෙන් ලබාදෙන දෙයක්.ස්ලයිඩ්ශෝ ඇල්බම් එකක්.බලන්න්කෝ මම හදල තියෙන එක.
ඉතින් ඔයාලටත් මේක හදන්න ඕනනම් මෙතනින් ගිහින් එය සිදුකල හැක.


2011-01-28

..:: ඕඩියෝ එකක් ප්ලේ වෙන EXE එකක් කරමු ::..

අද ඔයාලට මම ලබාදෙන්නේ, බෙබ් අඩවියක් පවත්වාගෙන යන විට අපිට ඕඩියෝ එකක් ඊ එක්ස් ඊ (EXE) එකක් කර ගන්න ඕන වුනොත් කොහොමද එය කරන්නේ කියාය.මෙය මෘදුකාංගයක්.නමුත් ගැටලුවකට තිබෙන්නේ මෙය Trial Software එකක් වීමයි.නමුත් අන්තර්ජාලය පීරල බැලුවොත් නම් සම්පූර්ණෙ මෘදුකාංගය හොයාගන්න බැරි වෙන එකක් නැහැ.ඉතාම කුඩා එකක් නිසා මෙය බාගත කරගැනීමේ ගැටලුවකුත් නැහැ. ඔයාලට සම්පූර්ණ මෘදුකාංගය ලැබුනොත් මෙහි අදහසක් දාන්න.

2011-01-26

..:: අවුරුද්ද පුරාවටම මසක් පාසා අලංකාර දිනදර්ශන නොමිලේමයි ::..

මේ නව වසරේ ආරම්භයත් සමඟම ඔබ සැමට සිප්සල , නිල්නෙත  අඩවි සමගාමීව සිදු කරන අලංකාර දිනදර්ශන,එනම් තමන්ගේ පරිගනක තිරයට උචිත අයුරින් නිර්මාණය කළ අලංකාර දිනදර්ශන ඔයාලට මාසෙන් මාසෙට ලබාදීමට අප කටයුතු කරමු.මෙය ලබාගැනීම සඳහා පහල තිබෙන බැනරයමත ක්ලික් කරන්න.ඔබගේ පහසුව තකා ඉදිරි මාසවල දිනදර්ශන ලබාගැනීමට, සිප්සල අඩවියේ වම්පස උඩින්ම බටනයක් දිස්ව ඇත .එය තුලින් ලබාගන්න. ඔබගේ අදහස දාලම යන්න.

2011-01-23

..:: ලංකාවේ සන්නිවේදන ආයතනවල අන්තර්ජාල සෙටිංස් ::..

මම අද ඔයාලට ලබාදෙන්නේ අන්තර්ජාලයට ඩොන්ගල් එකක් ආදාරයෙන් පිවිසීමට හැකිවනසේ එක එක සන්නිවේදන ආයතන වලින් ලබාදෙන සෙටින්ස් එකතු කර ඔයාලට ලබා දීමයි.
මුලින්ම කිවිය යුතු කරුණක් තියෙයි.මට මේ විස්තර ලබා දුන්නේ පන්හිඳ බ්ලොග් අඩවියේ කතෘ තුමන්ය.ඔහුට බෙහෙවින් ස්තූතිවන්ත වෙන ගමන් මම මේ කරුණු ටික ඇතුලත් HTML ශීට් එක ඔයාලට ලබාදෙනවා.
පහල අයිකනය තුලින් එය ලබාගන්න.ඉතාම කුඩා බයිට් ප්‍රමානයක් මෙයට වැයවනුයේ.තව දෙයක් මෙමඟින් MMS සෙටින්ස් පවා ඔයාලට බලා ගත හැක.

2011-01-16

..:: ස්ව්‍යංක්‍රීයව පරිගණක තිරය වෙනස් කිරීමට හොඳ මෘදුකාංගයක් ::..

අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය තරමක් විශෙෂ එකකි.මෙමඟින් තමන්ගේ පරිඝනක තිරයේ තිබෙන අලංකාර රූපය දිනෙන් දින ස්ව‍යංක්‍රීයව වෙනස්වන අයුරින් සැකසීමට පුලුවන.මෙය මාසෙන් මාසෙට වුවද සකසා තැබිය හැක.
ඉතාම කුඩා මෘදුකාංගයක් (741KB) වන බැවින් ඉතාම පහසුවෙන් ඕනම කෙනෙකුට භාගත කිරීමටද පුලුවන.පහල අයිකනය ක්ලික් කර එය ලබා ගන්න.

අදහසකුත් දාල යන්න.

2011-01-15

..:: වෙබ් අඩවියට , බ්ලොග් එකට ලස්සන නැවිගේශන් බාර් එකක් දාමු ::..

ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට මෙනු බාර් එකක්,ඒ කියන්නේ නැවිගේශන් බාර් එකක් එක්කරන්න නියම මෘදුකාංගයක් අද ඔයාලට මම ඉදිරිපත් කරනවා.Visual CSS QuickMenuකියන්නේ මේ වැඩේට හොඳම මෘදුකාංගයක්.ඔබ පහල තිබෙන අයිකනය ක්ලික් කර එය ලබාගන්න.

සැ.යු:-ඔබ මේ අයිකනය ක්ලික් කිරීමෙන් වෙබ් පිටුවක් කරා පිවිසේවි.එතනදී එම ආයතනයේ නීති මාලාවට යටත්වී ,එම පිටුවේම පහලින් ඔබගෙ os එකට ගැලපෙන විදියට මෘදුකාංගය ලබාගත හැක.

අදහසක් දාලම යන්නකෝ.

2011-01-07

..:: Rss විජෙක්ට් එකක් බ්ලොගයට හෝ වෙබ් එකට දාගමු ::..



මේකනම් ඔයාලට නිරන්තරෙන්ම උපකාරීවන විජෙට්ටුවක් වෙයි.මෙම විජෙට්ටුවෙන් කෙරෙනුයේ සිංඩියක වන කාර්ය කොටසමයි.මේක හරිම ලේසියෙන් ඔයාලගෙ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට පහසුවෙන් නොමිලේම එකතු කරගත හැක.

නිරන්තරයෙන් යාවත්කාලීන වන මෙය තුලින් සිංඩියක වන සංසිද්දිය විජෙක්ටුවක් තුලින් සිදුකිරීම සිදු කරයි.
මුලින්ම ඔබ මෙම අඩවිය තුල ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා මෙතනින් යන්න.


ඉන්පසු ඔබ ලොග් වෙලා උඩ තිබෙන  බටන තුලින්  RSS Widget යන්න තෝරා දිය යුතුය.
එවිට ඔබට දිස්වෙන වෙබ් පිටුවේ පහලින්ම තිබෙන Crear Widget බටනය ක්ලික් කර ඒ විජෙක්ට් එක තමන්ට රිසි අයුරින් සාදාගන්න.

2011-01-06

..:: නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීම ::..

සයිබර් නිකේතනයේ ලැගුම් ගන්නට , නිල් නෙත්සර මුලු ලොවටම විදහා පෑමට නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීමට සූදානම්ව ඇත.2011/01/06 ක් වූ අද දින ඔබ සැමට නිල්නෙත අඩවිය තුලට එබිකම් කිරීමට හැකිවන අයුරින් සාදා නිම කොට ඇත.හුදෙක්ම ඒ ඔබ සඳහා වන්නේය.

නිල්නෙත නම් වූ මෙම අඩවිය අනෙක් අඩවි තුලින් වෙනස් ආරකට යොමු කිරීමට මම බලාපොරොත්තු වෙමි.ඒ සඳහා නිරන්තරයෙන්ම පාඨක සහුර්ධයින්ගේ අදහස් , යෝජනා , චෝදනා බලාපොරොත්තුවෙන් සිටිමි.
අද සිට නිල් නෙත ඔබගේ නෙත් මානයට එන්නේ දැනුම සම්භාරයක් අරන්.
තවත් විශේෂ කරුණක් මතක් කිරීමට තිබේ.එනම් නිල් නෙත ක්‍රියාත්මක වනුයේ පමනක් පිටු යුනිකෝඩ් භාවිතයෙනි.එම නිසා යුනිකෝඩ් ඔබගේ පරිගනකය තුල තිබීම සුදුසුය.

ඒ වගේම නිල් නෙත අඩවියේ සාමාජික බඳවා ගැනීම් අඩවිය ආරම්භයේදී අක්‍රිය කොට ඇත.ඒගැන ඔබගෙන් සමාව ඉල්ලා සිටිමි.දින දෙක තුනක් ඇතුලත එම පහසුකමද ලබා දීමට මම කටයුතු කරමි.

මෙතෙක් කලක් නිල්නෙත නම් වූ සයිබර් නේත්‍රාව විවිධ අත්හදා බැලීම් තුලින් කෙමෙන් කෙමෙන් සාර්ථකත්වයට පත් වුනු අඩවියකි. ඒ අත්හදා බැලීම් සාර්ථක කර ගැනීමට මට බෙහෙවින් උපකාර කළ කිහිප දෙනෙක් සිටිනවා.

මොබයි එල්කේ ඉඳුනිල් අයියා ( දැනටනම් එම අඩවිය ක්‍රියාත්මක නැත. )
ඉශාර අයියා

සහ නිරන්තරයෙන් මට සහය වුනු අනෙක් සියලුම දෙනා මේ වෙලාවේදී මම ගෞරවයෙන් මතක් කර සිටිමි.ඔවුන් සියලු දෙනාටම බෙහෙවින් ස්තූතියි වන්ත වෙමි.

පැමින නරඹන්න නිල් නෙත අඩවිය. ඒ සඳහා ඉහල බැනරය ක්ලික් කරන්න.

2011-01-01

..:: නැවුම් වූ වසරකට පා තබන මොහොතේ ::..


නැවුම් වූ වසරකට පා තබන මොහොතේ සැම සිත් සතුටින් , සාමයෙන් ,සෞභාග්‍යයෙන් පරිපූර්ණ වූ වර්ශයක් වුදාවේවා.....!
නව වසරේදීඔබ සැමට ආවඩා ආයුබෝ වේවා...!
..::TL LANKA WEB::..