2011-01-30

..:: ලොව උසම ගොඩනගිලි දහය ::..

වර්ථමානයේ ලෝකයම වසාසිටින්න රූස්ස ගොඩනැගිලි සමත්ව සිටී.මේවා ඉතින් ඉබේ ඇතිවුන දීවල්නම් නෙවෙයි.මිනිස්සුම නිර්මාණය කරපු දේවල් තමයි.මම ඔයාලට අද ගෙනාවේ ලොව උසම ගොඩ නැගිලි පිලිබඳ ළිපියක්.
පළමු තැන හිමිවන්නේ:-මහල් 167 කින් යුත් ,උස් අඩි 2313 හෙවත් මීටර් 818 කින් යුත් එක්සත් අරාභ් එමීර් රාජ්‍යයේ බර්ජ් ඩුබායි ගොඩ නැගිල්ලයි.

දෙවන තැන හිමිවන්නේ:-මහල් 101 කින් යුත් ,උස් අඩි 1667 හෙවත් මීටර් 508 කින් යුත් තායිවානයේ තායිපේ 101 ගොඩ නැගිල්ලයි.
තෙවැනි සහ සිව්වන් තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1483 හෙවත් මීටර් 452 කින් යුත් මැලේසියාවේ පෙට්‍රන්ස් ටවර් ගොඩ නැගිලි ද්විත්වයයි.


පස්වන තැන හිමිවන්නේ:-මහල් 110 කින් යුත් ,උස් අඩි 1451 හෙවත් මීටර් 442 කින් යුත් චිකාගෝ නගරයේ සියර්ස් ගොඩ නැගිල්ලයි.


සයවන තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1381 හෙවත් මීටර් 421 කින් යුත් චීනයේ ෂැංහයි නුවර ජින් මාවෝ ගොඩ නැගිල්ලයි.


හත්වන තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1362 හෙවත් මීටර් 415 කින් යුත් හොංකොංහි ජාත්‍යන්තර ආර්ථික මධ්‍යස්ථානය ගොඩ නැගිල්ලයි.


අටවන තැන හිමිවන්නේ:-මහල් 80 කින් යුත් ,උස් අඩි 1293 හෙවත් මීටර් 391 කින් යුත් චීනයේ සිටික් ප්ලාස් ගොඩ නැගිල්ලයි.


නවවන තැන හිමිවන්නේ:-මහල් 69 කින් යුත් ,උස් අඩි 1260 හෙවත් මීටර් 384 කින් යුත් චීනයේ ශැංහයි චතුරශ ගොඩ නැගිල්ලයි.


දසවන තැන හිමිවන්නේ:-මහල් 102 කින් යුත් ,උස් අඩි 1250 හෙවත් මීටර් 381 කින් යුත් නිව්යෝර්ක් නගරයේ එම්පයර් ස්ටේට් ගොඩ නැගිල්ලයි.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...