2011-01-30

..:: ලොව උසම ගොඩනගිලි දහය ::..

වර්ථමානයේ ලෝකයම වසාසිටින්න රූස්ස ගොඩනැගිලි සමත්ව සිටී.මේවා ඉතින් ඉබේ ඇතිවුන දීවල්නම් නෙවෙයි.මිනිස්සුම නිර්මාණය කරපු දේවල් තමයි.මම ඔයාලට අද ගෙනාවේ ලොව උසම ගොඩ නැගිලි පිලිබඳ ළිපියක්.
පළමු තැන හිමිවන්නේ:-මහල් 167 කින් යුත් ,උස් අඩි 2313 හෙවත් මීටර් 818 කින් යුත් එක්සත් අරාභ් එමීර් රාජ්‍යයේ බර්ජ් ඩුබායි ගොඩ නැගිල්ලයි.
දෙවන තැන හිමිවන්නේ:-මහල් 101 කින් යුත් ,උස් අඩි 1667 හෙවත් මීටර් 508 කින් යුත් තායිවානයේ තායිපේ 101 ගොඩ නැගිල්ලයි.
තෙවැනි සහ සිව්වන් තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1483 හෙවත් මීටර් 452 කින් යුත් මැලේසියාවේ පෙට්‍රන්ස් ටවර් ගොඩ නැගිලි ද්විත්වයයි.


පස්වන තැන හිමිවන්නේ:-මහල් 110 කින් යුත් ,උස් අඩි 1451 හෙවත් මීටර් 442 කින් යුත් චිකාගෝ නගරයේ සියර්ස් ගොඩ නැගිල්ලයි.


සයවන තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1381 හෙවත් මීටර් 421 කින් යුත් චීනයේ ෂැංහයි නුවර ජින් මාවෝ ගොඩ නැගිල්ලයි.


හත්වන තැන හිමිවන්නේ:-මහල් 88 කින් යුත් ,උස් අඩි 1362 හෙවත් මීටර් 415 කින් යුත් හොංකොංහි ජාත්‍යන්තර ආර්ථික මධ්‍යස්ථානය ගොඩ නැගිල්ලයි.


අටවන තැන හිමිවන්නේ:-මහල් 80 කින් යුත් ,උස් අඩි 1293 හෙවත් මීටර් 391 කින් යුත් චීනයේ සිටික් ප්ලාස් ගොඩ නැගිල්ලයි.


නවවන තැන හිමිවන්නේ:-මහල් 69 කින් යුත් ,උස් අඩි 1260 හෙවත් මීටර් 384 කින් යුත් චීනයේ ශැංහයි චතුරශ ගොඩ නැගිල්ලයි.


දසවන තැන හිමිවන්නේ:-මහල් 102 කින් යුත් ,උස් අඩි 1250 හෙවත් මීටර් 381 කින් යුත් නිව්යෝර්ක් නගරයේ එම්පයර් ස්ටේට් ගොඩ නැගිල්ලයි.

2011-01-29

..:: බ්ලොග් එකට ලස්සන ඇල්බම් විජෙට්ටුව ::.

ඔන්න තවත් ඔයාලට වැදගත් දෙයක් මම අද අරන් ආවා.සමහරක් විට මේක ඔයාල දන්නවත් ඇති.නමුත් නොදන්න අයත් ඉන්නවනේ.ඉතින් මේක ඒ අයට.මේක පිකාස සේවාවෙන් ලබාදෙන දෙයක්.ස්ලයිඩ්ශෝ ඇල්බම් එකක්.බලන්න්කෝ මම හදල තියෙන එක.
ඉතින් ඔයාලටත් මේක හදන්න ඕනනම් මෙතනින් ගිහින් එය සිදුකල හැක.


2011-01-28

..:: ඕඩියෝ එකක් ප්ලේ වෙන EXE එකක් කරමු ::..

අද ඔයාලට මම ලබාදෙන්නේ, බෙබ් අඩවියක් පවත්වාගෙන යන විට අපිට ඕඩියෝ එකක් ඊ එක්ස් ඊ (EXE) එකක් කර ගන්න ඕන වුනොත් කොහොමද එය කරන්නේ කියාය.මෙය මෘදුකාංගයක්.නමුත් ගැටලුවකට තිබෙන්නේ මෙය Trial Software එකක් වීමයි.නමුත් අන්තර්ජාලය පීරල බැලුවොත් නම් සම්පූර්ණෙ මෘදුකාංගය හොයාගන්න බැරි වෙන එකක් නැහැ.ඉතාම කුඩා එකක් නිසා මෙය බාගත කරගැනීමේ ගැටලුවකුත් නැහැ. ඔයාලට සම්පූර්ණ මෘදුකාංගය ලැබුනොත් මෙහි අදහසක් දාන්න.

2011-01-26

..:: අවුරුද්ද පුරාවටම මසක් පාසා අලංකාර දිනදර්ශන නොමිලේමයි ::..

මේ නව වසරේ ආරම්භයත් සමඟම ඔබ සැමට සිප්සල , නිල්නෙත  අඩවි සමගාමීව සිදු කරන අලංකාර දිනදර්ශන,එනම් තමන්ගේ පරිගනක තිරයට උචිත අයුරින් නිර්මාණය කළ අලංකාර දිනදර්ශන ඔයාලට මාසෙන් මාසෙට ලබාදීමට අප කටයුතු කරමු.මෙය ලබාගැනීම සඳහා පහල තිබෙන බැනරයමත ක්ලික් කරන්න.ඔබගේ පහසුව තකා ඉදිරි මාසවල දිනදර්ශන ලබාගැනීමට, සිප්සල අඩවියේ වම්පස උඩින්ම බටනයක් දිස්ව ඇත .එය තුලින් ලබාගන්න. ඔබගේ අදහස දාලම යන්න.

2011-01-23

..:: ලංකාවේ සන්නිවේදන ආයතනවල අන්තර්ජාල සෙටිංස් ::..

මම අද ඔයාලට ලබාදෙන්නේ අන්තර්ජාලයට ඩොන්ගල් එකක් ආදාරයෙන් පිවිසීමට හැකිවනසේ එක එක සන්නිවේදන ආයතන වලින් ලබාදෙන සෙටින්ස් එකතු කර ඔයාලට ලබා දීමයි.
මුලින්ම කිවිය යුතු කරුණක් තියෙයි.මට මේ විස්තර ලබා දුන්නේ පන්හිඳ බ්ලොග් අඩවියේ කතෘ තුමන්ය.ඔහුට බෙහෙවින් ස්තූතිවන්ත වෙන ගමන් මම මේ කරුණු ටික ඇතුලත් HTML ශීට් එක ඔයාලට ලබාදෙනවා.
පහල අයිකනය තුලින් එය ලබාගන්න.ඉතාම කුඩා බයිට් ප්‍රමානයක් මෙයට වැයවනුයේ.තව දෙයක් මෙමඟින් MMS සෙටින්ස් පවා ඔයාලට බලා ගත හැක.

2011-01-16

..:: ස්ව්‍යංක්‍රීයව පරිගණක තිරය වෙනස් කිරීමට හොඳ මෘදුකාංගයක් ::..

අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය තරමක් විශෙෂ එකකි.මෙමඟින් තමන්ගේ පරිඝනක තිරයේ තිබෙන අලංකාර රූපය දිනෙන් දින ස්ව‍යංක්‍රීයව වෙනස්වන අයුරින් සැකසීමට පුලුවන.මෙය මාසෙන් මාසෙට වුවද සකසා තැබිය හැක.
ඉතාම කුඩා මෘදුකාංගයක් (741KB) වන බැවින් ඉතාම පහසුවෙන් ඕනම කෙනෙකුට භාගත කිරීමටද පුලුවන.පහල අයිකනය ක්ලික් කර එය ලබා ගන්න.

අදහසකුත් දාල යන්න.

2011-01-15

..:: වෙබ් අඩවියට , බ්ලොග් එකට ලස්සන නැවිගේශන් බාර් එකක් දාමු ::..

ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට මෙනු බාර් එකක්,ඒ කියන්නේ නැවිගේශන් බාර් එකක් එක්කරන්න නියම මෘදුකාංගයක් අද ඔයාලට මම ඉදිරිපත් කරනවා.Visual CSS QuickMenuකියන්නේ මේ වැඩේට හොඳම මෘදුකාංගයක්.ඔබ පහල තිබෙන අයිකනය ක්ලික් කර එය ලබාගන්න.

සැ.යු:-ඔබ මේ අයිකනය ක්ලික් කිරීමෙන් වෙබ් පිටුවක් කරා පිවිසේවි.එතනදී එම ආයතනයේ නීති මාලාවට යටත්වී ,එම පිටුවේම පහලින් ඔබගෙ os එකට ගැලපෙන විදියට මෘදුකාංගය ලබාගත හැක.

අදහසක් දාලම යන්නකෝ.

2011-01-07

..:: Rss විජෙක්ට් එකක් බ්ලොගයට හෝ වෙබ් එකට දාගමු ::..



මේකනම් ඔයාලට නිරන්තරෙන්ම උපකාරීවන විජෙට්ටුවක් වෙයි.මෙම විජෙට්ටුවෙන් කෙරෙනුයේ සිංඩියක වන කාර්ය කොටසමයි.මේක හරිම ලේසියෙන් ඔයාලගෙ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට පහසුවෙන් නොමිලේම එකතු කරගත හැක.

නිරන්තරයෙන් යාවත්කාලීන වන මෙය තුලින් සිංඩියක වන සංසිද්දිය විජෙක්ටුවක් තුලින් සිදුකිරීම සිදු කරයි.
මුලින්ම ඔබ මෙම අඩවිය තුල ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා මෙතනින් යන්න.


ඉන්පසු ඔබ ලොග් වෙලා උඩ තිබෙන  බටන තුලින්  RSS Widget යන්න තෝරා දිය යුතුය.
එවිට ඔබට දිස්වෙන වෙබ් පිටුවේ පහලින්ම තිබෙන Crear Widget බටනය ක්ලික් කර ඒ විජෙක්ට් එක තමන්ට රිසි අයුරින් සාදාගන්න.

2011-01-06

..:: නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීම ::..

සයිබර් නිකේතනයේ ලැගුම් ගන්නට , නිල් නෙත්සර මුලු ලොවටම විදහා පෑමට නිල්නෙත අඩවිය අද දින ඔබ නෙත් මානයට නිල වශයෙන් සපැමිනීමට සූදානම්ව ඇත.2011/01/06 ක් වූ අද දින ඔබ සැමට නිල්නෙත අඩවිය තුලට එබිකම් කිරීමට හැකිවන අයුරින් සාදා නිම කොට ඇත.හුදෙක්ම ඒ ඔබ සඳහා වන්නේය.

නිල්නෙත නම් වූ මෙම අඩවිය අනෙක් අඩවි තුලින් වෙනස් ආරකට යොමු කිරීමට මම බලාපොරොත්තු වෙමි.ඒ සඳහා නිරන්තරයෙන්ම පාඨක සහුර්ධයින්ගේ අදහස් , යෝජනා , චෝදනා බලාපොරොත්තුවෙන් සිටිමි.
අද සිට නිල් නෙත ඔබගේ නෙත් මානයට එන්නේ දැනුම සම්භාරයක් අරන්.
තවත් විශේෂ කරුණක් මතක් කිරීමට තිබේ.එනම් නිල් නෙත ක්‍රියාත්මක වනුයේ පමනක් පිටු යුනිකෝඩ් භාවිතයෙනි.එම නිසා යුනිකෝඩ් ඔබගේ පරිගනකය තුල තිබීම සුදුසුය.

ඒ වගේම නිල් නෙත අඩවියේ සාමාජික බඳවා ගැනීම් අඩවිය ආරම්භයේදී අක්‍රිය කොට ඇත.ඒගැන ඔබගෙන් සමාව ඉල්ලා සිටිමි.දින දෙක තුනක් ඇතුලත එම පහසුකමද ලබා දීමට මම කටයුතු කරමි.

මෙතෙක් කලක් නිල්නෙත නම් වූ සයිබර් නේත්‍රාව විවිධ අත්හදා බැලීම් තුලින් කෙමෙන් කෙමෙන් සාර්ථකත්වයට පත් වුනු අඩවියකි. ඒ අත්හදා බැලීම් සාර්ථක කර ගැනීමට මට බෙහෙවින් උපකාර කළ කිහිප දෙනෙක් සිටිනවා.

මොබයි එල්කේ ඉඳුනිල් අයියා ( දැනටනම් එම අඩවිය ක්‍රියාත්මක නැත. )
ඉශාර අයියා

සහ නිරන්තරයෙන් මට සහය වුනු අනෙක් සියලුම දෙනා මේ වෙලාවේදී මම ගෞරවයෙන් මතක් කර සිටිමි.ඔවුන් සියලු දෙනාටම බෙහෙවින් ස්තූතියි වන්ත වෙමි.

පැමින නරඹන්න නිල් නෙත අඩවිය. ඒ සඳහා ඉහල බැනරය ක්ලික් කරන්න.

2011-01-01

..:: නැවුම් වූ වසරකට පා තබන මොහොතේ ::..


නැවුම් වූ වසරකට පා තබන මොහොතේ සැම සිත් සතුටින් , සාමයෙන් ,සෞභාග්‍යයෙන් පරිපූර්ණ වූ වර්ශයක් වුදාවේවා.....!
නව වසරේදීඔබ සැමට ආවඩා ආයුබෝ වේවා...!
..::TL LANKA WEB::..

2010-12-19

..:: අබගේ බ්ලොගයට මෙන්ම වෙබ් අඩවියට තවත් විජෙක්ට් කිහිපයක් ::..

 

අද ඔයාලට මම කියන්න යන්නේ තවත් වැදගත් විජෙට්ටුවක් පිළිබදවයි.    quizsnack  නම් අඩවිය මගින් අපට ඡංද ප්‍රකාශ කිරීමට හැකි විජෙට්ටුවක් , ප්‍රශ්න මාලාවක් සාදා ඉදිරිපත් කිරීමට හැකි විජෙට්ටුවක් සහ තවත් පහසුකම් මෙම අඩවියෙන් නොමිලේම අපට සලසයි.මමත් මේ අඩවිය ගැන දැන ගත්තේ i Plus Blog  සහෝදරයගේ අඩවියෙන්.ඉතින් මම හිතුවා මේක ගැන ලියලා ඔයාලත් දැනුවත් කල යුතුයි කියල.
මුලින්ම මෙහි ලියාපදිංචි විය යුතුය.නැතිනම් මූනු පොතේ ආදාරයෙන් , ගූගල් ගිනුමේ ආදාරයෙන් ලියාපදිංචි නොවීම ඇතුල් වීමට ඉඩසලසා තිබේ.
බලන්නකෝ ඔයාලත් මේක පාවිච්චි කරලම.

2010-12-12

..:: ලස්සනට පින්තූර ගැලරියක් සාදා වෙබ් පිටුවට එක් කරමු ::..

මෙවර ළිපිය දකින විට  සිප්සලේ ඇඳුම වෙනස් වෙලා තිබේ.මේක ලස්සනද කියල කියන්න.
ඒක පැත්තකින් තියල මම කියන්න යන කාරණය කියන්නම්කෝ.මම දැන් දෙන්නයන්නේ මෘදුකාංගයක්.මෙම මෘදුකාංගය වඩාත් වැදගත් වන්නේ වෙබ් අඩවි නිර්මාණ කරුවන්න්ට කියල මම හිතනවා.
මේකෙන් සිදුවන්නේ, වෙබ් පිටුවකට පින්තූර දැමීමේදී ඉඩකඩ වඩාත් වැදගත්.ඉඩ ඉතුරුකරන් වඩාත් ලස්සනට පින්තූර ගැලරියක් මෙමඟින් සාදා ගන්න පුලුවන්.පහල රූපය බලන්නකෝ.

කුඩා පින්තූරය මත එකවරක් ක්ලික් කිරීමෙන් එම රූපයවිශාලවී රූපය පමනක් ඉස්මතුවී දර්ශනය වේ.මෙම අයුරින් පින්තූර ගැලරි සාදාගත හැක.මෙහි තවත් පහසුවක් වනුයේ අප පෙර සකසා  තිබූ වෙබ් පිටක තමන්ට කැමති තැනකට පින්තූර එක්කල හැක.මෙහිදී පෙර සකසා තිබූ පිටුවේ වචන හෝ අනෙකුත් දේවල් වලට කිසිම හානියක් නොවෙන්න මෙය සකසා ගත හැක.
මෙය නොමිලේ ලබාදෙන සංස්කරණයක්.පහලින් එම මෘදුකාංගය ලබාගන්න.අදහසකුත් දාන්නකෝ.
 


මෙම අයිකනය ක්ලික් කිරීමෙන් පසු ඔබගේ නම සහ e-mail address එක දෙන්න වෙනවා. එය ලබාදී Download එක කරන්න.

2010-12-05

..:: ලොව මිළ අධිකම සිතුවම් ඔබ දැකල තියේද...? ::..

ඔයාල දැකල තියෙනවද ලෝකයේ මිළ අධිකම චිත්‍ර.ලෝකයම කතා බහ කරන,අති ප්‍රසිද්ධියක් උසුලන සිත්තරන්ගෙ සුප්‍රකට සිතුවම් පහක් පෙළගස්සවා ඒවාට මිළගණන් ඉදිරිපත් කර ඇත.
බලන්නකො පහලින් තිබෙන්නේ පිළිවෙලින් වැඩිම මිළක් තබා ඇති සිතුවමේ සිට ක්‍රමයෙන් මිළගනන් තබා ඇති අන්දම.
1
ගස්ටාව් ක්ලිම්ට්ව සිතුවම් කරන ලද ඇඩෙලි බ්ලොච්-බෝ ගේ සිතුවමේ මිළ ඩොලර් 135,000,000 කි.මෙය රොනල්ඩ් එස්.ලෝඩර් විසින් 2006 වසරේදී මිළදී ගනු ලැබීය.

2
සුප්‍රකට පැබ්ලෝ පිකාසෝගේ Garcon a al Pipe නම් සිතුවමට ඇ.ඩො 104,100,000 හිමිවෙමින් දෙවන ස්ථානයේ සිටීයි.

3

මෙයත් පැබ්ලෝ පිකාසෝගේ ඩෝරා මාර් සමඟ පූසා නැමති සිතුවමඉ.මෙය ඇ.ඩො 95,200,000 මිළ කොට ඇත.

4

වින්සන්ට් වෑන්ගෝ ගේ ඩොක්ටර් ගචෙට් නම් සිතුවම.ඇ.ඩො 82,500,000 කට මිළකොට ඇත.

5
පියරේ ඔගස්ට් රේනර් ගේ සිතුවම ඇ.ඩො 78,000,000 කට පස්වන තැන හිමිකරගෙන මිළ කර ඇත.

2010-12-02

..:: වෙබ් නිර්මාණ කරුවන්ට වැදගත් මෘදුකාංගයක් ::..

ඔයාලට අද මම වැදගත් මෘදුකාංගයක් ගෙනාවා.මෙය වෙබ් අඩවි නිර්මාණය කරන අයටනම් මාර වැදගත් කියල මම හිතනවා.
මේ මෘදුකාංගය තුලින් තමන්ගේ වෙබ් අඩවියේ පිටුවක් හෝ කිහිපයකට මුරපද ලබාදීමට පුලුවන්.එවිට වෙබ් පිටුව නරඹන්නාහට ඔහුගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුල් කලහොත් පමනක් එම පිටුව නැරඹීමට අවස්ථාව උදාකර දීමට අඩවිය හිමිකරුට හැකියාව පවතිනු ඇත.එනම් සාමාජික පිටුවක් ආරම්ඹ කිරීමට හොඳ මෘදුකාංගයක් මෙය.හරි වැඩි කතා නැතුව මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියල බලමු .

මුලින්ම එම මෘදුකාංගය ඔබ පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
දැන්පහල 1 රූපය බලන්න.මෘදුකාංගය ස්ථාපනය කර විවුර්ථ කල පසු මෙසේ දක්නට ලැබේ.එවිට නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න.

දැන් 2 වන රූපයේ මෙන් දිස්වේවි.

මෙතනදී Lock html files යන්න තෝරා Add file ක්ලික් කරන්න.
ඉන්පසු ඔබගේ අඩවියේ ඔබට ලොක් කිරීමට ඇවැසි html හෝ php පිටුව තෝරා දෙන්න.
ඉන්පසු නෙක්ස්ට් යන්න ක්ලික් කරන්න.

එවිට 3 වන රූපය මෙන් දිස්වේවි.

මෙතනදී Single mode හෝ Mulit user mode යන්න තෝරාදිය හැක.
Single mode ::- මෙයින් අදහස් වනුයේ  තනි පුද්ගලයෙකු සඳහා පමනක් පිටුව සුරක්ශිත කිරීමක් පමනි.
Mulit user mode ::- මෙයින් අදහස් වනුයේ පුද්ගලයින් ගොඩකට එනම් පුද්ගලයින් විශාල ප්‍රමානයකට සම්බන්ද වියහකි ක්‍රමයි.

එතනින් ඔබට කැමති එකක් තෝරාගෙන එම වින්ඩෝවේම පහලින් ඇති Add user බටනය ක්ලික් කරන්න.

එවිට 4 වන රූපය මෙන් දිස්වේවි.

මෙතනදී සාමාජිකයාගේ පරිශීලක නාමය සහ මුරපදය සඳහන් කලයුතුය.මෙතනදී සාමාජිකයා මුරපදයක් ලබා නොදුන්නේ නම්, මම  මේ වින්ඩෝවේ රතු පැහැයෙන් සලකුනු කර ඇතිතැන එකවරක් ක්ලික් කරන්න.
එවිට මෘදුකාංගය විසින් මුරපදයක් සකසා දෙනු ඇත.සාමාජිකයගෙ ඉතිරි තොරතුරු ඊට යටින් සඳහන් කරන්න.ඉන්පසු Ok කිලික් කර Next ක්ලික් කරන්න.

එවිට ඔබට 5 රූපය මෙන් දිස්වේවි.

මෙතනදී Protection Type තැන ඔබට රිසි අයුරින් සකසා ගත හැක.
ඊට පහලින් තිබෙන තැන වැදගත්.මෙතනදී පරිශීලකයා යම් හෙයකින් වැරදියට මුරපදය හෝ නාමය පාවිච්චි කලේනම් ඒබව දැනුම්දෙන පනිවුඩය මෙතනින් සකසා ගත හැක.
invalid password! යන තැනට ඔබට ඇවැසි වචන පෙලක් ලබා දිය ඇක.නමුත් යුනිකේතනම් භාවිතා කල නොහැක,මා දන්න විදිහට.
නැතහොත් කොළ පැහැයෙන් ඇති තැනට තමන් නිර්මාණය කල error පිටුවක් ලබාදිය හැක.
තවත් වෙනස්කම් කිරීමට මෙහි ඉඩ සලසා තිබේ.එය ඔබට බාරයි.
ඉන්පසු Next ක්ලික් කරන්න.

එවිට 6 රූපය මෙන් දිස්වේවි.

මෙතනින් සිදුකරනුයේ පරිශීලක පුවරුවේ Style එක වෙනස් කරනවානම් එය සිදුකල හැක.නැහිනම් වෙනත් Style එකක් එක් කරගන්නත් පුලුවන්.ඔබ Style එක තෝරාගෙන Next ක්ලික් කරන්න.

එවිට 7 රූපය මෙන් දිස්වේවි.

මෙතනදී  Lock යන බටනය ක්ලික් කරන්න.දැන් ඔක්කොම වැඩ ඉවරයි.
ඉන්පසු Exit ක්ලික් කර ඔබ ලබාදුන් html හෝ php පිටුව Open කර බලන්න.ඉන්පසුව ඔබගේ web host එකට upload කරන්න.

මෙම ළිපිය ගැන අදහසක් දාලම යන්න.

2010-11-28

..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-2 ::..

ළිපියේ ඉතිරි කොටස මෙසේ දිග හැරෙනු ඇත.

මම ඉහත ළිපියේ  සඳහන් කළ පරිදි සාගරය හරහා ගමන් කරන අන්තර්ජාලය සහ දුරකථන ජාලය තවත් රටක් සමඟ සම්බන්ද වනුයේ කේබල් මගිනි.මෙතනදී කේබල් විශේෂ ක්‍රමයකට සකසා තිබේ.මුල් කාලයේදි නම් කේබල් තඹ හා තවත් ලෝහ මිශ්‍රකර තනන ලදී.නමුත් වර්ථමානය වන විට ප්‍රකාශ තන්තු උපයෝගී කරන් සාදා ඇත.
පහලින් තිබෙන්නේ එම කේබලයක හරස්කඩකි.

ඉහත චායාරූපයේ පරිදි

1 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණයක් හෝ පොලි එතිලීන් ආවරණය.
2 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණය.
3 . ශක්තිමත් බව රඳාපවතින ලෙස සකසූ ගැල්වනයිස් කල වානේ කම්බි.
4 . ජලය කාන්දු නොවෙන සේ තැනූ ඇලුමිනියම් ආවරණය.
5 . පොලිකාබනේට් ආවරණය.
6 . තඹ හෝ ඇලුමිනියම් ආවරණය.
7 . පෙට්ට්‍රෝලියම් ජෙලි මාධ්‍යයක්.
8 . ප්‍රකාශ තන්තු සමූහය.

සමුදුර කේබල් සිතියම 2010 පහල රූපයෙන් දිස්වේ.


අද ලෝකයේ, මුහුදේ එලා තිබෙන කේබල් සියල්ලම ප්‍රකාශ තන්තු කේබල් නොවේ.තඹ සහ වෙනත් ලෝහ වලින් සෑදූ කේබලුත් බොහොමයක් පවතිනු ඇත.ප්‍රකාශ තන්තු භාවිතා කරීමට මුලින්නම අදහස් කර ඇත්තේ 1980 දශකයේය. මුලින්ම -8 නම් ප්‍රකාශ තන්තු ටෙලිෆෝන කේබලය එලා ඇත්තේ 1988 දීය.

කේබල් එලන පිරිසක්

2010-11-24

..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-1 ::..


සයිබර් වියමන එදා මෙදාතුර ගොඩ නැංවූයේ ටික ටිකෙන් ටිකය.රට රටවල් එකමුතුවෙන් මෙය මුලු ලොව පුරාම විකාශනය කිරීමට උරදී කටයුතු කර ඇත.එය ලෙහෙසි පහසු ක්‍රියාවක්නම් නොවේ.2010 වසර වන විට තාක්ශණය අතින් සුපිරි තලයකට පියමන් කිරීමට ලෝක වාසීන්ටම හැකියාව උදාවී තිබේ.
තාක්ශණය කෙතරම් දියුණු වූවත් රටක් ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට යොදාගනු ලබන දුරකථන සහ අන්තර්ජාල මාධ‍යයන් ද්විත්වයම සිදු කරන්නේ රැහැන් යොදාගෙන හනන ලද ජාලයක් මගිනි.නමුත් අද ලෝකයේ සන්නිවේදන මාද්‍යය රැහැන් රහිත ක්‍රම වලට හුරුවෙමින් පවතිනු ලබයි.

නමුත් අදටත් ලෝකයේ රට රටවල් දුරකථන සහ අන්තර්ජාලය භාවිතා කරනු ලබන්නේ සාගරය තුල පිහිටුවා තිබෙන විශේෂ රැහැන් ජාලයක්  මගිනි.මෙය යල්පැනගිය ක්‍රමයක් ලෙස ඔබට සිතෙන එක අසාදාරන නැත.මන්ද අද විශ්වය බොහොම දියුනුයි.
මෙම රැහැන් එලා සිදුකරන ජාලයතුල වාසි මෙන්ම අවාසිද එමටය.සාගර ප්ත්ලේ එලා තිබුනද අනාරක්ශිත බවින් වැඩිය.මෙයට නිදසුන්නම් බොහෝය.මේ ඉන් කිහිපයකි.

2008 වසරේ ජනවාරි 30ත් එම වසරේම පෙබරවාරි 03 යන දින 05 ඇතුලත ගල්ෆ් කළාපයේ සිදුවුනු රැහැන් බිඳ වැටීම්.මෙය සිදුවී තිබෙන්නේ නැව් වල නැංගූරම් වල පැටලීමෙනි.මෙම හේතුවෙන් ධනවත් රටවල් කිහිපයකටම අති විශාල ආර්තික පාඩුවක් සිඩුවී අත.එපමනක් නොව අන්තර්ජාල භාවිතා කරන්නන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.එහි සංඛ‍යාත්මක තොරතුරු මෙසේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ග්‍රාහකයින් දාහත් ලක්ශයක් දෙනාට ද , ඉන්දියාවේ ග්‍රාහකයින් කෝටි හයක පිරිසකට ද , පාකිස්ථානයේ ග්‍රාහකයින් එක්කෝටි විසි ලක්ශයකට ද , ඊජීප්තුවේ ග්‍රාහකයින් හැට ලක්ශයකට ද , සයුදි අරාබියාවේ ගරාහකයින් හතලිස් හත් ලක්ශයකට ද , 
ග්‍රාහකයින් වශයෙන් අර්බුදයට මුහුන පෑමට සිදුවී ඇත.

සමාගම් ආශ්‍රිත බිඳ වැටීම් මේසේය.
ඉන්දීය සමාගම් 1250ක වැඩකටයිතු අඩපන වී ඇත.යුරෝපය සමඟ ගනුදෙනු කරන හත් ලක්ශයක් පමන පිරිසට ඔහේ බලා සිටීමට සිදු විය.පෙබරවාරි 01 දින ඉන්දීය කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දැමුනි.

කෙසේ නමුත් දින 10 ති 12 හක කාළය තුල සිදුවූ ආර්ථික පාඩුව දල වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100 කට කිට්ටු ගනනක් වී ඇතිබව සඳහන්ය.
මතුසම්බන්දයි
මෙම ලිපියට විජය පරිගනක සඟරාවෙන් කරුණු උකහාගෙන ඇත.

ලිපියේ ඉතිරි කොටස් ඉක්මනින්ම ඉදිරිපත් කරමි.

2010-11-20

..:: අලුත් තාක්ශණ ක්‍රමයක් ::..

කාලෙකට පස්සෙ ඔයාලව හම්බවෙන්න ආවෙ.මේ දවස්වල වෙබ් සයිට් එකක් නිර්මාණය කරගෙන යනව, ඒකයි පරක්කු වුනේ.

වයර් එකක් යොදා ගනිමින් උපකරණ දෙකක්  අතර දත්තයක් හුවමාරු කිරීමේ කලාව දැන් ටිකෙන් ටික මහලු අවදියට පත්වෙලා.ඒ රැහැන් රහිත එනම් (Wireless) ක්‍රමය නවීන විද්‍යාව විසින් ජනිත කර ඇති නිසාවෙනි.

අද ලෝකයේ භාවිතා කරන වයර්ලස් තාක්ශණ ක්‍රම

**තාක්ශණ වර්ගය**     **එහි තොරතුරු**

*බ්ලූටූත්                                     *මෙම ක්‍රමය භාවිතාකොට අඩි 100ක
                                                   වටප්‍රමානයක දත්ත හුවමාරු කළ හැක.
*යූ එල් පී බ්ලූටූත් හෙවත් වයිබ්‍රි   *මෙමගින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයක් 
                                                    පමනයි හුවමාරු කළ හැක්කේ.
*සිග්බී                                        *මෙහි ඇති ලොකුම වාසිය එකවර
                                                   උපකරණ කිහිපයක් සමඟ දත්ත
                                                   හුවමාරු කරගත හැක.
*එන් එෆ් සී                                *එය ඉතාම දුර්වල විකාශන පරාසක්
                                                   හිමි ක්‍රමයකි.මෙයින් සෙන්ටිමීටර
                                                   කිහිපයක දුර පමනයි දත්ත හුවමාරු
                                                   කළ හැක්කේ.
*වයි ෆයි                                   *මෙම ක්‍රමයනම් ඉතාම වාසිදායකයි.
                                                  මෙයින් පුලුල්පරාසයක ඉතාම
                                                  වෙගයකින් අන්තර්ජාල සබඳතාව
                                                  ලබාගත හැක.
*වයිමැක්ස්                               *මෙය ඉතාම කාර්යක්ශම ක්‍රමයකි.
                                                 මෙය මයික්‍රොවේව් තරංග ආශ්‍රයෙන් ඉතා                      
                                                 වේගවත්ව දත්ත හුවමාරු කරගැනීමට
                                                 මෙන්ම පුලුල් පරාස විහිදෙන ක්‍රමයකි.

මෙවැනි තාක්ශන රාශියක් අභිබවා වාසි රැසක් සමඟින් යූ ඩබ්ලිව් බී (UWB)Ultra Wide Band තාක්ශනය කල එලි බැස තිබේ.
මෙහි විශිශත්වය විශාල දත්ත ගොනු ඉතා අඩු කාළයක් තුල හුවමාරු කිරීමයි.නමුත් මෙහි විකාශන දුරනම් ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ අඩි 30ක පමන දුරක සිට හුවමාරු කරගත හැක.

මෙය යොදා ගනිමින් ඇමරිකාවේ බෙල්කින් සමාගම වයර්ලස් යූ එස් බී හබ් එකක් නිර්මාණය කර ඇත.මෙහි යූ එස් බී උපකරණ ඕනම එකක් සම්බන්ද කළ හැක.

මෙම තාක්ශනය  Ultra Wideband තරංග වලින් ගොඩනැගී ඇත.
එනම් වයර්ලස් කමයට වේගවත්ව දත්ත හුඅමාරු කිරීමට මේ ක්‍රමයට හැකියාව ඇත.
ඔවුන් පවසන අන්දමට මෙගා බයිට් 400 ගොනුවක් මේ ක්‍රමය හරහා යැවීමට නම් තත්පර 90 ගතවෙනවයි කියල.නමුත් මේ ක්‍රමය වයි ෆයි සමඟ සැසඳීමේදී වයි ෆයි ඉතාම දුර්වලයි.වයි ෆයි වලදී මෙගා බයිට් 400 ගොනුව යැවීමට තත්පර 160 ගතවනවා.
ඉතින් යූ ඩබ්ලිව් බී තාක්ශණය විශාල ගොනු හුවමාරුවේදී ඉදිරියෙන් සිටිනවා.

2010-11-09

..:: ඔරලෝසුව මැද අඩවියක නමක් නොපෙන්වන ඔරලෝසුවක් අඩවියට දාගමු. ::..

තමන්ටම කියල අඩවියට ඔරලෝසුවක්  හදාගන්න විදිය.මේක හරිම ලේසි වගේම කාගෙවත් අනසකට යටත් නොවී, කාගෙවත් සයිට් එකක නමක් ඔරලෝසුව මැද දමා ගන්නෙ නැතුව.මෙය සැකසීමට පුලුවන.

ඔයාලට කරන්න තියෙන්නේ ඉතාම පොඩි දෙයක්.ඉස්සෙල්ලාම අඩවියට යන්නකෝ.ඒකට මෙතනින් යන්න.ගිහින් එහි තිබෙන තමන් කැමති ඔරලෝසුවක් තෝරගන්න.ඉන්පසු  එතනම තිබෙන HTML Tag Code | Download කියන තැන ක්ලික් කරල එම COAD එක COPY කරල තමන්ගෙ අඩවියේ ජාව ස්ක්‍රිප්ට් කියන තැන PAST කරගන්න. 
අදහසක් දාලම යන්නකෝ.

2010-11-06

..:: ඔන්ලයින්ව හෙල්ප් කරන්න අඩවියට LiveZilla දාගන්න. ::..


ඔයාලගෙ වෙබ් එකට හොඳ විජෙට් එකක් දාගන්න.මේක ඔන්ලයින්ව තව කෙනෙකු හා සම්බන්ද වන්න පුලුවන් එකක්.විජෙට් එකක් කිවුවට මෙක සම්පූර්ණ නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි.මෙවැනි ක්‍රම ඉතා ලොකු , ජනප්‍රිය වෙබ් අඩවි වල ඔබ දකින්නට ඇත.දැන් අපටත් අපේ අඩවිය තුලට මෙය නොමිලේම එක් කරගත හැක.

ඉස්සෙල්ලා මෙහි සවරය හදා ගන්න ඕන. සවරය සදා ගන්න අන්දම මෙතනින් බලන්න.

මෙහි වැඩ කරන අයුරු සහ මෙය වෙබ් පිටුව තුලට එක් කරගැනීමට කර යුතු ක්‍රියා පටිපාටිය මෙතනින් ගිහින් බලන්න.


ඔයාලට මෙය ප්‍රයෝජනවත් වුනානම් අදහසක් දාල යන්න.

2010-11-04

..:: හඳුන්වා දෙන නව ඇඩ්ස් ආයතනයක් ::..

මෙය තවත් එක් දැවීම් ප්‍රචාරන ආයතනයක් නොවේ.ලංකාවේ මෙතෙක් මෙවැනි ආයතන දෙකක් දැනට බිහිවී තෙබේ. (මගේ මතකය අනුව ) නමුත් මුදල් ගෙවන සහ වරප්‍රසාද ලබාදෙන නිවැරදි ආයතනයක් තවම නැත.සමහරුන් ලංකාවෙ වැඩ ප්‍රතික්ශෙප කිරීමට ලොකුම හේතුව මෙන්න මේ බාල වැඩ කරන මිනිසුන් කිහිප දෙනා නිසාය.නමුත් සියල්ලන්ම එක වගේ නැත.මා පුද්ගලිකව දන්නා මහ ප්‍රෝඩාකාරී ආයතනයක් තමයි ලංකාවේ ටෝක් ඇඩ් කියන්නේ.මෙම ආයතනයෙන් බ්ලොග් සහෝදර වරු රැසකට අසාදාරන වෙලා තියෙයි.මුදල් ගෙවනවා කියා මුදල් නොගෙවා සිටීම .

නමුත් මේ ආයතන අභිබවා යන්න නෙට් ඇඩ්ස් ආයතනය ඉදිරිපත්වෙලා.මෙයත් ලංකාවෙ නිසා සමහරුන් බයේ ඉන්නේ මෙයාලත් බොරු කියයි කියල.නමුත් මේ ගැන සුහදව ආයතනයත් සමඟ අපට කතා කිරීමට පුලුවන.ඒ සඳහා දුරකථනයෙන් හෝ චැට් කිරීමට හෝ ඔබට පුලුවන.

මේ ආයතනය  දැනට ඇඩ් ප්‍රමාන දෙකකට පමනයි ඇඩ්ස් ලබා දෙන්නේ.නමුත් ඉදිරියට එය පුලුල් කිරීමට යනබව ඔවුන් පවසා සිටියා.

මෙයාල ඇඩ් ක්ලික් වලට පමනයි තවම මුදල් ලබා දෙන්නේ.මොවුන් ක්ලික් එකක් සඳහා රු:1.00 ලබාදේ.

ආයතනය විසින් සාමාජිකයින් සඳහා විශේස දීමනා ලබාදේ.වෙබ් හොස්ට් පහසුකම්,තමන්ගේ දැන්වීම් නොමිලේ ප්‍රචාරනය,මෙවනිදෑ.ඔබට ලබාදේ.වැඩි විස්තර ඔබ කතාකරලම අහගන්නකෝ.පහල දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනය ඇත.ලියාපදිංචි වීම සඳහා පහල අයිකනය ක්ලික් කරන්න



ඔවුන් සමඟ සම්බන්ද වන සියලුම ක්‍රම  මෙතන තිබේ.පහල අයිකනය ක්ලික් කරන්න

සැ.යු.-මෙහි කිසියම් වගකීමක් මා විසින් නොදරන බවටත් ඔබ කැමතිනම් ඔවුන් සමඟ සාකච්චා කොට ඔබ කැමතිනම් පමනක් මෙහි සාමාජික වනලෙස සඳහන් කරමි.

2010-11-02

..:: ලස්සන photoshop Brushes ටිකක් බාගන්නකෝ ::..

අද මම ඔයාලට දෙන්න බලාපොරොත්තුව පොටෝශොප් කරන අයටනම් මර වැදගත් photoshop Brushes ටිකක් ඔයාලට දෙන්නම්.photoshop කරන යාලුවෝනම් හොඳට දන්නවා.තමන් හදන නිර්මාණය අලංකාර කර ගන්නනම් මේව දාන්න පුලුවන්.බලන්නකෝ පහල තියෙන Brushes Styl ටික.මම මෙහි ඉතුරු ටිකත් ඔයාලට දෙන්නම්.අදහසක් දාලම යන්නකෝ.