2011-01-06

..:: නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීම ::..

සයිබර් නිකේතනයේ ලැගුම් ගන්නට , නිල් නෙත්සර මුලු ලොවටම විදහා පෑමට නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීමට සූදානම්ව ඇත.2011/01/06 ක් වූ අද දින ඔබ සැමට නිල්නෙත අඩවිය තුලට එබිකම් කිරීමට හැකිවන අයුරින් සාදා නිම කොට ඇත.හුදෙක්ම ඒ ඔබ සඳහා වන්නේය.

නිල්නෙත නම් වූ මෙම අඩවිය අනෙක් අඩවි තුලින් වෙනස් ආරකට යොමු කිරීමට මම බලාපොරොත්තු වෙමි.ඒ සඳහා නිරන්තරයෙන්ම පාඨක සහුර්ධයින්ගේ අදහස් , යෝජනා , චෝදනා බලාපොරොත්තුවෙන් සිටිමි.
අද සිට නිල් නෙත ඔබගේ නෙත් මානයට එන්නේ දැනුම සම්භාරයක් අරන්.
තවත් විශේෂ කරුණක් මතක් කිරීමට තිබේ.එනම් නිල් නෙත ක්‍රියාත්මක වනුයේ පමනක් පිටු යුනිකෝඩ් භාවිතයෙනි.එම නිසා යුනිකෝඩ් ඔබගේ පරිගනකය තුල තිබීම සුදුසුය.

ඒ වගේම නිල් නෙත අඩවියේ සාමාජික බඳවා ගැනීම් අඩවිය ආරම්භයේදී අක්‍රිය කොට ඇත.ඒගැන ඔබගෙන් සමාව ඉල්ලා සිටිමි.දින දෙක තුනක් ඇතුලත එම පහසුකමද ලබා දීමට මම කටයුතු කරමි.

මෙතෙක් කලක් නිල්නෙත නම් වූ සයිබර් නේත්‍රාව විවිධ අත්හදා බැලීම් තුලින් කෙමෙන් කෙමෙන් සාර්ථකත්වයට පත් වුනු අඩවියකි. ඒ අත්හදා බැලීම් සාර්ථක කර ගැනීමට මට බෙහෙවින් උපකාර කළ කිහිප දෙනෙක් සිටිනවා.

මොබයි එල්කේ ඉඳුනිල් අයියා ( දැනටනම් එම අඩවිය ක්‍රියාත්මක නැත. )
ඉශාර අයියා

සහ නිරන්තරයෙන් මට සහය වුනු අනෙක් සියලුම දෙනා මේ වෙලාවේදී මම ගෞරවයෙන් මතක් කර සිටිමි.ඔවුන් සියලු දෙනාටම බෙහෙවින් ස්තූතියි වන්ත වෙමි.

පැමින නරඹන්න නිල් නෙත අඩවිය. ඒ සඳහා ඉහල බැනරය ක්ලික් කරන්න.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...